(අංජුල මහික වීරරත්න)

අපවත් වී වදාළ ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නා හිමියන්ගේ ආදාහන කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට තීරණය කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.

අනු නාහිමියන්ගේ ආදාහන කටයුතු සැලසුම් කිරීමේ ආදාහන කමිටුව ගැටඹේ විහාරස්ථානයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සදහා මහා සංඝ රත්නය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුනි මහත්වරු ද සහභාගී වූහ.