IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ගෝඨා අත්අඩංගුවට නොගන්නැයි නිකුත් කළ අතුරු තහනම යළි දිගුවෙයි

(නිමන්ති රණසිංහ / රංජන් කටුගම්පොළ)

පොදු දේපල පනත අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය පියවර නොගන්නැයි නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 15 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද(6) තීන්දු කළේය.

මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ තමා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති හෙයින් එම සිද්ධිය සිවිල් ගනුදෙනුවක් නිසා එම පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් අතුරු තහනමක් මීට පෙර නිකුත් කර තිබිණි.

සභාපති එල්.ටී.පී. දෙහිදෙණිය හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ ලබන 15 නඩුව විභාගයට ගැනීමට නියමිතය.



අදහස් (13)

ගෝඨා අත්අඩංගුවට නොගන්නැයි නිකුත් කළ අතුරු තහනම යළි දිගුවෙයි

gamini Wednesday, 06 December 2017 05:44 AM

මේකට ගිය මුදල අතින් ගෙව්වා කියලා ආරංචියි...

:       1       14

ajit Wednesday, 06 December 2017 05:57 AM

දිගුවක් අවශ්‍ය නෑ. රට බේරගත්ත මෙතුමාව අනාගත නායකයා කරමු සිහල අප සැම. මේ ආණ්ඩුව කලේ බොරුවක්. අල්ලපු හොරෙකුත් නෑ. කරපු සංවර්ධනයකුත් නෑ.

:       574       928

sampath Wednesday, 06 December 2017 06:06 AM

නීතිය හරි හැටි නොදැන හෝ නීතිය කණපිට හරවමින් අත්අඩංගුවට ගැනීමක් කළහොත් මෙවැනි අකටයුතුකම් නැවත නොවීමට මහා අධිකරණයක් මහින් හෝ තීරණයක් ගෙන එම පොලිස් නිලධාරීන්ව වැඩ තහනමකට ලක් කර විශාල වන්දි මුදලක් එම පොලිස් නිලධාරීන්ගෙන් අගතියට පත් පුද්ගලයාට ලබාදිය යුතුය.

:       12       437

Hafeel Wednesday, 06 December 2017 06:34 AM

තීන්දුව නම් සාධාරණයි. මොකද්ද මේ චෝදනාව අඹ, පොල්, කුකුල් හොරකම් වගේ බරපතල සිද්ධියක් නොවේ. මේක ඉතා සුළු සිද්ධියක්. වඩා සුදුසු නේද මේක සමථ මණ්ඩලයට යොමුකරලා ගොඩින් බේරගත්ත නම්... මේක තමයි යහපාලනයේ රස. මේක 62 ලක්ෂ ජනවරමට නිසි ගෞරවයක්.

:       130       363

Shan Wednesday, 06 December 2017 07:17 AM

අධිකරණයත් නීති නමනවා වගෙයි.

:       227       193

manojWednesday, 06 December 2017 09:25 AM

ශාන් වගේ නීතිය ගැන දන්නේ නැති මෝඩයින් තමයි අධිකරණයට අපහාස කරන්නේ...

:       85       463

වෙරගොඩ සාරද හිමි. Wednesday, 06 December 2017 07:39 AM

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම රටට කරපු සේවය සලකා බලන විට එක් වරක් නෙවෙයි දහවරක් ඔහු හිරභාරයට ගතයුතූව ඇත. ඔහුගේ සේවාවන් අතර ප්‍රභාකරන්ගෙන් රටබේරාගැනීම කොළඹ දියුණු කිරීම ආදී සේවාවන් වෙයි.

:       763       998

raviWednesday, 06 December 2017 09:06 AM

උදේ ඉඳන් හවස් වෙනකම් කිරි හදලා... හවසට ඒ කිරිවලට ගොමගොඩාක් දැම්ම වගේ දෙයක් තමයි කළේ..

:       111       44

Nandalal DE SILVA - France Wednesday, 06 December 2017 07:40 AM

ගෝඨා වැරැද්දක් කර නැත්නම් මොකද දැන් හිටන්ම වෙව්ලන්නේ? හිතේ කහටක් නැත්නම්, තමා නිර්දෝෂී නම් අත් අඩංගුවට නොගැනීම ඉල්ලා උසාවි පිහිට පතන්නේ මොකද? "යුද්ධ කරලා රට බේරාගත්තා" යයි උදම් අනන පුද්ගලයෙක් මේ විදියේ බියගුළු, නිවට විදියට හැසිරෙන්නේ ඇයිද කියා තේරුම් ගන්න අමාරුයි ..... තනිවම කරගන්න බැරි දෙයක් "කොක්කෙන් හෝ කෙක්කෙන්" ඉටුකරගැනීම සඳහා මේ "වීරයා" සමහර භික්ෂූන් සහ සාමාන්‍ය ජනතාව "මිනිස් පළිහක්" හැටියට යොදා ගැනීමට තැත්කිරීම.... ලැජ්ජා නැති වැඩක් නොවේද?

:       1244       1036

පුෂ්පකුමාර Wednesday, 06 December 2017 08:43 AM

දැන් සමාජය ගොඩක් බුද්ධිමත් නිසා කැලෑ පත්තර කාරයින්ට ඕන විදිහට සමාජයට බොරු වපුරන්න බැහැ නේද? ඒ නිසා මේ දවස් වල, දත කට විතරක් නෙමේ, පිටිපස්සත් පූට්ටු වෙලා වගේ නේද? ඒ දවස් වල සමාජයට වැපුරූ, අශිෂ්ඨ, අධම, තුප්පහි විෂබීජ වල අස්වැන්නත් ඉතාම සරුයි නේද? ඒ වගේ සාර්ථක බීජ තව වපුරන්න. එවිට අනාගතයේදී මීටත් වඩා සරු අස්වැන්නක් ලැබේවි.

:       16       26

මම1 Wednesday, 06 December 2017 08:49 AM

යුද්ධය නිමා කිරීමට ඔහුගේ දායකත්වය ගැන සැමදා ඔහු බුහුමන් ලැබිය යුතුයි. රාජ්‍ය දේපල අවභාවිතාව ගැන ඔහු වැරදිකරුනම් එහි විපාක වලට ඔහු මුහුණ දිය යුතුයි. හොඳ දේවල් කිරීම හොඳ මුත් එය වැරදි දේවල් කිරීමට දෙන බලපත්‍රයක් නොවේ. යහපාලන අයටත් මෙය අදාලයි.

:       59       202

ruchira Wednesday, 06 December 2017 09:18 AM

නන්දලාල් ඩි සිල්වා ෆ්‍රාන්ස් සහෝදරයා ඔබගේ දෙමාපියන්, බිරිඳ, දරුවන් සහ ඥාතීන් ඉදිරියට අන් ගැහැනියක් දරුවකු වඩාගෙන පැමිණ "මේ දරුවා ඔබගෙයි ඔබ මා සමග පැමිණිය යුතුයි" පැවසුවහොත් මම නිර්දෝෂයි මම බය නෑ කියා ඇයත් සමග යනවද? ඔබේ නිවැරදි බව තහවුරු කරන්න ඥාතීන් සමග උත්සහ කරනවද? පාට කන්නාඩි ගලවා බොරු චෝදනාව හා ඇත්ත චෝදනාව අතර වෙනස හදුනා ගන්න.

:       214       595

sampath Wednesday, 06 December 2017 10:49 AM

පොල් ගෙඩියක් අහුල ගත්තා නම්, ඒකට අදාළ නීතිය යටතේ නඩු දාන්න ඕනේ... ඒක නීතිය යටතේ නඩු දාල හරියන්නේ නැහැනේ... මේ වෙලා තියෙන්නෙත් ඒ වගේ වැඩක්....

:       0       88

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 69 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 58 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 137 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 384 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 429 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


නිලධාරීන් මොන දේශපාලන මතයේ හිටියත් අපට කමක් නෑ
2025 අප්‍රේල් මස 21 468 0

නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 476 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 437 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site