IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ගෝඨා ඇතුළු 7 කට නොතීසි

(නිමන්ති රණසිංහ)
 
මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරිමේ දී මුදල් අවභාවිතා කළේ යැයි කියන සිද්ධියකට අදාළව ගෝඨභය රාජපක්ෂ මහතා ඇතුළු  සැකකරුවන් 7 දෙනෙකුට ලබන සැප්තැම්බර් 7 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනාද සිල්වා මහත්මිය නොතිසී නිකුත් කළාය.


ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරිමේ දී කැබිනට් අනුමැතිය ලබාගෙන නොමැති හෙයින් ද මුදල්  මිලියන 81.3ක ආසන්න මුදලක් වැයකර මුදල් අවභාවිතා කළැයි මොවුනට නඟා ඇති චෝදනාව වේ.
 



අදහස් (26)

ගෝඨා ඇතුළු 7 කට නොතීසි

Shan Friday, 20 July 2018 06:02 AM

ඇති යන්තම්. අවුරුදු කීයක් ගියාද මේකට.

:       145       220

ලක්ෂිත Friday, 20 July 2018 06:16 AM

කොහොමටත් ඡන්දෙ කිට්ටු වෙද්දී තව තව දේවල් නිසා නොතීසි එයි.

:       11       171

sirimal Friday, 20 July 2018 06:20 AM

සැප්තැම්බර් කියන්නේ පෝය කීයක්ද? දැන් යන තාලෙට ඒ වෙනකොට වෙන වෙන දේවල් වෙන්නත් බැරි නැහැ. අර වහන්නේ නැති උසාවියේ අහනවා කියන සිල්ලර නඩු එතකොට අහවර වෙලා තියෙයිද?

:       5       105

PABATH Friday, 20 July 2018 06:24 AM

මේවා ප්‍රමාද වෙලා හරි හොයන එක හොදයි. මේ නාස්ති කරලා තියෙන්නේ මහජන මුදල්. මේ නාස්ති කල කෝටි ගණන් මුදල් නිසා අද දුප්පත් ජනතාව අමාරුවෙන් ජීවත්වෙන්නේ. මොකද බදු පිට බදු ගහලා දැන් ජීවත්වෙන්න බැහැ.

:       427       458

samFriday, 20 July 2018 08:45 AM

බදු පිට බදු ගහන්නේ මේ ආණ්ඩුව ඇමතිලාට වාහන ගන්නයි, සබීතාගේ කුලිය ගෙවන්නයි සහ මහ බැංකුවේ වැඩ නිසා නැතිවුණු දේ හොයාගන්නයි. ඒවා මේ ආණ්ඩුවේ වැඩ මිසක් වෙන කාගේවත් නොවෙයි. මහජන මුදල් අවභාවිතාවට මේ අයට නඩු දැම්මට කමක් නැහැ. හැබැයි බදු ගහනවට නඩු දාන්න ඕනේ දැන් ඉන්න පාලනයටයි....

:       0       0

පිටිගල මිලානෝ Friday, 20 July 2018 06:25 AM

මේ ස්මාරක වල ඉන්න කට්ටිය ගැන අහන්න ලැබුනෙත් මේ අය බලයට ආවගෙන් පස්සෙයි. කෙසේ වෙතත් දෙමව්පියන්ට සැලකීම යනු මහජන මුදල් සොරකම් කර ස්මාරක තැනීම නොවෙයි.

:       119       354

Bamunuarachchi Friday, 20 July 2018 06:45 AM

ගෝඨභය රාජපක්ෂ මහතාණනි ඔබලා රටට කරන ලද සේවය අනුව බලන විට ජනතාව ඔය ස්මාරක වියදම් තඹේකට මායිම් කරන්නේ නැත.

:       773       1055

rasiFriday, 20 July 2018 07:08 AM

මිනිස්සු මායිම් කලත් නැතත් හොරකම හොරකමම තමා

:       133       1005

SrimalaFriday, 20 July 2018 07:58 AM

ඔව්,ඔව් මිග් ගණුදෙණුව එක්ක බැලුවාම, ඔය සමහරක් අයට ගිය මුදල තඹේකටවත් මායිම් කරන්න ඕනේ නැහැ.

:       0       2

BamunuarachchiMonday, 23 July 2018 11:05 AM

හොරකම කියන දේ අර්ථ දක්වන්න? අඩු ගනනේ සිංහලවත් ඉගෙන ගන්න.

:       0       0

babunaFriday, 20 July 2018 07:30 AM

මේවට වියදම් කරලා තියෙන්නේ මැදමුලන වලව්වේ පොල් විකුණපු සල්ලි නේද බමුණු මහත්තයෝ?

:       0       3

padminiSunday, 22 July 2018 05:14 AM

අනේ, බමුණෝ, ඔබල වගේ අය නිසා තමයි මේ නඩු සිය ගණනක් තියෙන අයියලා, මල්ලිලා ටික පන්සල් ගානේ කෑ මොර දෙන්නේ...

:       0       0

Bamunuarachchi. Monday, 23 July 2018 01:59 AM

අපි සිංහලයෝ ජාතිය බෙරාදීමේ ගෞරවය අපි රකිනවා.

:       0       0

BamunuarachchiMonday, 23 July 2018 11:09 AM

අපි මේගොල්ලෝ පත්කළ නිසා තමයි ඕගොල්ලෝ යහතින් ඉන්නේ නැතිනම් බෝම්බවලට අහුවෙලා මැරිලා බොහොම කල්.

:       0       0

BamunuarachchiMonday, 23 July 2018 01:54 AM

ගොටාභය, මහින්ද නොසිටින්න අද සිංහලයාට රටක් නැහැ. එහෙනම් ප්‍රබාකරනුත් අද ජීවත් වෙනවා යුද්දයත් තවම යනවා. නැතිනම් දෙමල්ලු රටම හෝ රටින් කෑල්ලක් අල්ලාගෙන. රටේ මිනිසුන්ගේ සොහොන් දසදහස් ගණනක් ඉන්දීවීම නැවතවූ මේ පුරුෂයින් දෙදෙනා ඔවුන්ගේ පියා වෙනුවෙන් සොහොනක් ඉඳිකිරීම කෙලෙහිගුණ දන්නා සිංහලයින්ට අරුමයක් නොවෙයි.

:       0       0

සතයපාල Friday, 20 July 2018 07:20 AM

වියත් මග හරි මග කියකියා රැස්ව්ම් තියතියා යන්නේ මෙයා තරම් රාජ්‍ය පාලන ප්‍රජාතන්ත්‍රවාද හා සංවර්ධන ගැන කවුරුවත් දන්නේ නැහැ කියලා හිතාගෙන වෙන්න ඇති. නමුත් වංචාවට, දූෂණයට හා හොරකමට තමයි කප් ගහලා තියෙන්නේ.

:       0       3

Hafeel Friday, 20 July 2018 07:25 AM

මෙයාටද රටේ බලය දෙන්න ඕනේ? ලැජජ නැතුව ජනාධිපතිවරණයට තරඟකරන්න දඟලනවනේ...

:       0       2

sanath Friday, 20 July 2018 07:56 AM

ඉතින් අල්ලන්නකෝ.., ආණ්ඩුවේ කට්ටියත්, ඔවා දෙනු පරහට... තමා සම්මතයෙහි පිහිටා සිට කියනවනේ...

:       0       0

Saman Friday, 20 July 2018 08:04 AM

තම අම්මගේ, තාත්තගේ සොහොන් කොත ජනතා මුදලින් නැතුව තමන් සාධාරණ උපයන දෙයකින්හැදුවානම් ඒක මියගිය අම්මට, තාත්තට කරන ගෞරවයක්...

:       0       0

BamunuarachchiTuesday, 24 July 2018 09:34 AM

මේ පුරුෂයෝ නොසිටියාම ඔහේගේ පුතාල මල්වඩම් තියන්නේ ඔබේ සොහොනට. රටේ ඉන්න කුහක සිංහලයින්ට එහෙම උනානම් බොහොම හොඳයි කියා දැන් අපට සිතේ

:       0       0

රොමේෂ් Friday, 20 July 2018 08:20 AM

ගෝඨාතුමාට ද සිල්වා නීතිවේදියා දමා ලබන සැප්තැම්බර් 7 නඩුව ඇසීමට වැළැක්වීම සුළු දෙයක්...

:       0       0

BamunuarachchiTuesday, 24 July 2018 09:45 AM

මම උනත් එක කරනවා. නැතිනම් නීතිඥයෝ අල්ලන්නේ මොන බම්බුවකටද

:       0       0

sirimal Friday, 20 July 2018 08:36 AM

බැසිල් රාජපක්ෂ පුවත්පත් සාකච්ඡාවකදී "ලබන ජනාධිපතිවරණයට රාජපක්ෂ පවුලෙන් පිට කෙනෙක් ගැන මේ දවස්වල හොයමින් ඉන්නවා" කියලා කිව්වා විතරයි... මෙන්න බොලේ තුරුම්පු ආසියාගේ පරණ නඩුවක් ඇදිලා...

:       1       0

sam Friday, 20 July 2018 08:52 AM

පිටිගල මිලානෝ ඩී ඒ රාජපක්ෂ ගැන අහලා නැත්නම් මිලානෝ වලම තමයි ඉපදෙන්න හැදෙන්න ඇත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භය ගැන කියවන්න. තමුන් යූ එන් පී අතහැරලා විපක්ෂයට යන වෙලාවේ 'මගේ පස්සෙන් හෙවනැල්ල වගේ ආවා' කියලා බණ්ඩාරනායක අගමැතිතුමා කිව්වේ කවුරු ගැනද හොයන්න. ලංකාවේ දේශපාලන ඉතිහාසය දැනගන්න. ඔහොම ගියොත් හෙන්රි පේද්‍රිස්, ඩී. සී සේනානායක, එෆ්. ආර්. සේනානායකවත් අහලා නැහැ කියාවි. පක්ෂ භේද නැතුව රටේ ඉතිහාසය ඉගෙන ගෙන ඉන්න... කමෙන්ට්ස් දාන්න කලින්.

:       0       0

BamunuarachchiTuesday, 24 July 2018 09:38 AM

පිටිගල කවදාද ඩී ඒ රාජපක්ෂලා ගැන අහලා තිබෙන්නේ

:       0       0

Bamunuarachchi Tuesday, 24 July 2018 09:42 AM

ඇයි බයද? ඔබේ යාලුවට මුලතිව්වල කැලෑ කපන්න නම් ලැබෙන්නේ නැත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 89 0

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 63 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2054 3

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 548 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 897 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 257 3

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 569 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site