IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ගෝඨාභය නැවත දේශපාලනයට ඒම විහිළුවක්

(යොහාන් භාසුර)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පිවිසීම විහිළුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

එස්. එම්. චන්ද්‍රසේන  මහතා බත්තරමුල්ල නෙලුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

ජනතාව 69 ලක්ෂයක් ඡන්දයදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් කළ ද එතුමාට එය කරගත නොහැකි වූ බව ද කී චන්ද්‍රසේන මහතා තනතුර දමා පලා ගිය එතුමා නැවත නැවතත් දේශපාලනයට එනවා යන්න විහිලුවක් බවද සඳහන් කළේය.

ජනතාව ඝාතනය වීමට නොදී තනතුර හැර ගිය එතුමා නැවත දේශපාලනයට ඒමේ තත්ත්වයකට පත්වේ යැයි නොසිතන බවද කී චන්ද්‍රසේන මහතා සඳහන් කළේ එතුමා නම්බුකාර ලෙස තනතුර හැර යාම පිළිබඳ ගෞරවයක් ඇති බවත්ය.

එතුමා නැවත දේශපාලනයට පිවිස කොතනකට යාමට සූදානම් වනවාදැයි පැහැදිලි නොමැති බවත් එතුමා ආරක්ෂක සහ නාගරික සංවර්ධන යන අමාත්‍යාංශවල ලේකම්වරයා ලෙස වගකීම නිවැරදිව ඉටු කළ බවත් කෙසේ වෙතත් ජනාධිපති තනතුරේ යුතුකම් ඉටු කිරීමට එතුමාට නොහැකි වූ බවත් චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ යැයි කීම හීනයක් බවත් ජනාධිපති ධුරයේ කටයුතු කරගැනීමට නොහැකි වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙනත් කුඩා පක්ෂයකින් පැමිණ කටයුතු කිරීමට කාලයක් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් කීය.



අදහස් (10)

ගෝඨාභය නැවත දේශපාලනයට ඒම විහිළුවක්

PRIYAN Thursday, 14 September 2023 01:14 PM

නිවන් සුව

:       3       16

Dharmatileke Thursday, 14 September 2023 01:14 PM

බිත්තර,තක්කාලි මිල වැඩිකිරීමේ උත්සවයක්

:       1       16

මහසෙන් Thursday, 14 September 2023 01:22 PM

මේ දේශපාලන ගණිකාවක් ද? නැත්නම් දේශපාලන කූඩැල්ලෙක් ද?

:       1       18

Bunny Preena Thursday, 14 September 2023 01:27 PM

මෙපමණ කාලයක් ලංකාවේ සිදුවෙමින් පවත්නා භයානක සහ හිරිකිත දේශපාලන විහිලු දේශපාලනයේ නියුතු ඔහුට වටහා ගැනීමට නොහැකිවීම තමයි ලොකුම විහිලුව

:       1       22

fairoos Thursday, 14 September 2023 02:02 PM

බයියන් තාමත් ජීවතුන් අතර ඉන්නකන් ලංකාවේ ඕන දෙයක් වෙන්න පුළුවන්.

:       4       16

ගමේ එකාලා Thursday, 14 September 2023 02:31 PM

69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියපු නිසා. අන්තිමට නයා ඇරපු එක විතරයි සිද්ධ වුනේ? රටම කාබාසිනියා කරපු දූෂිත දේශපාලුවෝ හැම එකාම තුරන්වෙලා යන එක තමයි හොඳ...

:       3       12

achini Thursday, 14 September 2023 02:33 PM

මොකුත් කර නොගත්තා කියන්නේ කොහොමද? තමුන්ගේ යාලුවන්ට හොරාකන්න පාත් එක හදලා දීලා තමුන්ගේ කොටස අරගෙන ඉන්නේ දැන්...

:       3       11

විජිත් Thursday, 14 September 2023 06:09 PM

". ජනතාව ඝාතනය වීමට නොදී තනතුර හැර ගිය එතුමා නැවත.." මරු කියවනවා !!! ඇත්ත මෙන්න. එදා ජනතාව ජනාධිපති මන්දිරය වටකරලා, කියලා බුද්ධි අංශ ගෝඨාභයට දැන්වූයේ නැහැ. හදිස්සියේම ගෝඨාභය රූපවාහිනියේ සජීවී විකාශනයක් දැකලා තමයි... ඇත්ත වටහාගෙන පැනලා ගියේ. තව පැයක් ඔහු ඒ ස්ථානයේ හිටියානම් ගඩාෆිට වුණු දේ අනිවාර්යයෙන් සිදුවෙනවා. මිනිස්සු ගෝඨාභයව පණපිටින් සම්බෝල හදනවා. ඒ වගේම තමයි එදා අරලියගහ මන්දිරයේ හිරවෙලා, මල මුත්‍ර පහවෙලා හිටපු මයිනාටත්, පොඩි මයිනාවත් බේරාගන්න හමුදාව වහාම ක්‍රියා කළේ නැහැ. ඒ හමුදාවේ සියලු දෙනාම දන්නවා" මේකලා මිනී මරු හොරු " කියලා. ලොකු මයිනා අන්තිමට හමුදාවට අණකලාලු" ජනතාවට වෙඩි තබා හෝ අපිව බේරාගන්න " කියලා. නමුත් උසස්ම නිලධාරියෙක් එය ප්‍රතික්ෂේප කරලා තවත් පැයකින් පමණ වෙනත් හමුදා කාණ්ඩයක් එවලා ඔවුන්ව බේරාගත්තේ... නැත්නම් මයිනෝ දෙන්නත් එදා සම්බෝල තමයි. කෙසේවෙතත් ප්‍රශ්නය තවම අවසන් නැති බව ඔය කතන්දර කියන චන්ද්‍රසේන මතක තියාගත්තොත් හොඳයි. ගෝඨාභය, ලොකු මයිනා, මයිනි සහ මයිනෝ පැටව් ඔක්කෝම දවසක ජම්පර් අන්දලා "බලු කුඩුවට" යනබව මට මැවිලා පෙනෙනවා...

:       2       8

සෙනෙවිරත්න Thursday, 14 September 2023 07:25 PM

තමුන්නැහැලා වගේ මෙලෝ වැඩක් නැති උන් දේශපාලනය කරන එක තමයි රටේ විහිලුව. ඒ භයානක විහිලුවෙන් රටම විනාශයයට , තාත්ත මදිවට පුතාටත් චන්දෙ දෙන රජරට ජනතාවට අපගේ උපහාරය. ආ මතක ඇතිව අර පුතා පලාත් සභාවෙදි කරපුු ඉන්දන වංචාවෙ අලාභය ගෙවන්න. මාවිල්ආරු කෘෂි රක්ෂණයට විද්ද එකත් අමතක නැහැ.

:       0       1

Bamunuarachchi Friday, 15 September 2023 09:22 AM

එහෙම කියන්න එපා ගොයියෝ. එල්ලෙන්න වැල් නැතුව හිටිය රනිල් කොහොමද ජනාධිපති වුනේ. බින්දුවට වැටිච්ච JR කොහොමද බලයට ආවේ...? අපි නොසිතන දේවල් සිද්ද වෙනවා. ජෙප්පෝ, සජියා බලයට එන්නේ නැතුව සිංහල කව්රු බලයට ආවත් කමක් නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 142 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 977 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 534 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3390 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2519 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4516 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site