IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ගණන් වැරදුණු අයිටීඑන් ගණකාධිකාරී ජනපති කොමිසමට

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ විකාශනය වු දැන්වීම් ස`දහා අයවිය යුතු මුදල් සම්බන්ධයෙන් වැරදි ලෙස ගණනය කිරීම් සිදු වී ඇති බව බරපතල වංචා දුෂණ කොමිසම හමුවේ හෙළි වු තොරතුරු සම්බන්ධයෙන් එහි ගණකාධිකාරීවරයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයාට සහ  මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥවරයාට කොමිසම දැනුම් දුන්නේය.

එම දැන්වීම් සඳහා රුපියල් කෝටි 10 1/2 කට අධික මුදලක් අයවිය යුතු බවට කොමිසමට පැමිණිලි ලැබී තිබුණත් මේ සම්බන්ධයෙන් පැවැති සාක්කි විභාගයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතාගේ හරස් ප‍්‍රශ්න වලට පිළිතුරුදෙමින් ස්වාධීන රූපවාහිනි සේවය අභ්‍යන්තර විගණන නිලධාරී අලගියවන්න කීවේ විගණනයේදී වැරදි සිදු වී ඇති බවය.

මේ අනුව ලබන 05 වැනිදා කොමිසමට පැමිණෙන ලෙස ස්වාධීන රූපවාහිනි සේවය අභ්‍යන්තර විගණන නිලධාරී නුවන් මංජුල අලගියවන්නට දැනුම් දුන් කොමිසමේ විනිසුරු මඩුල්ල ඔහු සමඟ එක්වී විගණනය කිරීම් පිළිබඳව සම්මුඛ සාකච්ඡාවක් පවත්වන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රජයේ ජ්‍යෙෂ්ඨ  නීතීඥ ජනක බණ්ඩාර මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතාට කොමිසම දැනුම් දුන්නේය. 



අදහස් (0)

ගණන් වැරදුණු අයිටීඑන් ගණකාධිකාරී ජනපති කොමිසමට

යගෝ Sunday, 01 November 2015 01:43 PM

දඬුවම මොකක්ද. (ර)

:       0       0

අනිල් Sunday, 01 November 2015 09:24 AM

මේ වගේ අයද මේ ආයතන වල තියාගෙන ඉන්නේ.(හේ)

:       0       0

ඇසළ Sunday, 01 November 2015 09:27 AM

අනිත් වැඩත් මේ වගේ තමයි.(හේ)

:       0       0

ඩයස් Sunday, 01 November 2015 09:42 AM

ගණන් වැරදුණු ගණකාධිකාරිවරයා කොන්ත්‍රාත් එකක් කරලාද? වරද්දපු ගාණ ඔහුගෙන් අයකරගෙන අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි..මෙය හිටපු ජනාධිපතිවරයාටත් , රටටත් කළ පාඩුවක්. (බ)

:       0       0

ජොහාන් Sunday, 01 November 2015 10:15 AM

මොන සකච්ඡාවක්ද? වැරැද්දක් කරහම දඩුවම අනිවාරයයි. මෙයත් පැරණ කට්ටියට කඩේ යනවද දන්නේ නෑ...(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අද වැස්ස ගැන අනාවැකිය
2024 ඔක්තෝබර් මස 15 179 0

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල,මාතර මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව


ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 328 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 352 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 1131 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 1379 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 2949 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 422 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 458 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1424 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site