IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ගෑණියකට ගැසුවැයි සැරයන්ගේ වැඩ තහනම්

රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට ත්‍රිරෝද රථ ගාල අසලදී  තරුණියකට බිම දමාගෙන  පහර දුන්  බව කියන  පොලිස් සැරයන්ගේ වැඩ තහනම් කළ බව පොලීසිය කියයි.

කාන්තාවන් දෙදෙනකු අසභ්‍ය වචන කියමින් සිටියදී  ඔවුන් පළවා හැරීමට උත්සාහ ගත් අවස්ථාවේදී එක් කාන්තාවක්  සැරයන්ට ගලකින්  පහරදීමෙන් පසු මෙම සිද්ධිය  ඇති වු බව  පැවසේ.

සති තුනකට පෙර සිදු වු මෙම මෙම සිද්ධිය යු ටියුබ් අන්තර් ජාල  වෙබ් අඩවියේ පළ වීමෙන් පසු පොලීසිය ක්‍රියාකාරී විය.

 

 

 



අදහස් (0)

ගෑණියකට ගැසුවැයි සැරයන්ගේ වැඩ තහනම්

චමින්ද Monday, 29 September 2014 09:15 PM

මම මේ කාන්තාව මාධ්‍යට දක්වපු අදහස් ඇතුළත් වීඩියෝව දැක්කා. ඒකේ හැටියට නම් පළිගැනීමක් වශයෙනුයි පොලිස් නිලධාරියා මැයට ප්‍රසිද්ධියේ මේ පහරදීම කර ඇත්තේ.(නි)

:       0       0

අමිල Monday, 29 September 2014 09:19 PM

අනේ මට බලයක් නැතිවුණ හැටි මොහුට දඬුවම් දෙන්න? (නි)

:       0       0

රාජුන් Monday, 29 September 2014 09:29 PM

රත්නපුර පොලිසියට රත්නපුර බස් නැවතුම් පොළේ සිට අතේ දුරක්නේ තියෙන්නේ. මේ සිද්ධිය ගැන පරීක්ෂණ කරන්න හිතක් පහළ වුණේ මෙය සිදුවී සති තුනකට පසු අන්තර්ජාල වෙබ් අඩවිවල ප්‍රසිද්ධ කිරීමෙන් පසුවද? (නි)

:       0       0

සිරා පොර Tuesday, 30 September 2014 07:17 AM

මේ ගැනිට ගහපු එක මම අනුමත කරනවා. ඒකි මොකටද ගලකින් ගහන්නේ. ඔය ගෑනි ගැන කතා කරන අයට ගලකින් ගැහුවොත් මොකද කරන්නේ ? (දී)

:       0       0

සත්‍යයා Monday, 29 September 2014 10:44 PM

මේ පොලිස් නිළධාරියා විතරක් නොවෙයි, මේ නින්දිත ක්‍රියාවට විරුද්ධත්වය පළනොකර ඒ දෙස ආශාවෙන් බලාහිටි හැම පිරිමියෙකුටම දඬුවම් දියයුතුයි. (නි)

:       0       0

නලීන් Tuesday, 30 September 2014 01:36 AM

මානසික ව්‍යාධියකින් පෙළෙනවා වගෙයි. වෛද්‍ය ප්‍රථිකාර දුන්නා නම් තමයි හොඳ (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 30 September 2014 01:47 AM

මට නම් ඒ කාන්තාවගේ අහිංසකකමක් පෙනෙන්නේ නැහැ. තරහාගිය පළියට මොන වරද තිබුනත් කාන්තාවකට ප්‍රසිද්ධියේ ඔහොම ගහපු ගමන් තමන්ටත් ඒ සමඟ සියදිවි නසාගන්න වෙන බව හිතන්න බැරිද මේ නිළධාරියාට? (නි)

:       0       0

සීල Monday, 29 September 2014 11:31 AM

එකපාරක් කිව්වා වීඩියෝ ඒවා විශ්වාස කරන්න බැහැ කියල. මාධ්‍යට බොහොම ස්තූතියි. මෙයාව රිමාන්ඩ් කරන්න ඕනේ. අසරණ ගැහැනියකට ප්‍රසිද්ධියේ පහර දීම එල්ලුම් ගසට යවන ක්‍රියාවක්. (ස)

:       0       0

චින්ටක Tuesday, 30 September 2014 08:08 AM

සමහර මන්ත්‍රී වරුන්ගේ ගෙවල් වල සේවයට ඉන්නෙත් පොලිසියේ අය පොඩි මිනිහට චන්ඩි කම් කරනවා .නින්දිත ක්‍රියාවක්.පිරිමි කමටත් නින්දාවක්. (දී)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Monday, 29 September 2014 11:35 AM

මෙන්න පොලීසියෙ ඇස් අරින්න පුලුවන් නියම ක්‍රමය​. කලින් හිටි උසස් පොලිස් නිළධාරියෙකුත් මේ ගැන කිවුවා මතකයි. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 30 September 2014 02:05 AM

සැරයන් කළේ දෙදෙනාගේ රණ්ඩුව නතර කිරීමට උත්සහ කිරීමයි.නමුත් ඒ තරුණිය ගලකින් ගැසීම වැරදියි. මේ සිදුවීම අනුව එක් අයෙකුට දොස් පැවරීමත් වැරදියි. නීතියෙන් සාධාරණයක් වියයුතුයි. (නි)

:       0       0

තරිදු Monday, 29 September 2014 11:33 AM

මොන වරදක් කළත් ඔහොම ගහන එක වැරදියි. පොලීසිය ඔය සද්ද ලොකු මිනිස්සුට දානවද? (නි)

:       0       0

ඩෙන්සිල් Monday, 29 September 2014 11:47 AM

පොලිස් සැරයන් ගැන කණගාටුයි! (නි)

:       0       0

මධු ශේරිනා Tuesday, 30 September 2014 08:27 AM

ඒ කාන්තාව වරදක් කල කියමුකෝ නමුත් එහෙම ගහන එක අසාධාරණයි (දී)

:       0       0

නලින් යහම්පත් Monday, 29 September 2014 11:47 AM

පොලිස් සැරයන් ගල්පරා කාගෙන නිකන් හිටියා නම් ඉවරයි. අහිංසක පොලිස් සැරයන්! පොලිසියටම ඇවිල්ලා පොලිසියට ගහලා බැනලා රිමාන්ඩ් එකේ ඉන්න අයත් අරගෙන යන කාලෙක මේක සුළු සිද්ධියක් (නි)

:       0       0

අනිල් Tuesday, 30 September 2014 02:29 AM

කාන්තාවන්ට පහරදීලා පුරුදු කෙනෙක් වගෙයි (නි)

:       0       0

තෝමස් Tuesday, 30 September 2014 02:34 AM

මිට දින කීපයකට ඉස්සරවෙලා මම මූනුපොතේ දැක්ක බිමත් මිනිහෙක් මහජනයාට අවහිර වෙන විහිහට මාර්ගය හැසිරෙනවා. එත් එතන හිටපු පොලිස් නිලධාරීන් ඔහුට කාරුණිකව යමක් කිව්වා විනා ඔහුට විරුද්ධව කිසිම දැඩි පියවරක් ගත්තේ නැහැ. එක නිසා ඔහුත් දිගටම එතන පිස්සු නැටුවා. මමත් එවෙලාවේ හිතින් පොලිස්නිලධාරින්ට බැන්නා. එත් මට දැන් තේරෙනවා ඔහුන් එසේ කලේ ඇයි කියල. ඔහුන් හිතන්න ඇති වැඩිය කතා කරන්න ගිහින් අර බේබද්දා එක්ක ගැටුමකට යන්නේ මොකටද කියල. මොකද ඔහුන්ට රැවුලත් ඕනේ කැඳත් ඕනේ වගේ රාජකාරිය කරන්නත් ඕනේ මානව හිමිකම් රකින්නත් ඕනේ. (දී)

:       0       0

නිමල් ලලිත Tuesday, 30 September 2014 02:45 AM

අපරාධකරුවන්ට, වැරදිකරන්නන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි. නමුත් ගැහැණියකට මෙසේ පහරදීම නොකළ යුතුයි (නි)

:       0       0

හේමන්ත Monday, 29 September 2014 12:05 PM

මුළු දෙපර්තමෙන්ත්වටම අවමානයට ලක්කළ , පොලිස් කියන අකුරු හයේ තේරුම නොදන්නා අමනයෙක්. වරදක් කලානම් දඩුවම් කරන ක්‍රමයක් තියෙනවා. නිල ඇදුමක් ඇදගෙන නගරයක් මැද ගැහැනියකට බිමදාගෙන ගහන්නේ නැහැ මව් කිරි බීපු කෙනෙක් . උපරිම දඩුවම් දෙන්න ඕන. (දී)

:       0       0

පද්මිණි Tuesday, 30 September 2014 09:09 AM

යුරෝපයේ නම් ගැහැණියට අත තැබීම දරුණු දඩුවම් ලැබිය හැකි වරදක්. සැමියාට වත් බිරිදට අතක් තබන්න බැහැ. (කෝපයෙන්) සමාජයේ අසම්මත යයි කියන මෙම කතට මේ දෙන වදහිංසාව අනුමත කරන්නවුන් මවගේ කිරි බිවු අය නොවේ. ඇයගේ බුද්ධි මට්ටමත් රජයේ පොලිස් සැරයන්ගේ බුද්ධි මට්ටමත් එක ලෙස සැලකීම වැරදියි. (දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 29 September 2014 12:28 PM

ප්‍රසිද්ධ ස්ථානයන්හි කාන්තාවන් හෝ පිරිමින් අසභ්‍ය වචන කීම, රණ්ඩු සරුවල් කිරීම මහජනයාට හිරිහැරයක්. කාන්තාවක් හැටියට පොලිස් නිලධාරියෙකුට ගල්ගැසීම බලවත් වරදක්. සැරයන්වරයා එක අතකට හරි . (නි)

:       0       0

ධනංජය Monday, 29 September 2014 12:50 PM

හරි වැඩක්නේ? අර කොල්ලෙකුට කෙල්ලෙක් ගහපු වෙලාවේ ඔක්කොමල කෙල්ල පවු කියුවා! දැන් කියනවා සැරයන්ට හොඳ වැඩේලු! කුණුහරුප කියල ගලකින් ගහද්දීත් කොයි පිරිමියද ඇත පය බැඳන් ඉන්නේ? (දී)

:       0       0

රණවක Monday, 29 September 2014 01:06 PM

දෙන්නාගේම මොන මොනවා හරි වැරදි ඇති (දී)

:       0       0

මගලි ෆොන්සේකා Monday, 29 September 2014 01:07 PM

මොන වරද කලත් දඩුවම අස් කරන එක (වැඩ තහනම් )කරන එක විතරයි .එතකොට කෝ දඩුවමක් පහර දුන්නට.අර විදිහට පහර දුන්නම අර මනුස්සයාගේ ඉල අට බිඳිලා ඇති (දී)

:       0       0

පියුමි Monday, 29 September 2014 01:18 PM

දැන් පොලිසිය ක්‍රියාකාරී වෙන්නේ යූටියුබ් නිසානේ! (නි)

:       0       0

ගයාන් Monday, 29 September 2014 01:23 PM

මොහුට උපරිම දඬුවම් දෙන්න. මොන වරදක් කළත් ඔහොම ගහන්න හොද නැහැ (නි)

:       0       0

චාමර Monday, 29 September 2014 01:28 PM

යුක්තිය මිනිස්සු තුළින්ම එන්න ඕනෑ එකක්. මිනිස්සු යුක්තිය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා නම් ඒ දේ ඉෂ්ට වෙනවා.මිනිස්සු යුක්තිගරුක දේශපාලකයන් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා නම්, ඒ වෙනුවෙන් හඬක් නඟනවා නම්, ඒ අපේක්ෂාව තියෙනවා නම් හැංගිලා ඉන්න නායකයින් ඉදිරිපත් වේවි. ඔවුන් රටට අවශ්‍ය දේ කරාවි. ඔය ඉන්න අය වුණත් ඒ වෙනුවෙන් යොමු වේවි. ඒක මිනිස්සු තුළින් එන්න ඕනෑ දෙයක්. රටේ තියෙන්නේ එක නීතියයි.ඒක දේශපාලකයාටත් එකයි,පාරේ ඉන්න හිඟන්නාටත් එකයි. උස්තැන් දැක හැකිලෙන්නත් මිටිතැන් දැක පුප්පන්නත් පොලිසියට අයිතියක් නැහැ. (නි)

:       0       0

සෙනෙවි Monday, 29 September 2014 01:32 PM

සරසවි සිසු සිසුවියන්ට තඩිබාන අයටත් මේ හැන්දෙන්ම බෙදුවා නම් හොඳයි නේද? (නි)

:       0       0

සුනිල් රණවීර Monday, 29 September 2014 01:41 PM

සාධාරණය ඉටු උනා (දී)

:       0       0

ජය Monday, 29 September 2014 01:44 PM

මෙන්න වෙනස කාන්තාවකට ගැහුවොත් දඩුවම් ,ගැනියෙක් මිනිහෙකුට ගැහුවොත් ?දෙකම එකම වරද නේද .(දී)

:       0       0

උපජිව Monday, 29 September 2014 01:49 PM

කෝ කාන්තා හා ළමා කාර්යාංශය ? මේක අපරාධ වරදක් නෙමේද? (දී)

:       0       0

වික්‍රම‍ Monday, 29 September 2014 01:55 PM

සීල, හරියට කියෙවුවද? මේ වගේ දෙයක් කරන්න පුලුවන් ඇය "අසරණද"? (නි)

:       0       0

සමන්ති Monday, 29 September 2014 02:01 PM

අපේ ප්‍රකාශකතුමාගෙ පිළිතුරත් බලමුකෝ. (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 29 September 2014 02:03 PM

මෙහෙම වැඩ තහනම් වෙන එක අපි නම් දැනගෙන හිටියා.මේ නිල ඇඳුම ඇතුළට ගියාම සමහරුන්ට තමන් පාලනය කරගන්න බැහැ (නි)

:       0       0

දේවිකා Tuesday, 30 September 2014 04:01 AM

උපරිම දඩුවම නියම කරන්න ......... පොලිස් පති තුමනි .. (දී)

:       0       0

සිල්වා Monday, 29 September 2014 02:25 PM

මොකක්ද පොලිසියේ සදාචාරය? රටේ නමත් කැතකරනවා. (නි)

:       0       0

නිම්මි Monday, 29 September 2014 02:53 PM

පොලීසිය පිරිමින්ට නම් ඕනෑතරම් ගහනවා. (නි)

:       0       0

සේනක Monday, 29 September 2014 03:40 PM

පොලිස් නිලධාරියාට මෙවැනි ක්‍රියාවකට යාමට සිදු වන්නේ ඔහුගේ සරල විදානයක් නොපිළිගන්නා පසු බිම තුලයි. පුද්ගලයාට නොවුනත් මහජනයා තුල නිල ඇදුමට ගරුත්වයක් තිබිය යුතුය. එය නැති උනේ කවදා කුමක් නිසාදැයි සොයා එයට පිළියම් කල යුතුය. එදිනට පොලිස් නිලධාරියෙකුට මෙවැනි දුරක් යාමේ අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇත. (දී)

:       0       0

ඒකනායක Monday, 29 September 2014 03:52 PM

මෙහෙමත් ගහනවද අම්මපා (දී)

:       0       0

කුමාරන Monday, 29 September 2014 03:57 PM

මෙම කාන්තාව අසරණ කාන්තාවක් නොව ,නිතිය නොදන්නා ,දරදඬු කාන්තාවකි.එනිසාවෙන් මෙම කාන්තාව රාජ්‍ය නිලධාරියෙකුට ගලකින් ගසා ඇත .පොලිස් මහත්මය නිතිය මගින් දියයුතු දඩුවම් තිබියදී ,එම කාන්තාව ටම ගැලපෙන විදියේ ප්‍රතිචාරයක් දී ඇත.මෙම දෙන්නම '' තකට තක '' වගේ.එනිසා සැරයන්ගේ සේවය අත්හිටෙව්වා වගේම මෙමෙ කාන්තාවට එරෙහිවද නිතිය ක්‍රියාත්මක විය යුතුය.(රාජ්‍ය නිලධාරියෙකුට පහර දුන් නිසා.) (දී)

:       0       0

සඳා Monday, 29 September 2014 04:21 PM

හොඳ වැඩේ (දී)

:       0       0

සුගුනවති Monday, 29 September 2014 05:07 PM

මෙයාගේ වැඩ තහනම් කරලා මදි හිරේට දන්නා ඕනේ අවරුදු දෙකකට විතර (දී)

:       0       0

නිලක්ෂි Tuesday, 30 September 2014 05:38 AM

හැම මනුස්සයෙක්ටම මොන වරද කලත් ආත්ම ගරුත්වයක් තියෙනවා,මේ වගේ තිරිසන්නු තියන්න වටින්නේ නෑ,ගෙදර යවල මදි ........(දී)

:       0       0

කුසුමාවතී Monday, 29 September 2014 08:09 PM

මේ වගේ තිරිසන් විදියට හැසිරෙන මිනිස්සු නිසා තමයි පොලිසිය සහ මහජනතාව අතර අප්‍රසාදයක් ඇතිවී ඇත්තේ. සමාජය යහමඟට ගන්න නම් වැරදිකරන සිවිල් පුද්ගලයන්ට වගේම වැරදිකරන පොලිස් නිලධාරීන්ටත් ක්ෂණිකවම විනිවිදභාවයකින් යුතුව උපරිම දඬුවම් ලබදිය යුතුයි. (නි)

:       0       0

චමින්ද Monday, 29 September 2014 08:24 PM

මෙවැනි වීඩියෝ අන්තර්ජාලයට එක් කළයුතුයි. එවිටයි, යම්කිසි දෙයක් සිද්ධ වෙන්නේ. නැත්නම් කවුරුත් දන්නෙත් නැහැ, නිකම්ම ලිස්සලා යනවා. මෙම වීඩියෝව, රූපවාහිනි නාලිකාවකින් විකාශනය කළ පසු, එක බලධාරියෙකුට කේන්ති ගිහිල්ලා කියලත් ආරංචියි. (නි)

:       0       0

බඩා Tuesday, 30 September 2014 06:53 AM

හැබැහැටම පිරිමින්ට අයිතිවාසිකම් නැද්ද? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 904 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 418 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 914 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3328 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 600 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 233 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site