IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ගීතාංජන මෙන්ඩිස් කී‍්‍රඩා වෛද්‍ය ආයතනයෙන් ඉවතට?

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. ක‍්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් කියවුණේ ඊයේ (29) සිට බල පැවැත්වෙන පරිදි ඔහු ජාතික ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් ඉවත් කිරීමට ක‍්‍රීඩා ඇමැතිවරයා තීරණය කර තිබූ බවයි. ඒ වෙනුවට මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප‍්‍රධානි ධුරයට පත් කිරීම සඳහා ක‍්‍රීඩා ඇමැතිවරයා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව දැන ගන්නට ඇත. වසර ගණනාවක් පුරා එම තනතුර හෙබවූ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා ඉවත් කිරීමට කී‍්‍රඩා ඇමැතිවරයා තීරණය කළේ ඔහුට එල්ලවී තිබෙන බව කියන චෝදනා කීපයක් නිසා බවද දැන ගන්නට ඇත. ජාතික ක‍්‍රීඩා විද්‍යාතනයේ සේවය පිළිබඳ නොසතුටට පත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිසක් ද ඔහු ඉවත් කරන ලෙස ක‍්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවද මේ අතර දැන ගන්නට ඇත. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයකු ලංකාදීපයට පැවසුවේ මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට දිගින් දිගටම තහනම් උත්තේජක චෝදනා එල්ලවීම ඇතුළු කරුණු  කිහිපයක් සම්බන්ධයෙන් ඔහුගේ සේවය පිළිබඳ පසුගිය කාලයේදී ක‍්‍රීඩා ඇමැතිවරයා  නොසතුටට පත්ව සිටි බවයි. විශේෂඥ වෛද්‍ය මෙන්ඩිස් මහතා ජාතික තහනම් උත්තේජක ආයතනයේත් ගිනස් ලෝක වාර්තා ශ්‍රී ලංකා අධීක්ෂණ කමිටුවේත් දැනට සභාපති ධුර දරයි. ක‍්‍රීඩා  අමාත්‍යාංශයේ රාජකාරී කටයුතුවලින් ඉවත් කෙරෙන මෙන්ඩිස් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට  අනුයුක්ත කරනු ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ. ගීතාංජන මෙන්ඩිස්



අදහස් (0)

ගීතාංජන මෙන්ඩිස් කී‍්‍රඩා වෛද්‍ය ආයතනයෙන් ඉවතට?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළමා නිවාසයක දැරියන් දෙන්නෙක් පැනගිහින්
2024 සැප්තැම්බර් මස 20 112 0

මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.


ඡන්දෙට සියල්ල සූදානම්
2024 සැප්තැම්බර් මස 20 200 0

2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.


මිදිගම ඝාතනයට දෙකක් සැකපිට
2024 සැප්තැම්බර් මස 20 492 0

මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අ


වාර්තාවක් දෙන්න අල්ලස් ගත් සැරයන් මාට්ටු
2024 සැප්තැම්බර් මස 20 261 0

පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගත් බව කියන පොතුහැර පොලිසියේ සැරයන් වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විස


බැසිල් රටින් පිටව යයි
2024 සැප්තැම්බර් මස 20 3513 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළ


දෙහිවල වෙඩි තැබීමකින් සෞඛ්‍ය කම්කරුවා මරුට
2024 සැප්තැම්බර් මස 20 1097 0

දෙහිවල ගල්කිස්ස නගර සභා සෞඛ්‍ය කම්කරුවකුට දෙහිවල කඩවත පාරේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 77 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 82 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 137 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site