ගිංතොට කුරුඳුවත්තේ සුපිරි වෙළෙඳ හලකට ගිනිතබා රුපියල් කෝටියකට අධික අලාභයක් කළැයි සැකපිට හත්දෙනෙක් ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් යු.එස්. කලංසුරිය මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. රිමාන්ඞ් බන්ධනාගාර කරනු ලැබුවේ මොහොමඞ් රිශාල් මොහොමඞ් පාහීර්, මොහොමඞ් රිෂාල් මොහොඞ් ජවුසර්, මොහොමඞ් ජමිල් මොහොමඞ් සාලි, මොහෙමඞ් සාලි මොහොමඞ් හිලාවි, අබ්දුල් හසන් මොහොමඞ් ඉර්ෂාඞ්, මොහොමඞ් අරිෆ්ඞීන් මොහොමඞ් නුරුල්ලා, මොහොමඞ් සරුක් මොහොමඞ් නුෂයිස් යන සැකකරුන් හත් දෙනාය. මුස්ලිම් සිරුරු ගෙන යනවිට යාව්ඤා කළ යුතු යැයි කියන පිරිසක් හා නොකළ යුතු යැයි කියන පිරිසක් අතර ගැටුමකින් පසුව මේ සිද්ධිය වාර්තා විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුයි මෙවන් දේවල් නැවත නොවේවා
සහෝදර වරුණේ.... සිරුරකට යාව්ඤා කිරීමක් වෙනුවෙන් මෙතරම් විනාශයක් කරගන්න කලින් ටිකක් හිතල බලන්න උපතින් මුස්ලිම් කෙනෙක් වුණාට මමත් බුදුහාමුදුරුවන් වහන්සේගේ ඉගැන්වීම් අහල කියවලා තියෙනවා,. සමහර වෙලාවට මට පුදුම හිතෙනවා එක එක කරුණ ලස්සනට පහදලා තියෙන හැටියට. හරියට තමන්ටම තමන් ගැනම කියන එකක් වගේ. අපේ ආගමේ මේ වගේ අනෙක් ආගම ගැන හොයන්නවත් හිතන්නවත් නිදහසක් නැහැ. බුද්ධාගමේ අයට ඉතා නිදහස් හිතන පතන විදිහක් බුදුහාමුදුරුවන් වහන්සේ පෙන්වල දෙනවා කියලයි මට හිතෙන්නේ. මට මේවා ඉගෙන ගන්න ලැබුණේ මම ලංකාවේ ඉපදුන නිසා, උදේ හවස ටී වී එකේ ගුවන් විදුලියේ, බස් එකේ ඇහෙන නිසා මට බුද්ධාගම ඉගෙන ගන්න ආස හිතුණා. භාවනා කරන්නත් මගේ බුද්ධාගම් යාළුවෙකුගෙන් ඉගෙන ගත්තා. අම්මේ හිතට දැනෙන සැහැල්ලුව! අපේ පවුලේ අය මේකට තදින්ම විරුද්ධයි, ඔවුන් බයයි දෙවියන් දඩුවම් කරයි කියලා. මම කියන්නේ දඩුවමට බයේ ආගම අදහන්නේ ඇයි? අපේ සිත නිදහස් කරන සාමය උදා කරන භාවනාවල් තමයි හොද , කියලා. සමාවෙන්න මොනවහරි වැරදි දෙයක් කිව්වා නම්. මම කොහොමහරි මේක දියුණු කරගන්න ඕනෑ, අමාරුයි නමුත් මහන්සි වෙනවා , නැවත ඉපදෙනවා කියලා මම දැන් පිළිගන්නවා. ඉතින් මට අපායට යන්න ඕනෑ නැහැ. යන්න ඕන දිව්‍ය ලෝකේ, නැත්නම් මනුස්ස ලෝකේ. ඒක දෙවියන්ට කියල බැහැනේ, අපිම හිත දියුණු කරගන්න ඕනෑ නේද ? (ස)
පිස්සො ද? නැත්නම් උණ විකාරෙන්ද? (නි)
දෙයියෝ සාක්කි
නිත්‍යානුකූලව දෙන්න පුළුවන් උපරිම දඩුවම් දෙන්න. ලංකාවේ සාමයට අල්ලා දෙවි පිහිටයි..(ස)
මරුනේ, මොහොමඩ්ලාම හත් දෙනෙක්. (නි)
මහත්තයෝ ඔයාල ආගම් ප්‍රතිපත්ති වලට ගරු කරන්න (ස)
මොනවාද මේ වෙන්නේ
අයියෝ සල්ලි
මෙම කඩය කැඩීමට සහ ඉහත සදහන් සිද්දිය අතර කිසිම සම්බන්දයක් නැහැ. මෙය හුදෙක්ම වරදවා වටහා ගැනීමක්... එසේම ඕනෑම ආගමක කොටස් තිබිය හැකිය... නමුත් එය තමන් තුල පමණක් ඇදහීම සියලු දෙනාටම පහසුවක්වනු ඇත... (ස)
අයියෝ සල්ලි කියුවලු
මෙම කඩය කැඩීමට ඉහත අය සම්බන්ධ නැ කියලා හිතෙනවා.හේතුව මේ අය සම්බන්ධ වීමට සාක්ෂි නැති නිසා. (ස)
අයියෝ සල්ලි කියුවලු
හාෆිස් මහත්මයා කියන දේ ඇත්තයි. මම බෞද්ධයෙක් වුනත් මට මේ කතාව පිළිගන්න වෙනවා. මෙහි නම් සඳහන් අය මේකට සම්බන්ධ නැහැ. මෙම සුපිරි වෙළඳ සැලේ අයිතිකාරයාට මේ ඉහත නම් සඳහන් අය දමන්න කියලා මුස්ලිම් නීතිඥ මහත්මයෙක් තර්ජනය කරල තියෙන බවකුත් ආරංචියි...(වි)
වරුණ, කව්ද මේ මහා විනාශය කලේ කියල පොලිසිය සහ නිතිය බලාගනීවි... මම කිව්වෙ ඉහත සිද්දිය "කඩය ගිනි තැබීම" හා "මුස්ලිම් සිරුරු ගෙන යනවිට යාව්ඤා කළ යුතු" සිද්දිය සමග කිසිම සම්බන්දයක් නැති බවයි....(ස)
හාෆිස් මහත්මයා, මම බෞද්ධයෙක් වුණත් ඉස්ලාම් දහම ගැන ටිකක් දන්නවා. මුස්ලිම් මළ සිරුරු ගෙන යනවිට යාව්ඤා කිරීම සම්බන්ධයෙන් මම ටිකක් හොයලා බැලුවා. සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා(ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ආගම පිළිබඳ විද්වත් කමිටුව) මතය වන්නේ මුස්ලිම් මළ සිරුරු ගෙන යනවිට යාව්ඤා කිරීම ඉස්ලාම් ආගමට පටහැණි අලුතින් එක් වුණු දේවල් බවයි. කොහොම වුණත් මමත් ඉස්ලාම් දහම වැළඳ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. (නි)