මත්තේගොඩ ඉංජිනේරු යුධ හමුද කඳවුරේ භූගත අවි ගබඩාවක ඇති වු ගින්න නිවීම සඳහා ගිනි නිමන රථ නමයක් පමණ පැමිණ ඇත.
අද උදේ හතට ගින්න හට ගන්නට ඇති බවත් අවට කම්හල් හා අයතනවල සේවකයන් ඉවත් කළ බවත් අවට වැසියෝ කියති.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාව , දෙහිවල මහ නගර සභාව සහ කොළඹ යන නගර සභාවලින් ගිනි නිමන රථ කැඳවා ඇත.
යුධ හමුදා පොලිසියද මින් මෙහොතකට පෙර එහි ලගා විය.
කහතුඩුව ඇතුලු අවට පොලිසි පැමිණියත් ගේට්ටුවෙන් ඇතුලට යාමට ඔවුනට ඉඩ ලැබුනේ නැත.
භූගත අවි ගබඩාවට ගිනි නිවන රථ වලින් ජල ප්‍රහාර එල්ල කළ බව ප්‍රදේශවාසීහු පවසති.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපවතියෝ, ඔයා හෙටම අංගොඩ ගිහින් බෙහෙත් ගන්න. ඔයා මිලියන ගණන් පාඩුව හොයන්නේ ගෙවන්නද? ගින්න කියන දෙය කොයිවෙලාවේ ඇවිලෙයිද දන්නේ නැහැ (නි)
නම රූපවතී වුණාට හදවත නම් වස කැතවෙලා නේද? (නි)
හරි හැටි සිද්ධවුණේ මොකද්ද නොදැන කාටවත් දොස් කියන්න බැහැ නේද? කොහොම වුණත් අවට ඉන්න මහජනයාට කරදරයක් වුණේ නැත්නම් එච්චරයි. (නි)
රූපවතීගේ කටට නම් හොඳක් වෙන්න එපා (නි)
රූපවතී හරියට මාධ්‍ය ප්‍රකාශිකාවක් වගේනේ කතා කරන්නේ (නි)
රුූපවතී අක්කේ, ඔයා පිස්සියක්ද? හමුදා වල අය කවදාවත් ආයුධ කාටවත් දෙන්නේ නැහැ. ආයුධ ගබඩාව හරියට අසුරලා නැති නිසා එකක් පිපුරුනාට පස්සේ ඔක්කොම පිපිරෙන්න පුළුවන් (නි)
ඇත්ත කිවුවාම හදවත කැත වෙනවද ? මෝඩකම තිබුනට කමක් නැහැ, ප්‍රදර්ශනය කරන්න එපා කෝලිත. ඇත්ත තිත්තයි. ඒ මොකද? හැමෝම ඒකම හැලියට වැටිලා නිසා. ලැජ්ජයි නේද? (නි)
සලිත්ලා වගේ අය පුරුද්දට තමයි මාවත් ඇදලා ගිනිගොඩට දමන්න හදන්නේ. නපුරුකම විතරක්! (නි)
රූපවතී, ඔව් අපිත් කියන්නෙ ඒක පරිස්සම් කරගන්න කියලා තමයි (නි)
අපි බලමුකෝ දැන් ගින්නෙන් පසුව කරන පරීක්ෂණ වාර්තාව මොකක්ද කියලා? මිලියන කීයක පාඩුවක්ද? වරද මොකක්ද , කුමක් නිසාද කියලා? (නි)
යුද හමුදාවට හානියක් නැත්නම් එයාලට ඒක විසඳාගන්න දෙන්න (නි)
රූපවති පාතාලයට ආයුධ දීල තියෙන්නේ හමුදාව නෙවේ. දේශපාලකයන්. මොකද්ද ඔයාගේ හමුදාව එක්ක තියෙන තරහ. එල්. ටී.ටී. එකේ කවුරුහරි ඉදල මැරුණද.(අ)
අමාලි සොයුරිය..! මම හොඳ වීර සිංහල ගොවි මහතෙකුගේ දුවක් , තම උපන් දේශයට වැදු මවට ගරු කරන ආදරය කරන, එඩිතර ශ්‍රීලාංකික කාන්තාවක් කීවොත් නිවැරදියි ...! මගේ මව වැදූ එඩිතර සිංහල කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. උන් එකෙක්වත් දේශය පාවල දෙන තරමට එල් .ටී.ටී. එකට බැදෙන නිවටයෝ නෙවේ..!උතුම් මිනිස් ගති වලින් පිරුණු සැබෑ මිනිසුන් ..! (ස)
අනික මේ දේශපාලකෝ ලඟට ගබඩාවල තියන ආයුධ අැවිදගෙන ගියපු හැටි මම උදේ ඉදන් කම්මුලේ අත තියාගෙන මේ කල්පනා කරන්නේ..? (ස)
ඇයි මේ මට දෙහි කපන්නේ කට්ටිය? මම කිවුවද යුද්ධය දිනුවේ නැහැ කියලා? එතකොට ඔය බෝම්බ, ගිනි අවි, උණ්ඩ, ගබඩා වලින් පන්නලා පාතාලයට දීලා තියෙන්නේ සිවිල් වැසියෝද? අනේ මගේ කට? (නි)
ඔයා 2016 ඡන්දය ඉල්ලනවා නම් මගේ මනාපය ඔයාටයි රූපවතී. (නි)
මහරුෆ් ස්තුතියි. එ්ත් මහජන මුදල් කොල්ල කාලා මගේ පරම්පරාවට සුර සැප දෙන්න මගේ කිසිම කැමැත්තක් නැහැ. අද මම මගේ ශක්තියෙන් මගේ දහදිය මහන්සියෙන් හරි හම්බ කරලා මගේ දරුවන්ට මගේ පවුලට කරදරයක් නැතිව ජීවත් වෙන්න ලෝකේ පොහොසත්ම රටවල් තුනක හා මගේ මව් බිමේද ?වටිනා දේපල හිමිකාරියක් මම ඉතාම ආඩම්බරයෙන් කියන්නේ ? තන්හාවෙන් ජීවත්වෙන්න ඕන නැහැ,තවත් දුප්පතෙකුට අත් උදව් කරලා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් මට තියනවා සොයුරනේ ...! තෙරුවන් සරණේ බල මහිමයයි (නදී)
රූපවතී මෙම ප්‍රවුර්තියට දමල තියන අදහස් ගොඩ බලපුවම හිතා ගන්න පුළුවනි ගිය ආත්මේ කොහොම හරි පින් කරලා ඒ පිනෙනුයි තවත් කාගේ හරි මහන්සියෙනුයි ඉන්ටර්නෙට් එකේම ජීවත් වෙනවා කියලා. මට පෙනෙන්නේ යුධ සමයේ එන් ජී ඕ එකක වැඩ කරලා ඒ ජොබ් එක නැතිව දැන් පිස්සු වැටිලා වගෙයි. අනික පිටරට වල ඉන්නට පුළුවන් කම තියෙන වා නම් ඔයා කරන්න තියෙන්නේ ලංකාවේ සිද්ධ වෙන දියුණුව ගැන වෛර නොකර ඒ රටකට ගිහිල්ල ජීවත් වෙන එකයි. ඔයා වගේ අදහස් තියෙන අය රටට සාපයක්. (නදී)
රූපවති යනු දේශපාලන පිල්ලියක් වගෙයි. හමුදාවට අපහාසයක් කරන්න තරම් කුහක සිත් ඇත්තේ දේශපාලන පිල්ලි වලට පමණි. (නි)
රූපවතී අක්කා ගැන මට බොහොම සතුටුයි (නි)
සිරි සොයුර, ඔයා මිනිසෙකුට දොස් කියන්න පෙර කීප වතාවක් සිතා බලන්න. ලංකාවේ නන් දෙසින් උදව් ඉල්ලා මේ පාටක තීරයට ලියන අසරණයින්ට අපි යම් පමණකින් ඔවුන්ට උදව් උපකාර කරනවා එදා ඉදන්ම. ඔයා ලංකාවේ එන් ජී ඕ. කියන එ්වා මොන වර්ගයේද කියන්න මම නොදනිමි. මම විදේශයක මගේ උගත් කමින් විභාග පාස්වී, මා ලබා ගත් රැකියාව "දේව කාරියක්" සේ මා ඉටුකරන්නේ ඉන් මගේ දරු පවුලත් තවත් අසරනයෙකුටත් පිහිට වෙන්න හැකිවෙන නිසා (නදී)
සිරි සොයුර, ලංකාවේ වගේ නෙවේ මාසයටම මගේ ඉන්ටර් නෙට් බිල "ඉස්ටාර්ලින් 12යි" , ලංකාවේ නම් අපිට දවසක් පාවිච්චි කලොත් ඔය කියපු මුදල වැයවෙලා ගිහින්. ඉතින් කොපමණ පාවිච්චි කලත් මේ කිව්ව මුදල පමණයි අපිට ඉන්ටර් නෙට් වලට වැය වෙන්නේ ? (නදී)
මම ඉන්න රටේ මෙහෙම දියුණුවක් අහන්නවත් නැහැ. ඔන්න මාද්‍යක පලවෙලා තිබුනා ඔත්පලව සිටි 79 හැවිරිදි අත්තම්මව දුෂණය කර පැනලගිය මුණුපුරා , ඔත්පලව සිටි නන්දම්මව දූ ෂණය කරලා බෑණ, මාසයකට පෙර තවත් මාධ්‍යයක දුටුවා, කපල කොටලා හැමදාම වෙඩි තියල මරණ තරම, ගණන් කරන්නත් බැරි තරම්. දරු පැටියෙක් පාරේ ගියොත් පිටි පස්සෙන් ගිහින් දූෂණය කරලා මරල හංගන තරම, කුඩු කන්ටේනර් පිටින් නැවෙන් ගොඩ බානවා පිටුව මදි සේරම ලියන්න (නදී)
රූපවතී නෝනේ, ඔයා පිටරට ඉඳල චැනල් 4 හරි හරි සී එන් එන් හරි බලලද ලංකාවේ පුවත් දැනගන්නේ. මට නම් හරි කණගාටුයි ඔයාල වගේ අය ගැන. කරුණා කරලා ඉස්සෙල්ල ලංකාවට එන්න. ඇවිල්ල බලන්න ලංකාවට මොකද වෙලා තියෙන්නේ කියලා. කාලයක් මිනී කන්නන්ගේ දේශයක් ලංකාවද , එහෙම නැතිනම් කොයි මොහොතේ බෝම්බයක් පිපිරිලා මහපාරේ කැලි කෑලි වලට කැඩිලා මැරිලා යයි කියල මර බියේ ජීවත් වුනු ලංකාවද කියලා. අනික ඔය ඔයා හොඳයි කියල කියන්නේ ත්‍රස්තවාදය නැති කල විදිය වැරදියි කියල ලංකාවට විරුද්ධව මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කරන රටවල් වලටද ? ඔයා ලංකාවේ මහජන මුදලින් ඉගෙනගෙන ඒ උගත් කමින් පිටරට ජීවත් වෙනවා නම් මට හිතා ගත්තහැකි ඔයාගේ ජාති ආලය ගැන. අනික මට නම් සැකයි ඔයාගේ රැකියාව ලංකාවට විරුද්ද මාධ්‍ය ප්‍රචාර ගෙන යන එකද කියලා. (නදී)
මෙහෙ මර බිය නැතිව ජීවත් වෙන්න පුළුවන් සිරි අයියේ. ලංකාවට ආදරෙයි කියල ඉතින් ඔයා කියනවා වගේ කාගේ හරි කඩු, පිහිය, වෙඩි පහරක් කාල මේ දරු පැටව් දෙන්නයි මහත්තයයි මායි අකාලේ මැරෙන්න කැමති නැහැ. (නදී)
රූපවති නංගි වැරදි වැටහීමක ඉන්නේ. ඔයා කියන යම් දේවල් වල සත්‍යයක් තියෙනවා. නමුත් හමුදාවක බඩු පිල්ලි ගහන්න ටිකක් අමාරුයි. විශේෂයෙන් අවි ආයුධ. මම හමුදාවක සේවය කල නිසා එ්ක හොදින් දන්නවා. යුදමය සමයේ උනත් යුධ බිමේ හැරෙන්න නිකරුනේ එක අැමෝ එකක්වත් නාස්ති කරන්න අපිට බැහැ. ඒවා අඩු වුනොත් කොළ දහයක් විතර ලියන්න වෙනවා. මම ඔය ඔයා ඉන්න තත්වය ගැන ඔයා හිතන අකාරය ගැන ආඩම්බරයි. මේ පොඩි වැරදි වැටහීම හිතින් අයින් කර ගන්න. ඔයාට බුදු සරණයි. (නදී)
බන්දුල අයිය කියන නිසා අහගෙන හිටිය ඔන්න (නදී)
ටී ජී ලියනගේ, ඔයා දිහා බලන්නත් බයයි. ඔයා වෙරිමතින්ද ඔය දොඩවන්නේ? අපි පස්සේ කතා කරමු (නි)
රූපවතීට පුදුම ඉවක් නේ තියෙන්නේ. (අ)
කොටි පැරද්දුව වෛරෙට රූපවතීලා හමුදාවට අපහාස කරනවා.ඔය ගොල්ලන්ට වෙන්නෙ සදාකල්ම අපහාස කර කර ඉන්න විතරයි.(අ)
අම්මෝ ! මම මේ ලඟ ඉන්නේ මාර සද්දයක් නේ අද උදේ ආවේ. (අ)
පාඨකයෝ වැඩි දෙනෙකුට හැම දෙයක්ම පෙනෙන්නේ වැරදියටනේ. තමන් ගැන හිතන විදියට තමයි අනිත් අය ගැනත් හිතන්නේ (නි)
අපේ වීරෝධාර හමුදාවට අගෞරව කරන්න එපා. හමුදාව කවදාවත් හොරකම් කරලා නැහැ. ගබඩා වල කාලයක් පාවිච්චි නොකළ අත් බෝම්බ වගේ දේවල් මළකඩ කෑම නිසා ඒවා ඉබේ පත්තුවෙලා ගිනි ගන්න බොහෝ විට ඉඩතියෙනවා. එහෙම දෙයක් වෙන්න ඇති.ම (නි)
මේ කියන කතා වලට රූපවතීගේ කටට නම් හොඳක් වෙන්නෙ නෑ (නි)
බලන්නකෝ! යුද හමුදාවේ ගේට්ටුව මුරට එක සෙබළයි! පොලිසියේ ඕක වුණා නම් ගේට්ටුවේ මුරට කියක් ඉඳීද? (නි)
අනේ පවු පොලිසියේ අය! (නි)
ඉතාම සුපරික්ෂාකාරී වුණත් කලාතුරකින් වරදින්න පුළුවන්. හමුදාවේ අය කියන්නෙත් අපේම සහෝදරයෝනේ. (නි)
රූපවති, හමුදාව කියන්නේ කම්පැනියක් නෙමෙයි. ඔහොම සිදුවීමක් වෙලා චීන වරාය ගුවන් හමුදා කඳවුරේ 91 හෝ 92 දී ලොකු විනාශයක් වුණා.මට මතක් වුණේ ඒ සිදුවීම. (නි)
රස්නය වැඩි නිසා ගබඩාව පුපුරන්න ඇති. නමුත් ඔවුන් සිවිල් ජීවිත වලට වියහැකි හානිය අවමකළා. එය විශිෂ්ටයි (නි)
නිශාන්ත, මට පෙනෙන්නේ අද රටේ තත්ත්වය. එදා යුද්ධය දිනුවෙත් අපිම තමා. ජයපැන් බිවුවෙත් අපිම තමා. එත් අද වෙන සෑම අපහාසයක්ම, මහා පොළොව නුහුලන අපරාධයක්ම, ඒ යුධ ජයෙන් වහන්නද කියන්නේ? ඒ එදා ජය ගත්, දිවි පිදුව, ඒ අපේ රණවිරුවන්ට අපි සදා ණයගැතියි. ඒත් මේවා මේ විදියට වෙනකොට අපිත් හතර පැත්තෙන්ම හිතන්න පුරුදු වෙන්න ඕනෑ (නි)
මොකද මේ වෙලා තියනවයි කියන්නේ ? කන්ටේනරයකට ඇති වෙන්න බඩු පාස් කරලා, ඉතිරි ටිකට ගිනි තියල ද මේ තියෙන්නේ ?පසුවට ආරංචි වෙයි නේද ? (අ)
බන්දුල අයියේ, ඔයා ඉන්නවද? ටික දවසක් ඔයාගේ සද්දයක්වත් නැතුවට මම හිතුවා අර පස් කන්දකටවත් යට වුණාද කියලා? අනේ! දීර්ඝායු වේවා ..!! (නි)
බන්දුලගේ කතාව හරි (නි)
අපරාදේ ගින්න නිවුවේ. රූපවතීව ඒකට දාන්න තිබුනේ (නි)
රූපවති හිතාගෙන ඉන්නේ මේක එයාලගේ ගමේ සමුපාකාරය වගේ කියල. ලෝකේ හිටපු භයානකම ත්‍රස්තවාදියා පරද්දපු හමුදාවටනේද මේ විකාර කියන්නේ. (අ)
රූපවතී අපහාස කරන්නේ අපහාස නොකළයුතු පිරිසකට.(අ) .
අද උදේ මේ සිද්ධිය මුලින්ම ඇහෙනකොට , මට අනිවාර්යෙන්ම හිතුනා කොහෙහරි පිපුරුමක් වුණා කියල .... තුන්වෙනි පිපිරුමේදී කි.මී 3 ක් ඈතින් ඉන්න අපේ ගෙයත් දෙදරුම් කෑවා .. ටික වෙලාවක් යද්දී සයිරන් සද්ද ඇහුනා ....ආරක්ෂක රථ හා අනිකුත් වාහන ...මොනවා වුණත් හමුදාව නිසි පියවර අරගෙන තියෙන එක ගැන සතුටුයි (අ)
රුපවති අක්ක ඉස්සර හිටියේ වෙන කොහොද. අද ද ගෙදර අවේ. (ස)
රූපවතීට දොස් කියලා වැඩක් නැහැ. (නි)
රූපවතී කියන කතාවේ ඇත්තක් තියෙනවා. (නි)
විනය, නීතිය, වෙලාව තුනම තිබුන නිසා ලොකු විනාශයක් වැළකුණා (නි)
ලියනගේට රූපවතීගේ කටට බෝම්බයක් දැම්මම ඔක්කොම හරිද? (නි)
දැන් හැමතැනම ගිනි! (නි)