01 | ඔයේ වතුර ගියමුත් පරඬල් | එක්ක |
ගෙඟ් වතුර ගියමුත් කුඩමසු | එක්ක | |
මලේ සුවඳ ගියමුත් බඹරුන් | එක්ක | |
මලේ මම කියමි සිවුපද නුඹ | එක්ක | |
02 | වතුර වැසි නැතුව රට ගිනි වැදි | ච්චි |
වපුල ගොඩ බෝග කුරහන් මැරි | ච්චි | |
කතරගම දෙවිඳු දිවැසට නොපෙනි | ච්චි | |
නපුරු කලක් දැන් අපහට පැමිණි | ච්චි | |
03 | විසිරි ය අසසිරි පිරිකුඹු බා | ලේ |
ඉසුනි ය ගෝමර මල්පෙති දෑ | ලේ | |
දසති ය හැමසරි දෙවිඳුනි මෙකා | ලේ | |
අසනු ය වියතුනි කලගෙඩි මා | ලේ | |
04 | දවස ක් ගෙන යන කොට හැම වේ | ලේ |
වයස ත් සිදුඋනි කල තම ලී | ලේ | |
ගියඅ ත් නොහැරම රැක දෙති බා | ලේ | |
පවස න් පද බැද කලගෙඩි මා | ලේ | |
05 | රුව න් අනගි රුව දරමින් ආ | ලේ |
එර න් රුවින් ලද සිටගණ පා | ලේ | |
පොව න් අමා මුම පද රස ආ | ලේ | |
අසන් න වියතුනි කලගෙඩි මා | ලේ | |
06 | රැක් කා සේ වඳුරන් සිටග | ල්ලා |
නිස් කා රේ දෙඩුවත් නොගනි | ල්ලා | |
මක් කා කීවත් වරද නොග | ල්ලා | |
අක් කා වරුසිට කලපිඹ ප | ල්ලා | |
07 | මල්ලිත් මමත් තනියම යන ඕවිට | ට |
අනිනා මී ගොනෙක් ආවයි ඉස්සර | ට | |
වටපිට බැලිමු ගසකුත් නැත නගින්න | ට | |
පිටපොට ගසා නැග්ගෙමු තුත්තිරි ගස | ට | |
08 | සූරිය උදාවන තුරු පිණි බෑ | විල්ල |
පාරුව පදින තුරු සයුරේ සෙල | විල්ල | |
මාරුව බල බලා සිත යට කැර | විල්ල | |
කාරිය කෙරෙන තුරු කාගෙත් රැව | විල්ල | |
09 | දුක් පත් කම කාට කාටත් ඇති වී | ම |
ඇත්තක් මය ඒ ගැන මොනවට දුක් වී | ම | |
එක්සත් කම සමග තිබුණොත් ගුණ දහ | ම | |
දුක්පත් කම මැකෙයි රිවි දුටු පිනි සේ | ම | |
10 | දෑසා නැත නින්ද අලි ඇතු පන්නා | ලා |
පාසා නැත ඉන්න පැල තුළ ගිනි තැප | ලා | |
ආසා නැත කන්න අල බතලත් මෙක | ලා | |
මාසා ඉල් මසේ උගුලයි අල බත | ලා | |
11 | තොසන් වඩන අඟනෝ ලොව සිරි | යේ |
අසන් මෙමා කී කවිපද සරි | යේ | |
වසන් නොකර පවසන් ඇති සැටි | යේ | |
අසන් න කලගෙඩි පිඹිනා සැටි | යේ | |
12 | වත්කම් නිලතල ද නම්බුව ඇති පරි | දී |
රැස්කර තබති සමහරු කරමින් වැර | දී | |
විස්කම් පාති අඟනුන් හොඳ කාලේ | දී | |
ලොක්කන් හටත් බොහො සුට්ටන් ගෙන් වර | දී | |
13 | හඳ පානේ නරකද මීගමු යන් | ට |
එම පානේ නරකද වෙළඳම් ගන් | ට | |
බැරි රාලේ කරවල ගඳ උසුලන් | ට | |
මතු වාරේ නොපතන් මීගමු යන් | ට | |
14 | සස්සඳ සසඳ දිය මතු පිට තිබෙයි කො | ළ |
සස්සඳ සසඳ දිය පල්ලේ තිබෙයි අ | ල | |
වැස්සට පිනි බබා මෝරන කැකුළු ම | ල | |
මස්ටක යන්ට මුතු කුඩයකි නෙළුම් ම | ල | |
15 | මලේ මලේ අර නාමල නෙලා වරෙ | න් |
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙ | න් | |
කැලණිගෙඟ් ඔරු යාදෝ බලා වරෙ | න් | |
සාදු කාර දී ඔරුවක නැගී වරෙ | න් | |
කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.
විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා
ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා ව
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ගැමි කවි
Yoshani Monday, 18 September 2023 06:06 PM
අප ගැමිකවි අපි පුරාණ කාලයේ සිට පැවත එන දේවල් වේ...!