IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ගැමුණු මහරජ වූ මලින්ද පෙරේරා

2016-11-06-ent-65

සිංහල ජාතියේ අසහාය විරුවා වූ දුටු ගැමුණු මහ රජුගේ චරිතය ඇසුරු කරගෙන කලින් කලට විවිධ නිර්මාණ එළි දැක්වෙනවා.

2016-11-06-ent-62ඉතා මෑතකදී කළ මහරජ ගැමුණු චිත‍්‍රපටයට ලැබුණු පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරවලින්ම ඔප්පු වුණා දුටු ගැමුණු චරිතයට තවමත් බොහෝ දෙනෙක් ඇල්මක් දක්වන බව.

එම වෘතාන්තයම පාදකකොට ගත් අපූරු ටෙලි සිත්තමක් සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත‍්‍රී 7.30ට හිරු ඔඪ ඔස්සේ පසුගිය දිනවල විකාශනය ආරම්භ වුණා.

වංශ කතාත්, ජනප‍්‍රවාදත් ඇසුරින් සැකසුණු මේ සොඳුරු ටෙලි සිත්තම ගැමුණු මහරජ කතාවේ ප‍්‍රධාන චරිතය වන දුටු ගැමුණු කුමාරයාගේ චරිතයට පණ පොවන්නේ රංගන ශිල්පී මලින්ද පෙරේරා. මේ කතාවේ වගතුග දැනගන්නත් එක්කම මෙවර සඳැල්ලෙන් ඒ සොඳුරු කලාකරුවාණන් වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා.

 

මලින්ද කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

මේ දවස් වල විශේෂ වැඩක් කියලා මොනවත් කරන්නේ නෑ. ගැමුණු මහරජ නාට්‍යයේ රූගත කිරීම් පසුගිය දවස්වල සිදු කෙරුණා. ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඉතින් මේ දවස්වල ටිකක් විවේකයෙන් ඉන්නවා.

 

ගැමුණු මහරජ කතාවට කොහොමද සම්බන්ධ වෙන්නේ?

මම ඇත්කඳ ලිහිණියා ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා එය අවසන් කරලා ඉද්දි බෞද්ධයා නාලිකාවට සම්බන්ධ වෙනවා. එතනින් පසුව ටික කලකදී මගේ ඥාතී සරත් කුමාර පෙරේරා ඇත්කඳ ලිහිණියා ටෙලි නාට්‍ය මම හොඳින් රඟපෑවා කියලා මාව අගය කළා. ඔහු තමයි මේ කතා සංකල්පය මගේ ඔළුවට දැම්මෙ. ඉන් පසුව තමයි මට හිතුණෙ මේ නිර්මාණය ඉදිරිපත් කළොත් පේ‍්‍රක්ෂකයන්ට හොඳ දෙයක් වෙයි කියලා. මොකද රසවින්දනයත් එක්කම මිනිසුන්ව ඥානනය කරන්න පුළුවන් මේ වගේ කතාවකින්.

 

ගැමුණු මහ රජ කතාවම තෝරා ගන්න හේතුව?

2016-11-06-ent-66මේ කතා මහා වංශයේ පොත්වල තියෙන්නේ. ඉතින් මේ දේවල් නිර්මාණාත්මකව ඉදිරිපත් කළොත් මිනිසුන්ට දැනෙන ප‍්‍රමාණය වැඩියි. මොකද අද ගොඩක් ළමයින්ගේ මනසට ගිහින් තියෙන්නේ ස්පයිඩර් මෑන්, සුපර් මෑන් වගේ කාඞ්බෝඞ් වීරයන් පිළිබඳව. අපේ රටේ ජීවත් වුණු වීරයන් ගැන අද ළමා මනස්වල නෑ. ඒ නිසා මම ඉතින් කල්පනා කළා අපේ ලක් දෙරණෙ බැබළෙන වීරයෙක් ගැන කතා කරන්න.

මේ වීරයගෙ සම්පූර්ණ කතා විස්තරය ඒ කියන්නෙ සැඟවුණු විස්තරය මාලිගාවෙන් පැනලා ඇවිල්ලා කොත්මලේ සැඟවිලා ඒ ගත කරපු රහස් ජීවිතය පිළිබඳ සම්පූර්ණ ජීවිත කතාව නිර්මාණයක් විදිහට ඉදිරිපත් කළොත් හොඳයි කියලා හිතුණා.

 

එතකොට පිටපත නිර්මාණය වුණේ කොහොමද?

මම පිටපත ලියන්න භාර දුන්නේ පියල් වීරසිංහට. ඔහු එය අවසන් කළාට පසුව ඒ සඳහා නිෂ්පාදකවරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් හොයා ගන්නට අවශ්‍ය වුණා. ඉතින් ඒ සඳහා අධ්‍යක්ෂණයෙන් චරිත් අබේසිංහත් නිෂ්පාදනයෙන් දමිත් ලොකු බංඩාරත් සහාය වුණා. ඒ හැම දෙනා ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. ඒ වගේම මේ සඳහා සම්බන්ධ වුණු කැප කිරීම් කළ සියලූම කාර්මික ශිල්පීන්ට සහ රංගන ශිල්පීන්ට ස්තූතිවන්ත වෙනවා.

 

මේ වෙද්දි ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

ඇත්තටම ඉතා හොඳ ප‍්‍රතිචාර මේ වෙද්දි ලැබෙනවා. තවම විකාශය ආරම්භ කරලා දවස් කීපයයි ගත වුණේ. ඉදිරියේදී හොඳ වෙයි ප‍්‍රතිචාර. විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ ්ඊක්‍ මාධ්‍ය ජාලයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයම. හිරු නාලිකාවේ මේ කතාව ප‍්‍රදර්ශනය කිරීමට ඉදිරිපත් වීම ගැන ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

ඒ ආයතනයෙන් හොඳ ප‍්‍රචාරණයක් මේ සඳහා ලබා දුන්නා. ඇත්තටම හොඳ කතිකාවක් මේ වනවිටත් ඇති වෙලා තියෙනවා. හොඳ ඇගයීම් තියෙනවා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.

 

ඔබ ඉතිහාස චරිත රංගනවලට දායක වෙන්න ගොඩක් කැමතිද? එහි විශේෂත්වයක් තියෙනවාද?

ඇත්තටම ඔව්. මම මුලින්ම රංගනයෙන් දායක වුණෙත් ඉතිහාසගත කතාවකට. ඒ චක‍්‍රායුධය. ඉන් පසුව මහතලා හටන, හතර දෙනෙක් සෙන්පතියෝ, ඇත්කඳ ලිහිණියා වැනි ඓතිහාසික කතා රැුසකට රංගනයෙන් දායක වෙන්න ලැබුණා. එය භාග්‍යයක් ලෙස සලකනවා.

 

එය අනික් චරිතවලට වඩා පහසු ද?

ලේසියි කියලා හිතන්න අමාරුයි. මොකද වර්තමානයේ ජීවත් වන චරිතයක් පිළිබඳව අපි දකිනවා සහ අහනවා. දැකලා හුරු පුරුදුයි. නමුත් අතීතයේ වසර ගණනාවකට පෙර ජීවත් වුණු චරිතයක් අපි දැකලා නෑ. එතකොට එය නූතනයට වඩා වෙනස් විය යුතුයි. ඒ නිසා ඇත්තටම අභියෝගයක් තියෙනවා. ඉතිහාසය පිළිබඳව හදාරලා හොඳින් අධ්‍යනය කරලා තමයි චරිතයට ප‍්‍රවේශ වෙන්න අවශ්‍ය වෙන්නේ.

 

ගැමුණු මහරජ චරිතය කරද්දී මොනවගේ හැඟීමක් ද ඇති වුණේ?

ගැමුණු මහරජ වගේ චරිතයක් කරද්දි ඒ චරිතයට මොනයම් ආකාරයකටවත් හානිදායක වන අයුරින් අපිට රංගනය ඉදිරිපත් කරන්න බෑ. මේ රට එක්සේසත් කර බෞද්ධ පුනර්ජීවනය වෙනුවෙන් කටයුතු කරපු එතුමන් වෙනුවෙන් බෞද්ධයන් වශයෙන් අපිට ලොකු ගෞරවයක් තියෙනවා. ඒ නිසා මට ලොකු වගකීමක් තියෙනවා මේ අනර්ඝ චරිතෙට හොඳ සාධාරණයක් කරන්න. ඉතින් මම විශ්වාස කරනවා මම බෞද්ධයා නාලිකාවෙ අවුරුදු 4 1/2 කාලයක් වගේ සේවය කළා. ඉන් ලැබුණු අධ්‍යාත්මික පසුබිමත් මේ චරිතය කරන්න ඉවහල් වුණා කියලා. මොකද හොඳ මානසික සංවරයක්, මානසික හික්මීමක් මේ චරිතය කිරීම සඳහා අත්‍යවශ්‍යයි. ඇත්තටම ඒ වගේ චරිතයක් කරන්න ලැබීම ගැනත් ගෞරවයක් සහ අභිමානයක් හිතට දැනෙනවා.

 

ඒ වගේ ඉතිහාසගත චරිතයක් ඔබටම කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ඒක ලොකු පිනක් විදියටයි මම දකින්නේ. මෙවැනි චරිතයක් රඟපානවා කියන දේ පහසු කටයුත්තක් නෙමෙයි. මම විශ්වාස කරන්නේ මම ලෝකෝත්තර වශයෙන් යම් මානසික සංවරයක් ඇති කර ගෙන තියෙනව නම් එය මට මේ චරිතය ලැබීම සඳහා බෙහෙවින්ම ඉවහල් වුණා කියන දේ.

 

ඔබ මීට පෙර රඟපෑ ඇත්කඳ ලිහිණියා ටෙලි නාට්‍යයට අවසානය තෙක් හොඳ ප‍්‍රතිචාර ලැබුණනෙ. ඒ වගේම මේ නාට්‍යයත් අවසන් වන තුරුම පේ‍්‍රක්ෂකයො හොඳින් වැළඳගනියි කියලා හිතනව ද?

ඇත්කඳ ලිහිණියා නාට්‍යය නිර්මාණය කිරීමේදීත් මගේ දායකත්වය කතා සංකල්පයේ පටන් නාට්‍ය නිර්මාණය දක්වාම ලබා දුන්නා. ඒ වෙනුවෙන් සම්මාන රාශියක්ම ලැබුණා. ඒ වගේම විද්වතුන්ගේ ඇගයීමට පවා ලක්වුණා. නැගී එන නළුවාට හිමි සම්මානයටත් පාත‍්‍ර වුණා. ඉතින් එලෙසින්ම හොඳ ප‍්‍රතිචාර මේ නාට්‍යයටත් ලැබෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා.

පේ‍්‍රක්ෂකයො අතර දැඩි කතා බහට ලක්වෙන නාට්‍යයක් වෙයි කියන දේ ගැන විශ්වාසයි වගේම හොඳ ඇගයීමක් ලැබෙයි කියලා හිතෙනවා. මොකද මේ අපේ රටේ බිහිවුණු අපේ පොළොවෙ ඉපදුණු වීරයෙකුගෙ කතාවක් නිසා.

 

ධනු විජේරත්න

 

2016-11-06-ent-75
2016-11-06-ent-74
2016-11-06-ent-73
2016-11-06-ent-72
2016-11-06-ent-71
2016-11-06-ent-70
2016-11-06-ent-69
2016-11-06-ent-68
2016-11-06-ent-67
2016-11-06-ent-64
2016-11-06-ent-63

 



අදහස් (0)

ගැමුණු මහරජ වූ මලින්ද පෙරේරා

සාලින්ද හේරත් Thursday, 05 January 2017 05:27 AM

මෙය සාර්ථක උත්සාහයකි. නළුවරනය ප්‍රසංශනීයයි. තෝරාගෙන ඇති පසුබිම ඉතා උචිතය. විශේෂයෙන්ම මලින්ද ගැමුණු චරිතය හොදින් රඟපා ඇත (බ)

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 129 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 369 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 245 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 237 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 166 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 569 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site