පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ආණ්ඩුවෙන් ඉවත් වී ආණ්ඩුව විවේචනය කරන්නේ නම් ඒ හිමියන් සමඟ එක්ව ගමනක් යෑමට තම පක්ෂයට හැකි යැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා අද මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.
‘මම 2017 මේ රට හැර යන බව ඇතැමුන් කියනවා. මම රට හැර යන්නේ නෑ. කවදා හරි මම මැරෙන්නෙත් මේ රටේ තමයි. මම අවුරුදු 10කටයි දේශපාලනය කරන්නේ. එහෙම වුණත් මේ රට හැර යන්නේ නෑ.
මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් අන්තිම දහඩිය බිඳුව, ලේ බිඳුව දක්වා කැපවීමෙන් වැඩ කරනවා කියන එක මා පොරොන්දු වෙනවා.
රතන හිමියන්ගේ වැඩසටහනට අපෙත් නියෝජිතයෙක් සහභාගී වුණා. අපේ ප්‍රතිපත්තියි රතන හිමියන් ගෙන ආ යෝජනයි අතර බොහෝ සමානකම් තියෙනවා. ආණ්ඩුවේ ඇතුළේ ඉඳගෙන මොනවා කිව්වත් වැඩැක් නෑ. රතන හිමියන් ආණ්ඩුවෙන් එළියට ඇවිත් රජය විවේචනය කරනවා නම් අපට ඒ හිමියන් සමඟ එක් වී යම් ගමනක් යන්න පුළුවන්.
18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනකොට මමත් පාර්ලිමේන්තුවේ හිටියා. මං දැක්කා ඊට පක්ෂව මැති ඇමැතිවරු අත් උස්සපු ආකාරය. අර කතාවට කියන්නේ ඔළුව සාක්කුවේ දාගෙන, බෙල්ල කඩාගෙන ඉන්නවා කියලා. ඒ වගේ තමයි අත ඉස්සුවේ. අත උස්සලා ඒ අතින්ම ඒගොල්ලන්ගේ හිස ගසා ගත්තා. දෙවැනි පෙළ නායකයන්, තුන් වැනි පෙළ නායකයන් ඔක්කොම විනාශ වෙන පනතක් තමයි ගෙනාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද තියෙන්නේ හමුදාවේ හිටපු සරත් පොන්සේකා මහත්තයාගේ නෙමෙයි.ඒ සාමුහික යුධ ජයග්‍රහණයේ ගෞරවය ජනතාවිමුක්ති පෙරමුණේ ලනු ගිලල තනි බුක්තියට සින්නක්කරව හොර ඔප්පු හදල එක දේශපාලන භුමියේ විකුනන්න හදපු , යුද්දේ නතරකරන්න බලපෑම් කල ,දත කෑව රණවිරුවන්ට අපහාස කල, දන්ගෙඩියට දක්කන්නඋත්සහකල දෙස් විදෙස් එන් ජි ඔ නඩත් එක්ක හිට ගත්තු සරත් පොන්සේකාගේ....අපි විවේචනය කරන්නේ ඒ සරත් පොන්සේකව..(අ)
පොන්සේකා මතිදුනි ........ ඔබව රටට අවශ්‍යයි. අපේ ආරක්ෂක ලේකම් ලෙස මම දකිමි. බන්දුල පලිගැනීම ගැන අපිට කියන්න එන්න එපා... කවුද පලිගත්තේ කියල අපි දන්නවා. (අ)
කොටි ප්‍රකෝටි ගණනින් වියදම් කරලා "අධි සුඛෝපබෝගී මන්දිර" හදපු අයත් එක්ක එකතු වෙන්න යන්න එපා.ඔවුන් කරන්නේ රග පෑමක් පමණයි.(අ)
විපක්ෂය එකමුතු වෙනකොට ,දැන් නම් කට්ටියට "සොහොන් ලකුණු" පේන්න පටන් අරන්. බන්දුල පෙරේරා දැන්මම මුහුණ සම්පුර්ණයෙන්ම ආවරණය කරපු හිස් වැසුමක් හොයා ගන්න.එක කෝකටත් හොදයි.(අ)
ලංකාවේ ජීවත්වෙන මිනිසුන්ට මොනතරම් ප්‍රශ්න තිබෙනවද, මොනතරම් පීඩනයකින්ද ජීවත්වෙන්නේ කියලා හිතෙනවා.බලන්න තරුණ ජීවිත දිහා. (නි)
දැන් යන එනමන් නැතිවනේ ඉන්නේ....ඒ නිසා මොකක හරි එල්ලෙන්නයි බලන්නේ.(අ)
ජෙනේරල් සරත් ෆොන්සේකා කියන්ද්දී බන්දුල පෙරේරා ට භූමිතෙල් ගෑවුන ගැරඩිය වගේ දගලනවා .ජෙනේරල්ගේ හෙවනැල්ලටත් බයයි.පුදුම බියක්නේ තියෙන්නේ.(අ)
බන්දුල පෙරේරා දැන් නම් රණවිරුවන්ට නියම ගෞරවය ලැබිල තිබෙනවා බත් පැකට් විකුණනවා.කුණු කානු සුද්ද කරව ගන්නවා,එළවලු කිරනවා ,පස් කදු කපනවා..........ඔය ලැබිල තියෙන්නේ හොද ගෞරවයක්.අනේ මගේ කට....(අ)
නිහාල්.තවමත් කොටි හොමන් කරන නිසා විධායක ජනාධිපති කම තියෙන්නම ඕනේ කියන අයගේ කතා අහල එපා වුනේ නැද්ද තවම. (අ)
කොටි ත්‍රස්තවාදීන්ගෙන් රටම නිදහස් කර ගත්ත වගේ අද අපි වැටිලා තිබෙන අවාසනාවන්තඋවදුරෙන් බේරා ගන්න ඔබ තුමාට පින් සිද්ද වෙනවා. (අ)
ගරුතර රතන හාමුදුරුවන් බුද්ධිමතුන් සහ විද්වතුන් ඒකරාශී කරගෙන නිම කල සංවාදාත්මක ලියවිල්ල 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මග පෙන්වීමක් ලෙසින් හැදින්වේ. එයට මුක්කු ගහන්න හදන ෆොන්සේකා මහතා රතන හාමුදුරුවන්ට කරන ආරාධනය ගැන අපට නම් දෙකොනින් සිනාය. කවුරු කොහොම සිතුවත් ෆොන්සේකා මහතා සමග දේශපාලන ගමනක යන්නට දැන් නම් කිසිවෙක් සුදානම් නැති බව පැහැදිළිය. හොඳම දේ දේශපාලනයේ දස අවුරුදු කාලය නිමාවී යයි සිතා දැන්ම අයින්විම යයි මට සිතේ. (අ)
එතුමාට රට බේරා ගැනීමට අනිත් කාටත් වඩා අයිතියක් තියෙනවා. තුන් වරක් තම ජීවිතය පුදන්ට ගිය අභීත සෙන්පතියා. විනය ගරුක, නීතිගරුක, නායකයෙක් ලංකාවට අවශ්‍යයි.(අ)
අපි දේශප්‍රේමීන්ගේ කතා අහල කන්න නැතිව බඩගින්නෙම දරුවන් සමග නිදාගෙන එළිවෙනකොට තවත් දේශප්‍රේමි ඇමතියෙක් හෝ උප ඇමතියෙක් සම්ප්‍රාප්ත කරගෙන....දැන් නම් රට හදන්න/ගොඩ ගන්න ජෙනරල් සරත් ෆොන්සේකාගේ සහය නැතිවම බැහැ.(අ)
කියන දේ කරන කරන,කරන දේ කියන එකම නායකයා ජෙනරල් සරත් ෆොන්සේකා පමණයි.(අ)
ඔබ හමුදා නිලධාරියෙක් හැටියට ඔබගේ කාර්යභාරය හොඳින් ඉටුකළා. ඔබට තුති! නමුත් දේශපාලකයෙක් හැටියට ඔබගේ අත්දැකීම් හෝ සුදුසුකම් ඔප්පු වී නැහැ නේද? (නි)
අපොයි! බන්දුලලා පළිගැනීම ගැන දන්නෙම නැහැ වගේ. (නි)
අනේ බන්දුල, නිකන් මෝඩ කතා කියන්න එපා මෙතන (නි)
කරුණාකර කලක සිට මෙතන ලියන අයගේ නම් වලින් ප්‍රතිචාර ලියන්න එපා. විශේෂයෙන්ම දේශපාලන අදහස්. (නි)
යුද හමුදාව විතරක් නෙමෙයි රට බේරාගන්න සටන් කළේ. ඇයි නාවික හමුදාව, ගුවන් හමුදාව සිවිල් ආරක්ෂක බලකාය, විශේෂ කාර්ය බලකාය, පොලිසිය.... එමනිසා මේ ගෞරවය ඒ හැමෝටම යන්න ඕනෑ. විශේෂයෙන්ම ජනාධිපතිතුමා ජාත්‍යන්තර බලපෑම් නොසළකා මේ යුද්ධය මෙහෙයවූවා. (නි)
මම මේ තීරයට අවුරුදු 3ක සිටයි ජයනි නමින් ලියන්නේ. කිසිම දේශපාලන පුවතකට මම ලියන්නේ නැහැ. කරුණාකර ඔය අනිත් ජයනි දේශපාලන ආවැඩීම වෙනත් නමකින් කරගන්න කියලා කාරුණිකව ඉල්ලනවා. (නි)
ජෙනරාල් ෆොන්සේකා මැතිතුමනි, ඔබතුමාගේ සේවය තවදුරටත් මේ රටට අවශ්‍යයි. මොකද කොටි ත්‍රස්තවාදයෙන් ඔබතුමා මේ රට බේරගත් ලෙසම මේ රට දේශපාලන ත්‍රස්තවාදින්ගෙන්ද බේරාගත යුතු නිසා. ඔබතුමාට දීර්ඝායුෂ පතමි. (නි)
මේ ගැන මට නම් දැන්ම කිසිම දෙයක් කියන්න බැහැ (නි)
බන්දුල මහත්තයෝ, හමුදාවේ නායකයෙක් වුණාම ඔයා කියන විදියට සිල් සමාදන් වූ කෙනෙක් වගේ ඉන්න පුලුවන්ද? නිකන් මෝඩ කතා කියන්නේ නැතුව ඉන්නවද? ඒකෙන්ම තේරෙනවා ඔයා හමුදාවේ හිටියා කියලා. (නි)
මහිපාල මහත්තයෝ..මගේ අදහස අරුතක් නැති විදියට කප්පාදු වෙලා...නැගෙනහිර මුදා ගන්න කොට මෙතුමා හිටියේ රෝහලේ..මෙයා රෝහලෙන් ආපු ගමන් මොකද කලේ., ඒ සටන් මෙහයවපු නායකයින්ට සිදුවුණු දේ හමුදාව් කෙනෙකුගෙන් අහල බලන්න.දෙවන පෙළ තෙවන පෙළ නායකයින් ගැන කතා කරන මනුස්සය තමන්ට බලේ තිබුණු හමුදාවේ දෙවන පෙළ තෙවන පෙලට මොකද කලේ කියල අහගන්න.. තමන්ට තර්ජනයක් වන තමන්ට වඩා ඉහලින් යාවි කියල හිතුන හැම දෙනාම මෙයා බෙල්ල මුලින් කපල දැම්ම..මෙයා දේශපාලනේ කරන්න හදන්නෙත් ඒවිදියටම තමයි.. අහන්නකෝ එයාගේ පක්ෂේ දෙවන පෙළ තෙවන පෙළ නායකයෝ දැන් කොහෙද කියල. (ස)
මට නම් හිතාගන්න පුලුවන් ඉදිරියට වෙන දේ ගැන (නි)
ආලවක, ඕක තේරුමක් නැති තර්කයක්. මොකද එහෙම බලනවනම් කවුද මහින්ද රාජපක්ෂ මහතා නියම තැන තැබුවේ. කවුද එතුමා පත්කළේ. එතුමාව 2005දි ජනාධිපති අපේක්ෂක එවකට සිටි කෙළේ ජනාධිපති තුමිය සහ පක්ෂ සාමාජිකයෝ. යුද්ධයේ ජයග්‍රහණය ඒ අයගේ කියල කියවෙන්නේ නෑ නේද? එතුමාටත් ඔය තනතුර ලැබුණේ නැත්නම් කොහොමද යුද්ධ කරන්නේ. තව එකක් 2005 බලයට එනකොට කවුරුවත් කීවේ නේ යුද්ධයකින් කොටි පරද්දනවා කියල. එහෙම එකක් මහින්ද චින්තනයේත් නෑ. නැත්නම් 2005න් පස්සේ පත්වෙච්ච ආණ්ඩුව සාම සකච්ඡා වලට ගියේ ඇයි? ජේවීපිය සහ හෙළඋරුමය තමා මතයක් ගොඩනැගුවේ කොටි ය යුදමය වශයෙන් පරාජය කරන්න ඕන කියලා. ජෙනරාල් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාව ඔප්පු කරලා පෙන්නුවා එහෙම කරන්න පුළුවන් කියලා. ඕක තමයි ඇත්ත කතාව. දැන් කවුරුත් එහෙම කතා කරන්නේ නෑ.(හේ)
ටිකිරිබණ්ඩා ලොකු හීනයක ඉන්නේ.ඔය ආකාරයටම හීන දකිමින් ඉන්න.මහීපාල මහත්තයෝ ජනාදිපතිතුමා පිහිය දුන්නේ කේක් කපන්න මිස එතුමාගේ බෙල්ල කපව ගන්න නොවේ. (ස)
සමහරුන් අදහස් දන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උතුරා ගලායනවා වගේ. නිතිය අධිකරණය සහ පාර්ලිමේන්තුවෙන් නියම ප්‍රජාතන්ත්‍රවාදය නිරුපනය වෙන හැටි දැන් පේනවනේ. අනිත් එක කොටි නායකයන් ආණ්ඩුවේ තියාගෙන ජනරාල් හිරේ යැවුවේ පලිගන්න නොවෙන්න ඇති. ජනරාල්ගේ අදහස නිවැරදියි. මොකද ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරුද්ධනම් ආණ්ඩුවෙන් එළියට ඇවිත් විරෝධය දැක්විය යුතුයි. ආණ්ඩුවේ සිටිමින් එයින්ම යැපෙන ගමන් ආණ්ඩුව විරුද්ධ වීමෙන් කාවද රවට්ටන්න හදන්නේ? (හේ)
එදා යුද්දේ ඉවර වෙලා කේක් එක කපන්න ෆොන්සේකා මහත්තයාට දුන්නේ.(හේ)
බන්දුල පෙරේරා මහත්තයෝ මම දන්නෙත් නෑ කොහෙද හිටියේ කියල ඕයා දන්නෙත් නෑ. නමුත් මුළු රටම දන්නවා රටම මුදා ගත්තට පස්සේ අපේ ජනාදිපති තුමා කීව ලෝකේ ඉන්න දක්ෂම හමුදාපති අපේ රටේ කියලා. ඒකයි කේක් ගෙඩිය කපන්න දුන්නේ. නිදාගෙනද හිටියේ එතකොට. (නදී)
මට මතක විදිහට බන්දුල පෙරේරා කියල කෙනෙක් හිටියා ගැලවීමේ හමුදාවේ. එයාද එතකොට මේ. (නදී)
මහිපාල මහත්තයෝ, හරි. මම හමුදාවක හිටියේ නැහැ කියලා හිතමුකෝ. නැගෙනහිර මුදාගන්නකොට මෙතුමා හිටියේ කොහේද කියන්න බලන්න එහෙනම්. (නි)
මෙහි අදහස් පලකරනන් නම් ගම පිළිබඳව සැළකිළිමත්වෙලා අදහස් පලකිරීම නෙමෙයි වැදගත් වෙන්නේ. පලකරන අදහස බුද්දීමත්ව ඉදිරිපත් කිරීමයි. එක නම තියන අය සිටීමත් ඒ අය අදහස් වෙනස්ව භාවිතා කිරීමත් ප්‍රස්නයක් කරගැනීම වැරදි. මෙහි අදහස පලකිරීමේදී අනන්යත්වය තහවුරු කරගැනීමක් නොවෙයි සිදුවෙන්නේ. (අ)
සත්‍යය දකින්න බැරි අය ඉතිහාසයේ කුණු ගොඩට වැටෙනවා. (නි)
අපේ හාමුදුරුවනේ, ප්‍රවේශමෙන් කටයුතු කරන්න (නි)
අපේ රටේ සමහර මිනිස්සු මැරිලා ඉපදිලා වගේ කතා කරන්නේ. සරත් පොන්සේකා නියම ස්ථානයේ ස්ථානගත කලේ කව්ද කියල කවුරුත් කියන්නේ නෑ.චන්ද්‍රිකා හරි රනිල් හරි රට කරා නම් සරත් පොන්සේකා නිකම්ම සරත් පොන්සේකා. ස්ථිරවම යුද්ධ කරලා කොටි පරද්දන්න මහින්ද රාජපක්ෂ තීරණය නොකළ නම් මේ වෙනකොට සරත් පොන්සේකාට මේ වික්‍රමය කරන්න ලැබෙන්නේ නැහැ නේද. මොකද මිනිස්සුන්ට ඇත්ත ඇති සැටියට දකින්න බැරි. (ස)
ජයනි... මට ඔයා ගැන කනගාටුයි. මම ලියන්නේ මගේ නමින්මයි .ඇයි මම කාගෙවත් නමින් ලියන්නේ .දැන් මගේ නම වෙනස් කරගන්න කියලද ඔයා කියන්නේ.දේශපාලනය කරන්නේ නැහැ. මම මගේ අදහසක් ඉදිරිපත් කළා විතරයි.අපේ නිදහස් අදහස් ලියන්න එක සමාන නම් දෙකක් තියන අයට..බැරිද?ඔයාගේ හිතේ තියන වරද නිවැරදි කර ගන්න. (ස)
අහෝ බන්දුල! මොනවාද මේ කියන්නේ? (නි)
අනේ තවත් ආචාර්ය සිල්වා කෙනෙක් වෙන්නනම් එපා. මහත්තයෝ. (ස)
අනේ බන්දුල ඔයා එහෙනම් කොහොමද ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන්නේ........ ඔබ හමුදාවේය කියල නම් මම හිතන්නෑ...... ඔය කඩේ යාම නතර කරලා පොඩ්ඩක් සාධාරනව හිතන්න. (ස)
දේශපාලක ෆොන්සේකාට වඩා හමුදාපති ෆොන්සේකාට මම දිවි තිබෙනතුරා ගරු කරනවා. (ස)
විනය ගරුක, නීතිගරුක නොවන අය බිය විය යුතු තමයි.(දිල්)
ටිකිරිබණ්ඩා මහත්තයෝ .. අපි බය තමයි.. හමුදාවල හිටපු අපි දන්නවා යකා කොච්චර කළුද කියල..ඔබ තුමාල ඔය සුදුපාට ඇදුමට යටින් ඉන්න සරත් පොන්සේකව අදුනන්නේ නැහැ..අදුනනවානම් එතුමාගෙන් මේ රටට ප්‍රජතන්ත්‍රවාදයක් හීනෙකින්වත් පතන්නේ නැහැ. ..(අ)
මොනවා කළත් කරන දෙයක් ප්‍රවේශමෙන්! (නි)
ඔබේ ගමනට අපෙන් සුබ පැතුම්! (නි)
නිහාල්, ඔයාට ලියන්න දෙයක් නැත්නම් නිකන් ඉන්න (නි)
ඔබ ලැබූ ගෞරවය තියාගෙන ඉන්න. නැවතත් පිස්සු වැඩනම් කරන්න එපා (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
රට බේරාගන්න අපි සැවොම එකතු වෙමු! (නි)
බලාගෙන රොෂාන් ප්‍රනාන්දු මහත්මයා, ඔය ජෙනරල් ෆොන්සේකා මහත්මයාගේ නම ඇහෙනකොට සමහරුන්ට බයටම උණ ගන්නවා. ඊටපස්සේ උමතුවෙන් වගේ ප්‍රතිචාර දමන්නත් පටන්ගන්නවා. (නි)
නිහාල්, ඇත්ත කතා කියනකොට අහගෙන ඉන්න සමහරුන්ට අමාරු ඇති. තමන්ගේ වාසිය ගැන නොහිතා ජනතාවට හොඳක් කරන්න හිතපු එකද එතුමා කළ වැරැද්ද? (නි)
තමා කවුද ,මොනවද කරන්නේ , මොනවද කරන්න ඕනෑ කියලා හඳුනාගන්න බැරි වුණාම මේ වගේ සැහැල්ලුවෙන් කතාකරනවා. නොදන්නා දේ කරන්න යනවා. මොනතරම් ජනතා ආදරය දිනාගත් දක්ෂ නිලධාරියෙක්ද ඔබ? අවංකවම මට හරි කණගාටුයි.මේක ද්වේශයෙන් කියන දෙයක් නොවෙයි. (නි)
රටට යහපතක් වෙනවා නම් අපිත් කැමතියි (නි)
බලමු ඉදිරිය කොහොම වෙයිද කියලා (නි)
ඔබතුමා වරදක් නොකළ කෙනෙක් බව අපි පිළිගන්නවා (නි)
ඔබතුමා ගන්නා තීරණ හොඳින් කල්පනාකර බලා බුද්ධිමත්ව ගන්න (නි)
බන්දුල පෙරේරාට අමතක ඇති නේද අතීත කාලය? මොහුට පින්සිද්ධ වෙන්න බන්දුලලා අපි දැන් බයනැතුව පාරේ බැහැලා යනවා. දැන් එයාට කතාකරන්න තහනම්ද? බන්දුල මහත්තයෝ, ඔයාට අකමැති නම් එයාගේ කතා කියවන්න එපා (නි)
රතන හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ කතාව මම 100% අනුමත කරනවා.හරිම එඩිතර අවංක ඇත්ත කතාවක්. ඔබ වහන්සේට ජයම වේවා! (නි)
කවුරුන් පැමිණියත් අපේ දියුණුව සාදාගත යුත්තේ අපි විසින්මයි (නි)
මේ මනුස්සයාගේ ගොන් කතා අහල ඇතිවෙලා,මොනවා ලියන්ඩද (අ)
වයසට යනකොට කොන්ද කෙලින් නැ. එක කලවැද්දෙකුට වුණත් පොදුයි (අ)
ඇයි මේසැරේ පොදු අපේක්ෂකය ඔබ තුමා නොවෙයිද? (අ)
10ක් නෙමේ ඔය මගුල දැන්මම නවතාල දන්නා මහත්යෝ (අ)
කොන්ද කෙලින් තියන් කතාකරන එකම නායකයා ෙජනරල්l විතරයි.ඔබට සදාරණයක් ඉක්මනින් ඉටුවේවි.(අ)
ඔන්න රතන හාමදුරුවනේ යනවනම් මාර්ගය.. කෙලින්ම සත්තු වත්තේ තමයි..අඩුම ගානේ තමන්ගේ පක්ෂය තුළවත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැතුව රටට ප්‍රජාතන්ත්‍ර වාදේ ගේන්න පත් කරගන්න කියාපු මනුස්සය. (අ)
රටේ යහපත වෙනුවෙන් වැඩකරන්න සිතට ගන්න (නි)
කවුරු කොහොම කිවුවත් හාමුදුරුවනේ, රටක පරමාධිපත්‍යය ජනතාව නේද? රටක් දියුණු වෙන්න නම් ජනතාව තම කැමැත්තෙන් පක්ෂයක් රඳවා ගන්න හෝ පක්ෂයක් වෙනස්කළ යුතු බව මගේ අදහසයි. අපේ අතිගරු ජනාධිපතිතුමන්ට විධායක බලතල තිබුන නිසා නේද අපිට යුද්ධය දිනන්න පුළුවන් වුණේ? එතුමා විධායක බලතල තම රටේ පුරවැසියන්ට අහිතකර විදිහට පාවිච්චි කරලා නැහැ.පවත්නා රජය වෙනස් කළ හැක්කේ රටක ජනතාවටයි. ජෙනරාල්තුමනි, ඔබද අද රටේ පවතින සාමයේ කොටස්කරුවෙක්. ඔබට අපි ගරු කරනවා හැමදාම. (නි)
බන්දුල පෙරේරා වගේ අය කියන ඒවායේ ගණන් ගන්න දෙයක් නැහැ. ජෙනරාල්තුමනි, ඔබ ඔබගේ ගමන යන්න (නි)
ෆොන්සේකා මහතාණනි, වෙනත් අයගේ ගමන් කෙසේවෙතත් ඔබතුමාගේ ගමන ගැන ඉතා සැළකිලිමත් වියයුතුයි. වසර 30ක යුද්ධයක් අවසාන කිරීමට ඔබතුමාගෙන් ලැබුණු දායකත්වය අගය කරමි. නමුත්, ඔබතුමාගේ දේශපාලන ගමන ගැන නම් මගේ එතරම් පැහැදීමක් නැත. (නි)
නිමල් ලාලිත මහත්තයා මම දැක්ක විදියට මේ රටට, සිංහලකමට, බෞද්ධකමට ආදරය කරන පුද්ගලයෙක්. ඒ නිසා ඔබතුමාත් එක්ක වාද කරන්න මම කැමති නැහැ. ත්‍රස්තවාදය පැරදවීමේ සටනේ ඔහු කොටස්කාරයෙක්. ඒක සාමුහික සටනක්. ගෞරවයේ යම් කොටසක් ඔහුට හිමිවෙන්න ඕනෑ. ඒක නැහැ කියන්න තරම් කුහකකමක් අපේ හිත්වල නැහැ. (නි)
සැමට සුබ ගමන්! (නි)
අනේ මේ බන්දුල, පළිගැනීම ගැන නම් මෙතන අපිට බණ දෙසන්න එපා. ඒ හරිය මොකට කියනවද? (නි)
ජෙනරාල්තුමා අපිට කවදත් වීරයෙක්. (නි)
බන්දුල පෙරේරා, වෛරය, පළිගැනීම, ද්වේශය හිතේ තියාගෙන ඔබ මේ කියන්නේ ජෙනරාල්තුමාගේ ලක්ෂණ ගැන නම් නෙමෙයි වගේ. (නි)
මම කියන්නේ හැමදෙයක් ගැනම හොඳට හිතලා බලලා තීරණ ගන්න කියලයි (නි)
බන්දුල, නිකන් හතර පෝයට සිල් අරගෙන වගේ කතා කරන්න එපා. විවේචන පිළිගන්න පුළුවන් කාටද, බැරි කාටද කියලා මිනිස්සු හොඳට දන්නවා. (නි)
පිදුරු ගහේ එල්ලෙන්න වගෙයි හදන්නේ. (අ)
බන්දුල කියනදේත් ඇත්තක් නැත්තේම නැහැ. (නි)
අනේ බන්දුල, තමන්ගේ ඇහේ පරාල තියාගෙන අනුන්ගේ රොඩු දකින්න එපා (නි)
බන්දුල පෙරේරා මහත්තයෝ, මුලින්ම කියන්න ඕනෑ, ඔහු තමයි එදා වීරෝධාර රණවිරුවන් මෙහෙයවුයේ. ඒ ජනාධිපතිතුමාගේ සහ ආරක්ෂක ලේකම්තුමාගේ දේශපාලන නායකත්වයෙන්. යුද්ධය කරද්දී අනෙක් අය වර්ජන තර්ජන පටන්ගත්තා නම් වෙන්නේ කුමක්ද? අපිට අවශ්‍ය මේ ව්‍යවස්ථාව වෙනස් කිරීම පමණයි. (නි)
මහිපාල මහත්තයෝ, හමුදාවක් පාලනය කළ විදියට රටක් පාලනය කරන්න බැහැ. දේශපාලන භූමියේදී අපි කැමති වුණත් අකමැති වුණත් අනුන්ගේ මත ඉවසන්න වෙනවා. ඒ මත වලට ගරුකරන්න වෙනවා. විවේචන පිළිගන්න වෙනවා. මහන්තත්වය හිතේ තියාගෙන තමන් මුදුනා කියලා හිතාගෙන දේශපාලනය කරන්න බැහැ. වෛරය, පළිගැනීම, ද්වේශය හිතේ තියාගෙන කුහකකමින් කරන දේශපාලනය කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. (නි)
රතන හාමුදුරුවන්ගේ සටන හරි. මොකද මේ අවස්ථාවේ එළියට ඇවිල්ලා සටන් කරනවට වඩා ඇතුළේ සිට බලපෑම් කරමින් සටන් කිරීමෙන් රජය ප්‍රජාතන්ත්‍රවාදය කරා තල්ලු කළහැක. (නි)
අනේ බන්දුල, බලාගෙන. ඔයාගේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවේශම් කරගන්න (නි)
රතන හාමුදුරුවන්ට මේ කාර්යය කිරීමට ශක්තිය තිබෙන බව මට විශ්වාසයි (නි)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු! (නි)
ජෙනරාල්තුමනි, කරුණාකර ඔබ දේශපාලනයෙන් ඉවත්වන්න. ඔබට එය සුදුසු නොවන බව මගේ හැඟීමයි (නි)