පිවිතුරු හෙළ උරුමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද(16) ප්‍රකාශයක් ලබාදීම සඳහා කෙසෙල්වත්ත පොලිසියට පැමිණියේය.
තරුණයකු පැහැර ගැනීම සම්බන්ධයෙන් වූ සිද්ධියකට සැකපිට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියට ඇප ලබාදුන් ආකාරය ගම්මන්පිල විසින් විවේචනය කරනු ලැබුවැයි ද එයින් අධිකරණයට අපහාසයක් වී ඇතැයි ද කියමින් නීතිපති උපදෙස් මත ඔහු ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසියට කැඳවා තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ තිලක් ඩුබායි මෙතන නම් කැත කරන්න එපා...(බ)
එයාලා ඉතින් යනවා එනවා. අපි බලා ඉන්නවා (නි)
ඒකාබද්ධ විපක්ෂයට තව තවත් ජනතාව එකතු කර දෙනවාට මේ ආණ්ඩුවට ගොඩක් ස්තූතියි. (නි)
අපරාදේ! දැන් අර හනුමා පාලම කඩන වැඩෙත් ප්‍රමාද වෙනවා (නි)
රටේ. නිතිය ක්‍රියාත්මක කරලා. හොරු අල්ලනකොට මේ නිකන් ඉන්න අයටනේ අමාරුව තියෙන්නේ. (හේ)
මේක දැන් විහිළුවක් වෙලා. (ර)
මෙතන අධිකරණයට අපහාසයක් වුණ නිසානේ කැඳවලා තියෙන්නේ.ඔන්න ගම්මන්පිල මහත්තයට අවස්තාවක් තර්ක කරන්න. මොකද ඔහුත් නිතිය හදාරපු කෙනෙක්නෙ. (බ)
මේවගේ වැඩ වලින් සිද්ධ වෙන්නේ රජය බලාපොරොත්තු වෙන දේ නොවෙයි . මේවගේ දෙකයි පනහේ වැඩවලින් වෙන්නේ රජය කරන හොඳ වැඩ ගැන තියෙන ප්‍රසිද්ධියට යාම හා අනවශ්‍ය සාධනීය නොවන කරුණු ඉස්මතුවීම .මොකද මිනිසුන්ට මතක තියෙන්නේ අවසානයේ කුණු පමණක් වීම (බ)
ඇප ලබාදුන් ආකාරය පිළිබඳව අපටත් අවුලක් තියෙනවා කියලා කිව්වොත් හිරේ දාන්න ඉඩ ඉතියෙනවා නේද ?(හේ)
කට තියන පලියට කියවන වාචාලයින්ට මෙහෙම වෙනවා.(හේ)
ඉල්ලන් කනවා කියන්නේ ඕවට තමයි මහත්තයෝ.(හේ)
මේ වගේ සීනිබෝල වැඩ නිසා මේ මිනිස්සුන්ට අනවශ්‍ය අනුකම්පාවක් ලැබෙනවා. එ.ජා.පෙ අරමුණත් එ්කම තමයි. මොකද ශ්‍රී.ල.නි.ප දෙකට බෙදුනම වාසිය වෙන කාටද. (බ)
හිතේ තියෙන බිය නිසාමයි නීතිඥ ගම්මන්පිල උන්නැහේ කොතැන ගියත් දත් බෙහෙත්හි නාව දමන්නේ (බ)
ඊළඟට හිනාවුනාටත් නඩුවක් දායි (බ)
මේ වගේ ආණ්ඩුවක් මුළු ලෝකෙම නැතුව ඇති . රට අරාජික කරලා ඇමරිකාවට පාවාදෙන්න දඟලන උත්සාහය පැහැදිලිය (බ)
කැකිල්ලේ රජ්ජුරුවො නැවත ඉපදිලා නඩු අහනව වගෙයි. (බ)
අපි උසාවියක් අසලවත් සිනහවෙන්න බිය බවක් දැනෙනවා එ්ත් දේසපාලුවෝ බල්ටිගහනවා (බ)
රටේ ප්‍රශ්න අමතක කරන්න හදන මෙහෙම ආණ්ඩුවක් මුළු ලෝකෙම නැතිව ඇති, (බ)
වැරැද්ද කරපු හිරුනිකාටවත් මෙච්චර උසාවි එන්න වුනේ නැනේ (බ)
ගයාන් ඔයා කියන එකෙන් අවුලක් වෙන්න විදිහක් නැහැනේ. බැසිල්ලා,ගෝඨාල ඇමරිකා පුරවැසියෝනේ. (බ)
කවුරුත් මෙතන කමෙන්ට්ස් දාන පිරිස ගම්මන්පිල ගැන කතා කරනවා මිසක හිරුනිකා කරපු වරදවත් එයාට නීතිය ක්‍රියාත්මක වුන එක ගැනවත් කතා කරන්නේ නැහැ (බ)
ගයාන්, දැන් එතකොට ඇමරිකාවද මේක පිටුපස ඉන්නේ? ඔය මාර සොයා ගැනීමක් කරලා තියෙන්නේ. ඔය වගේ බුද්ධිමත්තු රටට වුවමනා කරන කාලයක් මේ. (බ)
ගම්මන්පිල කියන්නේ ඇල් වතුර බොන කෙනෙක්. මනොහර් ද සිල්වා ගේ පොත් උස්සගෙන උසාවියට ආවට උසාවියට ගරු කරන්න දන්නේ නැතී ජෝකර් කෙනෙක්. (බ)
මොහොමඩ්ගේ දේශපාලකයන් කවුද කියන්නකෝ බලන්න (බ)
ඇත්ත කිවුවහමත් උසාවියට අපහාස වෙනන්ව නම් බොරු කිවුවොත් මොකද වෙන්නේ. (බ)
මෙයත් දැන් මර්වින් සිල්වා වගේ වෙලා තියෙන්නේ (බ)
නිහතමානි දේශපාලකයන්ට වඩා දේශපාලුවන් උසාවියට සහ බන්ධනාගාරයට යන විට විශේෂ හිනාවක් තිබෙනවා. (බ)
ලංකාවේ කාර්ය බහුලම දේශපාලනඥයා (බ)