උදය ගම්මන්පිළගෙන් අද (13) පැය පහමාරක් ප්‍රශ්න කළ පොලිස් විශේෂ විමර්ශන ඒකකය ලබන බදාදාත් එහි පැමිණෙන ලෙස ඔහුට දැනුම් දුන්නේය.
ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් මගින් ඕස්ට්‍රේලියා සමාගමක කොටස් විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබදීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද (13) පෙරවරුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වාගේ පරීක්ෂණය යටතේ පවත්නා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණියේය.
ගම්මන්පිල 1997 අප්‍රේල් 18 වැනිදා ලබාදුන් ඇටර්නි බලපත්‍රය ව්‍යාජ බව පවසමින් ඕස්ට්‍රේලියා සමාගමේ කොටස් හිමි අයකු 2015 පැමිණිල්ලක් කර තිබිණි.
ගම්මන්පිලට පිරිත් කියා සෙත් පැතීමට මහා සංඝරත්නය ද එහි පැමිණ සිටි අතර ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් ද ඔහු සමග එහි ආහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්මන්පිල සහෝදරයා මම පෞද්ගලිකවම දන්නා කෙනෙක්. මම හිතන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න ඉතාමත්ම උගත් ඒ වගේම ඉතාමත්ම ගුණගරුක මහත්මයෙක්. රටට අපිරිමිතව ආදරය කරන කෙනෙක්. ඒ නිසා කවුරුහරි පැමිණිල්ලක් දාපු එකට මෙහෙම අදහස් දාන්න එපා. ඔහුට අවස්ථාවක් දෙන්න නිවැරදි බව ඔප්පු කරන්න. (නි)
මැස්සෙක් ගිය උඩ කිව්වලු! (බ)
දේශපාලන පලිගැනීමක් නොවෙන්නේ කෙසේද (හේ)
මේ අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.(හේ)
අනේ මන්දා (හේ)
රන් ටිකිරි සිනා ,,මුව මුව පලා ,,ලංවී අත් අල්ලාගෙන ,,ඇතුලට යනවා (අ)
පිරිත් නූල් බදින්නේ වැරදි කරන අය නෙවයි. පින් පව් සහ සත්‍යය අසත්‍යය ගැන විශ්වාස කරන අයයි. (ම)
කරුණු නිවැරදිව නොදැන පුද්ගලයෙකු සම්බන්ධයෙන් තීරණ ගැනීම වැරදියි. ඕනෑම කෙනෙකුට පැමිණිලි කරන්න පුළුවන් නමුත් ඇත්තටම තීරණයක් ගැනීමට එම කරුණු සියල්ල අවශ්‍යයි (බ)
අපේ රටේ දුප්පත් මිනිස්සු රැට තේ උගුරක් බීල හරි මොන තරම් සුව දායක නින්දක් ලබනවා ඇද්ද ?එත් මේ මිනිස්සුන්ව කි පාරක් රැට හීනෙන් බයවෙලා ඇහැරෙනවා ඇද්ද ?මොන දේ තිබුනත් මොකටද මිනිස්සුන්ට හිතට නිදහසක් සැනසීමක් නැත්නම් (අ)
පිවිතුරුකමේ බල මහිමයෙන්ම පිරිත් නුලටත් දෙවියන්ගේම (බුදුන් මේවා ට පිහිට වන්නේ නැත) පිහිටයි. (බ)
මේවට පිවිතුරු කියනවනම් පිවිතුරු ඒවට මොනවා කියන්නද මන්දා...හ්ම්ම් ! (බ)
අනේ මන්ද මේවට ප්‍රතිචාර දාන්නේ මොන විදිහේ මිනිස්සුද කියල? දැන් මේ මනුස්සය කරලා තියන එක වරදක් ඔප්පු වෙලා තියන කෙනෙක්ද? මහා දවල් මිනිස්සුන්ගේ දේපල විනාශ කරපු මිනිස්සු අපරාධකාරයෝ පාර්ලිමේන්තුවේ ඉන්නවා මෙයාලට පෙන්නෙ නැද්ද? රට වෙනුවෙන් බොරුවට හරි කතා කරන එකද මේ මනුස්සය කරපු වරද? (බ)
නිම්මි ඔබ හරි. (ර)
ඔබ තුමාට ජය වේවා.! (ර)
දැන් මේ වැඩ වලට සංඝයා වහන්සේලාත් හවුල් කරගෙන (බ)
ප්‍රශ්න කරනවා පමණයි. දඬුවම් ලැබූ කෙනෙක් ඇද්ද? (නි)
ප්‍රශ්නය බරපතළ නැතුව ඇති. මුහුණ බැලුවහම කියන්න පුලුවන් (නි)
කමක් නැහැ. දවස් ගණනක් හරි ප්‍රශ්න කරලා මේ වැඩේ ඉවරයක් කරන්න (නි)
පැය පහමාරක් ප්‍රශ්න කරලත් ප්‍රශ්න අවසන් නැද්ද? (නි)
එයාලා යනවා, එනවා. අපි බලාඉන්නවා (නි)
තව කොච්චර දවසක් යයිද දන්නෙ නැහැ ප්‍රශ්න හමාර කරගන්න? (නි)
ඔබ තුමා වැනි උගත් බුද්දිමත් අය අපේ පාර්ලිමේන්තුවේ ඉන්න එක අපිට ශක්තියක්. (ර)
කව්රුන් හෝ වේවා හොරුන්ට දැඩි දඬුවම් දෙන්නම ඕනෑ. (නි)
ඒත් ඉතින් ඇල් වතුරත් නිවලයි බොන්නේ. (නි)
ආ එහෙනම් ලබන බදාදාත් එන්නකෝ (නි)
රුපියල් කෝටි 70 ක් කියන්නේ කජු ඇටවත් කොස් ඇටවත් නෙමෙයිනේ. (නි)
දුල්මි, නිකම් නොදන්නා දේවල් වලට කතානොකර ඉන්න. (නි)
වරදක් කරලා නැත්තම් මොකට භය වෙනවද නේද? (බ)
සුදු රෙදි ඇන්දට විතරක් මදි . හිත පිරිසිදු වෙන්න ඕනේ . ඔබ කොයි වගේ කෙනෙක් ද කියල මුළු රටම දනී (බ)
අනේ මෙහෙමත් රටක් කියල තමයි කියන්න තියෙන්නේ. (බ)
ගොබෙල් ගේ න්‍යාය අනුගමනය කළාම ඉවරනේ. (බ)
ඡන්දෙට 100 ක් එකතු කෙරුවේ මිනිස්සුන්ට නොදැනෙන්න එක්කෙනෙක්ගෙන් 100 නේ අන්තිමේ ලොකු ගාණක් හම්බුනා මුණ දැක්කම සමහර මිනිස්සුන්න් ගැන කියන්න පුළුවන් හැමෝම නොවෙයි නමුත් මෙයා හැම තිස්සෙම යටින් බලල කතා කරන්නේ රට කපටියෙක් කියල තේරෙනවා (බ)
තරංග , සරත් ඔබලා හරියට හරි! උපාසක බළල්ලු තමයි මීයෝ දෙන්න දෙන්න අල්ලන්නේ! (බ)
මිට පස්සේ කෙසෙල් කන් හොරුනුත්, පොලිසිය ඉස්සරහට මහා සංඝ රත්නය ගෙනත් පිරිත් කියයිද දන්නේ නැහැ නේද....? (බ)
අනේ සුදෝ සුදු වතින් සැරසිලා කිරි කොක්කු වගේ මෙහෙම යනකොට සංඝරත්නයත් පිරිත් නුල් ගැට ගහලා මේ උතුමන්ට ආශීර්වාද කරනවා දකිනකොට හිත භක්තියෙන් උතුරා යනවා. (හේ)
කිව්වේ නම් ඇල්වතුරත් නිවලයි බොන්නේ කියලා.බලන් ගියාම ඔක්කොම එකම බෝට්ටුවේ අය තමයි.(හේ)
පිවිතුරු හෙළ උරුමය නම් ඕස්ට්‍රේලියාවේ කොටස් තියෙන්න බෑ. ඒ මත්තයාගේ , වෙන කරුමයක් ඕකට පැටලිලා ඇති. මොනව වුනත්, ශරීර ඇපදෙන්න නම් දෙන්නෙක් ළඟම ඉන්නවා වගේ පේනවා, මුදල් ඇපතියන්න නම් හිඟන්නෝ කප්පරක් දැනට හොයල ඇති. අවංකවම ඔබතුමා නිවැරදි නම් ආයෙත් කළු කෝට් දාගන්න හැකිවේවි, එහෙම නොවුනොත්, බොත්තම් නැති ජම්පරේ නියතයි, එහෙම නොවේවා කියල මම අවංකවම ප්‍රාර්ථනා කරනවා!! (බ)
සැකකරුවන්ට කත් අදින සැකකරුවන්ට පිරිත් කියන මෙහෙම රටක් මේ තුන් ලෝකේ කොහෙවත් නැතුව ඇති (බ)
ඔය හාමුදුරුවන්ට කියන්න වෙලේ සුදා ගාවටත් ගිහින් පිරිත් කියන්න කියල (බ)
පොලිසියට ප්‍රකාශයක් දෙන්න යනකොට පිරිත් නුලක් බැන්දාට නඩුවට උසාවි යනකොට නම් කඹයක් පිරිත් කරලා බැන්දත් බේරා ගන්න අමාරු වෙන බව මගේ හැගීමයි (බ)
වරදක් කරලා නැත්නම් පිරිත් කියන්න ඕන නෑ (බ)
පිරිත් නූල් බඳින්නේ ආරක්ෂාවටයි. වැරදි කරලා නැත්නම් ආරක්ෂාවක් මොකටද ?අපේ ස්වාමීන් වහන්සේලාත් මේවට නිතරම සූදානම් වගේ . දැන් මේ කව්රුත් කට උත්තර දෙන්න යන්නෙත් පෙරහරෙන් . මේ සේරම හිතේ බයට නේද ? (බ)
පිරිත් බලයෙන් සියලු වැරදි වලින් නිදහස් වී සත පහකින් වත් පාඩුවක් නොවේවායි පතමි (බ)
ගරුතර මහා සංඝයා වහන්ස, ලෝකයා හිනස්සන්න එපා.(බ)
අපි මේ නාටකය දිහාත් බලාගෙන ඉමු. (ර)
තරංග පිරිත් කියන්නේ වැරදි කරපු අයටද ? (ර)
මටත් කියන්න තියෙන්නේ චමි කියපු දේම තමයි. (ර)
බලමුකෝ මොකද ගම්මන්පිල මහත්තයාට වෙන්නේ කියලා.(හේ)
දැන් මේකත් දේශපාලන පලිගැනීමක් කියමුකො.(අ)
යම් පුද්ගලයෙකුට කට උත්තරයක් ගැනීමට විසේස විමර්ශන ඒකකයට එන්න කියන කොට ඒ අයගේ අත්වැල් ගායනයට එන අය ගැනත් සැලකිලිමත් උනොත් හොදඊ නේද (අ)
හොරු වෙනුවෙන් හොරු පෙනී සිටිනවා පොටෝ එකේ, මේ මනුස්සයගේ වත්කම් වල වටිනාකමි හා වයස ගැන බැලුවම හොරා කවුද කියල පෙනේවි (අ)
මේකත් ජාත්තන්තර කුමන්ත්‍රණයක් කියාවි. අපේ පිරිත් නුලෙත් වටිනාකම නැතිවෙනවා මේ විදියට පොලිසිය ඉදිරිපිට නුල් ගැටගහන්න ගිහිල්ලා (අ)
අයියෝ රටකට ගිය කල ... (බ)