IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ගායකයෙකු විදිහට අද මම ලොකු තැනක ඉන්නවා

2016-12-22-ent-130

 

තීක්ෂණ අනුරාධ වර්තමානයේ සංගීත ක්ෂේත්‍රයේ සිටින යොවුන් ජනප්‍රිය ගායකයන් අතළොස්සේ සිටින්නෙකි. "සඳරේණු ගලන" ගීතය හරහා සුවහසක් රසික ප්‍රතිචාර විඳිමින් ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත් තීක්ෂණ "සිරස සුපර් ස්ටාර්" තරු මාවත හරහා සංගීත ක්ෂේත්‍රයට පිවිසි අයෙකි. ඔහු සිය අලුත්ම ගීතය පසුගියදා එළිදක්වනු ලැබීය. මේ වනවිට සිය අලුත්ම ගීතය තුළින් ඉහළ රසික ප්‍රතිචාර ලබමින් සිටින තීක්ෂණ අලුත් අවුරුද්දේ අලුත් වැඩ කිහිපයකටම මුල පුරන්නට සූදානමින් සිටියි. ඒ පිළිබඳ පැවසීමට ඔහු "තරුණයා" සමග එක්විය.

 

කොහොමද අලුත් ගීතයට ලැබෙන රසික ප්‍රතිචාර?

2016-12-22-ent-132ඉතාම ඉහළයි. "ළං වී සිටි කාලය" තමයි මගේ අලුත්ම ගීතය. මේ ගීතය ලිව්වෙ හා සංගීතවත් කළේ චතුර වර්ණසේකර. මියුසික් වීඩියෝව කළේ ළහිරු මුදලිගේ.

 

මේ ගීතය එළිදක්වන්න කාලයක් ගියා නේද?

ඔව්, ඒකට හේතුව තමයි මම පසුගිය කාලේ එකදිගට ගීත කිහිපයක්ම නිර්මාණය කරලා එළිදැක්වුවා. "ළං වී සිටි කාලය" ගීතයට පෙර මම නිකුත් කළේ "බෝඩිම" කියන ගීතය. ඒ ගීතයට ගොඩක් හොඳ රසික ප්‍රතිචාර ලැබුණා. ඉතින් ඒ ගීතය එළිදක්වලා මම කාලයක් බලා සිටියා. මොකද, ඒ ගීතය රසිකයන්ට අවශ්‍ය තරම් කාලයක් රසවිඳින්න දෙන්න ඕන නිසා. දැන් කාලය හරි කියලා හිතුණ නිසයි "ළං වී සිටි කාලය" කියන අලුත් ගීතය මම එළිදක්වන්න හිතුවෙ.

 

"බෝඩිම" කියන්නේ වෙනස්ම ආරේ ගීතයක් නේද?

පසුගිය කාලේ එකම රැල්ලට ගීත නිර්මාණය වුණා. මට අවශ්‍ය කළේ ඒ රැල්ලෙන් මිදෙන්න. ඒ නිසා තමයි "බෝඩිම" නිර්මාණය කළේ. මම හිතුව විදිහට ඒ ගීතය සාර්ථක වුණා. මම දැනට හිතාගෙන ඉන්නවා මේ වගේම වෙනස් ආරේ ගීතයක් එළැඹෙන අවුරුද්දේ ජනවාරි මාසයේ මැද දිහාට එළිදක්වන්න. දැනට මේ ගීතය නම් කරලා තියෙන්නේ "ආරේ ගති නැරේ" කියලා.

 

අලුත් අවුරුද්දේ අලුත් වැඩකට මුල පුරන්නත් ඔබ හිතාගෙන ඉන්නවා කියලා ආරංචියි?

ඔව්, මගේම කියලා සංගීතාගාරයක් විවෘත කරන්න. මේ දිනවල වැඩිපුර කාලය යොදවලා තියෙන්නෙ ඒ කටයුත්තට. මහරගම තමයි මේ සංගීතාගාරය පිහිටලා තියෙන්නේ. ජනවාරි මාසයේ මුල් සතියෙදි මෙය විවෘත කරන්න හිතාගෙන ඉන්නවා. සංගීතාගාරයට නම දාලා තියෙන්නේ %ඔක්ටිව් එන්ටර්ට්‍රේට්මන්ට්^ කියලා.

 

පසුගිය කාලේ රියලිටි තරගකටත් සම්බන්ධ වෙලා හිටියා නේද?

ඔව්, "දෙරණ ස්ටාර් සිටි" පළමු අදියරයට. දුලීකා අක්කාගේ නායකත්වයෙන් තරග වැදුණ "සුපර් ගැන්ජෙස්ටර්" කණ්ඩායමට තමයි මම සම්බන්ධ වුණේ. ඒක වෙනස්ම අත්දැකීමක් වුණා මට. මොකද, බොහෝ දෙනෙක් මාව අඳුනගෙන තිබුණේ ගායකයෙක් විදිහට. නමුත්, මට රඟපාන්න වගේම නර්තන හැකියාවත් තියෙනවා කියලා මෙම තරගය හරහා ඔප්පු කරන්න පුළුවන්. ලැබුණ රසික ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි.

 

රඟපාන්න ආරාධනා එහෙම ලැබුණේ නැද්ද?

ආරාධනා නම් ගොඩක් ලැබුණා. ලැබුණ ආරාධනා ගොඩක් තිබුණේ %මෙගා^ නාට්‍යයවලට. නමුත්, මම ගෙවන කාර්ය බහුල ජීවිතයත් එක්ක එවැනි දේකට යොමු වෙන්න තියෙන කාලය අඩුයි. කොටස් අඩු නාට්‍යය කිහිපයක ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා. දැනට මම ඒවා අධ්‍යයනය කරගෙන යනවා. බලමු ඉදිරියෙදි,

 

ගායනය හා රංගනය කියන්නේ කලාවන් දෙකක්?

ඔව්, මා ඒ නිසාම තමයි මේ කලා කටයුතුවලට සම්බන්ධ වීමේදී ඒ ගැන වරක් දෙවරක් නෙවෙයි, කිහිපය වරක්ම හිතන්නේ. ගායකයෙකු විදිහට අද මම ලොකු තැනක ඉන්නවා. මොකද, මම ඒ ගැන දැනුමකින් ආව නිසා. රංගනය පැත්තෙන් ගත්තොත් මම ආධුනිකයෙක්. ඒ හින්දා මම ඒ ගැන තව ගොඩක් දුරට හදාරන්න අවශ්‍යයි.

 

ඔබට සංගීත කණ්ඩායමකුත් තියෙනවා නේද?

ඔව්, මේ උත්සව කාලය නිසා ටිකක් විතර මමත් සංගීත කණ්ඩායමත් කාර්ය බහුලයි. අපි තාම එළිමහන් ප්‍රසංග සඳහා සහභාගි වෙලා නැහැ. ගොඩක්ම කරන්නේ ගෘහස්ත ප්‍රසංග. ප්‍රසංගවලට අමතරව, මගේ සංගීතාගාරයේ වැඩ කටයුතු වගේම මම වෙනත් අයට ගීත නිර්මාණය කරන නිසා ඒ පැත්තෙන් මම කාර්ය බහුල වෙලා තියෙනවා.

 

2016-12-22-ent-131



අදහස් (0)

ගායකයෙකු විදිහට අද මම ලොකු තැනක ඉන්නවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 354 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 944 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 293 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 190 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4617 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 965 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site