IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ගුරු - විදුහල්පතිවරුන්ට පාරිපාලන සේවයට එක්වන්න අවස්ථාව

(දයාසීලි ලියනගේ)

ගුරු - විදුහල්පති හා ගුරු උපදේශක සේවාවන් සංවෘත්ත සේවාවක් කර දීප ව්‍යාප්ත සේවාවල වැටුප් ලබා දෙන ලෙසට ගුරු - විදුහල්පති  සංගම් අද (14) දහවල් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සමග පැවැති සාකච්ඡාවේදී ඉල්ලා සිටියේය.

සංවෘත සේවාවන් කිරීමෙන් ගුරු - විදුහල්පති හා ගුරු උපදේශක සේවාවන් අනෙකුත් සේවාවෙන් ඉවත් වන අතර විදුහල්පතිවරුන් හා ගුරු උපදේශක තනතුරුවල සිටින අය පාරිපලන තනතුරු ඉදිරිපත් වීමේ අවස්ථාව ලැබෙන බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පල්ලේවෙල පඤ්ඤාසේකර හිමියෝ කීහ.

මේ අතර ගුරු වර්ජනයට විසැඳුමක් නොලැබෙන තත්ත්වයක් යටතේ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.



අදහස් (7)

ගුරු - විදුහල්පතිවරුන්ට පාරිපාලන සේවයට එක්වන්න අවස්ථාව

චන්දිමාල් Thursday, 14 October 2021 04:31 PM

මෙහෙම එකක් කිව්වෙ නෑ. කිව්වෙ ඕනෑම ගුරුවරයෙකුට විවෘත විභාගෙ ලියා පරිපාලන සේවයට යන්න පුලුවන් කියලයි. ඒ සදහා ගුරු සේවය සංවෘත කරන්න ඕන නෑ. දැනුත් පුලුවන්. එම සභාව තුළ සිටි කෙනෙක් ලෙස මං මෙය කියන්නේ වගකීමෙන්. සමහර විට තේරුම් ගැනීමේ වරදක් වුනා විය හැකියි.

:       1       2

සනත් Thursday, 14 October 2021 04:40 PM

නමුත් විවෘත විභාගය ලියන්න පුලුවන් අවුරුදු 30 ට අඩු අයට විතරයි ... ලිමිටඩ් විභාගය තමයි ගුරුවරුන් වැඩි දෙනෙක් ලියන්නෙ.. ඒ විභාගය ගුරුවරුන්ට ලියන්න පුලුවන් විදියට සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සිදුවේවි. එහෙම නොකලහොත් ලිමිටඩ් කාඩර් එක නැතිව ඕපන් කාඩර් එක විතරක් ඉතුරු වෙයී..

:       1       1

උපුල් සර්Thursday, 14 October 2021 06:46 PM

අධ්‍යාපන පරිපාලන සේවයේ විවෘත විභාගය අවුරුදු තිහට පෙරත් සීමිත විභාගය තිහෙන් පසුත් ලියන්න අවස්ථාව මෙයට පෙරත් තිබුනා. මේ වනවිට අවස්ථා ගණන අඩුකරල තියෙනවා මේකට අමතරව කුසලතා මත උසස් වීමට අවස්ථාව මෙතෙක් තිබුනා. 1994 පස්සෙ ඉදිරිපත් වීමට තිබුන අවස්ථා ගණන අඩුකලා .මේ අතර හිතවතුන්ට දේශපාලන පලිගැනීම් කියලා උසස් වීම් දීමෙන් ප්‍රශ්නෙ දුරදිග ගියා.

:       0       1

චන්දන Thursday, 14 October 2021 05:05 PM

කෙහොම වුනත් මේ සංගම් ටික එකතු වෙලා අධ්‍යාපන පද්ධතිය සියල්ල අවුල් කරනවා. ප්‍රයිවෙට් ස්කූල් සහ කැම්පස් වලට හොඳ ඉල්ලමක් පෑදෙන්න යන්නේ . දැනටත් ළමයින් පාසල් වලින් ඉවත් වෙලා පුද්ගලික අයදුමකරුවන් ලෙස විභාග වලට ඉල්ලනව .

:       0       0

මහජනයා Thursday, 14 October 2021 07:49 PM

කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සැහීමකට පත් නොවේනම් කලයුතු හොදම දෙය තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයන් එලෙස කටයුතු කරයි. උදාහරණයක් වශයෙන් පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුද මෙම ක්‍රමය අනුගමනය කරයි. රාජ්‍ය අංශයේ පමණක් මෙම ක්‍රමය වෙනස් වන්නේ ඇයි? මෙසේ වන්නේ මොවුන් මේ ලබන ප්‍රතිලාභ වෙනත් රැකියාවකින් ලබාගත නොහැකි නිසා නොවේද? මෙම වසංගත සමයේ අධ්‍යාපන ක්‍රියාවලිය හා තම රැකියාවේ වගකීම් යුතුකම් පැහැරහරිමින් දින 100 දක්වා අඛණ්ඩ වර්ජනයක් කර ගීනස් වාර්තාවක් තැබීමට මොවුන් උත්සහ කරන බවක් පෙනේ. මෙවන් වියසනකාරී අවස්ථාවක නොවුවත් කිසිදු රටක මෙවන් දීර්ග නිර්ලජ්ජිත වැඩ වර්ජනයක් නොකෙරෙනු ඇත. මෙය ජාත්‍යන්තරයේ අපේ අධ්‍යාපන මට්ටම ගැන සදහන් දර්ශක වල ඍන අගයන් සටහන් කරවන මෝඩ, පව්කාර අරගලයකි.

:       3       3

ගිරිතලේගම Thursday, 14 October 2021 09:29 PM

මේ අදහස ඉතාම නිවැරදියි ඉතා දියුණුව ලැබූ ධනවතුන් බොහොමයක් දෙනා කරන රැකියාව සතුටින් කරන්න බැරිවුණාම රැකියා මාරු කරනවා .පවතින ගුරු ගැටලුව දෙපාර්තමේන්තුවට සම්බන්ධ පෙර සිටී ඉහල නිළධාරින්ගේ වැරදි නිසා සිදුවූ දේවල්..මෙයට අමතරව රැකියා ප්‍රශ්නෙ විසදීමට නුසුදුසු නැත්නම් ඉගැන්වීම කල නොහැකි අයට ගුරු පත්වීම් දීමත් හේතුවී තියෙනවා එනිසා මින් මතුව වත් ගුරු පත්වීම් දීමේදී ක්‍රමවත් බවක් ඇති කිරීමට සේවා ව්‍යවස්ථාව සකස් කිරීමට බලධාරීන්ට ණැන නුවන පහල වේවා

:       0       0

Bamunuarachchi Friday, 15 October 2021 02:12 PM

ඉස්සෙල්ලා මොවුන්ට අදාළ ජොබ් එක කරන්න කියන්න.. එහෙනම් පොලිස් නිලධාරින්ටත්, ටුවරිස්ට් ගයිඩ්ලාටත් පුළුවන් ඇති නේද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 2 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 11 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 113 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 37 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 100 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2053 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 330 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 613 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site