වැල්ලව, ගනේවත්ත, අඹකොළවැව තමාරා කේශානි විජේකෝන් දැරිය පැහැර ගැනීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ඉලේපෙරුමආරච්චිගේ ගාමිණී (32) හෙවත් ග්‍රීස් යකා ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
සිද්ධියට ආධාර අනුබල දුන් ප්‍රධාන සැකකරුගේ මව වන රණසිංහ ආරච්චිලාගේ ගුණවතී හා ප්‍රේමසිරි රාජපක්ෂ යන අයද 24 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට මීට පෙර නියෝග කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රීස් , කළුතෙල් ,පැට්‍රල්,ඩීසල් මේ සේරම යක්කු වුණත් මේ වගේ තිරිසන් වැඩ කරන අයට යකා කීම ඌටත් අගෞරවයක්. ඒ නිසා කුම්භාණ්ඩයා නැත්නම් පෙරේතයා යන නම සුදුසුයි (නි)
දඩුවම අවුරුදු 10 කින් විතර ලැබෙයි නේද? (නදී)
මේ වාගේ නරුමයන්ව ඉක්මනින් නඩුව අසා දීර්ඝකාලින බරපතල වැඩ සමඟ සිරගෙදරට යැවිය යුතුය (නි)
මේ ග්‍රීස් යකා සමඟ ඔය දරුවාගේ පවුලේ කවුරුහරි කුමන ආකාරයේ හෝ සම්බන්ධකමක් පැවැත්වුවාදැයි විමසා බැලුවොත් අවුල ලිහාගන්න පහසු වේවි. මොකක් හෝ පටලැවිල්ලක් ඇතිබව නම් කට උත්තර වලින් පෙනෙනවා. අනික ඒ දරුවා පැහැරගෙන යද්දී අඬලා නැහැ. ඔක්කොම කුණු ග්‍රීස් යකාගේ කරපිට පටවන්නේ නැතුව සොයා බලන්න. (නි)
නැති කළයුත්තේ "ග්‍රීස් යකුන්" නොව ඔවුන් බිහිකරන සමාජ ක්‍රමයයි. (නි)
මේ පුද්ගලයා මානසික විකෘතියකින් පෙලෙන බවක් පළවුනා. බරපතල ප්‍රශ්නය නම් මනෝ විකෘති පුද්ගලයන් සමාජයේ නිදැල්ලේ හැසිරීමයි. (නදී)
මෙයා පෙර වැරැද්දකට ඇප ලබා ඉන්න කෙනෙක් නේද? (නි)
මම නම් හිතන්නේ මේක කුමන්ත්‍රණයක් (නි)
මතක නේද මීට කලිනුත් ඔය නම කියලා උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ලොකු භීතියක් ඇති වුණා? (නි)
උද්දමන වේගය වැඩි වෙන්න වැඩි වෙන්න සමාජ දුෂණ භීෂණ වංචා ඒ හා සමානවම ඉහල ගිහින්.(අ)
මොහු අව මානසිකත්වයෙන් පෙලෙන්නෙක්. රෝගියෙක්. මිට පළමු වැරදි වලදී ඔහු පුනරුත්ථාපනයට යොමු කළයුතුව තිබුනා. දැරිය කිසිම ලිංගික හිංසනයට හසු වී නැති කමින් ඒ බව පෙනෙනවා. (නදී)
මේ නරුම මිනිසාට යළි සමාජයට නොපැමිනෙන්න දඩුවම් දෙන්න. (අ)
මේ වගේ අය නැවත ඇති නොවෙන්න දඬුවමක් දෙන්න ඕනා. අපේ දරුවෝ ඉවර වෙනවා නැති නම්. (නදී)