ගල් ගැසීම මගින් දුම්රියට හා මගීන්ට සිදුකරන හානි වැළැක්වීම සඳහා දුම්රිය ආරක්ෂක නිලධරයන් ගිනි අවි සහිතව ධාවනය වන දුම්රියට යොදවන බව දුම්රිය ආරක්ෂක හමුදා අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා කියයි.
අඩු ගණනේ එක් දුම්රියකට සන්නද්ධ ආරක්ෂකයන් සිව් දෙනකු පමණ යෙදවෙනු ඇත.
ගල් ගැසීම නිසා මෑතදී දුම්රිය මගියෙක් මියගොස් තවත් කිහිපදෙනෙක් තුවාල ලදහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියදමක් ගියත් මේක හොඳ වැඩක්. (ර)
ඇයි මේ වගේ සැලසුම් මාධ්‍යට දෙන්නේ,ප්‍රචාරය කරන්නේ.මේවා බොහොම නිශ්ශබ්දව සැලසුම් සහගතව නේද කරන්න ඕනේ.එතකොට නේද සාර්ථකව වැටලීම කරන්න පුළුවන් වෙන්නේ.මේ මට හිතුන විදිහ (බ)
රේල් පාරේ සිට ගල් ගසන අය ධාවනය වන දුම්රියේ සිට අල්ලන්නේ කොහොමද.? එම හමුදාව සැක සහිත ස්ථාන වල සිටිය යුතුයි නේද? (ර)
අනුරාධ ඔබේ අදහස හරි කියා මටත් හිතෙනවා. (ර)
අනුරාධ, ඔබ හරි අපේ අයට මේවා තේරෙන්නේ නැත. (ර)
ස්තුතියි රොකි. (ර)
දවසක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ යන දුම්රියකට අතරමගදී අසූචි ගැහැවුවා. මේවා කරන තිරිසනුන්ට වෙඩි තියන්නයි ඕනේ. (බ)
තුවක්කු දීලා මොනවා කරන්නද. ගහපු කෙනා කෝච්චිය නවත්තලා ආරක්ෂකයො එනකන් ඉන්නවා නම් හොඳයි මේ වැඩේ. ඊට වැඩිය හොඳයි බෙහෙත් පෙට්ටියක් දුන්නා නම්. ගහන මිනිස්සු අල්ලන්න ඕනෑ නම් වීඩියෝ කැමරා සවිකරන්න ඕනෑ. නැතුව අල්ලන්න බැහැ (නි)
සීසීටීවී කැමරා සවිකිරීමද වැදගත් වේ (නි)
අවවාදාත්මක දැන්වීම් පුවරු හා පත්‍රිකා මෙම ප්‍රදේශ වල පිහිටුවීම හා බෙදාහැරීම කළයුතුයි. මේවාට තමයි නීති හදන්න ඕනෑ. (නි)
පළමු කාරණය වියයුත්තේ මියගිය පුද්ගලයාගේ අයතිවාසිකම උදෙසා නඩු දැමීමය. දෙවනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ මගීන්ගේ ජීවිත පිළිබඳව ඇති නොසැළකිලිමත්කම උදෙසා වගකිවයුත්තන් සොයා දඬුවම් කිරීමය. මිනිසුන් බයකර කරන දේවල් සාර්ථක නොවන නිසා තෙවනුව රට පුරා මිනිසුන් දුම්රියේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාවක් ලෙස යොදා ගැනීමය. එසේ නොමැතිව ඔය තුවක්කු වලින් කළ හැකි දෙයක් නැත. (නි)