රුපියල් කෝටියක කප්පම් ඉල්ලා දනිඳු යෂේන් ලංකානාත් දරුවා පැහැරගත් සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීනට හිරිහැර කිරීම හෙළා දකිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා ඇතුළු නීතිඥවරු 50 කට වැඩි පිරිසක් අද ගල්ගමුවට පැමිණ සිටියහ. එම සිද්ධියේ සැකකරුවනට ඇප ඉල්ලීම සඳහා පෙනී සිටි නීතිඥවරුන් සිව් දෙනකුගේ වාහනවලට මීට පෙර දිනකදී පහරදී අලාබ හානි සිදුකිරීම හෙළා දකින බවද නීතිඥවරු පැවසූහ. පැහැර ගැනීමට ලක්වූ දරුවාගේ පියාද නීතිඥවරුන්ට හිරිහැර කළැයි සැකපිට රිමාන්ඩ් භාරයට පත් කර තිබිණි.
නීතිඥවරුනට අවහිර කරමින් ඔවුන්ගේ වාහනවලට පහරදුන් බව කියන සැකකරුවෝ ගල්ගමු මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් ලබන 30 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ. ඔවුන් අතර දනිඳුගේ පියාද වේ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් මේවාට අදහස් දාන්නේ නැහැ වැඩක් නැහැනේ මේ විකාර වැඩ (දී)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා? (නි)
ඔය කියන නීතිඥයෙක්ගේ දරුවෙකුට මෙහෙම වුණා නම්? (නි)
මේ අය ඇත්ත නැත්ත කරනවා. නැත්ත ඇත්ත කරනවා. සාමාන්‍ය මිනිසුන් නීතිය අතට ගන්න යනවා. රටේ නීතියක් කියලා දෙයක් තිබියදී,දරුවාගේ පැත්තේ අය ප්‍රශ්නය නීතියෙන් විසඳනතුරු නොසිට මොනවද මේ කරන්නේ? (නි)
මිනිස්සු හැසිරෙන්න ඕනේ මිනිස්සු විදිහට ඒකයි මේ හැමදේකටම මුල (දී)
ඕනෑම විත්තිකරුවෙකුට පෙනී සිටීමට මේ මහත්වරුන් බැදී සිටිනවා.උසාවියේ නිගමනයක් දෙනකම් ඕනෑම කෙනෙක් වැරදිකරුවෙක් නොවේ. (දී)
පිටිගල මහතාගේ කතාව දහස් වටිනවා , කිසි කෙනෙකු නොලියපු සත්‍ය සිද්දීන් එහි ගැබ්ව තිබෙනවා , ලංකාදීපයට අවශ්‍ය පිටිගල වෙනි අයගේ ප්‍රතිචාර , අපිට ඉගෙන ගන්නට සිහියට ගන්නට ගොඩක් දේවල් ඒවායේ තිබෙනවා . මෙවන් දෙයක් අපිට ලබා දීම ගෙන ලංකාදීපයට ගොඩාක් ස්තුතියි (දී)
සමහර නීතිඥ මහත්තුරු ඉන්නවා පැමිණිල්ලට පෙනී ඉන්නේ නැහැ. විත්තියට විතරයි, විත්ති කාරයා නිදහස් කරගන්න ක්‍රම සහ විධි එතුමා දන්නවා. ස්ත්‍රී දූෂණ නඩුවක් දෙන්න කැමැත්තෙන් උනා කියලා තර්ක විතර්ක, හරස් ප්‍රශ්න , අඩි හප්පාකරන බිය ගැන්වීම්, තර්ජන මගින් විත්ති කරු නිදහස් කර ගන්න පුළුවන් , ඒ ක තමයි නීතිය, ගාස්තුව ලක්ෂ කීපයක්........ අසරණ උන කාන්තාව පැමිණිලි කූඩුවේදී තවත් අසරණ වෙනවා, අහන ප්‍රසන වලින් ලජ්ජාවට පත් වෙනවා, එතකොට වචන පැටලෙනවා. ඒක තමයි එතකොට නීතිය බවට පත් වෙන්නේ. අන්තිමට අගතියට පත් උන පාර්ශවයට තියෙන්නේ දිවිනසා ගන්න විතරයි, ඇයි සමාජයට මුහුණ දීමේ අපහසුව? (දී)
පිටිගලගේ කතාව හරි (දී)
අපි වැඩකට ඇති දෙයක් ගැන කතා කරමුද (දී)
මිනිස්සුන්ටත් වෙන වැඩ නැහැනේ (දී)
බන්දුල පෙරේරා සහතික අැත්ත. කලු කෝට්කාරයන් සල්ලි හොයන්නේ දෙපැත්ත කාලා. කියන්න ඕන අහිංසක මිනිසුන්ගෙන් සල්ලි ගරා ගෙන කන පිරිසක් කියලා. (ස)
මිනිස්සු දැන් දැන් හැසිරෙන්නේ සත්තු වගේ (දී)
කල්පනා කරලා බලද්දී, අපේ නීතියෙන්ම තමයි පාතාලය බිහිවෙලා තියෙන්නේ (නි)
අනේ මන්ද (දී)
ආසිරි, නීති ක්‍රමය ගැන මිනිස්සු දන්නවා. නමුත් හැම කෙනෙක් ම කවුරු හෝ යහළුවෙක්, නෑයෙක් උසාවි ගිහිල්ල කළු කොට් කාරයෝ නඩු අද්දව අද්දව අවුරුදු ගණන් හුරන් කාපු අත්දැකීම ලබල තියෙන්නේ. ඒ නිසා සමස්ත ජනතාව මේ අයව දකින්නේ තමන් හුරන් කන අය හැටියට. එකේ වරදක් නැ. පැමිණිලි කරු උනත් එකයි විත්ති කරු උනත් එකයි සල්ලි ගෙවල ජීවිතේම විනාසයි. මේ මහා ලොකු නීති ගරුක අය මිනිස්සුන් ගෙන් හිතු හිතු ලෙස හුරලා ගන්න සල්ලි වලට කවද්ද අදායම් බදු ගෙවුවේ ? (දී)
මම නම් කීයටවත් අනුමත කරන්නේ නැහැ මෙවන් වැඩ (දී)
මේකේ අදහස් දිහා බැලුවම හිතාගන්න පුළුවන් නේද මේ මහත්වරුන් ගැන ජනතාවගේ ප්‍රසාදේ.කොටුවේ උසාවිය ලඟින් කඩේට බඩු ගන්න යන මිනිහටත් අඬගහනවා නඩු අහන්න එන්න කියල.ලජ්ජා නැති ඇත්ත බොරු කරන, බොරුව ඇත්ත කරන ජාතියක්. (ස)
සමහරු මෙම කළු කෝට් ගහපු අයට කඩේ ගියාට , ඔවුන් ගැන දන්නේ එම රැකියව කරන අය සමග ඉන්නා අය පමණි , මමත් එසේ කෙනෙකි , එනිසා මෙම නීති වේදීන් අද කාලයේ ( අතීතයේ නොව ) සිටින්නේ ,තම මුදල් ඉපයීමේ පරමාර්ථය තුලම පමණි . සත්‍ය වසන් කොට බොරුව හරි ඔප්පු කර , තම සේවාදායකයා වෙනුවෙන් අහිංසකයන් සිරගෙට යවති , සිරගෙට යායුතු අය එලියට ගනිති , නඩුවක් කාලයක් ඇදගෙන යාමට පවා කටයුතු කරන්නේ මෙම නීති වේදින්ය , කලාතුරකින් මිනිස් ගති ගුණ ඇති කිහිප දෙනෙක් සිටියත් ඔවුන්ටද තැනක් නැත්තේ මොවුන් නිසාය. (ස)
මට නම් ඔය කලු කෝට්කාරයින්ව එදා ඉඳලම පෙන්නන්න බැහැ. බොරුව ඇත්ත කරන ඇත්ත බොරුව කරන අහිංසකයින්ගේ රීරිමාංශ හුරාගෙන කන අයට යන්න මම හිතන්නේ වෙනමම අපායක් ඇති යම ලෝකේ. (නි)
ලංකාවේ ඕනෑම අපරාධයක් කළාම මේ කලුකෝට් මහත්වරු ඉන්නවා නම් ඉතින් තවත් මොකට බයවෙන්නද? (නි)
මේ අය කොහොමහරි සල්ලි හම්බකරන අයනේ ඉතින්. (නි)
ගමගේ, ඔයාගේ කතාව හරි. මෙයාලගේ දරුවෙක් පැහැරගත්තා නම් මෙයාලා මොනවා කරයිද? නීතිවේදීන් ඕනෑම අපරාධකාරයෙක්ව නිදහස් කරන්න කටයුතු කරනවා සල්ලි වලට (නි)
ආසිරි, සුද්දන්ට පින්සිද්ධ වෙන්න ලංකාවේ නීතිය හරියට නීති පොත් වල තියනවා. ගැටලුව තියෙන්නේ නීතිය ක්‍රියාත්මක විමෙයි. සමහර නීතිඥ මහත්වරු බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න කරන පහත් වැඩ නිසයි වැඩිපුර එම තත්වය ඇතිවෙලා තියෙන්නේ. මෙතන මේ මිනිස්සු වැඩි දෙනා අදහස් දක්වලා තියෙන්නේ ඒක ගැන මිසක් ලංකාවේ පවතින නීති ක්‍රමය ගැන නෙමෙයි. (නි)
මෙයාලා මේ උත්සාහ කරන්නේ අද ගැන හිතලා නෙමෙයි. තමන්ගේ අනාගතය ගැන හිතලා. මොකද මෙයාලට වැඩි වැඩියෙන් ලැබෙන්නේ අපරාධකාරයින්ගෙන් මිසක් සාධාරණ මිනිසුන්ගෙන් නෙමෙයිනේ (නි)
පිටිගලගේ කතාව නම් සහතික ඇත්ත.සමහර නීතීඥයින්ට හිතක් පපුවක් කියා දෙයක් ඇත්තෙම නැහැ. සමාජයට විනකරන, අනාගත පරපුරක් වනසන කුඩු වෙළෙන්දෝ බේරගන්න එකයි මිනීමරන අතර වෙනස මොකක්ද? (නි)
ජයවේවා (දී)
මිලින්ද, ඒ වෙන රටවල් වල. මෙහෙ තිබෙන සැළකිල්ල මෙහි ඇති අදහස් වලින් බලාගන්න. (නි)
මෙහි තිබෙන අදහස් කියෙවුවහම කළු කෝට්කාරයින්ගේ පවුල් වල අයට පොළව පලාගෙන යන්න හිතෙනවා ඇති (නි)
සම්පත්, ඔයා අපිට මෝඩ කතා කියන්න එපා. හොර වැඩකරන්න උගන්වන්නේ නැහැ. නමුත් එළියට ඇවිල්ලා කරන්නේ හොර වැඩ. අපිට ඔය බණ කියන්න එපා. (නි)
මේකන් විදවන්නේ පොඩි එකා (දී)
මිලින්ද, එහෙම සැලකුවට සමහර අය ගේ වැඩනම් අන්තිම බාලයි නේද? (දී)
දැන් දැන් නිතිය පිලිබඳ පැහැදීමක් නැහැ (දී)
නීති වේදීන් යනු රටේ උසස් යැයි සැලකෙන ජන කොට්ටාශයක් (දී)
ළමයාගේ දෙමාපියන් බලය අනිසි ලෙස තමන්ගේ අතට අරන් එහෙම නම් නඩු අහන්න ඕනේ නැහැ . මෙහෙම ගියොත් නීතියක් ඕනේ නැහැ කැලෑ නීතිය රජ කරාවි මේකේ අදහස් දාපු ගොඩක් දෙනා අවබෝදයක් නැතිව හැගීම් වලට වහල්වෙලා ඒවා ලියල තියෙන්නේ .නීතිඥයන්ට බොරු උගන්න් වනවා කියල කෙනෙක් ලියල තිබුණා .එක බොරුවක් .අපි නීතියේ දී විවස්ථාවේ ප්‍රතිපාදන ලෝකයේ වාගේම ලංකාවේ අධිකරණ තීරණ නීතියේ මුලදර්ම ඉතා හොදින් ඉගන ගන්නවා මොකක් හරි බොරුවක් කරලා නඩුව දිනන්න බැහැ.කොහොම වුණ ත් මේවා වැරදී පුර්වා දර්ශ රටට උසාවියේ තීන්දුවට අකමැති නම් එපීල් එකක් දන්නා ගොන් පර්ට් දන එක හොද නැහැ අපරාද කරු හදුනාගෙන අපරාදයේ තරමට දඩුවම දෙන්නේ නීතිඥයන්ට ව්‍යාවස්තාවන් හදන්න බැහැ .ඔය පහරදීපු අය පර්ලිමේන්තුවට බල කරන්න මේ වගේ අපරාද වලට සුදුසු දඩුවම් දීමට ව්‍යවස්ථාදයකයේ වගකීම ඉටුකරන්න කියල (අ)
විවධ මත දරන මිනිස්සු අතර (දී)
එහෙම තමයි එකමුතු කම (දී)
මේක පුදුම වැඩක්නේ දැන් බලනකොට! (නි)
මගේ අත්දැකීමේ හැටියට 99% ක් නීතිවේදීන් සල්ලි පසුපස දුවන නීතිය අවනීතිය කරවන ජාතියේ අය. නමුත් මම අනිත් 1% ට ගරු කරනවා . (නි)
නීතිවේදීන් කියන්නේ හෘද ශාක්ෂියක් නැති පිරිසක් කියන එක වෙනම දෙයක්. නමුත් අපරාධයකදී දෙපිරිසටම එක සමාන ලෙස අධිකරනයේ කරුණු දක්වන්න අවස්ථාව දෙන්න ඕනෑ. එතකොට තමයි නිවැරදිවම කවුද අපරාධකරු කියන එක ඔප්පු වෙන්නේ. එවිට මොන දඩුවමක් දුන්නත් කිසිවෙකුට මොනවත් කියන්න බැහැනේ. එහෙම නොවුණොත් මේ රටත් තලෙයිබාන්,අල්කයිඩා, අයි.එස්.අයි.එස්. ලා රජකරන තැනක් වගේ වේවි. (නි)
මේ අයට ගහන්න බූවලු තිබුනා නම් එකක් එවනවා මම (නි)
බුදු දහම අනුව බොරුවේ විපාක කල්ප ගණනක් අපායේ දුක්විදින පාප කාර්ම බව නීති වේදීන් දන්නේ නැහැ (දී)
ඕනෑම අපරාධකාරයෙකුට හෘද සාක්ෂියට එරෙහිව තමාගේ ගතමනාව සරිකර ගැනීමට ඇත්ත කණපිට හරවා නිදහස් කරගන්නා වූ අයද නීතිවේදීන් අතර ඇත . මම යුක්තිය සාධාරණය ඉටුකරන නීතිවේදීන්ට ආචාර කරමි. (නි)
"ඔවුන් ගැන දන්නේ එම රැකියව කරන අය සමඟ ඉන්නා අය පමණි. මමත් එහෙම කෙනෙකි" හරියට හරි. මමත් එහෙම කෙනෙකි (නි)
"ඕනෑම විත්තිකරුවෙකුට පෙනීසිටීමට මේ මහත්වරුන් බැඳී සිටිනවා. උසාවියේ නිගමනයක් දෙනකම් ඕනෑම කෙනෙක් වැරදිකරුවෙක් නොවේ" ඕක අපි නොදන්නා දෙයක් නොවේ. ප්‍රශ්නය වෙන්නේ අපි දන්නා විත්තිකාරයින් මේ අය නිසා නිවැරදිකාරයින් වෙන එකයි. (නි)
මේකේ අදහස් පමණක් නොවෙයි,අන්තර්ජාලය පුරා සොයා බලන්න නීතිඥයින් ගැන හොඳ කතාන්තර කොපමණ තිබෙනවද කියා. තිබෙන හැම කතාවක්ම ඔවුන් උපහාසයට ලක්කළ ඒවා. (නි)
සමහර නීතිවේදීන් ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
මට නම් මේ අය පෙන්නන්න බැහැ (නි)
කලුකෝට් කට්ටිය ගැන ජනතා අප්‍රසාදය කොපමණද? අපි කලබල වියයුතු නැහැ. (නි)
මෙයාලට ඉතින් උගන්නන්නෙම බොරු කියන්න නේ. ඉතින් කොහෙන් සල්ලි ලැබුනත් කමක් නැහැ .වරද පෙනී පෙනී උනත් මෙයාල වරදක් නැහැ කියයි. රටේ වැඩි පුරාම ඉන්න දේශපාලකයොත් නීතිය හදාරපු අය.එම නිසා දෙගොල්ලන්ගේම වැඩි වෙනසක් පෙනෙන්න ඇත්තෙම නැහැ.බොරුව,කපටි කම සියල කැටි වෙලා තියෙනවා. (ස)
රටේ නීතිය නම් බල්ලට ගිහින්. එ්කයි මේ ඔක්කොම ප්‍රශ්න. අපරාධ කරුවන්ට දැඩි දඬුවම් දිය යුතුයි. (ස)
මේ ගොල්ල හදන්නේ මහා පොලොව නුහුලන අපරාධයක් කල එවුන් බේරා ගන්න නේද? මේ ගොල්ලන්ගේ දරුවෙක් පැහැර ගත්තනම් කොහොමද හැසිරෙන්නේ? සල්ලි තන්හාව ඉහ වහ ගිය ජාතියක්. (ස)
දරුවාගේ පියා ඉල්ලගෙන කෑවා.ඔන්න බලන්න සැකකරුවෝ ගොඩින්ම නිදහස් වෙනවා.එහෙම නැත්නම් දඬුවම ඉතා ලිහිල් එකක් වෙනවා.මොකද මම එහෙම කියන්නේ,සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට ආ නීතිවේදීන් පිරිස දැකලයි. (ස)
කළු පාට ඇදුම් අදින අය තමයි නියම මිනි කාක්කෝ. (ස)
ඔය විරෝධයට මම ත් එකඟයි. ඕක නීතීඥයින් ගේ බඩ ගෝස්තරය සඳහා නෙවෙයි කියල කියන්න නම්, මේ මහත්වරු දරුව පැහැර ගැනීමට එරෙහිව ත් විරෝධතාවක් කරල පෙන්වන්න බලන්න. මොකද කවුරු කරත් මෙතන පැහැර ගැනීමක් වෙලා තියෙනවනෙ, ඒකෙ සැකයක් නැහැනෙ. (ස)
නීතිඥයන් හට තමන්ගේ සේවා දායකයා වෙනුවෙන් පෙනී ඉන්න අයිතියක් තියන බව මම පිලිගන්නවා.ඔවුන්ට හිරිහැර කිරීම වරදක්. නමුත් ළමයෙකු පැහැරගෙන කප්පම් ගැනීමට උත්සාහ කරපු කෙනෙක් වෙනුවෙන් පෙනී ඉන්න නීතීඥ වරුන් සමාජයෙන් ගැරහුම් ලැබීම බලා පොරොත්තු විය යුතුයි. (ස)
ලෙඩා මලත් බඩ සුද්දයි. (ස)
නීතිය බල්ලට ගිය රටේ නොමිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නන්ට මුදල් වෙනුවෙන් කල නොහැක්කක් නොමැත. (ස)
කුඩා දරුවා පැහැරගත්තු මහා මොලකරුට වෙන දේ මුළු රටේම ජනතව බලාගෙන ඉන්නවා . අපිට වැඩෙක් නෑ අනෙක් දේවල් වලින්. පොඩි දරුවෝ හොරකන් කරලා , මරන්න හදපු එවුන්ට උදව්කරන එක කොච්චර සර්වසදරානත්වයේ මුලධර්මයට එකඟද කියල බලන්න කියල දරුවෝ ඉන්න රටේ බෞද්ධ ඇතුළු සියලු ආගම අදහන සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජනතා බලයට සියලු දේ යටත් බව කවුරුත් දැනගන්න ඕන. (ස)
ඕනෑම සැකකරුවකුට නීතිඥ සහය ලැබීමේ අයිතිය සහතික කල යුතුයි. (ස)
මෙයාලට ආරක්ෂාව දෙන්න නේ අපේ මහජන මුදලින් පඩි ගෙවන්නේ, සංගමේ සබාපති වැරදි වැඩක් කරලා ආරක්ෂාව ඉල්ලුවම රටේ මුදල් වලින් පඩි ගන්න පොලිසිය යන්න ඕන ආරක්ෂාව දෙන්න. (ස)
මේ වෙලාවට තමයි හිතෙන්නේ පොලීසියේ මහත්වරු ආයුධ පෙන්නවීම හොඳයි කියලා. සල්ලි පෙන්න්නුවාම ඕනෑම අපරාධ කාරයෙක් වෙනුවෙන් පෙනී සිටීමද නීති වේදියා කියන්නේ. (ස)
සල්ලි වලට අම්ම වුනත් පාවා දෙයි. (ස)
අද කලුකබාකාරයෝ සල්ලි වලට ඕන වැඩක් කරාවී. (ස)
ළමය පැහැරගත් එක හොඳද නරකද (දී)
මතක තියා ගන්න නිතිදීයාගේ වගකීම නොදැන කතා කරන්න එපා (දී)
ලැජ්ජයි... අශෝබනයි... අපරාධකාරයින්ව බේරා ගන්න නීතිඥ සංගමයම ඇවිත්. මේ දරුවාගේ දෙමව්පියන්ගේ හිත් වල ඇවිලුණු ඒ ගින්නට මේ වගේ සුළු දේවල් වෙන්න පුළුවන්. ඒකට සමාවක් නොදී අපරාධකාරයින්ව රැකගෙන එකට එක කිරීම වෘත්තීය ගෞරවය කෙලෙසීමක්.! (නදී)
කොහොමද පාරවල් ටික නියමෙටම තියෙනවා නේද? (ස)
මේගොල්ලන්ට වැඩ නැද්ද. නිකන් බොරු බයිලා නැතිව 50 දෙනා නඩු 50 කට ගන්න මුදල් අර ළමයට ගෙයක් හදාගන්න දෙන්නකෝ. පත්තරේට මුන දාගත්තම ඔක්කොම හරි. (ස)
මේ විරෝධතාවය අපි ද අනුමත කරමු. දරුවා පැහැරගත් සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම මෙයට අදාළ නොවේ. (ස)
සල්ලි ලැබෙනවා නම් තමන් බිහි කල මවට එරෙහිව උනත් පෙනී ඉන්න අයට තමයි නීතිඥවරු කියන්නේ. (නදී)
සුදු වෑන් එකක යවන්නමයි තියෙන්නේ (නදී)
තමන්ගේ අම්මට අසාදාරනයක් වුනත් මේගොල්ල සල්ලි වලට අපරාද කාරයින්ගේ පැත්තට කතා කරයි (නදී)
මේ මිනිස්සු හරි මම වරදක් දකින්නේ නැහැ (දී)
මේ රටේ ප්‍රධාන වෘත්තීන් 4ක් තිබෙනවා වරලත් ගණකාධිකරන , නීතිය, වෛද්‍ය, ඉංජිනේරු... මේ කිසිම කෙනෙකුට සමාජයට අහිතකර ක්‍රියා වල නිරතවෙන්න බැහැ. මෙයාලා තමන්ගේ ලොකුකම් අහිංසක මිනිසුන්ට පෙන්නන්න යන්න ඕනෑ නැහැ. රටේ ජනතාව අහිංසක බව මතක තබා ගතයුතුයි. මේ අය සමාජයට සේවය මෙන්ම ආරක්ෂාව ලබාදීම කළ යුතුයි. (නි)
මොවුන් තමයි වැරදි වැඩ නිවැරදි කරන්නේ (නි)
මම නම් කියන්නේ මේ අය නැත්තම් රටේ අපරාධත් අඩුවෙනවා කියලයි (නි)
සල්ලි වලට ඕන දෙයක් කරනවා කියලා කියන්නේ නීති වෘතිය ගැන මෙලොදෙයක් නොදන්නා මිනිස්සු (දී)
රටක නීති ක්‍රමය පිළිබඳ මිනිසුන්ගේ පවතින දැනුවත්කම මෙහි පළකර ඇති බහුතරයක් අදහස් වලින් පෙනෙන අතර නීතිය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම වහාම කළ යුතු අත්‍යවශ්‍ය කාරණයක් බව පෙනේ. (නි)
අනේ! අපි නොදන්නා නීතිවේදීන්. දරුවාගේ අම්මා මම වුණා නම් මම අදත් ගහනවා (නි)
බමුණු, ඔයා හරියටම හරි (නි)
පෙනෙනවා නේද කට්ටියගේ තරම? (නි)
ගහපු එකනම් මම අනුමත කරන්නේ නැහැ (දී)
නීතිඥයන්ට විරුද්දවීම කොහොමත් අනුමත කරන්න අමාරුය, නමුත් මේ සිද්දවෙනදේ ගැන ලැජ්ජාවක් ඇතිවෙනවා. (දී)
දරුවා උස්සපු එක හොදද (දී)
මෙන්න නියම දරුදුක හදුනන තාත්තල. (දී)
මනුස්සයෙක්ට ගහනවා කියන්නෙත් අපරාධයක් (දී)
මේ වගේ යක්කු ඉන්න නිසානේ මේ මහතුරුන්ට කියක් හරි හොයාගන පුළුවන්.. (දී)
මේකත් ජිනිවා ගෙනියන්න පුලුවන්ද බලනවා වගේ. (නදී)
නීතීඥයන්ගේ කාරිය විත්තිකරුවන් හා පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටීම. එම ඉල්ලීම් හෝ කරුණු දැක්වීම් පිළිගැනීම හෝ බැහැර කිරීම අධිකරණයේ කාරිය. තමුන්ගේ කාරිය නොකර, අනුන්ගේ කාරිය කරන්න ගියාම තමයි හිරේ වින්ගුවේ වැටෙන්න වුනේ. නීතියේ සාධාරණය ගැන මේ අයට විශ්වාස නැති කම තමයි මේකෙන් පෙන්නේ. (දී)
අද රටේ සල්ලි, බලය තියනවා නම් ඕනේ බලු වැඩක් කරලා නීතියෙන් නිදහස් වෙන්න පුළුවන්. හේතුව ඕනෙම ඇත්තක් බොරුවක් කියල උසාවියේ තර්ක කරලා පෙන්නන පුළුවන් නීතිඥයන් අද සල්ලි වලට ගන්න පුළුවන්. එ්ක නිසා තමයි අද ජනතාව උසාවියට නොයා නිතිය අතට ගන්න හදන්නේ. (නදී)
මේකයි රටේ තත්වය. දරුවෝ ඉන්න දෙමව්පියෝ එහෙම හැසිරෙන එක සාදාරනයි (නදී)
කළු කෝට් මාෆියාව ,....මෙයාලට වෙනම අපායක් තියෙනවලු (නදී)
ස්වාභාවික යුක්තිය පිලිබඳව ලොවම පිළිගත් මුල ධර්මයක් තමයි 'දෙපැත්තම අසනු' කියන්නේ. විනිසුරුවරයෙක් හෝ ඕනෑම තීන්දුවක් දෙන තැනැත්තෙක් මේ මුල ධර්මය පිළිපැදිය යුතුයි. ඒ වගේම ඕනෑම පුගලයෙකුට තමන්ම හෝ නීතිඥයන් මගින් කරුණු දැක්වීමට වෙනස් කල නොහැකි අයිතියක් තිබෙනවා. නීතිය අතට ගෙන, යුක්තියට හරස් කපපු මේ කට්ටියට විපාකත් ලැබෙයි. දැනටමත් ටිකක් ලැබිල. (දී)
මෙතන වරද කරලා තියෙන්නේ පහර දුන් මිනිස්සු (දී)
මේ නීතිඥයින්ට බනින එපා (දී)
නීති වේදීන් නඩු වලට පෙනී සිටීමට විරුද්ධව ඔවුන්ට ගැසිම හෙළා දකිමි , එහෙත් බහුතර නීති වේදීන් තම සාක්කුව මුදල් වලින් පුරවා ගැනිමට , අහිංසක මිනිසුන් රවටමින් නඩු කල් අරිමින් සහ යුක්තිය නොව සල්ලි මත කටයුතු කිරීමත් හෙළාදකිමි. (ස)