IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ගිලන්රියේ හැපුණු කාන්තාව මරුට

(අජිත්ලාල් ශාන්තඋදය සහ  ජයන්ත නානායක්කාර)

හදිසි අනතුකරට ලක්වූ රෝගියෙක් රෝහලට රැගෙන එමින් තිබූ 1990 හදිසි ප්‍රතිකාර සේවා ගිලන් රථයක යතුරුපැදියක්  ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවක් මියගොස් ඇතැයි පනාමුර පොලීසිය පැවසීය.

ඇඹිලිපිටිය පනාමුර පාරේ ගලමඩ හන්දියේ දී ඊයේ (28)  සවස   මෙම අනතුර සිදුව තිබෙන බව පනාමුර පොලිසිය පැවසුවේය.

අනතුරින් මියගොස් ඇත්තේ කොළොන්න, කෑල්ල ලිපිනයේ එන්. නන්දනී ද සිල්වා නැමැති නස් හැවිරිදි එක්දරු මවක් මෙසේ මියගොස් ඇති බවද පොලිසිය පැවසුවේය.

කොලොන්න ජඳුර ප්‍රදේශයේ දී ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ත්‍රිරොද රථයේ ගමන් ගත් පුද්ගලයෙකු තුවාල ලබා තිබුණි.

එම රෝගියා කොළොන්න පොලීසියට අනුයුක්ත කර ඇති 1990 ගිලන් රථයෙන් ඇඹිලිපිටිය දිසා මහ රෝහලට රැගෙන යද්දී යතුරුපැදිය එහි ගැටී තිබේ.

ත්‍රිරෝද රථයකට යතුරු පැදිය ඉස්සර කිරිමට යාමේදී 1990 ගිලන් රිය දැක කලබලයට පත් පැදිකරුට එය පාලනය කරගත නොහැකිව ගිලන් රථයේ ගැටී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව ද පොලීසිය පැවසුවේය. යතුරු පදිය පදවා ඇත්තේ මියගිය කාන්තාවගේ සැමියාය.

අනතුරින් තුවාල ලැබූ කාන්තාව ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලු කර තිබේ. ඇය මියගොස් ඇත්තේ එහිදී ය. 1990 ගිලන් රථයේ රියදුරු පනාමුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පනාමුර පොලීසියේ රථවාහන අංශය පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (1)

ගිලන්රියේ හැපුණු කාන්තාව මරුට

ravin Monday, 29 November 2021 11:33 AM

ඕක තමයි වාහන පදවන්නන්ගේ තියෙන ලොකුම ප්‍රශ්නය. මාර්ග නීති අනුගමනය නොකිරීම. යමෙක් තව වාහනයක් ඉස්සර කරනවිට පිළිපැදිය යුතු නීතිය හා ක්‍රමවේදය? ගිලන් රථයකට මාර්ගය නිදහස් කරදීම? අහිංසක අයෙකුගේ මරණය?

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 526 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2564 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1784 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 979 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1159 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 5344 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27367 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19632 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 388 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site