
(ප්රසාද් රුක්මල්)
හාලිඇල උඩුවර කන්දේ ගල්පර්වත උඩුවර 7කනුව නවකොලනිය ගම්මානයට කඩාවැටීමෙන් නිවසකට අලාභහානිවී ඇති අතර නවකොලනිය ගම්මානයේ පවුල් 15ක සාමාජිකයන් 46ක් නිවෙස්වලින් අද පස්වරුවේ ඉවත් කළ බව හාලිඇල ප්රාදේශීය ලේකම් නිර්මලා කුමුදුනී මහත්මිය පැවසුවාය .
මෙසේ උඩුවර 7 කනුව ඉහල කන්දේ ගල්පර්වත කඩාවැටීමේ දැඩි අවධානම නිසාවෙන් ඉවත්කළ පවුල් දැනට ඔවුන්ගේ නැදෑ නිවෙස්වල තාවකාලිකව නතර වී සිටින බවත් ඔවුනට අවශ්ය වියලි සලාක ආහාර ද්රව්ය ලබාදෙන බවත් ප්රාදේශීය ලේකම්වරිය සදහන් කළාය.
බදුල්ල දිස්ත්රික්කයට පතිතවන වර්ශාවත් සමග මෙසේ උඩුවර 7 කනුව නවකොලනිය ගම්මානයට ඉහල කන්දේ විශාල ගල්පර්වත පහලට කඩාවැටීමට පටන්ගෙන තිබේ.
වර්ශාවත් සමග තවදුරටත් කන්දේ ගල්පර්වත පහලට කඩාවැටීමේ දැඩි අවධානමක් ඇති හෙයින් මෙසේ මෙම පවුල් කීපය ආරක්ෂිත පියවරක් වශයෙන් නිවෙස්වලින් ඉවත්කර තාවකාලිකව ඔවුන් නැදෑ නිවෙස්වල ආරක්ෂිතව නතරවී සිටින බව හාලිඇල ප්රාදේශීය ලේකම් නිර්මලා කුමුදුනී මහත්මිය වැඩිදුරටත් සදහන් කර සිටියාය .
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිළධාරින් කණ්ඩායමක් අද (30) පස්වරුවේ උඩුවර 7කනුව නවකොලනිය ප්රදේශයට ගොස් එම ගල්පර්වත කඩාවැටුන කන්ද අවට පරික්ෂා කළ බැලු බවත්, වර්ෂාවත් සමග තවදුරටත් එම උඩුවර නවකොලනිය ගම්මානයට ඉහලින් පිහිටි උඩුවර කන්දේ ගල්පර්වත කඩාවැටීමේ දැඩි අවධානමක් පවතින බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ බදුල්ල දිස්ත්රික් ප්රධාන භූවිද්යාඥ හර්ෂනි පෙරේරා මහත්මිය පැවසුවාය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd