බැඳුම්කරයක් මත මුදාහල ගවයින් අට දෙනකු වෙනුවෙන් අධිකරණයට ගෙවීමට සිදුව ඇති රුපියල් තුන්ලක්ෂ පනස් දහසක දඩ මුදල සොයා ගැනීම සඳහා සත්ත්ව සුබ සාධන භාරයේ මාතර දිස්ත්‍රික් නියෝජිත හා මැද්දවත්ත නාගබෝධියේ මහ විහාරාධිපති අංගුන්න බදුල්ලේ ඥානදස්සි හිමියෝ මහජන මුදල් සම්මාදම් කිරීමේ ව්‍යාපාරයක් ඉකුත් සිකුරාදා (26) මාතර ඵෙතිහාසික බෝධීන් වහන්සේ අභියසින් ඇරඹුහ.
තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා උන්වහන්සේට රුපියල් පනස්දහසක් පිරිනැමීමට පොරොන්දු විය.
ඥානදස්සි හිමියෝ මෙසේ කීහ.
‘‘නිති විරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව තිහගොඩ පොලිසිය අත් අඩංගුවට ගත්තා. එම ගවයින් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී 2012 වසරේ අප්‍රේල් මස 02 වැනි දින සත්ත්ව සුබ සාධන බාරයට මා රුපියල් තුන් ලක්ෂ පනස් දහසක බැඳුම්කරයක් මත එම ගවයන් ලබාදුන්නා. නැවත වසර දෙකකට පසු ඒ ගවයින් ඉකුත් 10 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර තිබුණා. එම ගවයින් බිබිල ප්‍රදේශයේ පවුල් කිහිපයක් ගොවිතැනට යොදාගෙන සිටින බවට මාගේ නීතිඥයින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. ගවයින් අධිකරණයට ඉදිරිපත් නොකළ නිසා බැඳුම්කරය රාජ සන්තක කර එය දඩයක් ලෙස අය කරගන්නා බවත් දඩය නොගෙවන්නේ නම් මාස 6 ක ලිහිල් සිර දඬුවමක් මා වෙත ලබා දීමට අධිකරණය නියම කළා. එසේ නොවුනහොත් සිර දඬුවම් ලැබෙනවා. ගවයින්ට අභය දානය ලබාගැනීම පිණිස මුදල් එකතු කිරීමට සිදුවුණා.”
පළමු දිනයේ තවත් රුපියල් තිස්දහසක පමණ මුදලක් එකතුවී තිබුණි.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගව දඩේට සල්ලි හොයන්න හිමිනමක් පාරට බහී
කුමාර Monday, 29 September 2014 03:23 AM
බේරාගත් සතුන් අවුරුදු දෙකක් පන්සලේ තියාගන්න පුළුවන්කමක් නැහැනේ. ඇයි ඒක තේරෙන්නේ නැත්තේ. (නි)
සෙනරත් Monday, 29 September 2014 03:34 AM
හාමුදුරුවෝ ලොකුපිකමක් කරලා තියෙන්නේ. අපිටත් අදාරයක් කරන්න තිබුන බැංකු ගිනුමක අංකය පලකලානම්.(දී)
සෙනරත් Sunday, 28 September 2014 02:49 PM
ටිකක් අපැහැදිලි කතන්දරයක්. කෙසේ නමුත් මෙම ගවයන් ටිකමේ නැවත දවසක වෙනත් කෙනෙක් මරන්නට අල්ලාගෙන ගියොත් නැවතත් බේරා ගැනීමට මහා ජනතාවගෙන් මුදල් එකතු කරන්නට සිදු වෙනවා නේද? ගවයන් මුදාගැනීම යනු කිසිම විසඳුමක් නැති ගැටළු සහිත මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් බවට පත් වෙලා වගේ තමයි පෙනෙන්නේ. (දී)
වසන්ත Sunday, 28 September 2014 08:17 AM
මේ කටුත්තට සහයෝගය ලබා දීම යුතු කමක්. හරක් ලබා ගත් උදවිය හරියට ඒ කටයුත්ත කලාද කියා දන ගන්න කැමතියි (දී).
සාලිය Sunday, 28 September 2014 09:34 AM
මස් කෑමෙන් ශරීර දුරුවල වෙනවා (දී)
අශේන් Sunday, 28 September 2014 09:38 AM
තෙරුවන් සරණයි (දී)
රෝහණ Sunday, 28 September 2014 09:38 AM
මට නම් හිත ගන්න බැහැ මොකක්ද ඔය තීන්දුව කියලා. (දී)
ශෝභන Sunday, 28 September 2014 10:11 AM
ලොකු පින්කමක් (දී)
දයා අලහාකොන් Sunday, 28 September 2014 10:10 AM
අනේ කවුරු කවුරුත් හැකි පමණින් උපකාර කරන්න පිනක් ලැබෙයි (දී)
කසුන් Monday, 29 September 2014 01:54 AM
මේ ගැන මට නම් හරිම කණගාටුයි. හාමුදුරුවන්ට සාධාරණයක් වේ යැයි මම සිතනවා (නි)
චාමික Monday, 29 September 2014 02:24 AM
ගවයින් ටික උසාවියට ගෙනවිත් ඉදිරිපත් කළා නම් වැඩේ ඉවරයිනේ අපේ හාමුදුරුවනේ. එසේ නැත්නම් මෝසමක් මඟින් වෙනත් ළඟ උසාවියකට හෝ ඉදිරිපත් කරන්න තිබුනා. බැඳුම්කරයක් මත ලබාගත්තා නම් ඊට අනුව කටයුතු කරන්න වෙනවනේ. (නි)