රට කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී විවිධ අයුරින් අබාධයන්ට ලක්වූ විරෝධාර රණවිරුවන් රැඳී සිටිනා 'මිහිඳු සෙත් මැදුර' වෙත ගිය ගුවන් හමුදාධිපති 'එයාර් මාර්ෂල්' කෝලිත ගුණතිලක මහතා එහි රණවිරුවන්ගේ සුව දුක් සොයා බැලුවේය.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි රොෂානි ගුණතිලක මහත්මියද එහි ගියාය.
එහිදී ගුවන් හමුදා සංගීත කණ්ඩායම හා නර්තන කණ්ඩායම් විසින් නැටුම් ගැයුම් ඉදිරිපත් කළහ.
මෙම අවස්ථාවට රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරි 'එයාර් කොමඩෝර්' පි.ඩි.කේ.ටි ජයසිංහ, සේවා වනිතා ඒකකයේ සාමාජිකයෝ හා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ නිලධාරීහුද එක් වුහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලොකු පිනක්! (නි)
ඇත්තටම ඒ අයට ඕනෑ ආදරය සහ කරුණාවයි (නි)
අනේ රණවිරුවන්ට හැමදාම රෝද පුටුවේ ඉන්නේ නැතුව කෘතිම පාද ලබාදෙන්න අරමුදලක් නැද්ද? (නි)
අපි හැමෝම රණවිරුවන්ට ගොඩක් ආදරෙයි. ඔබේ කරුණාව ගොඩක් අගය කරමි . (නි)
හොඳ වැඩක් (අ)
මේ වගේ වෙලාවක තමයි එයාල අතර රැදී ඉන්න ඕනේ.(අ)
හොඳම හොඳ වැඩක් සියලුම දෙනාට තෙරුවන් සරණයි. (අ)
නෙතට කඳුළු උනනවා මේ සොහොයුරන් දැක්කම (නදී)
රට වෙනුවෙන් ජීවිතය කැප කල විරෝදාර අපේ රණවිරුවන්ට අපගේ උපහාරය සියලු දෙනාට බුදු සරණයි සියලු රැකවරණ ආරක්ෂජව ලැබේවා! (නදී)
ඔබ තුමාගේ ඔය පැමිණීමත් ඇති, ඒ අයගේ හිත් වලට. ගොඩක් පින්. (ස)
අදහස් මදි. බඩු මිල වැඩි කරොත් කී දෙනෙක් මේ පිටුව පුරවාවිද? (නදී)