නාඋල කොලොන්නගොල්ල ඇළ හරස්කර ඉදි කළ වේල්ලක් නිසා සේරුදන්ඩාපොළ ගොවි පවුල් 150කට ජලය නොලැබෙතියි ගොවීහු කොන්ක්‍රීට් වේල්ල කඩා දැමූහ.
විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සේරුදන්ඩාපොළ, හාඩුව ආදී ප්‍රදේශවල ගොවි ගෙවිලියන් විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.
නාඋල කොලොන්නගොල්ල ඇළ හරස්කර ඉදි කළ වේල්ලක් නිසා සේරුදන්ඩාපොළ ගොවි පවුල් 150කට ජලය නොලැබෙතියි ගොවීහු කොන්ක්‍රීට් වේල්ල කඩා දැමූහ.
විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සේරුදන්ඩාපොළ, හාඩුව ආදී ප්‍රදේශවල ගොවි ගෙවිලියන් විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මහජන මුදල් . කඩපු අය වහාම අත් අඩංගුවට ගත යුතුය.(දී)
කැකිරි, ඔයා ඒ පළාතේ හිටියා නම් වේල්ල කඩන්න යන්නේ නැද්ද? (නි)
මේ මිනිස්සු වගා කළේ නැත්නම් හම්බේ වෙයි කන්න. සමහරු මෝඩයෝ වගේ ලියලා තියෙන්නේ .සත්තුන්ට කලින් මිනිස්සු ජිවත් වෙලා ඉන්න ඕනනේ එක්කෝ ඒ මිනිස්සුන්ට මාර්ගයක් හදල දෙන්න ඕන .වේල්ල සාදන කාලේ වතුර තිබ්බ නිසා කතා නොකර ඉන්න ඇති . (ස)
සේන මහත්තයෝ සාමාන්‍යයෙන් අපේ ගොවින් දන්නවා වේල්ල බදින්න ඕන තැන වගේම බදින විදියත් ඉංජිනේරුවන්ට වඩා හොදින් (නදී)
රටක නීතිය ක්‍රියත්මක නොවීම හා රාජ්‍ය නිලදාරීන්ගේ නිලදාරී වාදයත් ගම්මුන්ගේ නොදැනුවත් කමත් මෙවැනි දේට බලපානවා. මේ හොරුව්ව මේ විදිහට කැඩීම වැරදි දෙයක් බවයි මගේ අදහස. සිද්දිය මා හරියට නොදනිමි (නදී)
ධම්ම කියන දේ හරියටම හරි. දෙපැත්තටම ප්‍රශ්න දේශපාලකයෝ කරන්නෙම මේ වගේ වැඩ. කිහිප දෙනෙක් සතුටු කරන්න වැඩි දෙනෙක් අමාරුවේ දානවා. හරි දේ කරන්න ඉඩ දෙන්නේ නැහැ. (නදී)
මිනිසුන් නීතිය අතට ගැනීම් එන්න එන්නම් වැඩිවෙනවා. හානිය ජනතාවටමයි. මේවා මහජන මුදල්. මේ ප්‍රශ්නය බලධාරීන් එකක් කතාකලේ නැද්ද? මොන එහෙකටද පදුරක් ගානේ මහජන නියෝජිතයෝ යයි කියා ගන්න කට්ටිය ඉන්නේ? ගොවි නියෝජිතයෝ වත් නැද්ද මේ පැත්තේ මේවා මොලේ ඇතුව විසදගන්න? (නදී)
ඇයි දෙයියනේ! ක්‍රිකට් ක්‍රීඩාංගනයක් විශාල මුදලක් වියදම් කරලා ඔය පැත්තට ලබා දුන්නා නේද? මේවා බලලා මේ අයට සතුටු වෙන්න බැරිද? (නි)
එක්කෝ වේල්ල බදින්න කලින් මේ ගොවියන්ට වතුර ලබා ගතහැකි ක්‍රම සකස් කළයුතුව තිබුනා අද ලංකාවේ ගොවිමහතුන්ව සතුන්ගේ තැනටත් වඩා පහලට දාලයි සමහරු අදහස් දක්වල තියෙන්නේ. අමාරුවෙන් හරි මේ ගොවිමහතුන් වග කිරීම අත්හැරිය දාට ලංකාවට මොනවා වෙයිද?. (දී)
හදන්න කලින් හදපු අය ගොවියන් සමග මේගැන අදහස් විමසුවේ නැතිද? හැදුවත් කැඩුවත් විනාසවෙන්නේ මහජන දේපොළ මය, නාස්ති උණු වියදම වරද කල අයගෙන් අය කර ගත යුතුය, (දී)
අයෙකුගේ ,දෙන්නෙකුගේ සුඛවිහරණයට වඩා වැඩි දෙනෙකුගේ ශුභ සිද්ධිය ගැන පරාර්ථ කාමී විය යුතුයි ! (දී)
බොහෝවිට මෙවැනි බැමි බැඳෙන්නේ ජනතා හෝ ඉංජිනේරු අවශ්‍යතා මත තීරණයවෙන තැන්වල නොවේ. ප්‍රදේශයේ දේශපාලකයා තීරණය කරන තැන්වලයි. මේ එහෙම තැනක් වෙන්නත් පුළුවන්.(දී)
සත්‍යපාල මහත්තයා මොනවා කියනවාද මන්ද, ඔය බෝඩ් එල්ලගෙන ඉන්න මිනිස්සු අතරේ වාරිමාර්ග ඉංජිනේරුවෝ ඉන්නවාද ඕව දැනගන්න , ඉංජිනේරුවෝ පඩි අරගෙන ගෙදරට වෙලා හිටපුවාම හරියනවාද? (දී)
එක්කෝ හදන්න කලින් කියන්න ඕනේ (දී)
අනේ මෙහෙමත් මිනිස්සු සෝදා පාළුව අඩු කරන්න වේල්ල බැන්දේ ,වතුර ටිකක් හරි රැඳිලා තිබ්බ සතෙකුට වත් බොන්න දෙන් එකත් නැහැ (දී)
කියලත් බෑ, නොකියත් බෑ, හ්ම්ම්මම් (දී)
ඇත්තටම මේ වේල්ල බැදිමේ පරමාර්ථය සහ එයින් බලාපොරොත්තු වන අනාගත සුභ සිද්ධීන් මිනිසුන්ට කලින් හදුන්වා දිය යුතුව තිබුණා. මෙයාල මේක කැඩුවට මෙයින් මීට වඩා යහපතක් ද සමහර විට සිදුවන්න තිබුණා. මොනවාද වෙන්නේ කියා බලන්න ඕන. (දී)
හරියටම දන්නේ නැතිව මොනවත් ලියන්න බෑ (දී)
වේල්ල බදිනකම් බලාගෙන හිටියේ ඇයි, එහෙනම් අද කඩන්න මහන්සිවෙන්න ඕනත් නැහැ රටේ සල්ලි ටික නාස්ති වෙන්නෙත් නැහැ .(දී)