වහාම බලපැත්වෙන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල මහින්ද රාජපක්ෂ ජනපති නියමයෙන් රුපියල් 250කින් අඩු කරන බව රජය කියයි.
ගෑස් සිලින්ඩරයක දැන් මිල රුපියල් 2396කි.
වහාම බලපැත්වෙන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල මහින්ද රාජපක්ෂ ජනපති නියමයෙන් රුපියල් 250කින් අඩු කරන බව රජය කියයි.
ගෑස් සිලින්ඩරයක දැන් මිල රුපියල් 2396කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ කිට්ටුවෙනකොට තව ගෑස් බහියි වගේ?(අ)
පව් ! (අ)
මේ පාර නම් මාර බයවිල්ලක් බය වෙලා ඉන්නේ.(අ)
ප්‍රමාද වැඩියි.(අ)
ලංකාවේ මෝඩයෝ ඉන්න කියල හිතනවද දන්නෑ දැන් මාස ගාණකට කලින් අඩු වුණා තව හොඳ හොඳ ඒවා ඉස්සරහට(අ)
ආ..... අර අපි වැඩිකරපු ගාන වෙන්ට ඕනෑ එතුමා අඩුකරේ. මැතිවරණයක් ඔන්න මෙන්න වගේ. (අ)
අපිට හැමදා ඡන්දෙ ඕනා. එතකොට මාර ආතල්. අැයි මහත්වරුනේ මෙච්චර කල් අපිව සුරා කෑවේ?(අ)
මැතිවරණය ළඟ වුණත් ගෑස් අඩුකිරීම නිසා ටික කලකට හෝ දර පැලීම නතර කළ හැකියි, යන්තම්! (නි)
අපේ පළාතේ ගෑස් ඒජන්ත ප්‍රභූ වරයෙක් නිසා වේලාසනින් පරණ ස්ටොක් එක විකුණා ගන්න ඇති. මැතිවරණය ළඟ උනත් 250 '= අඩුකිරීම නිසා ටිකකලට හෝ දර පැලීම නතර කල හැකියි යන්තම් (නදී)
අනේ හැම මාසයකම ඡන්ද තියෙන්ඩ ඕනේ (නදී)
ගෑස් මිල බැස්සුව ඌව ජනතාවට මගේ උත්තමාචාරය (නදී)
ඡන්දෙ ලංවෙනකොට තව සෙල්ලම් බලාගන්න පුළුවන් වෙයි. එක අතකට මේක ජනතාවට හොඳයි. දේශපාලකයෝ දැන් දැනගෙන තියෙනවා ඡන්දෙකට දින කීපයකට කලින් බඩු මිල අඩු කරලා වැඩක් නෑ කියල. තව කාලයක් ගිහාම ඒ ගොල්ලෝ ඉගෙන ගනී පාලන කාලය පුරාම සහන දෙන්න. ඒක රටට ගොඩක් හොඳයි. (නදී)
දෙන දේ සතුටින් ගන්න ඡන්දෙත් එක්ක පටලවා ගන්නේ නැතිව. (නදී)
ඡන්දෙන් පස්සේ 2500 කින් වැඩි කරන්න හිතාගනද 250 කින් බැස්සුවේ. අපිනම් රැවටේවී ඔව්වට. අනිත් අයියා අපිට චුයින් ගම් දෙනවා කියල තියෙන්නේ බුලත් විට වෙනුවට. (නදී)
පාලකයිනි, පාඨක ප්‍රතිචාර කියවන්න. ඔබ යන මාර්ගය කෙරෙහි ඇති අප්‍රසාදය මැනගන්න. තවත් අප රැවටිය නොහැකියි. (නි)
මාර වැඩේ , වැඩිකරන්නේ ඇමති .. අඩුකරන්නේ ජනාදිපති. ආශ්චර්ය කියන්නෙ මේකටද?(අ)
තවත් ඡන්ද ප්‍රතිපලයක් (අ)
ස්තූතියි ඌව...ස්තූතියි හරින්............(අ)
මම ප්‍රර්ථනා කරන්නේ වසරකට වරක් ජනාධිපති ක්‍රමයක් ගෙන්න පුළුවන් ක්‍රමයක් අැතිකොරන්න ඕන එතකොට චන්දෙ කිට්ටු වෙනකොට බඩු මිල පහත හෙලනවා ජනතාවගේ ජීවන බර ටිකකාලෙකට හරි අඩුවෙනවනේ
අපිව නැත්තට නැති කරලා දැන් සීනිබෝල පැණි වළලු දෙන්න එනවා මම හිතන්නේ නැහැ ඕව කූඹි කෑවත් මෙදා පාර කූඹියත් ඉන්නේ රිදෙන්න විදින්න බලාගෙන එ්ක නිසා දැන් ඒවත් දීලාම යන්නකෝ(අ)
ඡන්දයක පෙරනිමිති පෙනෙනවා (අ)
ස්තූතියි. ඒ වුණාට සොරි හොඳේ (නි)
විපක්ෂයෙන් ඉල්ලන දේ රජයෙන් ලැබෙනවා නම් විපක්ෂයක් බලයට පත්කිරීම අවශ්‍ය නැහැනේ.මේ රජයම අපට හොඳයි. (නි)
එහෙනම් මෙච්චරකල් අඩුකරන්න පුළුවන්කම තිබිලා තියනවා. මහත්වරුනේ, අපේ දුක මෙච්චරකල් තේරුනේ නැද්ද? අපි හරි දුප්පත් . අපේ දරුවොත් එක්ක අපි ජීවත්වෙන්න පුදුම දුකක් විඳින්නේ. (නි)
දැන්නම් හොඳටම ගෑස් බහිනවා වගෙයි (නි)
මහින්ද මැතිඳුනි, මෙවන් සංවර්ධනයක් කරන ඔබ අපහට ලබාදෙන සහන වලට ඔබට පින්! (නි)
මේ සැරේ නම් හොඳටම අමාරුයි වගේ (නි)
මේ නියෝගයෙන්ම තේරුම් ගන්න පුළුවන් ගොඩක් දේවල් (නි)
ගෑස් මිල ගොඩක් වැඩිවෙලා තිබුනද? මට නම් මුකුත් මතක නැහැ. (නදී)
ඡන්දෙන් පස්සේ ඕවා වැඩි කරන්නේ පස් ගුණයකින්. (නදී)
මොන රජයද ජනතාව ගැන හිතල වැඩ කලේ. මේ රජය වෙනත් මේ රට පාලනය කල රජයන්ගෙන් වෙනස් වන්නේ මේ කරණය නිසා. ලැබෙන කුමන ආකාරයේ සහනයන්, පරිත්‍යාගයන් දෙසත් සුභවාදිව සිතීම රටවැසියාගේ යුතුකම ලෙස සිතමු. (නදී)
ශ්රී ලංකාවේ තියෙන්නේ පුදුමාකාර ඡන්ද ක්‍රමයක් (නි)
2004 දී රුපියල් අටසිය ගානකට තිබුන ගෑස් සිලින්ඩරය 2400ක් වෙන්‍තුරු වැඩිකරලා, දැන් 250කින් අඩුකරලා... දැන් කියනවද ඔන්න අඩුකළා මෙන්න අඩුකළා කියලා? අඩු කරනවා නම් 1650කින් අඩු කරන්න. එතකොට අඩුකළා කියලා මිනිසුන්ට තේරේවි. දැන් ඉන්නේ 18 වැනි සියවසේ මිනිස්සු නෙමෙයි.අපොයි අපි ගැන හිතාගෙන ඉන්න හැටි! (නි)
තව ටිකක් පහුවෙලා අපිට, "ආපිට ගෑස් පිටවෙන්න" දෙයිද දන්නෙ නැහැ (නි)
අයියෝ! අැයි දැන් මේවා කරන්නේ? මීට කලින් නේද මේවා කරන්න තිබුනේ? අස්සයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩ නැහැ නේද? (නි)
ඡන්දදායකයිනි, අපි පෝළිමේ නොසිටම ඡන්දය දෙමු. (නි)
ඔක්කොම බරපැන මහජනතාව මතටම නොදමා මේ දේවල් මීට කලිනුයි කරන්න තිබුනේ (නි)
සමහරු වැඩි කරනකොට බනිනවා. අඩු කරනකොට වෙන කතා (නි)
අපේ අක්කා මම අවුරුද්දකට සැරයක් ගියාම අරගෙන දෙන ගෑස් සිලින්ඩරය තමා මම අනිත් අවුරුද්දේ යනකොටත් තියාගෙන ඉන්නේ. පුදුම දුකක් හිතෙන්නේ. හොඳ වෙලාවට වත්තේ දර පොල් කොළ තියෙනවා. ඒවා දදා දුම් පිඹ පිඹ උයනවලු. (නි)
විපක්ෂය නම් මේවා නෙමෙයි බලාපොරොතු වෙන්නේ. (නි)
අනේ කොච්චර එකක්ද? (නි)
මොන දේ කළත් බනින මිනිහා බනිනවා. (නි)
දැන් අපි එක වේලක් කන්න පුරුදුවෙලා තියන නිසා ගෑස් මිලේ නම් එතරම්ම ප්‍රශ්නයක් තිබුනේ නැහැ. කට්ටියට මතක ඇතිනේ එක පාරක් ලයිට් බිල වැඩි වුණ එකේ සතුටටත් අපි පෙළපාලි ගියා. ඒ දේශප්‍රේමිත්වය තවම තියනවා. (නි)
රන්ජිත්, මේවට බය වෙන්න ඕනෑ කට්ටියකුත් ඉන්නවා (නි)
ඡන්ද හැමදාම තියෙනවා නම් හොඳයි කියල හිතෙනවා. මෙහෙම බුඩු මිල, ලයිට් බිල, පැට්‍රොල් බිල, අනේ මන්ද මොලේ කචල් වෙළද නැහැ නැහැ බය වෙලා තියෙන තරම තමයි මේ සැරේ මොනවා අඩු කලත් ඔය ඡන්ද ගුණ්ඩු වලට අහු වෙන්න තරම් දැන් නම් රටේ මිනිස්සු හරක් නෙවෙයි මොනරාගල ඇරුනම. (අ)
ඡන්ද හැමදාම තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා.මෙහෙම බඩු මිල, ලයිට් බිල, පැට්‍රල් මිල.... අනේ මන්දා! (නි)
මේ සැරේ නම් සැබෑ වෙනසක් වෙයි වගේ (නි)
ඔහොම යන් ඔහොම යන් තව දේවි.මොකද ඡන්දය ළගයිනේ.(අ)
එක්සත් ජාතික පක්ෂයට ජයවේව (අ)
මෙතන අදහස් දාන මහතුරුන්ගේ ආණ්ඩු කලේ පුදුම සහන නේ මිනිසුනට දුන්නේ..මේවා මොනවද (අ)
මහජනයාට බෝතලේ සහ 2500/- දුනොත් හොඳටම ඇති(අ)
ගෑස් අඩුකළාට ගරු ජනාධිපතිතුමාට ස්තුතියි. එහෙත් තව 250කින් අඩුවුණා නම් හොඳයි. සියලුම අහාර වර්ග, බෙහෙත් වර්ග, පොදු ප්‍රවාහන සේවා 50% කින් අඩු වුණොත් මිනිස්සු නැවත ආණ්ඩුවට 60% ඡන්දෙ දෙනවා. තවද පාන්පිටි, වතු කම්කරුවන් සඳහා සහන, සියලුම මත්වතුර මිලත් අඩු කරන්න අමතක කරන්න එපා. පඩි වැඩිවීමක් අවශ්‍ය නැහැ.අපේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩුකළොත් මුළු පොදු ජනතාවම ආණ්ඩුව වටා හිටගන්නවා නියතයි. අපේ ආණ්ඩුවට ජය නියතයි. (නි)
ඇයි එක නෝනෙක් බීර අඩුකලේ ? (නදී)
හැම දේම අඩු කල එකේ පාන් පිටි මිලත් අඩු කලොත් නේද හොඳ (නදී)
අඩු කරණ කොටත් කෑ ගහනවා. වැඩිකරන කොටත් කෑ ගහනවා. මොනවා ලියන්නද මන්දා. (නදී)
මේ මදි . හැමදෙයක්ම අඩුකරන්න සහල් මිල පරිප්පු තෙල් මිල ගෑස් තව අඩුවෙන්න ඕනි. සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කලොත් තමයි අපි ඡන්දෙ දෙන්නේ. හැබැයි එක්සත් ජාතික පක්ෂය අවොත් මුළු ඔක්කොම බඩු මිල 50% කින් අඩු කරනවා කීවා. අධ්‍යාපනයට 6% ක් වැයකරනවා කියනවා. අපි දැන් හිතන්නේ විපක්ෂය ගැන තමා. ගිය වසර කිහිපය තුල අපි ලොකු පීඩනයකට ලක් වෙලා හිටියේ මේ ලැබෙන පඩියෙන් කොහොම ජීවත් වෙන්නද ? (නදී)
මැද පෙරදිග සහ ඉන්දියාවේ වෙන්නේ රුපියල් 550 යි. ලංකාවේ තමයි බඩු මිල වැඩිම රට එ්කනේ අපි ලංකාවට එන්න කැමති නැත්තේ (නදී)
හාල් සේරු දෙකට ඇට අටට 3.50 හේ පාන් වලට අපි ආණ්ඩු හදල තියෙනවා. කෑම ප්‍රධානම දෙයක් තමයි. ඒත් කන්න බලාගෙනම ආණ්ඩු හදනවද කියල මම මගෙන්ම අහනවා (නදී)
මෙච්චර කල් ගෑස් වලින් ගසාගෙන කාලා දැන් මොකද මේ ජනතාව ගැන මෙච්චර අනුකම්පාව. (නදී)
150 ඉන්න ඇමති මණ්ඩලේ කාටවත් හිතුනේ නැහැනේ ගෑස් මිල අඩුකරන්නත් අනෙකුත් අත්‍යවශ ද්‍රව්‍ය වල මිල අඩුකරන්න. නමුත් ජනාදිපති තුමා පමණයි දන්නේ ජනතාවගේ ජීවන බර. (නදී)
ඡන්දෙට නෙමේ මොකට හරි කියක් හරි අඩු කරපු එකට අපි කැමතියි. (නදී)
ගයාන් මල්ලීගේ ඉල්ලීම නම් අගෙයි. ගෑස් මිලට සමගාමීව පිටි මිලත් අඩු කළා නම් ඉඳල හිටලා කොත්තු රොටියක් වත් අඩු මිලට කන්න ලැබෙයි ! (නදී)
ඕක මේ ටිකේ කොයි වෙලේ හරි මිල බස්සනවා කියල මම හිතාගෙන හිටියා වගේම මිල බැස්සුවා. ඒ වගේම තමයි ආය ජනවාරි මැද අග හෝ පෙබරවාරි මාසය වෙද්දී රුපියල් 750 කින් මිල නග්ගනවා සහතිකයි. එතකොට මේ මාස තුනේ අහිමි උන ලාබය එක මාසෙන් ආණ්ඩුව හොයාගන්නවා ... කොහොමද ටිකිරි මොලේ ..(නදී)
මෙහේ ගෑස් සිලින්ඩරයක මිල ඩිරම්ස් 20 යයි. ඒ කියන්නේ රුපියල් 700 යයි. ලංකාවේ කොහොමද රුපියල් 2640 ක් වුනේ? (නදී)
බෙනට්, ලංකාවේ සියලුම බත් කන මිනිසුන්ට මොලේ පෑදේවා කියල ප්‍රාර්ථනය කරනවා. (නදී)
පද්මිණි.හොද වෙලාවට අපිත් මිනීමරු ප්‍රබාකරන් මැරුව දවස් වලදීම රට පැන ගත්තේ. ලංකාවේ හිටියා නම් වහ කන්න සිද්ද වෙන්නේ බඩු මිල ඉහල ගිය විදිහට. ගිය අවරුදු 3-4 ගැනනම් කතා කරනකොටත් දුකයි. රටේ බහුතරයක් මිනිස්සු දවසට වේලක් කන්නෙත් බොහොම අමාරුවෙන්. මම මගේ පවුලේ ගොඩක් දෙනෙකුට උදව් උපකාර කරන නිසා ඒ මිනිස්සු යන්තම් හෝ කාල ඇදල ඉන්නවා. එක්කෙනෙක්වත් රට ඉන්නේ නැති පවුල් ලංකාවේ දස දුක් විදිනවා. ඒකයි සත්‍ය. (නදී)
මිනීමරු ප්‍රබකරන්ට අවරුදු 35 කදී කරන්න බැරි වුන සංවර්දනයක් මේ අවරුදු 3-4 තුලදී රටට කරලා තිබෙනවා. මොලේ කළදක් තිබෙන ඕනෑම කෙනෙකුට වුනත් ඒ වෙනස තේරෙනවා. (නදී)
"ගෑස් මිලට සමගාමීව පිටි මිලත් අඩු කළා නම් ඉඳල හිටලා කොත්තු රොටියක් වත් අඩු මිලට කන්න ලැබෙයි !" ලංකාවේ බහුතරයකගේ තියෙන්නේ මොන තරම් අසරණ බලාපොරොත්තුද කියල බලන්න. (නදී)
පියුමි, ඉදිරියේදී නම් බෝතලේ සහ 2500/- දීල ඡන්දෙ ගන්න ටිකක් අමාරු වේවි. (නදී)
ඉස්සර අපි ලංකාවට යනකොට අරගෙන ගියේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ. දැන් ලංකාවට යනකොට අරගෙන යන්නේ කිරිපිටි, හාල්, සීනි , පරිප්පු, කරවල....... හරියට ඉතියෝපියාවට සෝමාලියාවට,කෙන්යාවට,බන්ගලිදේශයට ගොඩ බහින්න යනවා වගේ. රේගුවේ මහත්වරු පෙට්ටිය වටේ කැරකිලා ඒකටත් බදු ගහනවා. ඉදිරියේදී හුස්ම ගන්නත් ලංකාවේ බද්දක් ගහයි කියලයි මට හිතෙන්නේ (නි)
චන්ද්‍රිකා නෝනා ජනාධිපතිවරණයට එනවා කියලා කියන්නෙත් නැතුව මෙහෙම නම් තරඟ කරන්න එනවා කියලා කිවුවා නම් කොහොම තියේවිද?මට මැවිලා පේනවා. (නි)
සෞදියේ ගෑස් එකක් වෙන්නේ රියාල් 15යි. ඒ කියන්නේ රුපියල් 520 යි. ලංකාවේ හැම එකම ගිනි ගනන්. ලංකාවට වැඩිය මෙහි සහල් එළවලු මාලු ලාබයි. (නදී)
තවත් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු පත් කොරල තියෙනවා. අපි දන්නෙත් නැහැනේ. මොකෝ කුඹුරෙන් එන අාදායමෙන් පඩි ගෙවනවා කියලද? (නදී)
ඉන්දුනී, ලංකාවේ හරි අඩකට වඩා ඉන්නේ කොහොම අයද කියලා හොඳට දන්නා නිසා තමයි මෙහෙම කරන්නේ . (නි)
ළඟදි ලංකාවේ යාලුවෙක් එක්ක කතාකළා. පාර අතුගාගෙන හරි ඉන්න රටටම වෙලා ඉන්න කිව්වා . කන්න බොන්න බිල් ගෙවන්න අත්‍යවශ්‍ය වියදම් ආවාම බෙල්ලේ වැල දාගන්න හිතෙනවලු. ආදි ශිෂ්‍යයෙක් වෙලත් පාසලට ළමයින් දාගන්න බැරි වුණ නිසා දරුවන්ව පුද්ගලික පාසලකට දැම්මලු. ජීවන යුද්ධය ගැන කතා කරලා වැඩක් නැහැ කිව්වා. (නි)
සුනෙත්, කලින් ආණ්ඩු වලට වඩා වෙනසක් ඕනෑ නිසා තමයි අපි ඡන්දෙ දුන්නේ. දැන් අනාදිමත් කාලයේ ඉඳලා මෙහෙමයි කිය කියා ඉඳලා හරි යනවද? අපිට කියනවා ගෙවල් වල පටි තද කරගන්නවලු. අඩු ගානේ තමන්ගේ ආසනේ පැත්තේ අවුරුද්දකට පාරක්වත් යන්නේ නැති කට්ටියක් තියාගෙන නඩත්තු කරනවා. මේවා මොන දෙවියන්ට කියන්නද? (නි)
ඔන්න තියෙනවා සහන මදි නොකියන්න (නි)
මා ජීවත්වන රට ඕස්ට්‍රේලියාවයි. එය ධර්මද්වීපයක් නොවේ. මෙහි දෙශප්‍රේමීන් සොයා ගැනීමද අපහසුය. නමුත් නීතිය සැමටම සමානය, සැම පුරවැසියෙක්ම නීතිය කඩකිරීමට බියක් දක්වයි.පසුගිය වසර පහ ඇතුළත නොවෙනස්ව පවතින අත්‍යාවශ්‍ය භාණ්ඩ කීපයක මිල ගණන් මෙසේය.(රුපියල් වලට හරවා ඇත) බාස්මති සහල් 1කි.ග්‍රෑ. - රු. 250, පිටි 1කි. - රු. 85,සීනි 1කි. - රු. 105, කිරි පිටි 1කි. - රු. 708, කුකුල් මස් 1කි. - රු. 500.... එක් පුද්ගලයෙකුගෙ සාමන්‍ය මාසික වැටුප රු. 350,000 පමණ වේ. මීට අමතරව එක් දරුවෙකුට මාසිකව රු. 50,000 පමණ දීමනාවක් රජයෙන් ගෙවනු ලැබේ. ළමුන් 2ක් සිටින පවුලකට රු. 100,000 ක් මාසිකව ලැබේ. (නි)
එතකොට කඩවල්වල ආප්ප ,රොටි, කොත්තු ආදී දේවල මිල ගණන් අඩුවේවිද මහත්තයෝ? (නි)
ආප්ප ,රොටි , කොත්තු හදන්නේ පිටිවලින් නිසා ඒවා නම් අඩුකරන්න අමාරුවෙයි (නි)
නිලංග, මම ඉගෙන ගත්තු ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලකට මගේ දරුවාව දා ගන්න රුපියල් ලක්ෂයක් දීලාවත් බැරි වුනා. ඒ නිසා අඩුම මුදලට පුටුවක් විකිනෙන පාසලකට ලක්ෂයක් දීල දාගත්තා. ඒ පාසලේ ගුරුවරු නැහැ. දැන් තව ලක්ස 2-3 නක් දීලයි ගුරුවරු ඉන්න පාසලකට දා ගන්න වෙන්නේ. 5 වසර ශිෂ්‍යත්වයෙන් 199-198-197 ගත්ත කියල ගම්බද පාසල් හුවා දක්වන්නේ කොලඹ තිබෙන පාසල් වලට තිබෙන ඉල්ලුම අඩු කිරීමටයි. හැම දෙයක්ම මුදලට විකිනෙන රටක්. හරිම දුකයි. (නදී)
ඇමති මණ්ඩලය අඩුකරනවා කියලා කරන දේවල් දැක්කම මට නම් ඇතිවෙන්නේ හරිම කළකිරීමක් (නි)
පරාක්‍රම, මුලින් කියපු දේවල් හරි. මාසිකව දරුවෙකුට රජයෙන් ලැබෙනවයි කියන දීමනාවේ ගණන් හිලව් වැරදියි. (නදී)
"මොන රජයද ජනතාව ගැන හිතල වැඩ කලේ." ඔය කීවේ උදේ පාන්දරින්ම (නදී)
පරාක්‍රම දැන් ඔබ සඳහන් කල ඕස්ට්‍රේලියාවේ ආදායම රුපියල් වලින් දැක්ක ගමන් ලංකාවේ උදවිය හිතනවා ගෙවල් වලට නෑදෑයන්ට එවන්නේ එහෙ ඉන්න අයෙකුගේ ආදායමෙන් කොච්චර සුළු ගානක් ද කියලා. ඒ නිසා ඊට සමගාමිව වියදම් පාර්ශ්වයත් තව ටිකක් දැම්ම නම් හොඳයි. රුපියල් ගාන දැක්කම ලංකාවේ ආදායමට සංසන්දනය කරන්න පටන් ගනීවි අපේ කට්ටිය. (නදී)
සෞදියේ පිටි කිලෝ දෙකම රුපියල් 120 යි. ලංකාවේ එක කිලෝවක් 120 යි (නදී)
මට හරිම දුක අපි කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්න සල්ලි හම්බ කරන්නේ සමහර වෙලාවට අපිට රුපියලක් උනත් කොච්චර වටිනවද. (නදී)
පරාක්‍රම...ඔබ තුමා රජයට ගෙවන බදු වල ගණන් හිලුත් දැම්ම නම් වටිනවා. ඔච්චර හොඳ කියන රටේ ඔබ තුමා කීවෙනි පන්තියේ පුරවැසියෙක්ද කියලත් දැම්මා නම් වටිනවා. මේවා අහල තමා පන එපා කියල මිනිස්සු යන්න හදන්නේ. (නදී)
මම ඉන්න රටේ තිබෙනවා වියට්නාම් ජාතික ගොවියන් ගේ ඉරිදා පොලක්. ගිය සුමානේ හොඳ බී ලුණු ගෝනියක් ගෙනාව ඩොලර් 2යි. නැවුම් දියර කිරි ලීටරයක් ඩොලර් 1යි. ඇපල් මල්ලක් ඩොලර් 1යි. මිල වැඩි වුනත් මෙහෙ කුණු වෙච්ච එළවලු පලතුරු කෑම විකුණුවොත් අමාරුවේ තමයි. ලංකාවේ ඉන්න මගේ අසනීප වුන නැන්දා කෙනෙකුට ඕන් ලයින් ගෙවලා පලතුරු බාස්කට් එකක් යැව්වා. දෙවියනේ නැන්දාගේ පුද්ගලික රෝහල් ගාස්තුවටත් වඩා ලංකාවේ මුදලින් පලතුරු ටික. (නදී)
ප්‍රියන්ත පන්තිය බලන්න ගිහිල්ල තමයි ලංකාවේ සමහර මිනිස්සුන්ට මේ ටික වෙලා තියෙන්නේ. උද්දච්ච කමට අතට ලැබුන සුළු රැකියාවක් වත් කරන්නේ නැහැ. ඊළඟට ආණ්ඩුවට බනිනවා රස්සා නැහැ කියල. පන්තිය තිබුනට වැඩක් තියේද බඩ පනුවන් බොක්සින් ගහන කොට. දරුවන්ට හරි හමන් පාසැලක් නැහැ. විදුලි බිල එනකොට පපුවේ අමාරුව එනවා. ප්‍රියන්ත මොන පන්තියේද කියන්නකෝ. ලංකාවේ තුන් වේල කන එකම පන්තිය දේශපාලක පන්තිය විතරයි කියල නොදන්නා කෙනෙක් නැහැ. (නදී)
ප්‍රියන්ත මම නම් දන්නා හැටියට ඕස්ට්‍රේලියාවේ කිසිම පන්ති භේදයක් නැහැ. ආයතනයේ ලොක්කත් කම්කරුවත් එකම මේසේ කෑම කන්නේ. අගමැතිතුමාත් බයිසිකලයකින් ගමන් බිමන් යන අවස්ථා තිබෙනවා. කඩයකට ගියාම හැම දෙනෙකුටම එකම සැලකිල්ල. නීතිය හැමෝටම එකයි. අගමැතිගේ දුවලාට එකකුත් සාමාන්‍ය කෙනාගේ දුවලාට තව නීතියකුත් නැහැ. මම දන්නේ නැහැ ප්‍රියන්තට ලංකාවේ කම්බි ලේන්සුව අතට අරගෙන කවුරු හරි පාරේ යනකොට කාණුවට බහින්න වුනාද කියල. අනේ එහෙම නම් හරිම කනගාටුයි. හිතේ අමාරුව මට හොඳට තේරෙනවා. (නදී)
ලංකාවේ මිනිස්සු බද්දටත් වංචා කරන නිසා තමයි පොදු පහසුකම් මහජනතාවට අහිමි වෙලා තියෙන්නේ. රජයටත් ලැබිය යුතු ආදායමක් නැති වෙනවා. මතකනේ වැට් බද්දට වුනදේ. ප්‍රියන්ත ලජ්ජා නැතිව අනෙක් මිනිස්සුන්ගෙන් ගෙවන බද්ද ගැන අහනවා. ආරංචියේ හැටියට ඒ රටවල ගන්න බද්දට හරියන්න මිනිස්සුන්ට ඉස්තරම් පොදු පහසුකම් රජයෙන් සලසනවා. ප්‍රවාහන සේවාව හරියට නියමිත වෙලාවට තියෙනවා. සෞඛ්‍ය පහසුකම්, විදුලි බලය, අධ්‍යාපනය. අනේ මන්ද ප්‍රියන්ත බ්‍රහ්ම ලෝකෙද ඉන්නේ. රටකට සාධාරණ බදු ආදායම් අවශ්‍යයි කියල දන්නේ නැති වෙන්න. (නදී)
චන්දන, හැමදේටම රජයට බැනල වැඩක් නැහැ. තමන්ගේ අදායමට නොගැලපෙන වැඩ කරපු අය තමා බහුතරක් දොස්මුර දා ගෙන ඉන්නේ. ඔබතුමා කියන පන්තිය නෙමේ මෙතන කතා කලේ. මොන කතා දැම්මත් ලංකාවේ කෙනෙක්ට මෙහෙ තියන පිළිගැනිම වෙන රටක නැහැ (නදී)
වීරසිංහලා වගේ ඡන්ද දායකයෝ ඉන්නකන් අපේ ජනාදිපති තුමා බය වෙන එකක් නැහැ. (නදී)
ලංකාවේ ඉඳගෙන හොරකම්, බදු වංචා නොකර පගා නොගහා, තමන් දන්නා වෘත්තීය කුසලතාවක් උගත්කමක් අරගෙන පිටරට ගිහින් හරි ජීවත්වෙන එකට කාටවවත් වැරැද්දක් කියන්න බැහැ. මෙහෙ ඉඳගෙන කඩපිල් ගානේ රස්තියාදු වේවී, එහෙම නැත්තම් රස්සා නැහැ කියලා ආණ්ඩුවට බැන බැන ඉන්නවට වඩා ඒක නම්බුයි. ප්‍රියන්ත, කුහක වෙන්න එපා. ඔබ ඔය කියන පන්තිය දැන් කිසිම දියුණු රටක නැහැ. (නි)
ප්‍රියන්ත,මම ඔබගේ දැනුම ගැන කනගාටු වෙනවා. ඕස්ට්‍රේලියාවේ ,ලංකාවේ වගේ පන්ති භේදයක් හෝ ජාති භේදයක් නැහැ. හැමෝම ආමන්ත්‍රණය කරන්නේ පළමු නමෙන්. නෝනා මහත්තයා, වගේ වචන වෙළඳ සේවකයින් පමණක් තම ආචාරශීලී බව පෙන්වීමට කලාතුරකින් භාවිතා කරනවා. පරාක්‍රම කියපු ආදායම අතට ලැබෙන්නේ ටැක්ස් වශයෙන් රුපියල් පනස් දහසත් හැට දහසත් අතර මුදලක් රජය කපාගත්තාට පසුවයි. ලාංකිකයන් බහුතරයක් හොඳ රැකියා කරන අතර මසකට රුපියල් ලක්ෂ හත අටක් අතට ගන්න අය ඕනෑතරම් ඉන්නවා. එතකොට මාසික ආදායම ලක්ෂ දහයක් වෙන අතර ටැක්ස් පමණක් ලක්ෂ තුන පනිනවා. (නදී)
මගේ නම් පිටරට ඉන්න ලාංකිකයන් කෙරේ කිසිම අප්‍රසාදයක් නැහැ. තමන්ට රැකියාවක් ආදායමක් මෙහෙ නැති නම් තියන තැනකට ගිහින් රට බරක් නොවී ඉන්න එක වැදගත්. (නදී)
ප්‍රියන්ත, මගේ ළමයාව ආණ්ඩුවේ පහසුකම් ඇති පාසලකට දාගන්න බැරුව පුද්ගලික පාසලකට ලක්ෂ 3ක් දීමට සිද්ධ වුනා. පිටරට ඉන්න මගේ අක්කට පින් සිද්ධ වෙන්න තමයි දරුවා දැන් පහසුකම් ඇති පාසලකට යන්නේ. කෝ ඔය කියන පිළිගැනීම ? නෝනා ආදී සිසුවියක් වෙලත් මගේ දුව ඇගේ පාසලේ ඇතුලත් වීමේ ලැයිස්තුවෙන් කැපුනා. (නදී)
මේවා දැකලා ඡන්දය දෙන අය ඉන්නවා තවම.ඒකයි දුක (නි)
ආණ්ඩුවට බැන බැන ඉන්නවට වඩා නරකද පිටරට ගිහින් හරි මහන්සියෙන් ආදායමක් උපයාගැනීම. මම නම් ඉන්නේ ලංකාවේ. හැබැයි මට ඔය ප්‍රියන්ත කියන පිළිගැනීම හොඳට ලැබුනා අපේ අම්මාගේ පෙන්ෂන් එක හදාගන්න රජයේ කන්තෝරුවකට ගිය වෙලාවේ. (නි)
එහෙනම් ඕස්ට්‍රේලියාවේ ඉන්න අයට මොකුත් ප්‍රශ්නයක් නැතුව ඇතිනේ. (නි)
අපිට මොකද කවුරු පිටරට ගිහින් මොන පන්තියේ හරි ඉඳගෙන ආදායමක් සොයාගත්තම. ඒක ඒගොල්ලන්ගේ කැමැත්තනේ. ලංකාවේ ඉන්න අපිට මොන පන්තියක්ද? ළමයාගේ පාසලේ විවිධ ප්‍රසංගයට සල්ලි ගේන්න කිව්වා. මගේ මේ ඉහමොළ රත්වෙලා ඉන්නේ බිල් ටිකවත් ගෙවාගන්නේ කොහොමද කියලා. (නි)
හසන්ත, ඔබතුමා ලංකාවේ ජිවත් වුණාට මෙහෙ වැඩ කෙරෙන ක්‍රමවේදය තවම දන්නේ නැැහ වගේ.ඔය කියන විදියට ළමයින් පාසල් වලට දාන සිරිතක් මෙහෙ නැහැ (නි)
මට නම් දෙකොනින් හිනායනවා ප්‍රියන්තගේ "පිළිගැනීමට". මගේ අක්කා ඉංග්‍රීසි ගුරු විභාගයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ දෙවැනියාට ලකුණු අරගෙන ඉහළින් සමත් වුණා. හැබැයි ලිස්ට් එකේ නම නැහැ. ඒ විභාගයටම ලියපු අඩු ලකුණුගත් අපි දන්නා කෙනෙක් දේශපාලන සවියකින් ඉංග්‍රීසි ගුරු වෘත්තියට ගියා. ඔය තියෙන්නේ පිළිගැනීම (නි)
මම නම් දැන් මගුල් ගෙවල් , සාද, ඔක්කොම මග අරිනවා. හිතට දුකයි . කොහොමද තෑග්ගක ට වත් වියදම් කරන්නේ ? මිනිස්සු දහස් ගණන් දීල කෑම පිගන් සංග්‍රහයට දෙනකොට අපිට රුපියල් . 500- තෑග්ගක් දෙන්න පුලුවන්ද ? . කලින්ම කියනව එදාට මග අරින්න බැරි වැඩක් නැති නම් වෙන මගුල් ගෙයක් කියලා. එතකොට එන්න පුළුවන් කෙනෙකුට ආරාධනා කරනවානේ. අක්කගේ දුව වැඩි විය පැමිනිලා ගෙදර සන්තකේම හුරලා කරාබු ජෝඩුවක් ගත්තේ. පවුලේ දෙයක් මග අරින්න බැහැනේ. පුළුවන් හැටියට ජීවත් වෙනවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ. (නදී)
අපිටත් සිද්ධ වුනා දරුවාව පාසලට ඇතුලත් කලාම අතින් පයින් වියදම් කරන්න අනෙක් ක්‍රමවේදයන් ඔස්සේ ගිහින් ළමයාට ලජ්ජා කරන්න බැහැනේ. ආරංචියි මව්වරුන්ගෙන් ලිංගික අල්ලස් ගන්න හැටි. (නදී)
තිලක් ඩුබායි, .මට ඩිරහම් 20 කට ගෑස් සිලින්ඩරයක් අරගෙන දෙන්නකෝ. මම දැනට වසර 10 ක් තිස්සේ වැඩ කරන්නේ ගෑස් කොම්පැනියක. ලංකාවේ ගෙවල් වල පාවිච්චි කරන සිලින්ඩරයක් ඩිරාම් 75 ක් වෙනවා. ලංකාවේ මුදලින් 2625 ක් විතර. තිලක් ඩුබායි, ටිකිරි බණ්ඩා දෙන්නම එක්කනෙක් කියලා හැමෝම දන්නවා. (නදී)
කමල්, ඔබතුමාටත් කියන්න තියෙන්නේ සුනෙත් කියනදේම තමා. (නි)
ප්‍රියන්ත, අවුරුදු 30ක යුද්දයක් ඉවර කරපු හමුදාපතිවරයාට කොහොමද ලැබුණු පිළිගැනීම? විශ්‍රාම වැටුපක්වත් නැහැ. එ්කට කියන්නේ පලි ගැනීම. ඒ වගේම, රටේ අගවිනිසුරුවරියට ලැබුණු පිළිගැනීම මරු නේද? (නදී)
ඕස්ට්‍රේලියාවේ අවුරුදු 18 ට අඩු දරුවෙකුට රජයෙන් ගෙවන දීමනාව මාසෙකට රුපියල් වලින් නම් 4500/= පමණ, තමයි වෙන්නේ. (නදී)
මනෝජ්-සාජා, මිනිස්සු මුලා කරන්න බොරු කියන්න එපා. සාජා,ඩුබායි,අබුධාබි වල නෙමෙයි මුළු එක්සත් එමීර් රාජ්ජයේම කිලෝ 23.4 ගෑස් සිලින්ඩරයක් ඩිරාම් 20 යි. රුපියල් 700 යයි. ගෑස් ලොරිය ගහල තිබෙන මිල ගණන් දර්ශකයේ ෆොටෝ එව්වොත් පිලි ගන්නවද? (නදී)
මනෝජ්-සාජා"ලංකාවේ ගෙවල් වල පාවිච්චි කරන සිලින්ඩරයක් ඩිරාම් 75 ක් වෙනවා". කිලෝ 15 ගෑස් සිලින්ඩරයක් නෙමෙයි කිලෝ 23.4 සිලින්ඩරයක් වෙන්නෙත් ඩිරාම් 20 යි. බොරුව වපුරන්න දෙන්න එපා. කරුණ කරලා එක්සත් එමීර් රාජ්ජයේ ඉන්න කෙනෙක් මනෝජ් ට කියල දෙන්න. (නදී)
මනෝජ්-සාජා, ඔහේ පෙට්‍රල් එහෙමත් රුපියල් වලින් ලංකාවේ වගේ 170 ක් වෙන්න ඇති නේද?බොරුව වපුරන්න එපා මනුස්සයෝ. (නදී)
නලින්.මම ලංකාවේ නිවාඩුවට ගිහින් ඉන්නකොට විවාහ මංගල්ලයක් තිබුන ජාඇල හොටෙල් එකක.ඉස්සර තිබුන නම නෙමෙයි දැන් තියෙන්නේ.එකත් අයිති කරගෙනලු. (අ)
මනෝජ්-සාජා වගේ මිනිස්සු බොරු කියල කාවද ආරක්ෂා කරන්න දඟලන්නේ.මේ වෙනුවෙන් මම ලංකාදීපයේ එසැනට ගෑස් ලොරියේ තිබෙන මිල දර්ශකයේ ෆොටෝ එකක් එවනවා.කරුණ කරලා පල කරන්න.(අ)
සෑම් ඕස්ට්‍රේලියාවේ ආදායම සහ වියදම ගැන හොඳ විස්තරයක් ලියලා තියෙනවා.මෙහි ලොකු පඩියක් ලැබුනත්, ආහාර ද්‍රව්‍ය වල හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ,අලුත් හෝ පාවිච්චි කරන ලද රථවාහන වල මිල අනෙකුත් රටවල් වලට සාපේක්ෂව අඩු වුණත්, අනෙකුත් අවශ්‍යතා වල වියදම් ඉතාම අධිකයි. උදා:නිවාස මිල,ගෙවල් කුලී,ගෑස් ගාස්තු [ගෑස් නල මාර්ග සෑම නිවසකටම සම්බන්ධ කර ඇත] විදුලි ගාස්තු,වරිපනම් ගාස්තු දරුවන්ගේ ටියුෂන් ගාස්තු [ උසස් පෙළ දරුවෙකුගේ ගණිත ටියුෂන් පන්තියේ ගාස්තුව පැයකට රුපියල් 6500/=පමණ ] යනාදිය.ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වල මිල ඉතා අඩුයි. (නි)
ගෑස් එහෙම හරි අඩු වූණ එක ලොකු දෙයක්.(හේ)