(නිමල කොඩිතුවක්කු)
ගෑස් ටැංකි පුපුරා යාම සහ ඒවායේ සංයුතිය පිළිබඳව මතුව ඇති තත්ත්වය විමසිමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් අද (30) පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ. සී. අලවතුවල, මුජුබර් රහුමාන්, හෙක්ටර් අප්පුහාමි, දිලිප් වෙදාරච්චි, සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා.
"පසුගිය දිනවල විශාල ගෑස් හිඟයක් රටේ මතු වුණා. පසුව ජනතාවට දරාගත නොහැකි මට්ටමින් ආණ්ඩුව ගෑස් මිල ඉහළ නැංගුවා. ගෑස් හිගයට පිළියම් ලබා දී ජනතාවට සහන ලබාදෙනවා වෙනුවට අද ගෑස් ටැංකි වල සංයුතිය සම්බන්ධයෙන් ගැටලූ මතුවී තිබෙනවා. ගෑස් සිලින්ඩරය ඉක්මනින් අවසන් වන බවට ජනතාව චෝදනා නගනවා. අනිත් පැත්තෙන් රටේ තැන තැන ගෑස් සිලින්ඩර පුපුරා යනවා.
අපේ රටේ ජනතාවගෙන් සියයට හතළිහක් පමණ ගෑස් පරිභෝජනය කරනවා. මේ නිසා අද ඒ ජනතාව සියලු දෙනා අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා තියෙනවා.
ගෑස් ටැංකි පුපුරා යාම සහ ඒවායේ සංයුතිය පිළිබඳව මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විමසීමක් කළා. එහිදී ගෑස් ටැංකි වන සංයුතිය සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස අප ඉල්ලා සිටියා. ඒ වගේම ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර වෙළඳපොළෙන් ඉවත් කරන ලෙසත් අප ඉල්ලීමක් කර සිටියා. මේ රටේ ජනතාවගේ ආරක්ෂාවට ආණ්ඩුව බැඳී සිටිනවා. ජාතික ආරක්ෂාව සලසන බවට පම්පෝරි ගසා බලයට පත්වූ ආණ්ඩු යටතේ අද කුස්සිය උයන පිහන කටයුතු කරන්නත් ජනතාව බය වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර අවශ්‍ය පියවර ගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා" යැයි ද ඔහු එහිදී පැවසීය.
(ජායාරූප - රුෂිරු කොළඹතන්ත්රීගේ)
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෑස් ගැන සජබෙන් ගෑස් පෙන්නයි
Royfedricks Tuesday, 30 November 2021 07:35 PM
මේ ගොන් තඩියන් බලයට ආවොත් කොහොමට හිටීද? කිසිම විකල්ප වැඩපිළිවෙලක් නැහැ. කාටද බැරි පැමිණිලි කරන්න? ඒකද එකම විසඳුම? එතකොට ඔය පැමිණිල්ල විභාග කර ආණ්ඩුව ප්රශ්නය විසඳයිද? සැබෑ විකල්ප නායකත්වයක් ඇත්නම් ප්රශ්නයේ සුල මුල සොයා වැරදි කරුවන්ට චෝදනා එල්ල කර ප්‍රතිකර්ම යෝජනා කළයුතුයි. මහජනයාගේ විශ්වාසය දිනාගත යුතුයි. යාන්තමට හෝ එවන් කාර්යයක නිරත වන්නේ පාඨලී පමණයි...