(යොහාන් භාසුර)
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ලබන සතිය වන විට රුපියල් 100 ත් 200 ත් අතර මුදලකින් ඉහළ යෑමට ඉඩ ඇති බවට වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික අරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ගෑස් මිල ඉහළ දැමීමට මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් ඇති බැවින් මිල ඉහළ දැමිය යුතු බවට ගෑස් සමාගම් මුදල් අමාත්‍යංශය, වෙළෙඳ අමාත්‍යංශය සහ පාරිභෝගික අධිකාරිය දැනුවත් කර තිබෙන බවත් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගෑස් සමාගම් දෙක වන ලාෆ් සහ ෂෙල් යන සමාගම් දෙකේ කිලෝ 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩයක මිල රුපියල් 1501 කි.
යල කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් මුළුමනින්ම මුදල් වෙන් කර තිබෙන නමුත් එහි යම් ප්‍රමාදයක් සිදු වුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය ලේඛන සක
ශ්රී ලංකා රජයේ නියෝජිතයා ලෙස වතිකානයට ගිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අද අවසන් ගෞරව දැක්වීය.
වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් හතර උතුරු පළාත් සභාවේ සහ රජයයේ මුලිකත්වය යටතේ සැලසුමකට අනූව සංවර්ධනය කර ගුණාත්මක සෞ
ශ්රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගෑස් ‘ගෑස් පෙන්වන්න’ යයි
69lakshaya Sunday, 18 April 2021 07:47 AM
ප්‍රශ්නයක් නැහැ. අපේ සර් සල්ලි අච්චු ගහලා හරි අපේ පඩි වැඩි කරලා දෙනවා වැඩිවන ජීවන වියදම පියවාගන්න.
නුවන් Sunday, 18 April 2021 08:59 AM
ඇත්තටම ගෑස් මිල වැඩි වෙනවා නම්.... 'මේ වෙලාවේ කල්යල් බලා ගෑස් මිල වැඩි කිරීමට උත්සාහ ගන්නේ කවුරු වෙනුවෙන් ද!....... අහවලා ළඟ මෙපමණ ගෑස් තොග ප්‍රමාණයක් තිබෙනවා. ඉන් ඔහුට මෙපමණ ලාභයක් ලැබෙනවා. මේක මහා පරිමාණ වංචාවක්..... කවුද දන්නේ අත යට ලැබෙන මුදල් ප්‍රමාණය.......' යනාදී වශයෙන් අපට නුදුරේ දීම ලොජික් එකක් නැති තර්ක ඇසෙනු ඇත.
Channa Sunday, 18 April 2021 11:22 AM
ඔබගේ තර්කය පදනම් විරහිතයි. මේ මොහොතේ කිසිවකු තොග තබාගන්නේ නැහැ. මොකද ලෝක වෙළෙඳපලේ ඉතා ඉහළ මිලක් වන ගෑස් ලංකාවේ අලෙවි කරන්නේ නියම මිලට අඩුවෙන්. එවිට, විශාල තොග තමා ළඟ තබාගන්න මෝඩයා කවුද? ඔබගේ තර්කය ගෙන ආවේසීනි ප්‍රශ්නයේ අකටයුතුකම් වල සැර බාල කිරීමට බව පෙනේ..
ranjith Sunday, 18 April 2021 11:25 AM
මිනිස්සු සහනයක් අපේක්ෂාවෙන් ඡන්දෙ දුන්නේ.. ඒ වුණාට මිනිස්සුන්ට දරාගන්න බැරි මට්ටමකට බඩු මිල කෙටි කාලයකින් වැඩි වුණා.
ප්‍රසන්න Sunday, 18 April 2021 12:25 PM
සීනි ප්‍රශ්නයේ සැර බාල කිරීමට එහි 'සැරක්' නැත. එහි ඇත්තේ 'ව්‍යාපාර සංස්කෘතිය' පිළිබඳ ගැටලුවක් පමණි. සීනි මිල ඉහළ යන හැටි දැන ගැනීමට ඔවුන්ට ඉවක් ඇත. රජය උත්සාහ කලේ ජනතාවට සහනයක් ගෙන දීමටයි. එහෙත් එම සහනය කපටි ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ලබා ගත්තේ ය. ජනතාවට ලැබුණේ ඉතා අඩුවෙන් ය. ලෝකයේ කිසිම රටක වෙළඳ ප්‍රජාව අාහාර වලින් ගසා කන්නේ නැත. ඒ මන්ද යත් ආහාර යනු දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් සේ එයට ගෞරව කරන නිසායි. සාධාරණ ලාභයක් තබාගෙන ඔවුන් ඒවා පාරිභෝගිකයාට විකුණයි.
Prasad Sunday, 18 April 2021 01:28 PM
ලෝක වෙළෙඳපලේ හැටියට ගෑස් මිල වැඩි කරන්න ජනාධිපති කෙනෙක් මොකටද?
Thilina Sunday, 18 April 2021 05:02 PM
ලෝකයේ දියුණු රටවල්වල ඒ රටට ආනයනය කරන කිසිම බඩුවක මිල ස්ථාවරව තබාගන්නේ නැහැ ..ඕස්ට්‍රේලියාව වගේ රටක තෙල් මිල පැයෙන් පැයට වෙනවා..ගෑස් මිල වුනත් ස්ථාවර නැහැ . අපි වගේ අඩු ආදායම් ලබන රටකට කොහොමත්ම මේ මිල වෙනස් වීම් දරාගන්න බැහැ ..ඒත් රටේ පාලකයෝ දේශපාලකයො මේ ඇත්ත මිනිස්සුන්ට කියන්න තරම් ඔවුන් පැකිලෙන්නේ ජන්ද ඊට වඩා වටින නිසයි..විපක්ෂය වුනත් කතා කරන්නේ තව අඩු කරන්න කියලා මිසක් රටක් විදිහට මේකට මූණ දෙන්නේ කොහොමද කියලා නෙමෙයි ..කවදාවත් මේ රට මේ මානසිකත්වයෙන් ගොඩ ගන්න බැහැ . අඩුවෙන් බඩු ගන්න රජයෙන් පුළුවන් තරම් සහනාධාර බලාපොරොත්තු වෙන ජනතාවක් ඉන්න රටක කොහෙද ඉදිරි අනාගතයක්??
බන්දු Monday, 19 April 2021 02:20 PM
ගෑස් සිලින්ඩරයකින් ගෑස් ලීටර් 4 ක් අඩුකර රුපියල් 100/= ක් අඩුවෙන් පාරිභෝගිකයාට විකිණීමට සූදානම් බවයි ආරංචිය. කොහොමද ටිකිරි මොළේ