IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ගෑසුත් බස්සයි

ලිට්රෝ සහ ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අද (13) මැදියම් රැයේ සිට අඩුකරන බව මුදල් අමාත්‍යාංශය කියයි. අර්තාපල්, ලොකු ලූනු, කරවල, මාළු, හාල්මැස්සන් හා ටින්මාලූ ආනයනික බදු ද පහත දමා තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත භාණ්ඩ මිල අඩුකර තිබේ.



අදහස් (0)

ගෑසුත් බස්සයි

වසන්ති Friday, 13 July 2012 07:22 PM

තෙල් බැස්සුවොත් ඉතිං නියමයි

:       0       0

රාවණා Friday, 13 July 2012 07:31 PM

ටික දවසකින් දෙගුණ වෙයිද දන්නේ නෑ

:       0       0

රිස්වාන්-saudi arabia Saturday, 14 July 2012 07:34 AM

අත්‍යවශ්‍ය භාණ්ඩ වන කිරිපිටි, පාන්, ඉන්ධන වල මිළ ඇයි අඩු කරන්න බැරි

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Saturday, 14 July 2012 08:13 AM

අත්‍යවශ්‍ය භාණ්ඩ වන කිරිපිටි , පාන් . ඉන්දන පමණක් අඩු කරන්න බැරි ඇයි

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Sunday, 15 July 2012 07:47 AM

ගෑසුත් බස්සළලු . එතකොට අනෙත් ඔක්කොම අඩුවෙලා .

:       0       0

කුසුම් Saturday, 14 July 2012 08:50 AM

කඩේ මුදලාලිගේ ගෑසුත් බස්සන්න

:       0       0

පිලිපිනෝ Sunday, 15 July 2012 09:59 AM

ගෑස් නිසා ගණන් ගිය ප්ලේන් ටී , ආප්ප ඇතුළු අනිත් දේවල් වලත් මිල අඩු වෙයිද ?..

:       0       0

කේ.කේ. Friday, 13 July 2012 03:59 PM

කස පුපුරන හඬ ලඟම ඇසෙනවිට...........................................ඡන්දය එන බව පවසනවා.

:       0       0

පොතේගුරා Friday, 13 July 2012 08:54 PM

මෙම නිවේදනය ඉදිරි පළාත් සභා මැතිවරණයේ ඡන්ද දායකයින් සියල්ලෝම පිළි ගනිත්වා!

:       0       0

pothegura Friday, 13 July 2012 09:32 PM

ඉදිරි පළාත් සභා මැතිවරණයේ ඡන්ද දායකයෝ පිළිගනිත්වා.

:       0       0

සුසන්ත Friday, 13 July 2012 04:41 PM

ඡන්දය නිසා ද දන්නේ නෑ නේද ?

:       0       0

නාමල් Friday, 13 July 2012 08:54 PM

අවුරුද්දට පෙර කොහා කෑගහනවා වගේ නේද?

:       0       0

ශෂිකා Friday, 13 July 2012 04:42 PM

ආයෙත් ඡන්දයක් නේ. මනාප එකතු කිරීමට ගත්ත තීරණයක්.

:       0       0

ජැක්සන් Friday, 13 July 2012 04:05 PM

හක් හක් හක් අපි රැවටෙයි.

:       0       0

සංජී Friday, 13 July 2012 04:44 PM

ඕහ්......... ඡන්දය ලඟ එනවා.

:       0       0

රනිල් කතානියා Friday, 13 July 2012 04:45 PM

ජන්දය ලගයිනේ

:       0       0

සුරේස් Friday, 13 July 2012 04:07 PM

මෙහෙම කාලයක්ම එන්න ඕනි අඩු කරන්න

:       0       0

මහජනයා Friday, 13 July 2012 04:12 PM

ඇවිල්ලා ඇවිල්ලා ඔන්න පුතේ ජන්දේ ඇවිල්ලා, වරෙල්ලා වරෙල්ලා ගහමු ගෑස් නැට්ට උස්සලා,

:       0       0

සුරාජ් Friday, 13 July 2012 04:14 PM

හෙට අනිද්දට රස්සාවල් හිටන් දේවි. මළගෙවල් වලට ගිහින් අඩාවි. ගෙවල් ගානෙ හිනහව දාගෙන රටපුරා යයි. මොකද ඡන්දය ලඟයිනේ.

:       0       0

සජී Friday, 13 July 2012 04:53 PM

අනේ වාහන බද්දත් අඩු කරනවානම්....

:       0       0

නවුෆිල් Saturday, 14 July 2012 09:46 AM

තෙල් මිළ, ගෑස් මිළ අඩු කරන්න තිබුණේ මීට හුගක් කාලෙකට කලින්.මොකද ලෝක වෙළද පොළේ ඒවා පහත වැටිලා දැන් හුගක් කල් වෙනවා.

:       0       0

රුවන් Friday, 13 July 2012 10:14 PM

රු 150 කින් නෙමේ නිකන් දුන්නත් ජනතාව දැන් දන්නවා මොනවද කරන්න ඕනේ කියල . ඕනෙම ගොනෙකුට තේරෙනවා නේ මොකද අඩු කලේ කියල

:       0       0

ගොනා Saturday, 14 July 2012 10:43 AM

ඇවිල්ල ඇවිල්ල සිංහල අවුරැද්ද ඇවිල්ලා වරෙල්ලා වරෙල්ලා උතුරැ මදට කතිරෙ ගහමු වරෙල්ලා

:       0       0

අසින්ත Friday, 13 July 2012 05:03 PM

හොඳ වැඩක්....

:       0       0

ප්‍රියන්ත Friday, 13 July 2012 05:03 PM

මේ ඡන්දයට, ඡන්දයෙන් පස්සේ නැවත සියයට සියයකින් ම වැඩිවෙනවා.

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Friday, 13 July 2012 05:03 PM

පුදුමයි ඒත් ඇත්තයි...

:       0       0

රොෂාන් සෞදි Saturday, 14 July 2012 10:52 AM

තවත් මිනිස්සු මෝඩ වෙන්නේ නැහ ඔය ඡන්ද ගුන්ඩු කියල හැමෝම දන්නවා.. දේශපාලඥයන් ඡන්දෙ ගන්න නම් ඔය ක්‍රමය වෙනස් කරන්න ඕන..

:       0       0

කුමාර Friday, 13 July 2012 05:04 PM

ලඟදී ඡන්දයක් එහෙම තියන්න තියෙනවාවත්ද ? පාඩු පිටනම් අඩු කරන්න එපා. මොකද ඡන්දෙන් පස්සේ ලොකු ගානකින් වැඩි කරන්න වෙයි නේද ?

:       0       0

දිලාන් Friday, 13 July 2012 05:05 PM

වැඩි කරේ 350 න් අඩු කරේ 150 නේ......

:       0       0

ගයාන් Saturday, 14 July 2012 10:57 AM

ඔය ඔක්කොම ඡන්දෙ හින්ද විතරයි.. ඡන්දෙන් පස්සේ අඩුකරපුවත් අල්ලයි...!!

:       0       0

අමිල කටුනායක Friday, 13 July 2012 04:28 PM

ඡන්ද ගුණ්ඩු... ආයිස් අම්මා ඡන්ද ගුණ්ඩු.............

:       0       0

මූසිල Friday, 13 July 2012 05:08 PM

දැන් ඉතින් අපේ කට්ටිය කතිර ගහයි ඔලුවෙන් හිටගෙන. ලාංකීය දේශපාලනයට ජයවේවා !!!!!!!!!

:       0       0

චන්දිම Friday, 13 July 2012 05:09 PM

ඡන්දේ........ ඡන්දේ........ ඡන්දේ..........ලාබයි ! ලාබයි !

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Friday, 13 July 2012 10:06 PM

අයෙත් ක්‍රිකට් මැච් ගහනකොට වැඩි කරයි

:       0       0

සිසිර Friday, 13 July 2012 04:33 PM

ඡන්දයට පෙර මිල බහියි. ඡන්දෙන් පස්සේ මිල නගියි. අපි නොදන්න වැයි.

:       0       0

නාමල් Friday, 13 July 2012 04:33 PM

ඡන්දෙ ලඟයි වගේ

:       0       0

රට වැසියෙක් Friday, 13 July 2012 04:34 PM

චන්දයක් ලංගම එනවනේ.මේ ගොල්ලෝ පුදුම විදිහට මිනිස්සු හුරතල් කරන්නේ.

:       0       0

සමන් කුමාර Friday, 13 July 2012 05:14 PM

ගෑසුත් බස්සයි. බඩුත් බස්සයි. චන්දෙත් ලඟයි. මෝඩයොත් රැවටෙයි.

:       0       0

වතිල Friday, 13 July 2012 04:37 PM

චන්දෙත් ලගයි කියන්නෙ

:       0       0

මධු Friday, 13 July 2012 10:55 PM

කොච්චර කාලකටද? ආයිත් වැඩි වෙන්නේ නෑ නේද?

:       0       0

ලුම්බිණි Friday, 13 July 2012 05:17 PM

මේකෙන් පේන්නෙ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඕනෑම දෙයක් කරන්න පුළුවන් බව කියලයි මට හිතෙන්නේ.

:       0       0

දනුෂ්ක Friday, 13 July 2012 05:17 PM

වෙබ් එකට ලක්ෂයක් බදු ගහලා 150 ක් අපිට අඩු කරලා දෙනවා හරිම හොඳයි.

:       0       0

මාමා Friday, 13 July 2012 05:17 PM

ඇයි තෙල් බස්සන්නේ නැද්ද ?

:       0       0

ප්‍රියන්ත Friday, 13 July 2012 05:22 PM

ගෑස් අඩු කළාට ආණ්ඩුවේ ගෑසුත් පළාත් සභාව ඉවරවෙනකොට බහීවි.

:       0       0

ප්‍රියන්ත Friday, 13 July 2012 04:45 PM

තව ටික දවසකින් ආයිත් නගීවි

:       0       0

ජගත් Friday, 13 July 2012 05:23 PM

ඡන්දය ලඟයි ඒකනේ මේ.

:       0       0

සරත් Friday, 13 July 2012 04:48 PM

අපි උයන්නේ දර වලින්.අපිට කොහොමත් එකයි

:       0       0

ඇමති Friday, 13 July 2012 04:48 PM

තව මොනවද අඩු කරලා දෙන්න ඕනි?

:       0       0

බුවා Friday, 13 July 2012 04:55 PM

හී හී හී හී

:       0       0

අවන්ත Friday, 13 July 2012 05:35 PM

අනේ පවු..... අපේ කට්ටිය දැන් අහුවෙයි අනිවාර්යෙන්ම. කවද මොළේ පෑදේයිද දන්නෑ...!!!

:       0       0

නිශාඩ් ප්‍රීනා. Friday, 13 July 2012 05:35 PM

පාර්ලිමේන්තුවෙත්, රාජ්‍ය ආයතනවලත් කීප දෙනෙක් ඉන්නවා. පුළුවන්නම් ඒ ගොල්ලන්ගෙත් ගෑස් බස්සවන්නකෝ. පින් අයිතිවෙයි.

:       0       0

සරසි Saturday, 14 July 2012 11:32 AM

අපිත් හැමදාම අඩුවෙන් බඩු ගන්න කැමතියි.හැබැයි හැමදාම රැවටෙන්න නම් බැහැ

:       0       0

සේනානායක Friday, 13 July 2012 11:45 PM

චන්දෙ ..කාලෙටයි ..බඩුමිල බස්සුම් ....කාට දනේන්නද්ද ...අනේ මන්ද ..........

:       0       0

ලලින් Friday, 13 July 2012 05:43 PM

අනේ පවු

:       0       0

සාක්‍යා Saturday, 14 July 2012 08:35 PM

හීනයක් තමයි

:       0       0

සැකය Saturday, 14 July 2012 08:35 PM

ඔක්කොම හීන තමයි

:       0       0

නොතාරිස් Friday, 13 July 2012 05:16 PM

මේ සැරේ චන්දෙ ඉල්ලන්න එනකොට කොස්ස අතට ගනිල්ලා....මේවට ඇහුවෙන්න එපා.

:       0       0

අනුර Friday, 13 July 2012 05:54 PM

අනේ හැමදාමත් ඡන්ද තියෙනවා නම්........

:       0       0

නොතාරිස් Friday, 13 July 2012 05:16 PM

මේ සැරේ ඡන්දෙ ඉල්ලන්න එනකොට අපි අතට ගන්නේ කොස්ස .... මේවට අහු වෙන්නේ නෑ

:       0       0

සෑම් Friday, 13 July 2012 05:20 PM

මම මගේ සෑම ඡන්දයක්ම දුන්නේ මේ ආණ්ඩුවට. නමුත් ලංකාවේ ජනතාවගෙන් මම ඉල්ලන්නේ ඡන්ද ගුණ්ඩු වලට තවත් අහුවෙන්න එපා.

:       0       0

චතුල වෙරෝනා Friday, 13 July 2012 11:58 PM

ඡන්ද ගුණ්ඩු

:       0       0

අසින්ත Saturday, 14 July 2012 12:07 PM

ඔන්න දැම්මා ඇම.දැන් බායි මාලු.

:       0       0

ඤාණපාල​ Friday, 13 July 2012 06:05 PM

අපි අහුවෙන්නෙ නෑ ඕවට. මෝඩයෝ ටික කවදත් අහුවෙනව​.

:       0       0

පියදාස ආරියවතී Friday, 13 July 2012 06:05 PM

අනේ හැම අවුරුද්දකම ඡන්දයක් තියන්න. අපේ හතර වරිගයේම ඡන්දය බුලත් කොළේට. මෙහෙම බඩු අඩු කළත් මුන් කියන කතා. තෙල් මිලයි, වාහන බදුයි අඩු කලොත් නැගෙනහිරත් දිනයි.

:       0       0

වරුණ Friday, 13 July 2012 05:29 PM

ඡන්ද ගුණ්ඩු මේවා තේරුම් අරගෙන ගහමු කතිරේ.

:       0       0

ජයන්ත Saturday, 14 July 2012 12:19 AM

හැමදාම ඡන්දෙන් පස්සේ අහිංසක ජනතාව පරදිනවා. උතුමන්ලා හැමදාම දිණුම්

:       0       0

නුවන් මැලේශියා. Friday, 13 July 2012 05:34 PM

ඡන්දයක් ලඟයි වගේ.

:       0       0

pdms Saturday, 14 July 2012 12:29 PM

මම නම් හිතන්නේ ගිය ජන්දෙදි මන්නාරමෙන් හමු උනා කියපු ගෑස් නිධිය මේ ජන්දෙට ගොඩ දමල වගෙයි,.... ඔබ තුමන්ලා මොන දෙය කලත් ජනතාව නම් දැන් ඉන්නේ ගොඩක් කලකිරිලා. දේශ පාලුවෝ ටික රටට කරන විනාශය දැකල..

:       0       0

පාලිත, මාලදිවයිනේ සිට Friday, 13 July 2012 06:16 PM

ජනාධිපතිතුමනි, මේ විදියට සහන හැමදාම සහන සලස්වන්න බැරිද ? ඡන්දේ කිට්ටුවෙනකොට සහන මළු පිටින්. ඒක හැම රජයක්ම කරන දෙයක්. ජනාධිපතිතුමනි. ඔබ එසේ කරන්න එපා. බහුතර ජනතාව ඔබ සමගයි. ඒ නිසා අහිංසක මිනිසුන්ට ගොවියන්ට කම්කරුවන්ට, පාසල් දරුවන්ට සහන සළසන්න හැමදාම ඡන්දය නිසා භාණ්ඩ මිල පහත හෙළනවානම් ඒක ජනතාවට කරන අපහාසයක්. නින්දාවක්,

:       0       0

ටොමී Friday, 13 July 2012 06:01 PM

ඒ කියන්නේ රටේ දුප්පත් දරුවන් බොන කිරි පිටි ටික පවා වැඩි කළාට ඡන්දයෙන් පස්සේ පොළියත් එක්කම ගෙවන්න වේවි. පරෙස්සමෙන් ඡන්දය දෙන්න.

:       0       0

ඕපාදූප ප්‍රනාන්දු පදෝවා Friday, 13 July 2012 06:40 PM

අනේ හැමදාම ඡන්ද තියෙනවනම් හොඳයි.

:       0       0

රෝහණ Friday, 13 July 2012 06:44 PM

වැඩි කළා නම් බලන්න තිබූණා කට්ටියගේ ප්‍රතිචාර ටික

:       0       0

පෙරේරා Friday, 13 July 2012 06:45 PM

ඔහොම කරන්න එපා ලොක්කා.අපි මොනවද මිනිස්සුන්ට කියන්නේ?

:       0       0

තුආන් Saturday, 14 July 2012 10:11 PM

අනේ මෙයාලට කව්ද චන්දෙ දෙන්නේ ??

:       0       0

රාංගා ශානි. Friday, 13 July 2012 06:24 PM

පොඩ්ඩක් හරි සහනයක් හැමදේටම තියෙනවනම් හොඳ දෙයක්.

:       0       0

අචිනි Saturday, 14 July 2012 01:16 PM

කසකරුවන්ගෙන් පෙනී යන්නේ ඡන්දයක් නැමති පෙරහර ළග හන බවයි

:       0       0

දකුණේ සිංහලයා Friday, 13 July 2012 06:28 PM

අද නම් වහිවී වගේ ...

:       0       0

රනේෂ් Saturday, 14 July 2012 05:06 AM

රුවන් හරියටම හරි ...නමුත් රුවන් මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැනේ ....

:       0       0

ජෝන් Saturday, 14 July 2012 02:52 PM

චන්දෙ ඉවරවෙනකන් විතරයි .. ඉක්මන් කරන්න

:       0       0

පිලිපීනෝ Friday, 13 July 2012 07:54 PM

මේ මිනිස්සුන්ට කොච්චර හොදක් කළත් වැඩක් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 289 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 914 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 286 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 189 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4543 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 965 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site