
(අංජුල මහික වීරරත්න)
ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පසුගිය 08 වැනිදා පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි, බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද විශේෂ කමිටුවේ මූලික සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා කමිටු සභාපති, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දොපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායක යන මහත්ම-මහත්මීහු එක්ව සිටියහ. එහිදී ඒ සඳහා වන ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ලබා දීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් සිදු කරන ලදි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ජනපතිතුමනි මේ කමිටු රැස්කරන්නෙ කවුරු කාගේ කැමත්තටද? එතකොට කමිටු රැස්කරවා අනවශ්‍ය කාලය අනවශ්‍ය පොදු දේපල පරිහරණයට භා රාජ්‍ය වත්කම් යොදා ගනිමින් කරන නාස්තිය වන්නෙ කාගේ උවනාවටද?