කේෂාණි දැරිය සඟවාගෙන සිටි බව කියන ගැහැණියක සැකපිට අත්අඩංගුවට ගත් බවත්, ප්‍රධාන සැකකරු අතුරුදන් වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
අත්අඩංගුවට ගෙන සිටිනුයේ එම පුද්ගලයාගේ මවයි.
කේෂාණි දැරිය සඟවාගෙන සිටි බව කියන ගැහැණියක සැකපිට අත්අඩංගුවට ගත් බවත්, ප්‍රධාන සැකකරු අතුරුදන් වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
අත්අඩංගුවට ගෙන සිටිනුයේ එම පුද්ගලයාගේ මවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණීය දණ්ඩනය තමයි හොඳම දේ. තවත් මේවා රටේ සිදු නොවන්න (නදී)
අංජනම් බලපු කෙනා කිවුවා හරි. ගැහැණු කෙනෙක් ළමයාව රඳවාගෙන ඉන්නවා කියලා කිවුවලු නේද? (නි)
නමින් යක්ෂ කුලය උනාට කුවේනි කියන්නෙ යකිණියක් නෙවේ. ලංකාවෙ ඉඳපු කුලයක් විතරයි. පුරාන ලංකාවෙ යක්ෂ කුලයට අමතරව නාග කියල කුලයකුත් හිටියා. ඇත්ත නයි වගෙ නෙවෙයි. ඒත් මිනිස්සු කොට්ඨාශයක් විතරයි. (නදී)
සුගුනවති, ළමය ගෙනිච්චේ නලවන්න නෙමෙයිනේ (නදී)
මොන දෙයක උනත් කෙළවරකට ගැහැණියෙක් ඉන්නවමනේ (නදී)
සුගුනවතිට දුක හිතලා තියෙන්නේ අහිංසක දරුවා ගැන නෙවෙයිනේ. බරපතල නීති විරෝදී තිරිසන් වරදක් කරපු ගැහැණිය ගැනනේ. මෙයත් මේකට සම්බන්දද කියල සොයා බලන්න (නදී)
නරුම පුතා ගෙනල්ලා තියාගන්න කියලා අම්මාට දුන්නා වෙන්න ඇති. අම්මලා මොනවා කරන්නද? දරුවා අපයෝජනයකට, අනතුරකට භාජනය නොවී සිය දෙමාපියන් අතට පත්වීම කොතරම් දෙයක්ද? නීතිය ක්‍රියාත්මක කිරීමට උසාවි තිබෙනවා. (නි)
දිලිනි හරි. දරුවෙක් ඉන්නා අම්ම කෙනෙක් වශයෙන් දරු දුක හඳුනන් නැතිව මේ කල අපරාදේ හිතක් පපුවක් තියන අම්ම කෙනෙකුට කරන්න බැහැ. නොදරුවන් ඉත්තෙක් කරගෙන පලි ගැනීම් කරන්නේ තිරිසන්නු. අපේ පපුවල මෙහෙම ගින්නක් පත්තු වෙනවා නම් ඒ මව මොන ගින්නක් විඳින්න ඇත්ද? (නදී)
දිලිනි,ඔයා හරියට ඉතිහාසය ඉගෙනගන්න. (නි)
සුගුණවතීගේ නෑදෑයොද මන්දා මේ කාන්තාව සුද්දකරන්න හදන්නේ ? (නදී)
දිලිනිගේ කතාව හරි. අපි කාටත් වේදනා දෙනවා මේ කරන්න ගිය අපරාධයට. මේ අයව කුරුණෑගල ටවුමට ගෙනත් එල්ලා තියන්න ඕනා (නදී)
දිලිනි නගෝ, ඔය තරම් නපුරු වෙන්න එපා. දරුවාට අනතුරක් කරලා නැහැනේ. මට පුදුම මේ පැල්පත් වල ඉන්න අයත් ඉතින් මේ වගේ දේවල් කරනවනේ (නදී)
දිලිනි, කලබල නොවන්න , සමහර විට මේ අම්මා මොකුත් නොදන්නා අන්ත අසරණියක් විය හැක. මෙයාගේ පුතා අල්ලා ගන්න කම් චුට්ටක් ඉන්න (නදී)
පුවතේ හෙඩින් එක විය යුත්තේ යක්ෂණියක් සැකපිට කියලා. මේ නම් මනුස්ස ගැහැනියක් වෙන්න බැහැ. කුවේනිගේ පරම්පරාවෙන්ම කෙලින්ම ආපු කෙනෙක්. (නදී)
මේ සිද්ධියට අනිවාර්යෙන්ම ගෙදර ශාන්ති කර්මයක් කලා කියන කෙනා සම්බන්ධ ඇති. මොකද මිනිහා අඳුනක්ද මොකක්ද බලලා දරුවට කරදරයක් නෑ හොදින් ඉන්නවා කියා කිවුවලු නේ. ඒ අඳුනට පෙනුනෙ නැත්ද දන්නෙ නෑ දරැවා ඉන්න තැන. (නදී)
ළමුන් හොරකම් කරන, ස්ත්‍රී දූෂණ කරන, ළමා අපචාර කරන අයට අසූචි වලින් නැහැවීම වැනි දඩුවමක් දෙන්න පුලුවන් නම්.... (නි)
ගෙදර ශාන්තිකර්මයක් කරලා දරුවාට කරදරයක් නැහැ, හොඳින් ඉන්නවා කියලා පෙනුන අඳුනට පෙනුනේ නැද්ද දන්නෙ නැහැ දරුවා ඉන්න තැන... (නි)
මෙහෙම අයට අම්මලා කියන එක අනුන්ගේ දරුවන්ටත් හොඳ හිතින් කරුණාව දක්වන අපිට කරන අගෞරවයක්. (නි)
දිලිනි, කුවේණිට අපහාස කරන්න එපා. ඇය අන්තිම මොහොත දක්වා දරුවන්ට ආදරෙන් හිටි කෙනෙක්. (නි)
අම්මේ නුඹේ මව්කම කොහි ගියාදෝ? දරුකම උරුම නුඹෙ දරුවට පමණයිදෝ? මල් කැකුලක් මරන්නට සිත් ආවාදෝ? කවදා කොහොම නුඹ සසරින් මිදේවිදෝ? (නි)
දිලිනි, කුවේණි කියන්නෙ යක්ෂණියෙක් නෙමෙයි.යක්ෂ ගෝත්‍රික කෙනෙක්. (නි)
කස පහර 100ක් දී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන්න. (නි)
මෙයාගේ පුතාව අල්ලලා මෙයා ලවාම ගලක් බෙල්ලේ ගැටගහලා මාතර මහානාම පාලමෙන් පහලට දාන්න ඕනෑ. මේවගේ අම්මලාට දරුවොත් ලැබෙනවානේ? අනුන්ගේ දරුවන්ටත් පුදුම හිතෙන කරුණාවක් දක්වන දරුවන් නැති කාන්තාවන් මම දැකලා තිබෙනවා. ඒ වගේ අයට දරුවෙක් නොදී මෙහෙම අයට තමයි දරුවොත් දීලා හවුලේ අපරාධ වලට පහසුකම් සැළසෙන්නේ. (නි)
දිලිනි, ඔයාට වැරදිලා. කුවේණි කියන්නේ යක්ෂ ගෝත්‍රයේ කෙනෙක් මිසක් යක්ෂණියක් නෙමෙයි. කුවේණිට අපහාස නොකරන්න. දරුවා පැහැරගත් කාන්තාව යකින්නියක් වෙන්න ඇති. (නි)
දිලිනි, කුවේණිගේ නම මේ දුෂ්ට කාන්තාවට දාන්න එපා.කුවේණි තුළ අද ඉන්න අම්මලාට වඩා මවු ගුණ තිබුනා. (නි)