IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


චොකා මල්ලිටත් මිනීමැරුම් චෝදනා

ඉකුත් ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පෙරමුණු පොදු අපේක්‍ෂක වත්මන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගිවන රැස්වීමක සැරසිලි සිදුකළ ශාන්ත දොඩම්ගොඩ මහතාට වෙඩි තබා  ඝාතනය කිරීම හා තවත් දෙනෙකුට වෙඩි තබා තුවාල සිදුකළැයි  පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකුට රත්නපුර පළාත්බද මහාධිකරණයදී  අද(13) අධි චෝදනා පත්‍ර භාරදුන්නේය.

නඩුව යළි කැඳවීම නොවැම්බර් මස 7 වැනිදාට කල් තැබිණි. රත්නපුර පළාත්බද මහාධිකරණ විනිසුරු යූ.එස්.බී.කරල්ලියද්ද මහතා විසින් ලබන 2017 වසර මාර්තු 06,07,08, 27, 28, 29 දිනවලදී මේ නඩුව විභාගයට ගැනීමට තීරණය කැරිණි.

මෙම නඩුවේ විත්තිකරුවන් හත්දෙනා ඇපමත මුදාහරින්නට පහළ අධිකරණ වලදී  නියම කළ අතර පෙර ඇප වලට අමතරව  මෙදින මහාධිකරණ විනිසුරු විසින් ලක්‍ෂ පහ බැගින්වන ශරීර ඇප සහ  පුද්ගලික ඇප මත විත්තිකරුවන්  මුදාහරිනු ලැබූහ.

මේ නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නවයක් යටතේ ලංකා දණ්ඩ නීතී සංග‍්‍රහයේ 140 146 296 300 වගන්ති අනුව චෝදනා ගොනුකර  2015 ජනවාරි 5 වැනිදා  පැවැත්වුණු රැලියකට පැමිණි පොදු අපේක්‍ෂක වත්මන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීමට කහවත්ත නගරයේ එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයන් කළ සැරසිලිවලට අනර්ථයක් සිදුකිරීම, කහවත්ත වැල්ලඳුර නාමිණිකන්ද ඩී. සුසිල් පෙරේරා නොහොත් ශාන්ත දොඩම්ගොඩ යන අයට වෙඩි තබා මරණය සිදුකිරීම සහ තවත් දෙදෙනකුට වෙඩි තබා තුවාල සිදුකිරීම සම්බන්ධව මෙම නඩු පැවරීම සිදුකර ඇත.

පසු එසේ ඇප මත මුදහරින ලද්දේ සබරගමුව පළාත් සභාවේ මන්ත‍්‍රී ජේ.ඒ.අරුණ නිලන්ත ජයසිංහ , කහවත්ත ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති  වජිර දර්ශනද සිල්වා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී එච්.එල්.පේ‍්‍රමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි, පී.පැතුම් ධනංජය නොහොත් පැලා, යූ.එස්. අසංක නාමල් නොහොත් සාජන්ටූ , යූ.නිලංක ප‍්‍රදීප්, යූ.ජී.අජිත් මලවි ගුණරත්න නොහොත් අමිල යන විත්තිකරුවන්ය.

මෙම සිදුවීමේදී 2015 ජනවාරි 05 දින කේ.ඩබ්ලිව්.කරුණාදාස වීරසිංහ සහ මොහොමඞ් හුසේන් ඉල්ෆාන් යන අයට වෙඩි තබා තුවාල සිදුකිරීමෙන් නීතී විරෝධී රැුස්වීමක සාමාජිකව සිටිමින් මිනීමැරීමට තැත් කිරීමේ වරද  සම්බන්ධව අධි චෝදනා පත‍්‍රයේ 4 සිට 09  දක්වා ලංකා දණ්ඩ නීතී සංග‍්‍රහය 300  සහ 146 වගන්ති අනුව චෝදනා ගොනුකර තිබිණ.

මේ නඩුවට අදාලව පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව, පිස්තෝලයක්, අධිකරණ වෛද්‍ය වාර්තා දෙකක්,  සීසීටීවී කැමරාපට දර්ශන ඇතුලත් සීඞී.පට තුනක් කොළඹ විශ්ව විද්‍යාලයේ සීසීටීවී කැමරා දත්ත විශ්ලේෂණ වාර්තා රස පරීක්‍ෂක වාර්තා සහ තවත් දේ ඇතුළත් පැමිණිල්ල ඉදිරිපත් කරන සාක්‍ෂි නාමකරණය කළ ලේඛනයක් පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් 59 දෙනෙකුගේ නම් ඇතුළත් ලේඛනයක්ද විත්තිකරුවන් වෙත නඩුවේ අධිචෝදනා පත‍්‍රය සමග භාරදීම සිදුවිය. 

හත්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නලීන් ඉන්ද්‍රතිස්ස මහතා විසින් අධිකරණයදී කියා සිටියේ විත්තිකරුවන්ට භාරදුන් අධි චෝදනා පත‍්‍ර සමග නඩුවේ සාක්‍කි ලේඛනය තිබුණද එහි සාක්කි ප‍්‍රකාශ සටහන් නොමැති බවයි. ඒවා ලබාදෙන මෙන් නීතීඥවරයා ඉල්ලීමක් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිපතිවරයා නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා කියාසිටියේ අදාල ලේඛන අධිකරණයට භාරදී ඇති බවත් යම් ප‍්‍රකාශ සටහන් හෝ ලේඛන පිටපත් නොලැබී ඇතිනම් ඒවා ඉදිරි නඩු දිනයේදී ලබාදෙන බවත්ය.



අදහස් (0)

චොකා මල්ලිටත් මිනීමැරුම් චෝදනා

පද්මිණී Wednesday, 14 September 2016 04:52 AM

අභිමානවත් දේශයක මිනීමරුවෝ සේරම ජනතා පුත්‍රයෝ නේද. මෛත්‍රී පැරදුණා නම් මේ සේරටම ඇමති ධුර.(බ)

:       0       0

සජී Wednesday, 14 September 2016 05:12 AM

පද්මිණි මෛත්‍රී දිනපු නිසා පැරදුණු අයට ඇමැති ධූර (අ)

:       0       0

සජිත් Tuesday, 13 September 2016 04:55 PM

අපේ පැත්තට එන්නකෝ චොකා...ඔය කරදර ඔක්කොම ඉවරනේ....(රේ)

:       0       0

සුසන්ත Tuesday, 13 September 2016 10:55 PM

චොක මල්ලි නිවිතිගල කරලා තියන දේවල් එක්ක මේකට මේ මනුස්සය වැරදී කාරය වෙන්නම ඇති අවි ගත්තෝ අවියේත් එක්කම පොරෙකෙට යයි (අ)

:       0       0

සුගත් Tuesday, 13 September 2016 11:22 PM

ඉක්මනට ගිහින් යහපාලනෙට එක්වෙන්න නඩුව ඉවරයි...(රේ)

:       0       0

විජය Tuesday, 13 September 2016 10:20 AM

මොනවද ඉතින් ගොයම් ගහ වෙඩි තියල තියෙන්නේ කියල නීතිඥ මහත්තුරු ඔප්පු කරාවි, වැරදි කාරයෝ නිදහස් වෙලා ඊළඟ පාර ඊට වඩා දේවල් කරනවා, සල්ලි වලට උඩු යටිකුරු කරන මේ කට්ටියට දෙවියන්ගේම පිහිටයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 47 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 442 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 429 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1293 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7034 8

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 121 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39431 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25702 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site