දිවයිනට පැමිණි ලොව දෙවන බලවතා චීන ජනාධිපති ෂි ජින් පින්ග් මහතා සහ ජනාධිපති ආර්යා හෝග් ලියු ඈන් මහත්මිය ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් දිවයිනෙන් සමුගත්හ. .
චීන ජනපතිට සමුදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සෙසු මැති ඇමතිවරුන් පැමිණීමටත් පෙර සිටම කටුනායක ජාත්‍යන්තර ප්‍රභූ පර්යන්තයට පැමිණ එහි රැදී සිටියේය.
අනතුරුව අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු පැමිණියහ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෙලිකොප්ටර් යානයකින් කටුනායකට පැමිණයහ.
කොළඹ සිට ප්‍රභූ රථයකින් පැමිණි ජනපති ෂී ජින් පින්ග් මහතාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අතට දී පිළිගත් අතර පසුව සෙසු මැති ඇමතිවරු සමග රතු පලස මතින් ගුවන්යානයේ පියගැට පෙළ දක්වා කැඳවාගෙන ආහ.
මේ අවස්ථාවේ ගුවන් හමුදාව සිය උත්තමාචාර පිරිනැමු අතර පාසැල් රැසක බටහිර තූර්යවාදක කණ්ඩායම් එම අවස්ථාව වර්ණවත් කළහ. පාසැල් දරු දැරියෝ රැසක් ශ්‍රී ලංකා සහ චීන ජාතික ධජ ලෙලදවමින් දෙපස රැදී සිටියහ.
කුඩා දරුවන්ගේ සතුටු සිනහ සහ ඔල්වරසන් හඩ අතරින් ගමන් ගත් චීන ජනපති සහ එම ආර්යාව ගුවන්යානයේ පියගැට පෙළ අසලදී නැවතත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ට අතට අතදී සමුගත්හ.
ඉන් අනතුරුව ගුවන්යානයේ පියගැට පෙළ තරණය කළ චීන ජනාධිපති සහ එම ආර්යාව ගුවන් යානයට ඇතුලූ වන දොරටුව අසලදී මොහොතක් නතරව ශ්‍රී ලංකාවට ආචාර කර දිවයිනෙන් සමුගත්හ.





















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිමාවෝ මැතිණියගේ මුල් කාලයේ ලංකාව චීනය සමග ලොකු සමබන්ධකම් පැවැත්වුවා (නදී)
මංජුට දොස් කියන්න එපා. එයා තවම පුංචි බබෙක් වෙන්න ඕන. නොමේරුව අයටත් අදහස් එවන්න ඉඩ දෙන්න. (ස)
ස්ථූතියි...නැවත එන්න
චීන ජනාධිපතිවරයා අපේ රටෙන් පිටව ගියේ ඉන්දියාවටයි. එහි දින හතරක් ගත කරනවා. අනේ මංජු ඉන්දියාවත් චීනයේ කොලනියක් කර ගනීවිද..? චීනය යනු ආසියාවේ සිටින බලවතුන් අතර ඉහළම තැන සිටින රටය. ආසියාවේ සියලු දිළිඳු රටවලට ආරක්ෂාව සැලසෙන්නේ චීනයෙනි. අද ඇමරිකාවත් චීනයේ නැගීසිටීමට බයෙනුයි ඉන්නේ. ඒ නිසා චීනය සමග අනෙක් රටවල් කොටවන්නට ඇමෙරිකාව සැලසුම් කරන්නේ. (අ)
මේකේ වටිනාකම කියා නිම කල නොහෙකි රන් බඳුනක් වැනියා , එහෙත් මෝඩයට සුදු ආප්ප වාටියක් වාගෙය (අ)
ඔය මංජු කියන කෙනා මට හමුවුණා නම්.... (නි)
මේ වගේ රටවල් වල නායකයන් එක්ක සම්බන්දකම් තියෙන එකෙන් ලංකාවට හුගක් සුබදායක දෙයක්.ඒවගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ට තවතවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (දිල්)
මංජු ඔයා නොදන්නවා උනාට මේ ලෝකේ ගොඩක් දියුණු රටවල් වල චීන නගරයක් තියෙනවා.එහෙම උනා කියල ඒ රටවල් චීනයේ කොලනියක් වෙලා නෑ. (ස)
මේ මංජු.. නොදන්නා දේශපාලනයක් ගැන කතා නොකර ඉන්නවද.? (ස)
සතුටු සිනා බේරෙනවා. (නි)
ජනාධිපතිතුමනි , ඔබට ජයෙන් ජය පතමි! (නි)
මංජු, කුහකයෙක් වෙන්න එපා. කොලනියක් බවට පත්වෙන්න තිබුන රට දැන් දැන් ලොව පුරා නායකයන්ගේ අවධානයට ලක්වෙමින් තිබෙන බව පෙනෙන්නේ නැද්ද? (නි)
මංජු, දන්නවා නම් පමණක් දේශපාලනය ගැන කතා කරමු. නොදන්නා දේවල් ගැන කතා කරනකොට අඳුරේ අතපත ගානවා කියලා හිතෙනවා (නි)
ලංකාවට ආයුබෝවන් කියල ගියේ ඉන්දියාවට කියල කියන්නේ නැත්තේ මොකද? (ස)
ශ්‍රී ලංකාව චීනයේ කොලනියක් බවට පත්වූ වගයි.. (අ)
නැවත එන්න , ඔබගේ රට අතීතයේ සිටම අපේ මිත්‍ර රටක් , අපට කරනා උදව් අමතක නොවේ , (දිල්)
මගේ රට දිනේවා. (අ)
කවුරු මොනවා කිවත් චීන රාජ්‍යා නායකයාගේ ශ්‍රී ලංකා ගමන අප රටේ නායකයනන්ගේ රාජ්‍ය තාන්ත්‍රික කෘතහස්තතාවය මනාව පසක් කරවන්නකි. එතුමන් දෙපල විසින් අපේ රටේ අභිවෘධිය සඳහා එකඟ වූ සම්මුති නිසැකවම අපේ රට තව තවත් ඉහල තලයකට පත් වනු ඇත. (නදී)
චීනය ලෝකයේ දෙවන බලවතා වෙන්නේ මොන අංශයෙන්ද? එතකොට ලෝකයේ පළවෙනි බලවතා කව්ද? (ස)
යන්න යන්න..ඔයා ගෙනාපු ඔක්කොම චින්නුන්ව අරගෙන යන්න. දැන් මෙහෙ චීන්නු වැහි වැහලා ...බල්ලෙක් පූසෙක් තලගොයෙක් තියා උෟරුමීයෙක්වත් දැන් හොයාගන්න අමාරුයි. (ස)
ඉක්මනින්ම නැවත එතොත් ඒ එන මග සරසවාවී සතුටු සිනා මුව රැදේවි නොරොච්චෝලේ දුම් දමාවි විදුලිය බිල අඩු කරාවි තෙල් මිල පහලට දමාවි ආසියාවේ ආශ්චර්ය දකින්න අපි පින් ලබාවි (නදී)
අපේ ආචාරය ගරු ජනාධිපති දෙපළටම , චීන ජනාධිපති තුමන් ආව එකෙන් ජනතාවට විශාල සේවයක් වුණා නේද (දිල්)
ආයුබෝවේවා නමුත් අපේ රටෙන් කැල්ලක් නම් ඉල්ලන්න නම් එපා හොදේ(ස)
ඉන්දියාව ඉදිමෙන එක අඩුවෙන්න මෙහෙම චීනය වගේ බලවතුන් සමග පෑහෙන එක අපේ රටේ ශක්තියට හොඳයි. (ස)
සුබ පැතුම්! තව තවත් ශ්‍රී ලංකාවත් සමග එකටම ඉන්න. (නදී)
කෝටි 140 ක ගේ ප්‍රශ්න තිබියදී කෝටි දෙකේ රටකට පැය 23 කට හෝ පැමිණීම ලොකු දෙයක්. ආසියාවේ සමගිය බටහිර ජාතීන්ට පෙන්නුම් කිරීමත් ලොකු දෙයක්. ජින් පින් ජනාධි තුමාගේ නම්බුව කනවා චීනුන් වැහි ලිහිණි කුඩු, වල්ලා පට්ටා මෙහෙන් අදිනකොට. (නදී)