ලංකා ඉතිහාසයේ සුවිසල් ආයෝජන සංවර්ධන ව්‍යාපෘතිය වන කොළඹ වරාය නගරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය අද (17)ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා චීන ජනපති ෂි ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චීන මහජන සමුහ ආණ්ඩුවේ චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම හා ඇති කැර ගත් අවබෝධතා ගිවිසුමක් අනුව හෙක්ටයාර 233ක නොඅඩු භූමි ප්‍රමාණයක් ගාලු මුවදොරට ආසන්න මුහුදු සීමාවේ ගොඩ කැර නව නගරය ඉදි කැරේ.
හෙක්ටයාර් 170ක් ගොඩනැගිලි ඉදි කැරෙන අතර ඉතිරි ප්‍රදේශය ජල,මං මාවත් උද්‍යාන වෙනුවෙන් වෙන් කැර ඇත.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම නම් ලස්සනයි. ඇයි දෙවියනේ! පාරක්-තොටක් පාසලක් නැති ගම්මාන මේ උත්තමයින්ට නොපෙනේද.? අපිට මේ සුන්දර සයුරු නගර කුමකටද? මේ ඩුබායි හෝ කටාර් නොවේ සිල්වා මහත්තයෝ. (නි)
චීන්නු කියන්නේ උපන් ගෙයි කපටියෝ. සංවර්ධනයට වැඩ කරන්න මෙහෙට ගෙන්න ගත්තට පිළිකන්න පැත්තෙන් වත් ගෙවල් ඇතුලට නම් වැද්ද ගන්න කොට බලාගෙනයි. ඔක්කොටම වැඩිය ගෙවල් වල ඇති කරන සුරතල් බලු හාමිලා ටික පරිස්සන් කර ගන්න වෙනවා. (ස)
ජනතාවගේ හිස මත බර පටවන්නේ නැතුව කෙරෙන ඕනෑම සංවර්ධන කටයුත්තකට අපි උඩින්ම කැමතියි. මැරෙන මොහොතේදී රටට බරක් නැතුව මැරෙන්න ඕනෑ වගේම විදේශිකයන්ට පාච්චල් වෙන්නේ නැතුව මැරෙන්නත් අපිට ඉඩ තියෙන්න ඕනෑ. (නි)
ඕනෑම සංවර්ධනය ව්‍යාපෘතියක් හොඳයි. නමුත් ඒ කටයුතු සඳහා මහජනතාවගේ පුද්ගලික දේපල පවරා ගැනීමේදී සැළකිලිමත් විය යුතුයි. කාටහරි තිබෙන එකම ඉඩම් කෑල්ල හෝ ගේ කෑල්ල ඒ අයගෙන් ගන්නවා නම් සාධාරණ වන්දියක් ලබා දෙන්න ඕනෑ. කෙනෙකකුට ඉහට තිබෙන සෙවණ නැතිවෙනවා කියන්නේ සුළු දෙයක් නෙමෙයි. පිට ඔපයට සංවර්ධනය කරලා වැඩක් නැහැ, ජනතාව අසතුටින් නම්. (නි)
මේවා බොරු වැඩ. නිකන් කන්න බලාගෙන ඉන්න අයගේ කටට කෑම බීම දැම්මා නම්, රටට කුඩුකේඩුකම් කරන අයව සතුටු කරන්න රටට වැඩ නොකර හිටියා නම් හොඳයි (නි)
ඔහොම යමූ. මෙවැනි ව්‍යාපෘති මඟින් රැකියා වර්ධනය වුවත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයන් ප්‍රමාණවත් නොවන බවද වාර්තා වනවා. (නි)
මේවා ගැන සතුටුවෙන අයත් අපේ රටේ ඉන්නවා (නි)
මම මේ කියන්නේ මම දැනට ඉන්න රටේ වෙන දේවල් වලිනුයි. අනිත් සියලුම රටවල කට්ටිය කපා දමලා චීන්නු රැකියා වෙළඳපල ආක්‍රමණය කරලා. වෙන එකක් තියා දැන් සමහර රැකියා වලට චීන භාෂාව දැනසිටීම අනිවාර්ය කරලා. අපේ කට්ටියත් චීන්නු කවුද කියලා හඳුනාගෙන ඉන්න එක වැදගත්. (නි)
මේව දකිනකොට මගේ ඇඟේ නම් මාලු නටනවා. කට නලියනවා. ඒත් කට ඉස්සර කරගන්න නරකයි. මොකද රටට හොඳක් වුණොත් ඕවා කියපු කට ගලක උලාගන්න තමයි වෙන්නේ. මොකද ඔය වගේ වැඩක් පටන් ගන්නකොට අපි හැමදාම නරක අනාවැකි ලියුවා. වැඩේ නැවතුනෙත් නැහැ. රටට තවම නරකක් වුණෙත් නැහැ. කමක් නැහැ. මෙහෙම ලියලා හරි හිත සනසාගනිමු. (නි)
නරකද ඔය කියන සයුරු නගරෙට කොළඹ තියෙන කුණු ගොඩවල් ගෙනල්ලා දැම්මොත්. එතකොට අගනුවර තවත් ලස්සන වෙලා කුණු ටික මුහුදටම හේදිලා යාවි.අපට එහාකොට හොඳට හුස්ම ගන්නත් පුළුවන් ගඳක් නැතුව. (නි)
මෙම මුහුද මෙතන ගොඩ කරන්නේ සුනාමිය වැළැක්වීමට නොවේ. අපට වඩා ලොකුම දියුණු රටක් වන ජපානයටත් සුනාමියට පිළිතුරු නැහැ. මේක සයුරු නුවරක් තැනීමක් (නි)
චීනය සමඟ අපි සදා මිතුදමින් සිටිමු (නි)
ළිං වල ඉන්න ගෙම්බන්ට මේවායේ අගය තේරෙන්නේ නැහැ. නවීන ලෝකයත් එක්ක අපිත් යන්න ඕනෑ. මෙවැනි ව්‍යාපෘති වලින් රට දියුණු කරන්න ඕනෑ. ඕක තමයි ඇත්ත. (නි)
මතකනේ කට්ටියට! ඒ දවස් වල ජනාධිපති ප්‍රේමදාස මහත්තයා දඹුල්ලේ කණ්ඩලම හෝටලය හදනකොට කොයිතරම් කට්ටිය උඩුබිරුවද? නමුත් එතුමා එදා ඒ දේ කළා. ඉදිරිය දැක්කා. අද කවුද ප්‍රතිලාබ ලබන්නේ, අපිද? ඒ පැත්තේම ජනතාව. ලංකාවේ හැමෝම හණමිටි අදහස් වලින් මිදිලා ලෝකය දිහා බුද්ධිමත්ව බලන්න. මේ වගේ ව්‍යාපෘති රටක සංවර්ධනයට අවශ්‍යයි (නි)
සිල්වා, ලංකාවේ ඔය කරන වැඩෙන් බස්නාහිර මුහුදු තීරය ඛාදනයකට අනිවාර්යෙන් ලක්වෙන ඉඩකඩ ඉතාම වැඩියි. අවදානමත් එසේමයි (නි)
මේ මුහුද ගොඩකිරීමෙන් කොළඹ - පානදුරේ සහ කොලඹ - මීගමුව අතර සුනාමි වැනි විශාල ජල ගැලීම් හට ගැනීම වැළක්විය නොහැකියි.(අ)
මේවා බොරු වැඩ....(අ)
මේ වගේ මුහුද ගොඩකළ ලොකු ව්‍යාපෘති කිහිපයක් ඩුබායි වල හදල තියෙනවා පාම් එඉලංද් ,පාම් ජුමේරා, ඉතාම සාර්ථක විදියට ඒ වයේ ගොඩනැගිලි නිර්මාණය කරලා තියෙනවා ඒ වගේම සංචරක ව්‍යාපාරය හොදින් සිද්ද වෙනවා ඒ නගර වල කටාර් රජ්ජ්‍යයෙත් මෙවැනි මුහුදු නගර නිර්මාණය කරලා තියෙනවා පෙර්ල් ඉලන්ඩ් කියල හැබයි අරාබි මුහුදවල් ගොඩක් ගැඹුර නැහැ ලංකාවේ මුහුදවල් වගේ එතන පොඩි ගැටළුවක් තියෙනවා කෙසේ නමුත් සාර්ථකව නිමකිරීමට ලැබේවා රටක් දියුණු වෙනකොට මෙවැනි ප්‍රොජෙක්ට් කරන්න ඕනි .අභියෝග ජයගන්න ඕනි. එ්ක තමයි සාර්ථකත්වය !!! (අ)
ඔය එක්කම වැලි ගෝනි දාලා නයිට් රේස් පදින්න පාරකුත් හදමුද ? (නදී)
අනේ මන්දා අපේ රටේ මොක කරන්න ගියත් අපේ ඇත්තන්ට කියන්න මොනවාද නැත්තේ. කොයිතරම් හොදක් කරන්න ගියත් එම ක්‍රියාවට අත හෝදනවා මිසක් අපි කවදාද හොදක් දැක්කේ. මෙයින් පැහැදිලිව පෙනෙන්නේ එක දේශපාලන පක්ෂයකට හිතවත් පිරිස අනෙක් පක්ෂයක් ආණ්ඩු කරන විටදී, ඒ අය මොන හොදක් කරත් එහි හොදක් නම් දකින්නේ නැති ගානයි. (නදී)
මේක ණයක් නෙවෙයි චීනය කරන ආයෝජනයක්. එ්ක තේරෙන්නේ නැති අය මේකට විරුද්දව ලියනවා. චීනයේ ආයෝජනය වෙනුවෙන් ඒ අයට මුහුදෙන් කැල්ලක් දුන්නට වරද මොකද? මේ අය දකින්නේ හැම දෙකම අසුබ පැත්ත විතරයි. (නදී)
මගේ රට නාස්තිකරන්නේ නැතුව දියුණු කරනවානම් ගොඩක් හොඳයි නේද? මේකත් ධනවතුන්ට විතරද දෙන්නේ .මොකද අධිවේගී මාර්ගයේ දුප්පත් අයට යන්න බෑනේ.ඒ මිනිසුන්ට කාර්,වෑන් නෑනේ. මේ වගේම සංචාරකයන් යන තැනුත් සංවර්ධනය කලොත් හොඳයි නේද? (ස)
ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ තුමාගේ ඉදිරි දැක්ම ඉතා හොදයි. රට දියුණු වෙන්න මෙවැනි ප්‍රොජෙක්ට් කරන්න ඕනි !! (අ)
මේවා හොඳයි කියලා කියන්නේ ආර්ථික දැනුම බින්දුවේ තියන අය. (නි)
ජයා, ඔහොම බොරු කියන්න එපා. . නිව්යෝර්ක් නගරගේ ඉතිහාසය ක්‍රිස්තු පුර්ව 150000 කට අධිකයි (නි)
මේවට විරුද්ධ වෙන මිනිස්සු එක වෙලාවකට කියනවා රට දියුණු කරන්න මොකුත් කරන්නේ නෑ කියල . වැඩක් කරනකොට එ්කෙත් හොදක් දකින්නේ නෑ. කොහොමත් වැඩකරන මිනිහට තම ප්‍රස්න වැඩි (නදී)
මේවට විරුද්ධ වෙන්නේ ළිං වල ඉන්න ගෙම්බෝ (නි)
ශ්‍රී ලංකාව 2025 දී කොතනද ඉන්නේ කියල හිතාගන්න බැහැ සමහර කට්ටියට. අපේ රට දියුණුවෙන් දියුණුවට පත්වේවා !!(අ)
බන්ට් හරියට හරි (අ)
නිව්යෝර්ක් නගරයත් මුහුද ගොඩ කරලා හැදු නගරයකි .(අ)
තව වසර 12 කින් මේ හැම වියපත්තියකින්ම ප්‍රතිලාබ එනකොට රට දියුණු වෙනකොට මෙතන අදහස් දාපු කට්ටියගේ දරුවොත් ඔය තැන් වල වැඩ කරයි .එදාට බලමු (අ)
ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ තුමාගේ ඉදිරි දැක්ම ඉතා හොදයි. එතුමා රට ගොඩනගනවා දියුණු කරනවා අපිට විස්වාසයි!! (අ)
මෙවැනි ප්‍රොජෙක්ට් අපිට අලුත් දේවල් වුණාට ලෝකේ ගොඩක් රට වල මෙවැනි ව්‍යාප්ති වෙනවා. ජපානේ යෝකෝහාමා ගුවන් තොටුපල හදල තියෙන්නේ මුහුදේ හන මිටි අදහස් වලින් මිදිලා අලුත් විදියකට බලන්න රට දියුණු වෙනකොට මෙවැනි ප්‍රොජෙක්ට් කරන්න ඕනි (අ))
අපි අපේ ළමයි ළමයිගේ ළමයි ඔක්කොම චීනෙට ණය කාරයෝ කරන මේ නායකයට ආවඩන ඇත්ත ඇති සැටියෙන් නොපෙනෙන හැම දෙනාටම මම හදවතින්ම අනුකම්පා කරනවා. මෙච්චරටම ඇත්ත නොපෙනෙන මිනිස්සු ලංකාවේ ඉන්නවනේ අනේ. (ස)
මෙවැනි ප්‍රොජෙක්ට් ලංකාව වටේම කරන්න අපේ රජයට ශක්තිය ලැබේවා!!! ලංකාවේ දියුණුව තව අවුරුදු 10 කින් බලන්න පුලුවන්. මෝඩයන්ට ලිඳේ ගෙම්බන්ට මේවායේ අගේ තේරෙන්නේ නැහැ .(අ)
සත්‍යයා, ඩුබායි වල ඔය කියන ව්‍යාපෘතියේ මම වැඩ කළා. ඉතාම සාර්ථක විදියට සංචාරක ව්‍යාපාරය එහි සිද්ධවෙනවා. ලාංකිකයන් අලුත් විදියට බලන්න දන්නේ නැහැ. මීට වඩා දේවල් ලෝකයේ වෙනවා. ඉස්සර රජ දරුවෝ ඔය විදියට හිතුවා නම් අපිට අද රුවන්වැලි සෑය, සිගිරිය කිසිම දෙයක් නැහැ. ජාතියක් වශයෙන් නැඟී සිටින්න නම් මෙවැනි දෑ කරන්න ඕනෑ (නි)
කණ්ඩලම හෝටලේ හැදුවේ චීනට ණය වෙලා නෙමෙයි. කොළඹට අඩිය තියපු නැති අසරණ මිනිස්සුත් රටේ ඉන්නවා. අරාබියේ කරන වැඩ අපිත් කරන්න ගියොත් ඒක ලෝක විහිලුවක්. (ස)
බන්දුල පෙරේරා ඉස්සර බන්දුල පෙරේරමද? (ස)
සිරිසේන මහත්තයා එක පාරක් කියල තිබුණා අලුත් වරායෙනුයි , ගුවන් තොටුපොලෙනුයි ආයෝජයනය කරපු මුදලට සාපේක්ෂව ඉතා පහල ආදායමක් තියෙන්නේ කියලා. එ්ක පුද්ගලයෙකුගේ නය ප්‍රමාණය පොලිය ඉහල යාමත් සමග වැඩි වෙලා කියලා. මේවයෙන් ලැබෙන ආදායමෙන් නය මුදල පවත්වාගෙන යාමට හෝ අඩුකිරීමට බැහැ කියලා. මේ විදිහට මෙතෙක් කරපු ව්‍යාපෘති අසාර්තක නම් අලුතෙන් ඒ වගේ 20 ගුණයක් ලොකු ව්‍යාපෘතියක් තවත් නය අරගෙන සිදුකරන එක බුද්ධිමත්ද සිරිසේන මහත්තයෝ ? අන්තිමට සක්විතිගේ කැසිනෝ ගැහිල්ල වගේ වෙයිද සිරිසේන මහත්තයෝ (නදී)
සිල්වා නොදන්නා දේ ගැන ලංකා වාසීනට කියන්න ගිහිල්ල තවත් ක්‍රමයක කඩේ යාමක් කරනවා. ඩුබායි රටට අතිරික්ත ධනස්කන්දයක් ඇති නිසා සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කියල බටහිර රටවල උපදෙස් මත මුහුද ගොඩ කර සුපිරි හෝටල් තැනුවා. මේසා ධනස්කන්දයක් වියදම් කර බලාපොරොත්තු වූ තරම් සංචාරකයින් නොපැමිණීම නිසා ඒ රට තමන් වියදම් කල සම්පත් ප්‍රමාණය ගැන අද දුක් වෙනවා. චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම කියන්නේ මොකක්ද කියල ලිඳේ ඉන්න ගෙම්බෝ නොදන්නවා උනාට බුද්ධිමත් ලෝක ප්‍රජාව මේ ආයතනය විසින් සංවර්ධනය වෙන්න උත්සාහ කරන රටවලෙට කර ඇති හානිය හොඳින් දන්නවා. මේ වැඩෙන් කොමිස් ගහන කට්ටියත් ඒ ගැන දන්නවා. නමුත් ජනතාවට ඒ ගැන දැන ගන්න ලැබෙන්නේ ආණ්ඩුව වැටුන දවසක විතරයි. එතකොට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි. (ස)
වරයටයි ගුවන් තොටුපලටයි ඩොලර් මිලියන 800 ක් නය අරගෙන එක්කෙනෙක් ලක්ෂ 3.5 ක් පමණයි නය උනේ. බිලියන 15 ක් නය ගත්තහම එක්කුනෙකුට ආසන්න වශයෙන් ලක්ෂ 70 ක විතර ණයක් තමයි වැටෙන්නේ. බැංකුවකට කව්රුහරි ගියත් ලක්ෂ 5 ක නායක ගන්න කොච්චර ලියකියවිලි ඕනෙද? කිසිම ලියකියවිල්ලක් නැතිව එක්කෙනෙකුට ලක්ෂ 70 ක පමණ නයක් වැටෙන එක ගැන ජනතාව සතුටු වෙන්න ඕනේ. (නදී) එහෙම නොවෙන්නේ කුහක මිනිස්සු.
සිරිසේන, ඔයාම කලින් කියල තියනවා හම්බන්තොට වරායෙනුයි ගුවන් තොටුපොලෙනුයි වුණේ ණය බර වැඩිවුණ එක විතරයි කියලා. හැම කෙනෙක්ම ලක්ෂ 3.5 ක් ණය වෙලා කියලා. ඒ දෙකටම ගියේ ඩොලර් මිලියන 800 ක් විතර . දැන් මේකට ඩොලර් බිලියන 15 ක් ගියහම එක්කෙනෙක් ලක්ෂ 60 ක් 70 ක් ණය වෙයි නේද? ඔයා මෙච්චරකල් ආණ්ඩුවට බැන්නේ හේතුවක් ඇතුව කියලා දැන් අපිට තේරෙනවා. (නි)
අචිනි,30% ක් නම් කමක් නැහැ (නි)
හරිම ආඩම්බර හිතෙනවා. කොළඹ නගරය වගේම ඓතිහාසික මහනුවර නගරයත් ඝෝටභය රාජපක්ෂ මහතාගේ අදීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණය වෙනවා නම් ඉතාම වටිනවා. ලංකාවට එන සංචාරකයින්ගෙන් බහුතරයක් නුවර යනවාමයි (නදී)
ශතවර්ෂ ගණනක් පවතින ශ්‍රේෂ්ඨ ඉදිකිරීමක්. ජනපති දෙපළට ම සුබ පැතුම් ! (ස)
සුබවාදීව හිතන්න කොමිස් ගහල හරි වැඩ කරනවානම් (ස)
සෙනරත් බයවෙන්න එපා මේ ආණ්ඩුව පරදින්නේත් නැහැ පෙරලෙන්නෙත් නැහැ (ස)
කරත් වැරදි, නොකරත් වැරදි. යුද්දේ ඉවර කරාටත් බනින මිනිස්සු ඉන්න රටනේ. ප්‍රජාතන්ත්‍ර වාදයේ ආශ්චර්ය. (නදී)
මේ ව්‍යාපෘතියෙන් පස්සේ කෝටිපතියන් වැඩිම රට ලංකාව වෙන්නත් පුලුවන් (නදී)
වැඩ නොකලොත් දොස් කියනවා, වැඩ කලොත් ඇද කියනවා. අනේ මේ වක්කඩ කටවල් කවදා වැහෙයිද දන්නේ නෑ. (නදී)
සෙනරත්-ආණ්ඩුව පෙරලුනොත් නෙවේ, පෙරළෙනවා (ස)
බන්දුල වගේ අය තවත් බිහි වුනොත් ලංකාව ඉවරයි.
රන්ජිත්, ඔබ හරියටම හරි. (නදී)
චීනට ගියා කියල දුක් වෙන්න එපා. තව කට්ටියක් මේ රට අල්ලන්න සැලසුම් හදල ඉවරයි. උන්ගෙන් ගැලවෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි චීනට ලං වෙන එක. (නදී)
කවද පිම්බෙන්නේ කියල අනාගතේදී බලා ගන්න පුළුවන් රටේ සබැ දියුණුවක් ඇති වන්නේ මෙවයෙන්ද ? මහජනයාගේ අත මිට සරු වෙන්න ජිවන මග පළමුව හදන්න ඕනේ රට සංවර්ධනය කියන්නේ කිහිප දෙනෙකු හැදෙන එක නෙවෙයි මේවා ලොකු ලොකු ව්‍යාපාරිකයන්ට කොමිස් කාක්කන්ට හම්බ කරන්න හොඳයි. (ස)
මගේ රට දිනෙන් දින වේගවත් සංවර්ධනයක් කරා ගෙනයන සියලුදෙනා හට යෝධ බල යෝධ ශක්තිය, ලැබෙන්න ඕනා. (නදී)
ආසියාවේ අාස්චරයමත් නගරයේ වැඩ අද ඇරඹුවා කියල මට හිතෙනවා. ලංකාවම මේ වැඩේට අාශිර්වාද කරන්න ඕනේ (නදී)
ඔව් කමල් ගොඩම තමයි කොමිස් ගත්තු අය. අපිට වෙන්නේ නොකා නොබී ණය ගෙවන්න! ආශ්චර්ය දොරේ ගලනවා දුකේ බෑ! (නදී)
ඉක්මනින් වැඩ ටික ඉවර කර ගන්න හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඉවර වෙන්න කලින් ආණ්ඩුව එහෙම පෙරලුනොත්, මීට කලින් පැලියගොඩ හන්දියේ දශක ගණනක් දකින්නට තිබුණ කොන්ක්‍රීට් අමුඩය වගේ අපබ්බ්‍රන්ෂයක් ගාලු මුවදොරට අනාගතයේ යන අයට දැක දැක ඉන්න සිද්ධ වේවි.(අ)
හම්බන්තොට මුහුද රට ඇතුලට ගෙනෙන්න ඩොලර් බිලියන ගානක් නාස්ති කළා. දැන් මුහුද ගොඩ කරන්න ඩොලර් බිලියන ගානක් නාස්ති කරනවා. මේව ගෙවන්න හත්මුතු පරම්පරා ගානකටවත් බැරි වෙයි (අ)
චීනට ගිය රට ...... මේකෙනුත් 30% අහවලාට(අ)
මගේ රට තව දියුණු වේවා (අ)
අපේ රට චිනාට ලියවිල්ලකින්ම පාවා දුන්නා.මතක තියාගන්න මේ අලුතින් හදන කොටසෙන් බාගයක් සදා කාලයටම චිනාට ලියලාදිලා ඉවරයි.මෙය සිනහසෙන්නට දෙයක් නොවෙයි හඬන්නට වෙන දවසක උදාවයි. (අ).
ගොඩම තමයි . මේවා ලංකා මෑත ඉතිහාසයේ වෙන්නේ පළමු වතාවට . (අ)
ලංකාවේ ගොඩබිම දැන් සේරම පාවිච්චි කරලා ඉවරද? (ස)
ඔය ළොකුවට සන්තෝෂ වෙන කට්ටිය හිතන්න මේවා ගිණිපොළී ණය. (ස)
ඇමෙරිකාවට ණයක් ඕන උනාමත් ගන්නේ චීනෙන්. ජර්මනියට ණයක් ඕන උනාමත් ගන්නේත් චීනෙන්, එංගලන්තෙට ණයක් ඕන උනාමත් ගන්නේත් චීනෙන්. අපි ගත්තම නරකයි. ලෝකයේ හදන භාණ්ඩ වලින් 10 න් 7 ක් හදන්නේ චිනේ. අයි.එම්.එෆ් එකට ඩොලර් බිලියන 50 ක් වෙනකම් ණය දෙනවා. ලෝකයේ වැඩිම වත්කම් තියෙන්නේ ඇමෙරිකාවේ බැංකුවකට නෙවෙයි චීනයේ ඉන්ඩස්ට්‍ර්යල් ඇන්ඩ් කොමර්ෂල් බැංකුවට කියන චීන බැංකුවට. චීනය කියන්නේ ආක්‍රමණික විදේශ ප්‍රතිපත්තියක් ගෙනියන රටක් නෙවෙයි. ඇමෙරිකාවට දාහකට වැඩි හමුදා කදවුරු තියෙනවා ලෝකෙ වටේට. එ්ත් චීනෙට එකක්වත් නෑ. අපි ඩුබායි වල මුහුද ගොඩකරලා ව්‍යාපෘති කරන කොට කට ඇරගෙන බලාගෙන හිටියනේ. දැන් අපේ රටේ ඒ වගේ ව්‍යාපෘති කරනකොට කට්ටියක් පලු යන්න බනිනවා. කවදා හරි දවසක එයාල ආණ්ඩුවක් ගත්තත් ගනුදෙනු කරන්න වෙන්නේ චිනෙත් එක්ක තමයි . (නදී)
එහෙනම් ඔයාල කියන්නේ ණය අරන් නිකන් කන්න දෙන්න කියලද?එතකොට අපේ බොහොමයක් පිරිමින්ට පුළුවන් කසිප්පුවතුර බිබී හන්දියක් ගානේ රස්තියාදු ගහන්න,තව බැරිනම් ගෙදර ඉන්න අඹුවට තලන්න,මොකද නිකන් බඩගොස්තරේ දෙනවනේ. චීනේ ව්‍යාපාර මුළු ලෝකෙම තියෙනවා,කුණු කඳු වලින් පිරුණු කොළඹ ලස්සන බලන්න,ඔයවගේ මුළු රටම ලස්සනට ගොඩනගන්න අපට යටිකුට්ටු වැඩ නැති හොඳ සහකරුවෙක් ඕනේ.ඉතින් සුදුසු ම අපට නැගිටින්න උදව් කරන චීනයට ,එම ජනතාවට අපේ හෘදයාංගම ස්තුතිය.මුළු ලොවම පාලනය කරන්න ශක්තිය ,ධෛර්යය චීනයට ලබේවා ! (ස)
අපේ සිංහලයට හොඳනම් අපි මොකද කරන්නේ. ? (ස)
රටේ විනාසේ තමා මේ . මුන් රට කනවා. හොරු (ස)
සමහරුන්ට මොන හොඳ වැඩක් කලත් එ්කත් පෙනෙන්නේ හරහට , සමහරුන්ට චීනය නයාට අඳු කොළ වාගේ , අපට කිසි දිනක මේවගේ උදව් බටහිර ලෝකයෙන් ලැබිලා නැහැ. අතීතයේ පටන් චීනය රුසියාව කල ආධාර රටට වැඩ දායක ඒවා , බටහිර ලෝකයෙන් ලැබෙන්නේ නිතරම කඩචෝරු වැනි ඒවා , ණයක් ආධාරයක් කියල දීල , ආපසු ඔවුන්ගේම කඩචෝරු විකිණීමක් බටහිර ලෝකයා කළේ. (ස)
බන්දුල ඔබගේ අදහස වටිනවා. නමුත් තේරුම් ගන්න ඉන්න අය අප රට තුල නැති එක ගැන අහෝ දුකකි. සමර විට තේරෙන විට අපිවත් විකිණිලා ඇති චිනෙට (නදී)
චීනය ලොව පුරා දුප්පත් රටවලට ආදාර දෙන්නේ එම රටවල් යටත් කරගන්න නොවන බව පෙනෙනවා. ඇමෙරිකාව එනවා නම් එන්නේ පිටිපස්සේ දෙමල කොටි හා යුද අවි සමග. (නදී)
චීන නායකයා සයුරු නුවරට මුල්ගල තියන ගමන් අපේ රට මිලදී ගන්න ලංසුවකුත් තිබ්බා කියලා හිතාගත්තානම් හරි, මොකද අද ලංකාවේ අලුතින් ආරම්භ කරන ව්‍යපෘති සියල්ලටම මුදල් ආයෝජනය කරලා තියෙන්නේ චීනය,මේවයේ වටිනාකම අනුව ගණන් බලලා ඉතිරි මුදල ගෙවලා ලංකාවම සල්ලිවලට ගනියි. (ස)
යුරෝපීයන් වගේ චීනුන්ගේ යටත් විජිත වාදී අදහස් නැහැ.ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ නිෂ්පාදන ලෝකය පුරාම බෙදාහැරීම.අතීතයේ ඔවුන් ලංකාවට පැමිණ කලේ රෙදි පිලි වෙළඳාම,දත් ගැලවීම ,දත් බැඳීම.අද අපිට වෙලා තියෙන්නේ චීනුන්ගේ දත් ගැලවීමය.කොහොමද දෙගොල්ලන්ගේ දියුණුවේ වෙනස ! (ස)
සයුරු නුවර හොදයි. මහනුවර නැති වෙයිද.... (අ)
මේ අලුත් ණය අරගෙන අලුත් ව්‍යාපෘති කරන්න කලින් ගත්ත ව්‍යාපෘතිවල ලාබ ලබල ණය ගෙවල හිටියොත් නරකද? මේකෙන් කට්ටියක් පරම්පරා සීයකට හම්බකර ගනී. සාමාන්‍ය මිනිස්සු පරම්පරා 100ක් ණය ගෙවයි. ලංකාවේ කොච්චර හොද ගොඩබිම් තියනවද ඕන නගරයක් ඉදිකරගන්න. හරියට ලංකාවේ ඉඩ මදි වෙලා වගේනේ මුහුද ගොඩ කරන්නේ. බුද්ධිමත් ජාතීන් කරන්නේ ස්වභාවික පිහිටීම් වලින් උපරිම ප්‍රයෝජන ගන්න එක. අපි කරන්නේ එක පැත්තකින් ගොඩබිම හාරනවා. අනෙක් පැත්තෙන් මුහුද ගොඩ කරනවා. මේක පිස්සු එකේ හොදම එක කියලයි මටනම් කියන්න තියෙන්නේ. (ස)
අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ගේ මොළ හෝදලා ඉවරයි ... සුද්දට බනින්න උගන්වන ගමන් මෙයාලට වඳින්න උගන්වල තියෙන්නේ ... තව ටික කලක් යද්දී තමයි තේරෙන්නේ කොන්ද නමල හදල දුන්නේ පුටුවක් නේ කියල ..(ස)
මෙතුමා ලංකාවට ඇවිත් එකම දවසයි හිටියේ. ඊයේ දවල් ඇවිත් අද දවල් ගියා. ඒ හිටපු ටිකට එහාට මෙහාට ගිහින් එක එක දේවල් ගොඩක් විවෘර්ත කළා. ගිවිසුම් ගොඩක් ගැහුවා. අවුරුදු 28 කට පස්සේ චීනෙන් ලංකාවට ආපු නායකයෙක් විදියට මෙතුමාට කිසිම නිදහසක් තිබුනේ නෑ කියලයි මට නම් හිතෙන්නේ. අනේ එතුමා වසර 28 කට පස්සේ ලංකාවට ඇවිත් එහෙම පුදුමාකාර විදියට ස්ව කැමත්තෙන්ම මහන්සි උනේ අපේ ජනතාව වෙනුවෙන් එතුමාගේ රටේ තියෙන අසීමිත ආදරය හින්ද නේ. මේ වගේ දේවල් හොඳට කල්පනා කලයුතු දේවල් (නදී)
මේකේ අයිතිය චීනයට බව අමතක කරන්න එපා (නදී)
පාට කන්නාඩි වලින් රටේ අනාගතය මනින්න එපා (නදී)
චීන්නු හරිම කපටියි. මොකක් හරි රටකට රිංගා ගත්තොත් එතන ඉතිහාසය වෙනස් කරලා තමයි නවතින්නේ. සංවර්ධනය කරන්න කියල ඇවිල්ල මොනවා කරාවිද දන්නේ නැහැ. මම ඉන්න රටෙත් අනෙක් රටවල වලින් ආපු කට්ටිය ඔක්කොම කපලා දාල දැන් ඒගොල්ල කොලනියක් කරගන්න හදන්නේ. කරන දෙයක් පරිස්සමින් කරන තරමට ඇඟට ගුණයි. (නදී)
රංජිත් ඔයාලා මොලය උඩද ඉදගෙන ඉන්නේ. ජපානෙත් මුහුදු ගොඩ කරලා ලස්සන නගර, ගුවන්තොටුපොලවල් හදලා තියෙනවා
බන්දුල පෙරේරා, නොදන්නා දේවල් කතානොකර ඉන්න. කෙබර කෙලින්නේ නැතිව. (ස)
...තව දෙයක්, මේ මුහුද ගොඩකිරීම පිලිබඳ පරිසර අධ්‍යයනයක් කලාද...එය කලේ කවුද.? මේ සිද්ධිය අනාගතයේ කොළඹ අවට ...ඒ කියන්නේ ගල්කිස්ස පැත්තට වෙන්න සුනාමි තත්වයක් නිතර ඇතිවෙන්නට බලපෑවොත් ' චීනා' මොකද කරන්නේ...? ඒ පැත්තේ ඉන්න පාරම්පරික මිනිස්සුන්ව හමුදාව දමලා එළවලා දමනවාද..එහෙම නැතිනම් ඩයිනමයිට් දමලා අලුත් නගරයම පුපුරවලා දමනවාද..? (ස)