වරකාගොඩ ශ්‍රී ඤාණරතනාභිධාන අස්ගිරි මහානායක මාහිමියෝ 10 දා වව්නියාවේ පන්සල් සංවර්ධනය වෙනුවෙන් මුදල් ප්‍රධානය කිරීමේ වැඩ සටහනක් වව්නියාව මහකච්චකොඩිය පුරාණ ගල්ලෙන් මහා විහාරයේදී පැවැත්වූහ.
උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමාධිපති සියඹලාගස්වැව විමලසාර නාහිමියෝ මහා නායක හිමියන් පිළිගත්හ.
වව්නියාවේ පන්සල් 29 කට රුපියල් ලක්ෂ 145 ක් පරිත්‍යාග කළහ.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන ‘‘අපේ සත්කාර” වැඩසටහනට අයත් වීනයේ බෞද්ධ විහාරස්ථානයන්හි මූල්‍ය ප්‍රතිපාදන යටතේ අදාල මුදල් වව්නියාව දිසාපති එම්.බී.පුෂ්පකුමාර සහ වව්නියාව දකුණ ප්‍රාදේශීය ලේකම් එම්.එස්. ජානක යන මහත්වරුන්ට ලබා දනේනේය .
යුද්දයෙන් පසුව අස්ගිරි මහානායක හිමියන් උතුරු ප්‍රදේශයට වැඩම කළ පළමු අවස්ථාව මෙය වෙයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ ජනතාවනි, දේශපාලන අදහස් බුදු දහමේ පුවත් වෙනුවෙන් භාවිතා නොකරන්න (නි)
සාදු සාදු සාදු !!! (බ)
ඉතාමත් ඉහළින් අගය කරනවා (නි)
පන්සල් පොහොසත් වියයුත්තේ ධර්මයෙනි. (නි)
සාධු සාධු සාධු!!! (නි)
මෙවැනි සද්ක්‍රියාවන් නොවැ මහනායක හිමිවරුන් කළයුත්තේ. නගරාශ්‍රිත හිමිවරු සුඛෝපභෝගී තඩි වාහනවල වඩිමින් ලොකු ලොක්කන් අසුරු කරද්දී, නාගරික පොහොසත් දායකයනට බණ දෙසද්දී, දානයවත් හරිහැටි නොලැබෙන මුල්‍ය අසීරුතා මත, ගමේ හිමිවරුන්ගේ දැඩි කැපවීම මත පවත්වාගෙන යන දුරබැහැර දුප්පත් පන්සල් කොපමණ තිබෙනවාද අප රටේ..? (නි)
සාධු,සාධු!! ඉතාමත් උතුම් පින්කමක්, කටයුත්තක්, සිංහල බෞද්ධ අයිතිය ගැන කෑගසන අපිට වැටුපකින් තොරව කටයුතු කිරීමේ අවස්ථාවක් ලැබේවිද? (නි)
රනිල්ට මහින්දට කරන්න බැරි දේ චීනය කරනවා. (නි)
ඉතා හොඳ වැඩක් (නි)
ඕක තමයි වෙන්න ඕනෑ. පරක්කුවෙලා හරි පටන්ගත් එක ලොකු දෙයක්. සමහරු දාලා තියෙන දේ හරියට කියවන්නේ නැතුව එලොව විකාරෙන් පොළොව අතගානවා (නි)
කමල්, මේ ලිපිය කියවන්නකෝ හරියට. මෝඩ ප්‍රශ්න අහන්නේ නැතුව. (නි)
බොහොම උතුම් පින්කමක් වගේම ශාසනික දියුණුවට හොඳ මුලාරම්භයක් (නි)
හරිම සතුටුයි අපිට. සාධු සාධු!! (නි)
දැන් මේකටත් විදෙස් කුමන්ත්‍රණයක් කියලා කියන අය ඉඳියිද දන්නෙ නැහැ (නි)
හැබැයි ඉතින් හැමදේකම දෙපැත්තක් තිබෙන බවත් සිතිය යුතුයි (නි)
කමල්, අැයි කලබල වෙන්නේ? එය චීනෙන් ලැබුණු බව තේරුනේ නැද්ද? (නි)
මම මෙය ඉතාම ඉහළින් අගය කරමි. (නි)
බලාගෙන හාමුදුරුවනේ, අන්තිමට ඔබ වහන්සේවත් එෆ්සීඅයිඩී ගෙන්නයිද දන්නෙ නැහැ (නි)
මෙච්චර සල්ලි කොහෙන්ද උන්වහන්සේට? (බ)
නායක හාමුදුරුවනේ, ඉතාමත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් මේක. (බ)
මෙවන් කටයුතු අගය කිරීම වටිනවා (නි)
බුදු සසුන බැබළේවා! (නි)