පසුගිය රජය විසින් චීනය සමඟ එක්ව කොළඹ ගාලු මුවදොර ආශ්‍රිත ඉදිකිරීමට යෝජනා කළ කොළඹ වරාය නගරයහි සැලැස්ම වෙනස් කොට එය ‘කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගරය’ලෙස නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ ත්‍රිපාර්ශවික ගිවිසුමට නිළ වශයෙන් ශ්‍රී ලංකා රජය සහ චීන රජය අත්සන් තැබීම අද (12) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සිදු කැරිණි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාශයේ ලේකම් නිහාල් රූපසිංහ සහ චීන රජය වෙනුවෙන් චයිනා හාබර් ඉන්ජිනියරින්ග් කෝපරේෂන් පොර්ට් සිටි කොලොම්බු ව්‍යාපෘති සමාගමේ සභාපති ටන්ග් කිඕ ලින්ග් යන මහත්වරු අත්සන් කළහ.
මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක , වරාය හා නාවික කටයුතු ඇමැති අර්ජුන රණතුංග සහ සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම යන මහත්වරු මෙම අවස්ථාවට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන නායකයන් අවංක නම් පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම පුවත්පත් දැන්වීම් සහ අන්තර්ජාලය මඟින් ප්‍රසිද්ධ කළයුතුයි. (නි)
මේවා දකිනකොට අපිට හිනාත් යනවා (නි)
මේ හොඳ වැඩක්. අපේ රට දියුණුවෙන විදියේ සියලුම වැඩ කඩාකප්පල් කළේ ඉන්දියාවයි. ඉන්දියානුවෝ මේකේ පුරවා ගන්නවට වඩා චීන වරාය නගරේ හැදුනාම රටවත් ටිකක් ආලෝකමත් වේවි. මේ සංකල්පය මහින්ද මහත්තයගේ. කොයි මිනිහා ආවත් හොරා කන ඒවා නවත්වන්න බැහැ. (නි)
ජේවීපී එක දැන් කෝ? නිදිද? (නි)
වර්තමාන ආණ්ඩුව පෝර්ට් නගරය නවත්වන්න කටයුතු කළ අවස්ථාවේදී චීන රජය නඩුමඟට ලැහැස්ති වුණා. වැඩේ දුරදිග නොයවා වෙන මොනවා කරන්නද? (නි)
දහය බැගින් දෙන්නම් (බ)
කුහකකමේ නිරුවත
වික්ටර්, එ්කට තමා අලුතින් පරිසර වාර්තා හැදුවේ. පරිපූර්ණ නව පරිපූරක පාරිසරික අධ්‍යයනයක් සිදුකිරීම හරහා රජය විසින් මෙය ප්‍රතිශෝධනය කළා. මෙමගින් වෙරළ ඛාදනය වීමේ ඉඩකඩ අවම කර ඇත. (නි)
නන්දලාල් දන්නවා නම් කියන්න එහෙනම් මුළුමහත් ජනතාවට හොරෙන් කොටින්ට පොලිසියක් සහ උසාවියක් ඇතිකර ගැනීමට හැකි පරිදි ගිවිසුමක් අත්සන් කළ නායකයා කවුද කියලා. සහතිකයි, ඔයා උත්තරය දන්නේ නැහැ. (නි)
දැන් මගේ රටට මොනවා වෙයිද? (නි)
හෙම්බිරිස්සාවට වඩා බ්‍රොන්කයිටිස් හොඳයිනේ. පෝර්ට් සිටි එකට වැඩිය මුල්‍ය නගරය හොඳයි. යහපාලනයත් හොඳයි. ගාල්ලේ ඉදලා පුත්තලමට යනකම් මුහුදු කෑම මේ නගරය නිසා සිදුවන බව මේ අයට නොතේරෙන එකත් හොඳයි (නි)
පේනවනේ! කවුරු මොනවා කිවුවත් මහින්ද එදා ගත්තේ ඔක්කොම හරි තීරණ. එ්ක ස්වභාව ධර්මයෙන් හරි ඔප්පු වෙනවා (නි)
ව්‍යාපෘතියේ නම වෙනස් කළ ගමන් ගාල්ලේ ඉඳලා පුත්තලමට යනතුරු මුහුදුකෑම නතර වෙන්න ඇති. රට චීන කොලනියක් වීම නතර වෙන්න ඇති. පරිසර සමතුලිතතාවය ඇතිවෙන්න ඇති. රටේ වාසනාව. මෙවැනි බුද්ධිමතුන් චිරාත් කාලයක් මේ රටේ වැජඹේවා! (නි)
ඉතා අශෝභනයි. මේය වහා නවතා දැමිය යුතුයි. යහපාලනය පොරොන්දු කඩකරයි. (අ)
නනදලාල් ද සිල්වා, ගිවිසුම හොඳට කියවලා බැලුවද? මුළු රටම සතුටු වෙනවා කිව්වේ චීනය ගැන වෙන්න ඇති (නි)
නම වෙනස් කළාට අනෙක් සියල්ලමත් වෙනස්වේද? (නි)
කෝ චීන්නුන්ට එරෙහි හඬ? අන්තිමට රටේ ආර්ථිකය ගොඩගන්න චීනයටම යන්න වුණා නේද? අර ඇමෙරිකන්කාරයෝ උදවු කරන්නේ කොටි ප්‍රශ්නෙට විතරද? රටේ ස්ථාවරය නැතිකරනදේට විතරද? (නි)
බල්ලෝ බිරුවට තවලම යනවා කියන්න්‍ෙ ඒක තමයි (නි)
දඩිබිඩියේ පසුගිය රජය අත්සන් කරලා රටේ වටිනාම කොටසක් චීනයට පිනට නැත්නම් සින්නක්කරේට ලියා දුන්නා වගේ නෙමෙයි මෙවර අත්සන් කළ ගිවිසුම. යහපාලන රජය හොඳට හිතාමතා, රටට අයහපතක් නොවෙන විදියට පිළියෙළ කරපු මෙම ගිවිසුමට මුළු රටම සතුටු වෙනවා. රට විකුණපු අය අල්ලා කවදාද රජයේ බෝඩිමට යවන්නේ? (නි)
දැන් හරි. ලංකාව චීන කොළනියක් වෙන්නේ නැහැ (නි)
ලංකාව දියුණුවෙනවට අකමැති ඊනියා ජාතිවාදී අදහස් දැක්කහම කණගාටුයි. (නි)
මේ කතාකරන එක්කෙනෙක්වත් දන්නේ නැහැ අනිත් රටවල වෙන දේවල්. ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ කතාකරන්නේ. (නි)
ඇත්තටම මෙයාලා කරන මේ වැඩ නිසා චීනය ලංකාව ගැන කොහොම හිතනවා ඇද්ද? බොරුවට නම වෙනස් කරලා පරණ ගිවිසුමම ක්‍රියාත්මක කරනවා. කාවද මේ රවටන්නේ? (නි)
කළු සුද්දන්ට ගිය කල මුන් මුන්ගේ නොහැකි කම පෙන්වන තව එක් අවස්ථාවක් !!!!!!!!.(රේ)
මේ පාවාදෙන්නා වහාම අල්ලා සිරගත කර සියලු දේපල රාජසංතක කළ යුතුයි... (අ)
ලැජ්ජයි....මේ ප්‍රශ්නයට මුල පුරපු - චිනාට සින්නක්කරයටම තියාගන්න මේ ව්‍යාපෘතියෙන් හෙක්ටයාර් ගණනක් ලියලාම දුන්න හිටපු ලොක්කා " රට පාවාදීමක් " නොවෙයිද කලේ...?රටපාවාදීම යටතේ ඔහුට විරුද්ධව නඩු පවරන්න බැරි මොකද..?මම බලයේ හිටියානම් එයා දැනටත් කුඩුවේ...අමතක කරන්න එපා ...මේ රටේ හැම තැනම චීන්නු පැටවූ ගහන්න ගනීවි තව ටික කාලයකින්....එතකොට සිංහල දෙමල ප්‍රශ්න නොවෙයි ඇතිවෙන්නේ...සිංහල සහ දෙමල යන දෙගොල්ලම එකතුවෙලා...චින්නුන්ටයි...ඉන්දියන් කරයින්ටයි පහර දේවි.(අ)