දිවයිනට පැමිණ සිටින චීන විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් වටයේ තරගකාරියෝ ඔසරියෙන් හැඩ වැඩ වුහ.
ඔවුන් වෙනුවෙන් හබරණ සිනමන් ලොජ් හි සංවිධානය කර තිබු ‘ශ්‍රී ලාංකික රාත්‍රියට‘ චීන රූ රැජිණියෝ 15 දෙනාම එලෙස ඔසරියෙන් හැඩ වී ආහ.
උඩ රට නැටුමෙන් රාත්‍රිය වර්ණවත් වු අතර චීන යුවතියෝද බෙර පදයට පාද තැබුහ.
මෙරට දේශීය කර්මාන්ත පිළිබඳ දැනුමක්ද ලැබු චීන යුවතියෝ මැටි වළං කර්මාන්තය පිළිබඳව අත් දකීම් ලැබුවේ දැඩි ඕනෑකමිනි.























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා සංවරව ඔසරිය ඇඳලා ලකුණු දාගන්නවා......... බාගෙට ඇඳලා ශරීරය පෙන්වලා, නැටුම් නටලා අපේ කෙල්ලෝ මොකද කරන්නේ? (නි)
චීන ලඳුන් ඔසරියෙන් හැඩවුණ එක ආඩම්බරයි හැබැයි මේ තියෙන හැම ඡායා රූපයක්ම එක සමානයි මේ කතාව කියන්න පොටෝ තුන හතරකින් පුළුවන්නෙ (අ)
අපේ රටේ කාන්තාවන් කෙච්චර ලස්සනද. වෙන කිසිම රටක අපේ වගේ අහිංසක ශ්‍රියාවන්ත කාන්තාවන් නෑ (අ)
අපේ රටේ අයට නම් ඉතින් ඔසරිය අගේ නැනේ නේද? මෙයාල සුදු විතරනේ.මිට වැඩ ලස්සන අය චීනයේ නැද්ද දන්නේ. (අ)
මෙම ලංකාවේ ඔසරි සාරිය අපටත් වඩා ලස්සන මේ අයට වාගේ , හරිම දැකුම් කලුයි , ආඩම්බරයි , (අ)
මේ තරුණියන් මොන තරම් පිළිවෙලට ඔසරිය ඇන්දලාද ? මා ලඟදි ගිය මගුල ගෙදරක මනමාලිගේ හැට්ටයේ පිටක් නැහැ. ඔසරිය හැලෙන්න ඔන්න මෙන්න අන්දලා තිබුනේ. හරිම අප්‍රසන්නයි. එවැනි දවසකටවත් අපේ සංස්කෘතියට අනුව පිළිවෙලට අඳින්න බැරිද මන්දා. මනමාලයා මුල් ඇඳුම අන්දලා හිටියේ මට හිතුන කියන්න එයාගේ හැට්ටය මනමාලිට උඩින් අඳින්න දෙන්න කියලා. (අ)
අපේ සමහර කාන්තාවන් අඳින ඔසරිය වැටෙන්න ඔන්න මෙන්න. හැට්ටයක් අන්දාට ඒකේ පිට සෙන්ටිමීටරයක් විතර . ඒ අතින් මේ තරුණියන් නියම විදියට ඔසරිය අන්දලානේ. (අ)
ජෙහාන් , වරුනි කන පලාගන්න කැමතිද? (අ)
ඇත්ත තිත්තයි වගේ නේද...? (අ)
මෙයාලට විවිධ මස් වර්ග දෙන්නේ නැද්ද? චීන්නු කන්නේ ඒවානේ.... අර වරුණිගේ කටේ මසුරන් දාන්න වටිනවා.නිසාන්ට අමාරු ඔසරිය ඔහොම වැහෙන්න ඇන්දොත් තමයි (නි)
අපේ රටේ ගැහැණියෙක් ඉන්නේ බාගෙට හෙළුවෙන්. චීන කට්ටිය නම් සංවරව ඉන්නවා. (අ)
මේ කට්ටියට ඔසරිය අන්දා ඇති විදිහ හරිම සංවරයි. (නි)
ලස්සන තියෙන්නේ බලන කෙනාගේ ඇස්වලලුනේ. හැබැයි ඉතින් මම දකින විදියට ප්‍රතිශතයක් ලෙස ගත්තොත් ලංකාවට වැඩිය ලස්සන ගැහැණු ළමයින් ඉන්න රටවල් ගොඩක් තියෙනවා. ලංකාවෙත් ටිකක් ඉන්නවා. (නි)
ළඟදීම චීන මැටි වළං ලංකාවට චීනයෙන් ලාබෙට එවයිද කියලා මට බයයි (නි)
ටෙනිසන් අඳින්නෙත් ඔසරියද ? තරහ ගිහින් නිසා ඇහුවේ (නි)
අනේ මන්දා! මේ ළමයින් ඔක්කොම හරිම කෙට්ටුයිනේ... (නි)
වරුනි කියන දේ මමත් පිළිගන්නවා. (නි)
අපෙ රට අපිට ලස්සනයි මොකටද අප ජාතික අඩුම වනයට අන්දන්න අප රට මෙච්චර ලස්සන කාලේ එන්නාව (අ)
මේ ගොල්ලො සාරි ඇන්දොත් නම් ලස්සනයි. (අ)
මට නම් ලස්සන නැහැ (නි)
ලස්සනයි (නි)
ඔසරිය නම් මේ ගොල්ලොන්ට ගැලපෙන්නේ ඇහඇ වගේ, වයසට වැඩිය පෙනුමක් තියෙන්නේ. (අ)
හැබැයි මේ වළං වලට වගකීම් සහතික නම් දෙන්නේ නැහැ ඔන්න හොඳේ (නි)
මට නම් අපේ රටේ මීට වඩා ලස්සන කෙල්ලෝ ඉන්නවා (නි)
ඔසරියට නම් ලස්සනක් තියෙනවා. (නි)
ආයුබෝවන් චීන ලංකා. (අ)
මේ අය චීනෙට ලස්සන වුණාට අපට නම් එච්චර ලස්සන නැහැ (අ)
මෙයාලව නොරොච්චෝලේ බලන්නත් එක්ක යනවා නේද? (නි)
අපේ අය සාරි ඇන්දා වගේ නෙමෙයි. හරිම ලස්සනයි (නි)
නංගී, වළං වලින් නම් අපිට ඒ හැටි ගැටළුවක් නැහැ. අනේ ඉලෙක්ට්‍රික් වැඩ මොකවත් දන්නවා නම්, අර නොරොච්චෝලේ තියෙනවා ඔයාලගේ දක්ෂකමක්. පුලුවන් නම් පොඩ්ඩක් බලන්නකෝ. (නි)
ඔසරියට නම් මෙයාල ගොඩක් ලස්සනයි..!! (අ)
අපේ සමහර කොළඹ ඉන්න "හායි මෙයාලට" තමා මේවා බැරි (අ)
කොපමණ සුදු වුණත් අපේ රටේ කළු කෙල්ලෝ තරම් ලස්සන නෑ (දිල්)
පද්මිණිට ඊර්ෂියා වගේ (අ)
පද්මිණි: එහෙම කියන්න එපා. ලස්සන සාපේක්ෂයි. අපේ රටේ කෙල්ලෝ අපිට ලස්සනයි. චීන කෙල්ලෝ ඒ අයට ලස්සනයි. අප්‍රිකාවේ කෙල්ලෝ අප්‍රිකානුවන්ට ලස්සනයි. (අ)
තවත් කාලයක් ගියාම ලංකාවේ අයට ඔසරිය අදින්න පුරුදුවෙන්න පුළුවන් මේ අයගෙන්! (අ)
මේ චීන රුමතියන් තවත් ඔපවත් වෙලා අපේ ලංකාවේ සාරිය ඇන්දම. ඉතා ලස්සන අලංකාර දර්ශන කිහිපයක් මේවයින් දකින්නේ , ලංකාදීපයට ස්තුතියි. (ස)