චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් වටයේ රූ රැජිණියෝ ඉදිරිපත් කළ විලාසිතා දැක්ම බේරුවල සිනමන් බේ හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට් මෙය සංවිධානය කළ අතර ඇක්සස් ඉන්ජියරින් විලාසිතා දැක්ම සඳහා අනුග්‍රහකත්වය දැක්වීය.
චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් වටයේ රූ රැජිණියෝ ඉදිරිපත් කළ විලාසිතා දැක්ම බේරුවල සිනමන් බේ හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට් මෙය සංවිධානය කළ අතර ඇක්සස් ඉන්ජියරින් විලාසිතා දැක්ම සඳහා අනුග්‍රහකත්වය දැක්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තම කියනවානම් මටත් එපාවෙලා තියෙන්නේ.(අ)
මහේෂ මුතුකුඩ, වෙන වැඩක් නැහැ වගේ එයාලගේ පස්සෙන් යනවා මිසක්. (නදී)
ඇත්තම කියනවා නම් මට නම් මෙලෝ රහක් නැහැ. (නදී)
තවත් පිම්මක් පනින්න වගෙයි. ලංකාව චීන කොළනියක් වෙලා නේද? (නදී)
එක කාලෙකට ක්‍රිකට්,ඊට පස්සේ කාර් රේස්, තව අර නැගුම මේ නැගුම, තව බුමි ප්‍රදානය නිල ඇදුම් ප්‍රදානය. ඊටත් පස්සේ විහාර දේවල මහා පෙරහැර වල්. දැන් චීන සුරුපියෝ. හැබැයි එකෙක් කතා කරන්නේ නැහැ අපි කන්නේ බොන්නේ කොහොමද කියලා (නදී)
මොනවා වුණත් ලස්සන කෙල්ලෝ ටික (නි)
මේ කට්ටියට බැරිද බීමට වතුර නැති ප්‍රදේශ වලට ගිහින් වතුර ගන්න හැටිත් පෙන්නන්න? (නදී)
ප්‍රශ්නයකට තියෙන්නෙ අළුතෙන් අා නෝනලා නිසා පරණ අයට රැකියා ගැටලු අැතිවේද කියලා තමයි (නි)
පාඨක ප්‍රතිචාර අනුව පෙනී යන කරුණක් තමයි ‘‘ඕනෑම දෙයක් ඕනවට වැඩිය ඕනෑම නෑ‘‘ කියල. මේ අතරතුර අර පොළොන්නරුව කිළිනොච්චිය පැත්තෙ නියගය නිසා කන්න බොන්න නැතිව පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව ගැනත් පිංතූර සමග විස්තර පළ කරන්න තියෙනව නම් හොදයි.මොකද එතකොට ඒ තොරතුරු දැකල කිසිවකු ඒ ජනතාව වෙනුවෙන් යම් උදව්වක් වුණත් කරන්න පුළුවන්.(අ)
ලංකාව අයිති චීනයට. දැන් එ්කයි මේ එයාල සේරම මෙහෙ එන්නේ ජෝගි නටන්න. (අ)
දොසක් නෙමෙයි කියන්නේ. දැකලම එපාවෙලයි තියෙන්නේ. මීට ලස්සනයි අපේ රටේ නිකවැරටියෙ, ආනමඩුවෙ, ගල්ගමුවෙ කෙල්ලො ටිකක් පෙන්නුවනම්. (අ)
රටේ මිනිසුන්ට වේලක් හැර වේලක් කන්නේ කොහොමද කියලා කලපනා කරනවා. ඒ මදිවට චීන ලඳුනුත් ඇවිල්ලා (නි)
මේගොල්ල මෙහෙ පැල පදියම් වෙන්නද යන්නේ. ? කවද්ද අප්පා ආපහු යන්නේ? දැකලම ඇති වෙලා. (ස)
අයියෝ, මේගොල්ල කවද්ද මෙහෙන් චුත වෙන්නේ ? දැකලාම එපා වෙලා. (ස)
ඉතා කණගාටුයි, මේ කොහේ වත් නැති නරි වාදම් ගැන කතා කරලා කාලය කන්නේ. රටේ කිසිම ප්‍රශ්නයක් නැද්ද? මිනිස්සු අසරණවෙලා නියඟයෙන්, රට අරාජික වෙලා, උවේ මරාගන්නවා, බඩු මිල දවස ගානේ නගිනවා. මෙයාල ගෑනු ටිකක් පෙන්නලා අපිව මෝඩ කරන්ඩ හදනවා. (ස)
අය්යෝ කවද්ද මේගොල්ල චුත වෙන්නේ ? මට නම් දැන් දැකලාම එපා වෙලා. (ස)
ඔය කන්න නැති කට්ටිය අනුරාධපුරේ පැත්තේ පදිංචි උනානම් හරි. හැමදාම දන්සලෙන් කන්න පුළුවන්. (ස)
ඒ පාර මේකත් අර නයි නලඟනගේ කතාව වගේ...ඉවරයක් නැහැ...(අ)
ක්‍රිකට් තරග අතරේ අල, ලුණු වල දෙපාරක්ම බදු වැඩි කලා. ඒ පාර චීන නැටුම් පෙන්නලා, මොන මොන ඒවායේ බදු වැඩි කරන්න හදනවද දන්නේ නැහැ. එක වරක් විද්වතෙක් කියල තිබුන, අපේ රටේ නාස්තිය ,දුෂණය නැත්තම් ,දේශපාලකයෝ නඩත්තු කරන්න නැත්තම්, ගොවියා ආරක්ෂා කරන ගමන්ම , 60% කින් බඩු මිල අඩු කරන්න පුළුවන් කියල. ඉන්දියාවේ ලංකා මුදලින් අල කිලෝ එකක් රුපියල් 30 ක් විතරයි. අනේ අපේ රටට වෙච්ච දේ. (ස)
දැන් ලංකාවේ තියන ප්‍රධානම මාතෘකාව මේකද? (අ)
චීන ලඳුන් පස්සෙන් ලංකාදීපෙත් යනවා වගෙයි (අ)
මේ චීන ලඳුන් ලංකාවේ හැමතැනම යනවා වගෙයි (නි)