IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


චීන රූමතියෝ මත්තලින් යති

 දිවයිනට පැමිණි විශ්ව චීන රූ රුජිණ තරගාවලියේ අවසන් වටයේ රූමතියෝ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොස් එහි ඇති පහසුකම් පිළිබඳ  දැක බලා ගැනීමෙන්  අනතුරුව   දිවයිනෙන් පිටත්වුහ.

එහිදී ගුවන්තොටුපොළ නිලධාරිනියෝ  නෙළුම් මල් පොකුරක් බැගින් පිරිනමා  ඉතා උනුසුම් අන්දමින් ඔවුන් පිළිගත්හ. 

චීන යුවතියෝ   බදු රහිත වෙළඳ සංකීර්ණය වෙත ගොස් විවිධ භාන්ඩ මිලදී ගත් අතර පසුව  ව්‍යාපාරික පන්තියේ  පර්යන්තය ඇතූළු  විවිධ ස්ථාන නැරඹූහ.

සමුගැනීමට මොහොතකට පෙර  ගුවන්තොටුපොළ ප්‍රධාන විධායක නිලධාරී ඩෙරික් කරුණාරත්න මහතා ඇතුළු අළෙවි කළමනාකරණ අංශයේ   නිලධාරීන්   විසින් විශේෂ සමරු තිලිණය බැගින් ඔවුනට තිලින කළහ.

එහිදී බොහෝ චීන යුවතියෝ පැවසුවේ  ශ්‍රී ලංකාව ඉතා සුන්දර රටක් බැවින්  මෙරට ජීවත් වීමට කැමති බවයි. එලෙසම ශ්‍රී ලාංකිකයෝ නිතරම සිනහවෙන් සතුටින් සිටීම  තම සිත් ගත් බවත් කීහ.

ලබන සැප්තැම්බර් මාසයේ චීනයේ ෂැංහායි නුවරදී පැවැත්වෙන චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ දී කිරුළ හිමිකරගන්නා රූමතිය චීන ශ්‍රී ලංකා සංචාරක තානාපතිනිය ලෙස නිල වශයෙන් නම් කෙරෙන අතර  ඇය විසින් මෙරටට චීන සංචාරකයින් ගෙන්වා ගැනීමට  කටයුතු කරනු ඇත.

එහිදී ඇය  විසින් චීන සංචාරකියන් ගෙන්වා ගැනීමේදී විශේෂ පහසුකම් සහිත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවත මෙන්ම  මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද භාවිතා කිරීමටද චීන සංචාරකයින් දැනුම්වත්  කෙරෙනු ඇතැයි අපේක්ෂා  කෙරේ.

චීන විශ්ව රූ රැජිණ  තරගාවලියේ එක් අංගයක් ලෙස මෙරටට පැමිණි චීන රූමතියෝ දින හයක් මෙරට ගත කරමින් සීගිරිය, පොලොන්නරුව යන ඓතිහාසික ස්ථාන නරඹමින්ද, මින්නේරිය වන ජීවී අසිරිය  විඳමින්, දේශීය ආහාර පාන පිළිබඳ දැනුම ලබාගත්හ.

චීන රූමතියන්ගේ ශ්‍රී ලංකා සංචාරය සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබීය.

 3 4 5 6 10 12 15 16 17    DSCF9165 DSCF9208
  

 



අදහස් (0)

චීන රූමතියෝ මත්තලින් යති

බමුණු ආරච්චි Tuesday, 02 September 2014 08:45 AM

යාන්තම් ඇති ගියා. මත්තලින් ගිය එක හොඳයි (නි)

:       0       0

චම්ලි Wednesday, 03 September 2014 12:42 AM

තමන්ගේ වෘත්තීය ඇඳුමේ පිළිවෙළින් පෙනෙන බව මතක තබාගන්න (නි)

:       0       0

නාමලී Wednesday, 03 September 2014 12:51 AM

මම සිටින රටේ කාන්තාවන්ගේ දත් එක පෙළට පිහිටා ලස්සනට නැත්නම් පිළිගැනීමේ නිලධාරි තනතුරු ලැබෙන්නේ නැහැ. එකපෙළට පිහිටා නැතත් ඒවා හදාගන්න පුළුවන් නවීන ක්‍රම දැන් තිබෙනවා. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 02 September 2014 08:53 AM

වැඩසටහන සංවිධානය ගැන නම් මට සතුටු වෙන්න අමාරුයි (නි)

:       0       0

සුරංගි Wednesday, 03 September 2014 12:52 AM

පද්මිණි හරි. (නි).

:       0       0

ඩෙන්සිල් Wednesday, 03 September 2014 01:02 AM

ඇත්තම කියන්න, මටත් දකින්න ලැබුන අත්දකීමක් ඇසුරින් ලියන්න කැමතියි. විශේෂයෙන් මඟීන් සහ පිටරට උදවිය සමඟ කෙළින්ම සම්බන්ධ වී කටයුතු වල යෙදෙන අයගේ ඉංග්‍රීසි දැනුම නම් තව දියුණු වුණොත් හොඳයි කියලා හිතෙනවා. මේක අන්තර්ජාතික ස්ථානයක්නේ. අපේකමත් රැකගෙන අදාල් රැකියාවෙත් ගුණාත්මකභාවය රැකගන්න ඕනෑ. (නි)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 02 September 2014 09:53 AM

හරිම ලස්සන ගැහැණු ළමයින් ටිකක් (නි)

:       0       0

නාලක Wednesday, 03 September 2014 02:55 AM

බන්දුල, පද්මිණි අදහස් කරනවා ඇත්තේ ඔසරිය අඳිනවිට පිළිවෙලකට අඳින්න ඕනෑ කියලා. පිළිවෙලකට ඔසරිය ඇන්දේ නැත්නම් තරුණ කාන්තාවනුත් අම්මණ්ඩිලා නැන්දම්මලා වගේ පෙනෙනවා. (නි)

:       0       0

කුෂාන් Tuesday, 02 September 2014 09:56 AM

සමන් මීට කලින් හැඩ වැඩ ඇති බවලතුන් දැකලා නැහැ වගේ. (නි)

:       0       0

රංග Tuesday, 02 September 2014 10:01 AM

සමන්, දැන්ම ඇස් පරීක්ෂා කරගන්න. (නි)

:       0       0

සමන් Tuesday, 02 September 2014 10:07 AM

ඔය මත්තල ගුවන් තොටුපොළ ඔය වගේ වැඩ වලට යොදාගන්න එකට නම් මම සතුටුයි (නි)

:       0       0

අබේපාල Wednesday, 03 September 2014 03:26 AM

අනේ හොඳයි. සුභ ගමන්! (නි)

:       0       0

කුෂි Wednesday, 03 September 2014 03:32 AM

හැමෝටම ඔසරිය ගැළපෙන්නේ නැහැ. සමහර අයට තලත්තෑනි පෙනුමක් එනවා . එහෙම වෙලාවට කාන්තාවන් පහතරට විදියට සාරිය ඇන්දා නම් හොඳයි. හැබැයි ඉතින් නිල ඇඳුමක් නම් මොනවා කරන්නද? දෙන දෙයක් අඳිනවා මිසක්. (නි)

:       0       0

පද්මිණි Tuesday, 02 September 2014 11:08 AM

අපේ අය ඔසරිය, සාරිය අඳිනවා නම් තව ටිකක් සැළකිළිමත් වෙන්න. (නි)

:       0       0

තිලිණ Wednesday, 03 September 2014 04:56 AM

මීටවැඩිය දස දහස් ගුණයක් ලස්සන අය මෙහෙ ඉන්නවා (නි)

:       0       0

දුලංග Wednesday, 03 September 2014 05:11 AM

අපේ රටේ පිළිගැනීමේ වෘත්තියට ගැළපෙන රූපකායක් ඇති පිළිවෙලට අඳින පළදින තරුණියන් ඉන්නවා. ඒ වගේ අයගේ අඩුවක් මෙතන මම දකිනවා. (නි)

:       0       0

හිරන්ති Tuesday, 02 September 2014 01:01 AM

බලන්නකෝ එයාලගේ ලස්සන! (නි)

:       0       0

කමල් Tuesday, 02 September 2014 01:10 AM

අපේ කාන්තාවන් ගැන නම් මට එතරම් පැහැදීමක් ඇතිවුණේ නැහැ (නි)

:       0       0

නලින් Wednesday, 03 September 2014 05:22 AM

මේක හමේ වර්ණය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. පිළිගැනීමේ කටයුත්තට නොගැළපෙන ලෙස සමහර අපේ කට්ටියට වයසට වඩා තලත්තෑනි පෙනුමක් ලැබිලා. මේක පිළිවෙලට තැනට ඔබින ලෙස හැඳ පැළඳ සූදානම්වීම ගැන ප්‍රශ්නයක් හැඩයි පෙනෙන්නේ. (නි)

:       0       0

ජිලාන් Tuesday, 02 September 2014 01:26 AM

පිළිගන්නා තැනක වැඩ කරනකොට වෘත්තීය පෙනුම වැදගත්. (නි)

:       0       0

මේනකා Tuesday, 02 September 2014 01:37 AM

පිළිගැනීමේ කටයුත්තට ප්‍රසන්න පෙනුම වැදගත්. හොඳින් ඇඟට හරියන ලෙස හැට්ටය මසාගෙන, ලස්සනට සාරිය ඇඳගෙන ගැළපෙන්න මේකප් දමා, කොණ්ඩය පිළිවෙලට සකසාගෙන වෘත්තීය පෙනුම රැකගැනීම හරි වැදගත්. මම මේ ලිව්වේ මේ කටයුත්තේ යෙදෙන කෙනෙක් විදියට. (නි)

:       0       0

ගයාන් Tuesday, 02 September 2014 01:38 AM

මටත් අපේ බවලතුන්ගේ වෘත්තීය පෙනුම ගැන එතරම් පැහැදීමක් නැහැ. (නි)

:       0       0

යසිරු Tuesday, 02 September 2014 01:44 AM

මට හිතෙනවා අපේ කාන්තාවන්ට මේ වෘත්තීය ගැන තව දුරටත් පුහුණුවක් ලැබුනොත් හොඳයි කියලා. (නි)

:       0       0

ගාමිණී දුල්ලෑව Tuesday, 02 September 2014 01:46 AM

බලන්නකෝ අපේ අයගෙයි එයාලගෙයි වෙනස (නි)

:       0       0

ජිලාන් Tuesday, 02 September 2014 01:47 AM

පිළිගැනීමේ වෘත්තිය ගැන මීට වඩා සැළකිළිමත් වියයුතුයි (නි)

:       0       0

විජේවර්ධන Tuesday, 02 September 2014 01:48 AM

අනේ ඉතින් අපිට මෙහෙමවත් යන්න බැහැනේ (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 02 September 2014 02:01 AM

මේ අය යන්න ගියාද? දැකලම ඇතිවෙලයි හිටියේ. (නි)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 02 September 2014 02:29 AM

ඇති යාන්තම් (නි)

:       0       0

අමාලි Tuesday, 02 September 2014 12:36 PM

අපේ සමහර කට්ටිය තමන්ගේ කොණ්ඩය වුණත් මීට වඩා සැළකිල්ලෙන් සකස් කර ගන්න ඕනෑ. මේක අන්තර්ජාතිකව පිළිගත් තැනක්නේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 02 September 2014 12:44 PM

අනේ! ගිය එකට නම් ලොකු සතුටක් ඇතිවෙන්නේ වෙන එකක් නිසා නෙමෙයි. අපේ කට්ටියට චීන කට්ටියට වඩා දෙයක් මේ ටිකේ තිබුනෙම නැහැනේ කතා කරන්න (නි)

:       0       0

රුවන් Tuesday, 02 September 2014 02:44 AM

අපේ රටේ පිලිගැනීමේ වැඩේට වෙන කවුරුත් හිටියේ නැද්ද මන්දා ! (අ)

:       0       0

උමේෂ් Tuesday, 02 September 2014 02:44 AM

පිළිගැනීමේ සහ නිවේදනය වගේ කටයුතු වලදී තමන්ගේ සිනහව ඉතා වැදගත්. දත් වල පිහිටීමේ අඩුපාඩුකම් තියනවා නම් ඒවා හදා ගන්න නවීන ක්‍රම දැන් තිබෙනවා. (නදී)

:       0       0

රසික Tuesday, 02 September 2014 02:52 AM

මට නම් අපේ කට්ටිය දැකලාත් ඇති වුනා. කිසිම වෘත්තීය ගතියක් නැහැ. (නදී)

:       0       0

චින්තන Tuesday, 02 September 2014 02:54 AM

සුදුස්සාට සුදුසු තැන නොලැබීමේ කරුමය හොඳින්ම පැහැදිලි වෙනවා නේද? (නදී)

:       0       0

දයා අළහකෝන් Tuesday, 02 September 2014 12:57 PM

අර ලංකාවෙන් කසාදයක් කරගන්න කැමතියි කිවුව කෙනා කෙනෙක් හොයාගත්තද දන්නෙ නැහැ නේද?? (නි)

:       0       0

සංකල්ප ලුණුගම්වෙහෙර Tuesday, 02 September 2014 03:08 AM

ඔය ජායාරූපවල ඉන්න අපේ බවලත්තු වැඩි හරියක් දේශපාලන බලයෙන් ඔතනට සම්ප්‍රාප්ත වුනු අය වගේ පෙනෙන්නේ. ඒකයි වෘත්තීය පෙනුමක් නැත්තේ. (නදී)

:       0       0

ලකී දොඩන්ගොඩ Tuesday, 02 September 2014 01:22 PM

මෙතැනදී කැපී පෙනෙනවා අපේ අයට වැඩිය චීන රූමතියන් රූමත් බව (නි)

:       0       0

කැලුම් Tuesday, 02 September 2014 03:15 AM

මත්තලින් ගියේ චීනෙටද ? (නදී)

:       0       0

තුසිත Tuesday, 02 September 2014 03:21 AM

සමහර වැඩ කටයුතු වලට කට්ටිය හොයාගෙන තියෙන්නේ ලිඳ ලඟින් හේනෙන් සහ කුඹුරෙන් වගේ පේන්නේ. (නදී)

:       0       0

සමීර Tuesday, 02 September 2014 03:23 AM

මත්තලින් ගියා නම් අපිට ඒ හොදටම ඇති . බඩ පොත්ත පිට පොත්තට ගියත් කමක් නැහැ. අපිට මත්තලින් ගිය සන්තෝසෙට මාස 6ක් නොකා ඉන්න පුළුවන්. බඩු කොච්චර ගණන් වුණත් කමක් නැහැ. මත්තලින් ගියා නම් ඇති. අප්‍රමාන සන්තෝසයි.අපේ බඩගින්නට තියෙන එකම විසදුම ඉතින් මත්තලනේ.(අ)

:       0       0

රකිත Tuesday, 02 September 2014 03:23 AM

හම්බන්තොට අයගේ පෙනුම ඔහොම තමයි. ඕක හදන්න බෑ. (අ)

:       0       0

රුචිර Tuesday, 02 September 2014 03:24 AM

අන්තර්ජාතික කටයුතු වලදී අදාළ රාජකාරියට සුදුසු වෘත්තියමය ගුණාත්මක භාවයෙන් යුතු අයව තෝරා ගැනීම ඉතාම වැදගත්.(අ)

:       0       0

රකිත් Tuesday, 02 September 2014 03:23 AM

පිළිගැනීමේ වෘත්තියට, පෙනුමට වඩා වැදගත් වන්නේ භාෂාව සහ සංග්‍රහශීලි බවයි. පෙනුම තිබුනට වැඩක් නැහැ මනා ආචාරශීලිබවක් නැත්නම්. සමහර ගුවන් යානාවල මගීන්ගේ අවශ්‍යතාවයන්ට සංවේදී වන්නේ ඉතා පෙනුමැති ගුවන් සේවිකාවන් නම් නොවේ. එවැනි අය නැත්තා නොවේ. ඒ වගේම පෙනුමට වඩා තවත් වැදගත් වන්නේ ගුවන් මගීන්ගේ අවශ්‍යතා ගැන මනා අවබෝධයක් තිබීමයි.(අ)

:       0       0

ලලිත් Tuesday, 02 September 2014 03:28 AM

කොණ්ඩයත් අරෙහෙන් මෙහෙන් අටවාගෙන අපිළිවෙලට ආවාම පිළිගැනීමට කෙසේ වෙතත් පලි ගැනීමට ආව වගේ තමයි පේන්නේ. (අ)

:       0       0

ගයනි Tuesday, 02 September 2014 03:32 AM

කටුනායක පිළිගැනීමේ නිලධාරිනියන් නම් හරිම පිළිවෙලයි. පෙනුම ප්‍රසන්නයි. (අ)

:       0       0

රකිත් Tuesday, 02 September 2014 03:34 AM

බැලු බැල්මට නම් පෙනෙන්නේ එදා මේ ගුවන් යානය විතරක් වගේ මත්තලින් ගිහිල්ලා තියෙන්නේ. කමක් නැහැ, මොවුන් අතරින් තේරෙන රූ රැජිනවත් අපට තව ගුවන් යානා එන ක්‍රමයක් සොයා දෙයිද කියලා බලමු, අපේ මහත්වරුන්ට බැරිවුනාට.(අ)

:       0       0

ප්‍රමූ Tuesday, 02 September 2014 03:34 AM

පිළිගැනීමේ නිලධාරිනියන් ලස්සන නැහැ කියන අයටයි මේ. මේ මත්තල ඉන්න දුප්පත් ගොවියන්ගේ දැරිවියන්. ඔවුන්ගේ පෙනුම ගැමි පෙනුම. ඔයාලා කියන්නේ කොළඹින් නාගරික පෙනුම තියෙන අය ගෙනත් දාන්න කියලද. මේ දුප්පත් කෙල්ලන්ට තියෙන අවස්ථාව නැති කරන්න එපා. (අ)

:       0       0

පාලිත Tuesday, 02 September 2014 03:32 AM

මටත් හිතෙන්නේ අපේ අයට ඇඳුමේ කොණ්ඩයේ ඉඳල යම් පුහුණුවක් දුන්නොත් හොඳයි වගේ. (අ)

:       0       0

මාලි Tuesday, 02 September 2014 03:36 AM

ඇත්තටම මත්තල ගුවන්තොටුපොළ ලෝකයට ගෙන යන නිවුස් එකක් මේක. මේක චීනයේ හැමෝම බලන වැඩසටහනක්. සතුටු වෙන්න(අ)

:       0       0

චම්ලි Tuesday, 02 September 2014 03:37 AM

මේ පිළිගැනීමේ නිලධාරිනියන්ගේ ඉංග්‍රීසි දැනුම කොහොමද දන්නේ නැහැ. මගේ ඥාති අක්ක කෙනෙක් පිටරට ඉන්න යෙහෙලියක් එක්ක ඇවිත් ලංකාවේ නිවාඩුව ගත කරලා මත්තලින් ආපසු ගියා. පිටරට යෙහෙළිය පැහැදිලි ඉංග්‍රීසියෙන් ඇසු දෙයකට උත්තර දීගන්න බැරි වුන කෙනෙක් කාර්ය භාර නිලධාරිනියන් අතර සිටියාලු. කතු තුමනි කරුණාකර මේක පල කරන්න මේ වැදගත් ස්ථානයේ දියුණුව පිණිස එය වැදගත්. (නදී)

:       0       0

සුසන්ත Tuesday, 02 September 2014 03:39 AM

අනේ මන්දා කවුද මේ පිළිගන්න කියලා ඉස්සරහට එවපු නංගිලා ? (නදී)

:       0       0

සුමුදු Tuesday, 02 September 2014 03:55 AM

සමහර රැකියාවල් වලදී තමන්ගේ දත් වල පෙනුම ගැන සැලකිල්ලක් දක්වන එක ඉතා වැදගත්. පිහිටීමේ අඩු පාඩු තිබෙනවා නම් ඒවා හදා ගන්න ඕන තරම් නවීන ක්‍රම දැන් තිබෙනවා. (නදී)

:       0       0

දුලක්ෂි Tuesday, 02 September 2014 04:06 AM

ගුවන් තොටුපලේ පිළිගැනීම් කරන කාන්තාවන්ට ඉංග්‍රීසි භාෂාව ගැන තව පුහුණුවක් ලැබුනොත් හොඳයි. ඒ ගැන පුද්ගලික අත් දැකීමක් මට තියෙනවා. නමුත් මෙතන ලිවීම හරි නැහැ. (නදී)

:       0       0

චරිත Tuesday, 02 September 2014 04:16 AM

අම්මෝ ඇති යන්තම් ගියා. මට නම් දැකලම ඇතිවෙලා තිබුනේ. ඒ මදිවට හීනෙනුත් පේන්න පටන් ගත්තා. (නදී)

:       0       0

අශාන් Tuesday, 02 September 2014 04:19 AM

බනින්ඩ එපා ඕවා ඉතින් දේශපාලන පත්වීම්නේ. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 02 September 2014 04:23 AM

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිළිගැනීමේ කට්ටිය නම් කියල වැඩක් නැහැ. හරිම සතුටුයි. (නදී)

:       0       0

රිචි බාලසුරිය Tuesday, 02 September 2014 03:43 PM

මන්මත් චීන රූලියන්, මත්තලින් යනකොට කාටද ආඩම්බර? අපිට නේද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 02 September 2014 04:24 AM

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ අර තරුණයට ගහපු රූමත් තරුණියට රැකියාවක් එහෙම නැද්ද? (නදී)

:       0       0

සුනිල් විතානගේ Tuesday, 02 September 2014 04:22 AM

විරුද්ද පක්ෂයෙ අයට මේවා හරිම හිසරදයක් (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 02 September 2014 04:23 AM

දෙසිය වටිනාකමක් නොදන්නා අපේ අයට මේක කදිම නිදසුනක්. (නදී)

:       0       0

ලංකාපුත්‍ර Tuesday, 02 September 2014 04:23 AM

ඔය ඉන්න ලංකාවේ අය පන්දමට ගිරුවාපත්තුවෙන් දාපු අය හින්ද මොන කතාද.(නදී)

:       0       0

කාන්ති Tuesday, 02 September 2014 04:25 AM

අපේ සමහරුන්ට දත් පිලිබඳ ප්‍රශ්න තිබෙනවා වගේ. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 02 September 2014 04:34 AM

අපේ ලස්සන කට්ටිය දැකලා චීන ලඳුන්ට මොනවා හිතුනද දන්නෙ නැහැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 02 September 2014 04:36 AM

මොනවා වුණත් අපේ ජනතාව මොවුන් නිසා අමුතුම පන්නරයක් ලැබුවා (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 02 September 2014 05:11 PM

පද්මිණි,ඔයා කියන්නේ අපේ අයට සාරිය , ඔසරිය අඳින්නේ නැතුව මොනවා අඳින්න කියලද..? (නි)

:       0       0

තාරක Tuesday, 02 September 2014 04:46 AM

කෝ මේ අපේ රටේ ලස්සන නංගිලා? (නි)

:       0       0

පුලස්ති Tuesday, 02 September 2014 04:51 AM

පිළිගැනීමේ යෙදෙන කට්ටිය ගැන නම් මගේ ප්‍රසාදයක් නැහැ. (නි)

:       0       0

තිලිණ ධනුෂ්ක Tuesday, 02 September 2014 04:53 AM

බලන්නකෝ ලස්සන(දිල්)

:       0       0

සමන් Tuesday, 02 September 2014 05:28 AM

කොහොමද අපේ අයගේ හැඩ(දිල්)

:       0       0

ජොනතන් Tuesday, 02 September 2014 06:02 AM

ගයාන්, මොනවා ගැනද ඔයා කියන්නේ? (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Tuesday, 02 September 2014 06:09 AM

කමල්,දේශීය දේවල් ටිකක් හරි අගය කරන්න මහන්සි ගන්න.පොත්ත සුදුම සුදු නැති වුණාට ලාංකීය ගැහැණියත් සුන්දරත්වයෙන් තබන්නට ඔයාලටත් වගකීමක් තියනවා නේද? (නි)

:       0       0

චමත් Tuesday, 02 September 2014 06:40 PM

මොනතරම් ලස්සන කෙල්ලෝ ලංකාවේ ඉන්නවාද? (නි)

:       0       0

ලලිත් Tuesday, 02 September 2014 06:12 AM

ඇයි අපේ අය සාරී ඇඳගෙන ඉන්න නිසාද වෙනස. මට නම් අපේ කෙල්ලෝ ටික ලස්සනයි. (නි)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 02 September 2014 06:34 AM

කමල්, ඔබ හරි (නි)

:       0       0

නන්ද Tuesday, 02 September 2014 06:54 AM

අනේ......! ගියාද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 02 September 2014 06:58 AM

ඔක්කොම දේවල් හොඳයි නමුත් මෙහෙ නවතින්න එන්න එපා.දැන් ඇති. යන්න (නි)

:       0       0

ප්‍රසංග Tuesday, 02 September 2014 09:07 PM

අපේ අය ව්‍යායාම කරලා සිරුර හැඩ කරගන්න ඕනෑ. ඔසරිය සාරියට වඩා ලස්සන ඇඳුම් තියෙනවා. (නි)

:       0       0

සේන Tuesday, 02 September 2014 07:17 AM

කොහෙන්හරි කමක් නැහැ, ගියා නම්. (නි)

:       0       0

දයාල් Tuesday, 02 September 2014 07:28 AM

අනේ ඉතින් අපිත් පින් කරමු ලබන ආත්මයේවත් චීනයට යන්න ලැබෙන්න කියලා (නි)

:       0       0

අචිනි Tuesday, 02 September 2014 07:27 AM

ඇති යාන්තන්! (නි)

:       0       0

රසික Tuesday, 02 September 2014 07:37 AM

කෝ අර සෙල්ලම් පිස්තෝලකාරයා ආවේ නැද්ද දන්නේ නැහැ මෙයාලට එයාගේ සෙල්ලම් ටික පෙන්වන්න. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 02 September 2014 11:36 PM

සංචාරකයන් අපේ මව්බිම අගය කිරීම ගැන අපි ආඩම්බර විය යුතුය. (නි)

:       0       0

ජානකී Tuesday, 02 September 2014 11:53 PM

අපේ කාන්තාවන් ඇඳුම් පැළඳුම් සහ කොණ්ඩය ගැන සැළකිළිමත් වෙන්න ඕනෑ. ඔසරිය ඇඳ කොණ්ඩය බෙල්ල මුලට බැන්ඳවිට සමහර කාන්තාවන්ට වයසට වඩා වැඩිමහලු පෙනුමක් එනවා. මෙය වළක්වාගෙන පිළිවෙලට කොණ්ඩය සකසාගෙන ඔසරිය අඳින්න තමන් දැනගන්න ඕනෑ. (නි)

:       0       0

සචිනි Wednesday, 03 September 2014 12:33 AM

පිළිගැනීමේ යෙදෙන අයගේ ඉංග්‍රීසි දැනුම තව දියුණු වෙනවා නම් හොඳයි. ළඟදී පිටරටින් පැමිණි මගේ මිතුරියක් ඇසූ ඉතා සරල පැනයක් තේරුම් ගැනීමට නොහැකි කෙනෙක් කාර්ය මණ්ඩලයේ හිටියා. මේ ලියන්නේ වැදගත් ස්ථානයේ දියුණුවට මිසක් ඇද කුද සෙවීමට නෙමෙයි. (නි)

:       0       0

උපාලි Wednesday, 03 September 2014 12:36 AM

පිළිගැනීමේ උදවියගේ පිළිවෙළ තව දියුණු වුණොත් හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1761 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1102 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1654 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1155 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 617 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1140 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site