චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ විවිධ ක්‍රියාකාරකම් සඳහා මෙරටට පැමිණ සිටින එහි අවසන් වටයේ තරගකාරියෝ කලූතර රිච්මන්ඩ් කාසල් මන්දිරයට ගොස් එහි නේවාසිකව සිටින ළමුන් සමග පැය කිහිපයක් ගත කළේය.
එහිදී එහි නේවාසික දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ත්‍රී රෝද රියක්, පොත් පත් ඇඳුම් පැළදුම් මෙන්ම රිච්මන්ඩ් කාසල් මන්දිරියේ අළුත් වැඩියා කටයුතු සඳහා මුදල් ද පරිත්‍යාග කළහ.
පසුව ඔවුහු එහි දරුවන් සමග දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව සිංදු කියමින්, නටමින් ක්‍රීඩා කළහ.
මුලදී නුහුරු ගතියකින් සිටි දරුවන්ගේ සිත් දිනාගැනීමට චීන යුවතියන්ට ගත වුයේ සුළු මොහොතකි.
එදින සවස් යාමයම දරුවන් සමග කෙළි දොගෙන් ගත කළ රූ රැජිණියෝ රිච්මන්ඩ් කාසල් මන්දිරයෙන් සමු ගන්නා මොහොතේ එම දරුවන්ගේ දෙනෙත් කඳුළින් බරව තිබුණි.
මෙම අවස්ථාවට පසුගිය 2013 වසරේ චීන විශ්ව රූ රැජිණ කිරුළ හිිමි කරගත් ජින් යී මෙනවිය සහ ජාත්‍යන්තර එමි සම්මානයෙන් පිදුම් ලද චීන ඇමරිකානු රූපවාහිණී වැඩසටහන් ඉදිරිපත්කරන්නියක, ව්‍යාපාරික කාන්තාවක, මෝස්තර නිර්මාණ ශිල්පිනියක, ජනප්‍රිය ගත් කතු වරියක සහ මානව හිතවාදිිනියක වන යූ. සයිි ඛාන් මහත්මියද එක් වුහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අවස්ථාවක්
ආදරය කරුණාව හැම දෙයක්ම තියෙන මිනිස්සු ටිකක් රටට ලංකර ගන්නවට මමනම් හරි කමතියි (අ)
රිච්මන්ඩ් කාසල් මන්දිරය තියෙන්නේ, අපේ ගමට කිට්ටුව පලාතොට හරියේ. අනේ මමත් ගමේ හිටියනම් මමත් එදාම යනවා රිච්මන්ඩ් කාසල් මන්දිරය බලන්න. (අ)
අපේ රට සුන්දර නිසා නේද මෙවැනි විදෙසිකයෝ පැමිණෙන්නේ.අපි මෙයාලව සාදරෙන් පිලිගතයුතුයි. (අ)
චීන රූමතියන්ගෙ ශ්‍රීලංකා සංචාරයෙ අවසන් පැය කීපය වෙන්න ඇති මේ ගතවෙන්නෙ.ඔවුන්ගේ මෙම සංචාරයට ඔවුන්ට අංග සම්පූර්ණ වූ එකක් බවයි පෙනෙන්නෙ.නොරොච්චෝලෙටත් කැදවාගෙන ගියානම් තමයි හොද.කොහොම වුණත මේ දවස් කීපය තුළ ලංකාදීප අන්තාජාලයේ පාඨකයන් වෙනුවෙන් චීන රූමතියන්ගෙ ශ්‍රීලංකා සංචාරයේ විවිධ අවස්ථා වාර්තා කළ ලංකාදීප මාධ්‍යෙව්දිණී දීපා අධිකාරිට ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.දීපා ඔබ ඔබේ රාජකාරිය හොදට කළා. (අ)
අපේ සමහර නායකයන් ලඟ ඇති දුෂිත ආකල්ප මෙවැනි සිදුවීම් හරහා වෙනස්කර ගමු. (ස)
හොඳ වැඩක් (නි)
කවුරු මේ අවස්ථාව මොන විදියට දැක්කත් මෙය ලංකාවට හොඳ දෙයක්. (අ)