සාපරාධි විශ්වාසය කඩ කරමින් රජයේ මුදල් රුපියල් කෝටි 420 ක් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් චානුක රත්වතේ,ධර්මප්‍රිය බණ්ඩාර දසනායක, රොමේෂා දුෂාන්ති සෙනරත්, සංජිව දයාරත්න, නිලෝෂාන් රොමේලෝ මෙන්ඩිස් සැප්තැම්බර් 28 දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
අත්අඩංගුවට ගැනීමට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබ සිටි චානුක රත්වත්තේ ඇතුළු පිරිසගෙන් ප්‍රශ්න කිරීම ද අද පෙරවරුවේ සිදුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ ද එහි පැමිණ සිටියේය.
ඡායාරූප - ලහිරු හර්ෂණ
ඡායාරූප - ගයාන් අමරසේකර
වීඩියෝ - ලහිරු හර්ෂණ








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රබර් සෙරප්පු දෙකක් දාගෙන යන එක දැන් අළුත්ම ක්‍රමය වගෙයි, ලොකු ලොක්කන්ගේ (නි)
අපිව නම් රවට්ටන්න බැහැ රබර් සෙරෙප්පු දාගෙන ආවට (නි)
කොහොම හිටපු මිනිස්සුද? තවමත් අනුරුද්ධ මැතිතුමා රටට, මධ්‍යම පළාතට කරපු සේවය අගය කරනවා. දැන් ඉතින් කෝටි ගණන් හොරකම් කරලා අහුවෙලා නිකම් රබර් සෙරෙප්පු දෙකක් දාගෙන උසාවි ගානේ රස්තියාදු වෙනවා. (නි)
වරදක් කළා නම් දඬුවම් විඳින්නම වෙනවා (නි)
එකල රජයේ ඉහළ තනතුරු වල සිටි සෑම නිලධාරියෙකුගේම වත්කම් බැරකම් හා සත්‍ය අසත්‍ය බව සෙවිය හැකි නම් තව බොහෝ දේ රටට හෙළිවෙනවා. වෙන වෙන අයගේ නමින් බැංකු ගිණුම් වල, ගෙවල් වල තමයි හොරකම් කළ ඒවා ආයෝජනය කර ඇත්තේ (නි)
බොහොම හොඳයි. අපිට සතුටුයි (නි)
දැන්නම් හොරු නියමෙට කොටුවෙනවා වගෙයි. නියමයි (නි)
රින්සි, හොරු නියමෙට කොටුවුණත් අන්තිමට ඕවට අදහස් දමන අපි තමා මෝඩයෝ. මොකද විත්තිකරුවන්ගේ නීති උපදේශකයෝ ගැනත් අපි දන්න නිසා (නි)
මෙයාලා ගැන අපි දන්නවා. හොඳ වැඩේ. ඔහොම තමයි වෙන්න ඕනෑ (නි)
මේ මිනිසුන්ට වැරදි කරන්න ලැජ්ජාවක් නැති හැටි (නි)
අනේ රත්වත්තේ නමට ගිය කල! අහෝ! මේ අය අන්න ඒ ටිකවත් පොඩ්ඩක් මොහොතකට හිතනවද? (නි)
අනේ! මේ මනුස්සයා අහිංසකයෙක්. බලන්න මුහුණේ හැටි. හරියකට ඇඳුමක්වත් නැහැ. රබර් සෙරප්පු දෙකක් දාගෙන. රැවුලවත් කපලා නැහැ. සුමානයකින් විතර බඩට අාහාරයක්වත් ලැබුනාද දන්නේ නැහැ. (නි)
වෙන වෙන අයගේ නමින් බැංකු ගිණුම් වල මුදල් තැන්පත්කර, වෙන අයගේ නමින් ගෙවල් ඉඩම් අරගෙන ඇත්නම් එය සෙවියහැකි ක්‍රමයක් නැද්ද? (නි)
ඇමතිලාවම විතරක් අල්ලන්නෙ නැතුව ඇමතිලාට පන්දම් අල්ලා තාන්න මාන්න ගත්, මුදල් අවභාවිතා කළ අයවත් අල්ලන එක නම් ඉතා හොඳයි. (නි)
රූපවති කොහොමද කියන්නේ ජේවීපි එක රටට අාදරෙයි කියලා? අහිංසක තරුණ දරුවෝ උසිගන්නලා දහස් ගානක් ජිවීත නැතිකළා. රටේ පොදු දේපොළ වලට කරපු විනාශය දන්නේ නැද්ද? අද මොකද වෙලා තියන්නේ? එයාලා එපා කී අය එක්කම ඉන්නවා (නි)
ඉස්සර ළඟින්ම සිට රජය වෙනස්වු විගස මේ පැත්තට හැරුනු ඉහළ නිලධාරින් ගැන, ඔවුන්ගේ වත්කම් ගැන වැඩියෙන් සෙවිය යුතුයි. මක්නිසාද යත් ඔවුන් එසේ කරන්නේ පැරණි වැරදි වසා ගැනීමට බැවිනි. (නි)
රදලපැලැන්තියේ මහරජාගේ පවර් එකට නුවර ඉන්න මේ නෑයොත් ගේම දෙන්න පටන්ගත්ත ,යෝෂිත බඳින්න ඉන්නෙත් මේ අයගේ කෙල්ලෙක් නිසා මහින්ද නිහඬවම හිටියා (බ)
එයාල දන්නවා සපත්තු දාගෙන හිරගෙදරට ගියොත් සපත්තු දෙක හිරකාරයෝ උස්සනවා කියලා. එෆ්සීඅයිඩි එකට එනකොටම එයාදා දන්නවා අද අපිට හිරගෙදර යන්න වෙනවා කියලා (බ)
ඔය එෆ්සීඅයිඩීයට බැරිද රේගුවේ අයගෙ තොරතුරු එහෙම හොයලා බලන්න. බොහොම පොඩියට හිටිය අය කෝටිපතියො වෙලා තියෙනවා. (නි)
අබය, ජවිපෙට විරුද්ධ මත දරන අය කියන බොරු වලට ඔයා හොඳට අහුවෙනවා නේද? සමාජ, දේශපාලන, ආර්ථික විඥානය පහළවේවා කියන එක තමයි ඔයාලා වගේ අයට කියන්න තියෙන්නේ (නි)
වැරදි කළා නම් දැන් විඳවන්න (නි)
රත්වත්තේ මහතා මේවා දැනගන හිටියාද කියන ගැටලුව අපට මතුවෙනවා (නි)
ඔන්න ඕක තමයි කියන්නේ, අහුවෙන්න හොරකම් කරන්න එපා කියලා. ආණ්ඩු වෙනස් වෙනවා කියලා යන්තම් හෝ සැකයක් තියනවා නම් හොරකම් කරන්න සුදානම් වෙන්නවත් එපා. එ්කත් අනතුරුදායකයි. (නි)
ජේවීපී එක ගැන නොදන්නා ඔයාලා සමඟ වාදකරලා වැඩක් නැහැ. එදා අද වගේ නොවෙයි, රටේ හිටියේ පිරිසිදු බුද්ධිමතුන් පිරිසක්. ඇත්ත දන්නේ එදා පැවති රජයයි. ජවිපෙ එදා ඉඳලාම රටට ආදරෙයි (නි)
ජේවීපීය එදා පටන් රටට ආදරේ ඇති, දේශය වෙනුවෙන් හඩ නැඟූ මිනිසුන් කොතැනකදීවත් ගසාකාලා නැහැ. මේ රට දියුණු කරනවා නම් ඔන්න මිනිස්සු! (නි)
මේ වංචා කරපු සල්ලි කාගේ මුදල්ද?(හේ)
හොරු කොටුවුනාට වීරයෝ වෙලා එළියට එනවා. (හේ)
මෙච්චර දවස් අත්අඩංගුවට ගත් සියලු දෙනා හරිම සතුටින් හිනාවෙලා මාංචු දෙක පෙන්නලා බන්දනාගාර ගත වුනේ ලොකු දිනුමක් ඇදුනා වගේ , අනේ මෙයා නම් ඇත්තටම හරිම පසුතැවීමකින් හිරේට යන්නේ , කරපු වැරදි ගැන කම්පා වෙනවා වගේ . (අ)
සාමාන්‍ය ජනතාවට ඔය විදියට රජයේ මුදල් කෝටි ගණන් වංචා කරන්න බෑනේ . කව්රු හරි රජයේ ප්‍රබල කෙනෙක්ගේ උදව් නැතිව .ඒ අය කව්ද කියලත් හෙළි කල යුතුයි. (ර)
අපි නොදන්නා දේවල් තියෙන්න පුළුවන්. (ර)
බලාගෙන යනකොට ඔක්කොම හොර ගෙඩියෝ ඉඳලා තියෙන්නේ. (බ)
බලන්න කොච්චර දුප්පත්ද කියල, උසාවි එන්නෙත් සෙරෙප්පු කැලි දෙකක් දාගෙන. රැවුල කපලත් නෑ. කන්න නැතුව හොඳටම කෙට්ටු වෙලා. (අ)
නඩුවට නාමල් රාජපක්ෂත් කළු කෝට් දාල උසාවියට ඇවිත් හිටියා චූදිතයාගේ සහයෝගොයට ( මුල්‍ය වංචාවකට ඇප පිට ඉන්න නාමල් රාජපක්ෂ , එවැනිම මුල්‍ය වංචාවක නඩුවකට නීතිඥයෙක් ලෙස උසාවියකට පැමිණීම ගැන මට හිතා ගන්න බැ) (අ)
බැලුවහම ඒකාබද්ද විපක්ෂයේ ඉන්න පිරිසගේ සහෝදරයෝ පවා කෝටී ගණන් වලින් ගහල. තාමත් ජනතාවට මොලේ පැහෙදිල නැහෙනෙ. බලේට එන්න දගලන්නේ හොරකම් වහගන්නනේ (අ)
ඔන්න තවත් නළුවෙක් මේ අයගේ හිතේ මේ වැරදි කරන එක නාඩගමක් කියල. තදේට දඬුවන් දෙන්න ඕනේ. (අ)
අනේ පවු අහිංසකයෙක්නේ අල්ලන් ඉන්නේ (අ)
ලෝක බැංකුව දැන ගත්තොත් අපිට ණය දෙන එකක් නතර කරයි ..රටේ සල්ලි ඔක්කොම මෙයාලා ළඟ වගේ (බ)
දර්ශන, මෙයා සාමාන්‍ය ජනතාවට ඇතුළත් වන කෙනෙක් නොව,මෙයා හිටපු ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්තේගේ පුතා. (බ)
මේ හොරකම් වලට අනුබල දුන් කෙනා කවුරුත් දන්නවා මයේ හිතේ. (අ)
මේ යන විදියටනම් දුබලයෝ ටික අල්ලලා ප්‍රබලයෝ අල්ලයි වගේ , බලන් ඉමු කලබල නැතුව ඔන්න ඔහේ (අ)
චානුක රත්වතේ එක්ක අද උසාවියට තරුණ නීතිඥ මහත්තයෙක් ආව කළු කෝට් එක දාල හැබැයි එයත් මේ විදියටම මුදල් කෝටි ගණන් වංචා කරලා ඇප පිට ඉන්නේ ..ඉතින් හිතා ගන්න පුළුවන් කවුද මේවා පිටු පස ඉන්නේ කියල (අ)
දැන් ටික ටික ඔක්කොම එලියට එනවා වගේ... (ර)
චානුක රත්වත්තේ කියන්නේ චන්ද්‍රික මැඩම්ගේ ලංගම පවුලේ නෑයෙක් ,(අ)
මේ පුත්තු දෙන්නයි, තාත්තයි බේරිලා වටේ හිටපු ආමිකාරයන් ටික එල්ලුම් ගස් ගියා, එතකොටනම් කවුරුවත් විලාප දුන්නෙ නැහැ රණවිරුවන්ගෙන් පලිගන්නවෝ කියල, නේද ? (අ)
මට නම් පෙනෙන්නේ රබර් සෙරෙප්පු 'ඇඩ්' එකක් වාගේ. (අ)
ඉන්දික මොලේ පෑදිලා නැත්තේ ඔයාගේ ජනතාව දන්නවා මේවා ඡන්දෙ ට ගහපු බොරු වහගන්න කරන ප්‍රයෝග කියල (රේ)
මතකද උඩතලවින්න ? (අ)
අපේ රටේ දුප්පත් මිනිසුන් කීදෙනෙක් හිසට වහලයක් නැතිව කුසට අහරක් නැතිව ගිනිඅවුවේ කුලීවැඩ කරනවද එදාවේල දරුවන්ගේ කුසට යමක් හොයල දෙන්න ..? මේ රටේ ඉන්නේ මෝඩ පුර වැසියෝ ..මේ දෙගොල්ලන්ගෙන් එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා ..? රටට ආදරේ ඇති ජේ.වී පී එක දිනවල බලන්න ..තම තමන්ට කුලී වැඩක්වත් කරලා නිදහසේ රැයක් පහන් කරන්න පුලුවන්වෙයි පාතාලයෝන්ගෙන් බේරිලා.......? (අ)
රිමාන්ඩ් බන්දනාගාර ගත කිරීම යනු සිර ගත කිරීමක් නොවේ, චූදිතයෙක් පමණයි, තවම වැරදි කරුවෙකු නොවේ.අධිකරණයේ නඩුවක් පසුව පැමිණිලි කෙරෙනු ඇත. එහිදී වැරදි කරවෙකු වුවොත් සිරගත වේ.ආලෝ නීලෝ දොඩවන අයටයි මේ ටික කිව්වේ. (අ)
චෞර රැජිණගේ නෑයෝ(රේ)
අනේ මේකනම් පොලිසියට වැරදීමක්......පොලිෂ්පතිතුමනි ඔබ තුමාගේ අවධානය පිණිසයි..(රේ)
රූපවති, ඔබ කාරුණික කෙනෙක් බව අපි දන්නවා. එ්ත් ඔක්කොම හරි. එකක් වැරදියි. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ (නි)
මෙන්න ජනවාරි අටවෙනිදා තවත් ඡන්ද ප්‍රතිඵලයක් (නි)