ඉතාලියට ගිය ඇතැම් ලාංකිකයන්ගේ පාතාල වැඩ ගැන ආරක්ෂක අමාත්‍යංශයේ ඇස යොමුවීමත් සමග ඉතාලියේ එසැණ වාර්තාකරු චමින්ද මඩවලට එහි ලක් පාතාලයෙන් එල්ල වූ තර්ජන ගැන වහාම සොයා බලන බව රෝමයේ ශ්‍රී ලාංකා තානාපති කාර්යාලයේ උප තානාපතිනි රානි බුලත් වෙල මහත්මිය කියන්නීය.
මඩවල මහතාට එල්ල කර ඇති තර්ජන නිදහස් මාධ්‍යයට එල්ල කළ බලවත් ප්‍රහාරයක් බවත්, එවැනි දේට ඉඩ දිය නොහැකි බවත් ඇය පවසන්නීය.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසූයේ මේ ගැන ඉතාලි පොලීසියට පැමිණිලි කරන ලෙස මඩවලට උපදෙස් දුන් බවයි. එවැනි පැමිණිල්ලකින් පසුව ශ්‍රී ලංකාව පැත්තෙන් කළ හැකි හැම දෙයක්ම කරන බවත්, ඉතාලි ආරක්ෂක අංශ හා එක්වී ඉදිරි පියවර ගන්නා බවත් ඔහු කීවේය.
මෛත්‍රී විහාරාධිපති මැදිරිපිටියේ විමලරතන හිමියන් කියා සිටියේ තානාපති කාර්යාලය ඉතා ඉක්මණින් මේ ගැන සොයා බැලිය යුතු බවයි.
ඉතාලියේ සිටින සියලු ගුණගරුක හා හොඳ නරක හදුන ශ්‍රී ලාංකිකයන් එක්වී නිදහස් මාධ්‍ය රැක ගැනීමට ඉදිරිපත් විය යුතු බවටත්, තානාපති කාර්යාලයය ඊට සහාය දිය යුතු බවත් වෙරෝනා විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමියෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලිය තමා ජරාම රට. ලංකාවෙන් ආව මිනිස්සු ඉතාලි පොලිසියත් රවටාගෙන. මොකෝ ඉතාලි ජාතීන්ට ඉංග්‍රීසි බැහැනේ. (නි)
මේ පාතාල කාරයන්ගේ නම් තමයි නියම. ධර්මයට බර නම් තියෙන්නේ.(නදී)
කවුද මේ පාතාලයා ? අර ජනාධිපති තුමාගේ මුහුණ පිටේ පච්ච ගහගත්තු කෙනාද? මම දැක්කා අර කැළණිය පැත්තේ එක්කෙනත් එක්කත් ඉන්නවා. මේ වෙලාවේ ලංකාදීප කොන්ද කෙලින් සිටීම ගැන ස්තුතියි.(නදී)
මෙහි ප්‍රතිචාර වලින් පෙනෙන්නේ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් නූගතුන් පිරිසක් බවය. ඔවුන්ට කතා කිරීමට ඇත්තේ පාතාලයින් ගැන පමණකි. මෙම ප්‍රතිචාර දමා ඇති සියල්ලන්ම මෙම පාතාලයන් ගැන හොදින් දන්නා බව පෙනේ. තානාපති කාර්යාලයටද මෙම රටෙහි ජීවත් වන අය සමග කටයුතු කිරීම ඉතා අපහසු බව පැහැදිලිය. (නි)
සුනිල අයියා ඕක වෙන නමකින් දාන්න, ඔයා දාපු දේ අනිත් අයට දැනගන්න පුළුවන් ඔයා දැම්මේ කියලා. (නි)
ඇමති කෙනෙක් සම්බන්ධ කම් ඇමතිගේ නමත් උදව් ගන්න පාතාලයාගේ නමත් කෙලින්ම කියන්න.(නදී)
ලංකාදීපයට ගෝරනාඩු දාන පැරිසියේ පාතාලයේ දෙතුන් දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ කැරුට්ටුව පස්සේ දෙන්නම්කෝ. එතකම් ඉවසගෙන ඉන්න. චමින්ද, ඔවුන්ට බය වෙන්න එපා (නි)
මාධ්‍ය තර්ජන
ලංකාවට එන්න වහාම
ඉතාලියට ලංකාවෙන් වැඩිපුරම එන ඇමතිලා සහ මන්ත්‍රීවරු කවුද? මොකටද ඒ එන්නේ? කාව බලන්නද? (නි)
මේ පාතාලයට කඩේ දීලා තියෙන්නේ ඒ මිනිහට නදුන්ගේ කප්පන් වලින් කොටසක් දෙන පොරොන්දුවට. ඒ මිනිහා වටේටම පොලු තියලා මිලාන් වලින් පැනල ගිහින් හැංගිලා ඉන්නේ. ඒ මිනිහා නය කාරයන්ට තර්ජනය කරන්නේ පාතාලයා හරහා. දෙන්නම එකම ජාතියේ කාන්තාවන් අමාරුවේ දාපු අය.(නදී)
මේයාගේ 'ෆේස්බුක්' එක ලියන්න මම අඳුරන දෙන්නෙක් බලෙන් දාල ඉන්නවා. නිදි මරාගෙන ඒ අය 'බන' සහ 'බුද්ධ පින්තූර' ඒකට දානවා.(නදී)
"ලංකාවේ අඳුරට පායපු හිරු තමයි ලංකාදීප කියන්නේ", නොසැලී නොවැටී ඉදිරියටම යන ලංකාදීපයට මේ පාතාලයා කජ්ජෙක් නෙවෙයි, ඉතාලියේ චන්ඩි සොක්කෝ. මට විස්වාසයි ලංකාදීපේ ගෝඨාභය මහතා සමග එකතු වී ලස්සනට සටන මෙහෙයවනවා. ලොකු ලොකු සෙල්ලම් එළිවෙන යාමෙට කිව්වලු. මේ පාතාලයා කරන ලොකු ජරා වැඩක් කියන්නද? මේ පාතාලයා ඉස්සර මිනී මරන්න උදව් ගත්ත ඔක්කොම තරහ කරගත්තේ අල්ලේ බේරලා. එකියන්නේ අඩුවෙන් ගෙවල වැඩි ගානක් තියාගත්තා. හික්කඩුවේ මල්ලි, එඩේරමුල්ලේ ආමී මල්ලි, කොස්ගොඩ මල්ලි, තරහ කරගත්තේ මේ පාතාලයා අදික මුදල් තණ්හාව. මේ යකා මෙච්චර හොයන සල්ලි වලට මොකද කරන්නේ. සමහර වෙලාවට ඒවා ලංකාවේ පොත්වල දාලා ඇති. කොස්ගොඩ අහිංසක කොල්ලෙක් හිටිය. ඒ පොඩි එකා පාසැලේ ප්‍රදාන ශිෂ්‍යනයකයා. මේ පාතාලයා තමයි ඒ අසරණ කොල්ල තනිකරම ම අසරණ කරේ. ඒ කොල්ලගේ උස අඩ් 4 අගල් 7. ඒ කොල්ලට කියල මිනී මැරෙව්වා. ඊට පස්සේ සල්ලි බෙදාගන්න ගිහින් මේ පාතාලයා ඒ කොල්ලට අල්ලේ බේරුවා. පසුව මල්ලි මේ පාතාලයා එක්ක තරහ වෙලා තරහ කාරයොන්ගේ පැත්තට එකතු උනා. දැනට මල්ලි මිනී 15ක් විතර මරල තියෙනවා. කොස්ගොඩ අහුන්ගල්ල බලපිටිය ඉඳුරුව අම්බලන්ගොඩ. මේ පාතාලයා කරපු ජරාම වැඩේ තමයි මේ ලගකදී අර මල්ලි සිංගප්පුරුවේ ඉදලා එද්දි පොලිසියට අල්ලලා දුන්නා. පසුව ඒ මල්ලි ලංකාවට එව්වා. ඒ මල්ලි එනකොටම ගුවන්තොටුපොලෙන් අල්ල ගත්තා. එයා දැන් ඉන්නේ ටී. අයි. ඩී. කියන විශේෂ ඒකකයේ අත් අඩංගුවේ. එයාට කිසිම බේරිල්ලක් නැහැ. බලන්නකෝ මේ පාතාලයා හදවතේ තියෙන කුහක කම. එකට ඉදලා එකට කාලා හිටපු එක පොලිසියට අල්ලලා දුන්නා. මොහුට ගැලවීමක් තියෙවිදේ? නැහැ. කර්මය පඩිසන් දෙනවා. ඔය ඉතාලියේ පන්සල් වල ඉන්නේ කිසිම බුද්ධාගමක් ගැන දන්නා අය නෙවෙයි. තනිකරම කරන්නේ පත්තර වලට තරහ ඇමතිගේ කුණු වැඩ කරන එකයි කුණු රෙදි ඇතුල්වන එකයි. ඒ ඇමතිලා ඉතාලි අවාම හැම දෙයින්ම සලකනවලු ඔය පන්සල් වල ඉන්න කට්ටිය. ලංකාව කියන්න හරිම අමුතු රටක්. දැන් සෝමාලියාව වගේ. සොමලියාවත් ටිකෙන් ටික දියුණු වෙනවා. ලංකාව ආගාදයට යනවා හැමදාමත්. ඉවරයක් අවසානයක් නැහැ අපරාද වල. ඔයාල අහල තියෙනව ද එංගලන්තය වගේ රටක කෙනෙක් මිනී මරලා වෙන රටක හොදින් ජීවත් වෙනවා කියලා. කොහෙත්ම නැහැ. ඒකයි මම කිව්වේ ලංකාව කියන්න වර්තමාන සෝමාලියාව කියලා. කිසි අවුලක් නැහැ. එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් එකෙන් ලංකාවට ප්‍රශ්න ඇති කරන එක සාදාරනයි. මම නම් කියන්නේ නදුන් වගේම ඉතාලියේ ලාකික මිනිසුන්ගේ සහ ජීවනයට කරදර කරන හැම කෙනාම ලංකාවට ගෙනෙල්ල ප්‍රසිද්දියේ ගල් ගහලා මැරිය යුතුයි. නදුන්ලා වගේ අයට තමයි මුස්ලිම් ආගමේ ෂරියා නීතියෙන් දඩුවන් දෙන්න ඔනේ. පව් අහිංසක රිෂානා දුව නිකම් මරලා දැම්මා. ලියන්න පුළුවන් ගොඩක් දේවල්. නමුත් මගේ කාලයත් මට වටිනවා. ලංකාවට ඉතාලියට ගොඩක් ආදරේ නිසයි මෙච්චර හරි ලිව්වේ, මම සාමයට ගොඩක් කැමතියි. ඒකයි කේන්ති. කරුණා කරලා ඔය මිලාන් වල ඉන්න ලංකාවේ අහිංසක මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙනවා. යන දේවාලයක යනවා.(නදී)
වෙන මොනවත් ඕනෑ නැහැ. කොන්ද පණ තියෙන කොල්ලෝ දෙන්නෙක් හිටියහම හොදටම ඇති (නි)
දුෂන තියා අඩුම ගානේ වෙනත් කිසිම නඩුවක් නැති නදුන්ට මේ කියන චෝදනා ගැන දෙපාරක් හිතන්න වෙනවා මට නම්. සත්‍ය සොයමු. (නි)
අනේ මන්ද පාතාලේ... පාතාලේ කාගේද මේ පාතාලේ? (නි)
මේ පාතාලය මිලානෝ නගරවාසී ශ්‍රී ලාංකිකයින්ට හරිම කරදරයක්. මේ වසංගත ටික මිලානෝ වලින් තුරන් කළේ නැත්නම් යහපත් ශ්‍රී ලාංකිකයින්ට නිදහසේ තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න වෙන්නේ නැහැ. (නි)
ලංකාදීප වගේ පුවත් පතක් තිබෙන එකත් ලොකු දෙයක්. විදේශගතව සිටින අපිට එවෙලේම උණු උණුවේ තොරතුරු දෙන එකම පුවත් පත. සදාකල් වැජඹේවා! ලංකාදීප පුවත් පතට අප ණයගැතියි, අපට නොමිලේ දෙන සේවයට (නි)
ඔබට ආරක්ෂාව අවශ්‍යයි
කෝ ඇල්ලුවද ඉතින්? (නි)
පෙරේරා, ඔබ ඉතාලිය ගැන දන්නේ මොනවද? අපි හඬ නගන්නේ පාතාලයට විරුද්ධව. තේරුම් ගන්න ලියලා තියෙන දේවල්. තව කෙනෙකුට ගරහලා කතාකරන්නේ මහත් නිවටයෝ. ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ඔබ ගැන දුක්වෙනවා. ඔයාගේ ලිපිනය දන්වන්න වැඩිදේවල් දැනගන්න ඕනෑ නම්. තෙරුවන් සරණින් ඔබට යහපත් සිතිවිලි පහල වේවා! (නි)
මොකද්ද ඒ අපරාදය
ලංකාවේ ආණ්ඩුවක් නැහැ වාගේ. කෝ බලධාරීන්. ඇයි පියවරක් නොගන්නේ.(නදී)
අපි හෙලා දකිනවා
අතපත්තු, ඉතාලිය වනාහි ශ්‍රී ලංකාවේ නුගත් මැරයන්ට ලැබුණු මහානර්ග සම්පතකි. සෞදි අරාබියේ දහදිය හෙලන ගැහැනුන්ට මම ඉතාලියේ වෙසෙන බහුතරයක් වන මැරයන්ට හා නුගතුන්ට වඩා ගරු කරමි. පාතාලය ඔබට වැදගත් වුනාට අප කතා කිරීමට අප්‍රිය මාතෘකාවකි. හැකි නම් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හොඳ නමක් දීමට වෙන මොනවාහරි කරන්න. හැබයි බලු වලිගෙ උන පුරුකේ තිබ්බත් කෙලින් කරන්න බැරි බව මතක තබා ගන්න. (නදී)
පාතාලේ ගැන මම කවි කිව්වේ නැත..... පාතාලේ ගැන කවි මම ලිව්වේ නැත.... ඉතාලියේ වෙන කිසිවක් මතක නැත.... බීලා ගත්ත දේවල් නම් එමට ඇත.... (නි)
"පෙරේරා" ඔයානම් මට පෙන්නේ, වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහිල්ල නෑ. සුළු පිරිසක් කරන වැරදිවලට, හැම ලාංකිකයෙක්ම නුගත් කියන්න තරම්, ඔයා මහා ආචාර්ය වරයෙක්ද? අපේ සහෝදරයින් අදහස් දක්වන්නේ වැදගත් කාරණයක් ඔස්සේ. මේක මතක තියාගන්න. බල්ලෙක් අපිව හැපුවට අපි බල්ලව හපන්නේ නැහැ.(නදී)
චාමින්ද මඩවල කියන්නේ දක්ෂයෙක්
ජීවිතය අවධානමක
මෙන්න මේ පාතාලයගේ තවත් කෙරුවාවක්, එයාගේ පොඩි මස්සිනා සහ මාමණ්ඩියි දෙන්නම කොස්ගොඩ පැත්තේ ගොඩක් නමක් තියන් හිටපු දෙන්නෙක්. මේ දෙන්නම ලංකාව නියෝජනය කරමින් තායිලන්තය, ඉන්දියාව, සිංගප්පුරුව දුර පැනීමට සහ තුන්පිම්ම වෙනුවෙන් නියෝජනය කරා. ඒ අංකල්ගේ නමට ගොඩක් මිනිස්සු සැලකුවා. බයයි. මල්ලිත් ගොඩක් වැදගත් විදියට ගමේ ආදරය දිනාගෙන හිටියා. මේ පාතාලයා සල්ලි වලට ආදරේ නිසා කොස්ගොඩ අහුන්ගල්ල බලපිටිය ඉඳුරුව, බෙන්තොට, කළුවාමෝදර, අම්බලන්ගොඩ හික්කඩුව හැම තැනින්ම මාමගෙ නමෙනුයි මස්සිනාගේ නමෙනුයි ගොඩක් කප්පන් ගත්තා. ගොඩක් මිනිස්සු කප්පන් දුන්නා මොකද මිනිස්සු බය උනා. ඒ වගේම කප්පන් දීපු අය එකතුවෙලා මේ දෙන්නට වෛර කළා. එයාලා හිතුවේ ඇත්තටම කප්පන් ඉල්ලන්නේ මේ දෙන්නා කියලා. නමුත් පාතාලයා තමයි කප්පන් ගත්තේ. ඉඳුරුවේ පාතාලයා, බෙන්තොට අයිඩා, කළුවාමෝදර සුදු අයියා, කොස්ගොඩ පාතාලයා, බලපිටියේ පාතාලයා ඒ අයගෙන් කට්ටියක්. අන්තිමට මේ කට්ටිය ඔක්කොම එකතුව මාමයි, මස්සිනයි මරලා දැම්මා. එහෙම කරවපු මේ පාතාලයව අපි සතුටින් තිබිය යුතුද?(නදී)
පරිස්සම් වෙන්න
මේ පාතාලයෝ නිසා ලංකාවේ ඉන්න අහිංසක මනුස්සයෙකුට ඉතාලියට ඇවිත් සාධාරණව රැකියාවක් කර මුදලක් උපයාගෙන ලංකාවට අරගෙන යන්න තිබෙන අවස්ථාවත් නැති වෙනවා (නි)
රටකට ආවම ඒ රටේ භාෂාව ඉගෙනගන්න. පොලිසියට ගිහින් පැමිණිලි කරන්ට ඉතාලි භාෂාව නොදන්නා කම හේතු වෙලා ඇති. නැත්නම් ඉතාලියේ වෙන දේවල් වලට ලංකාවේ පොලිසියට කියන්නේ ඇයි.? ලංකාවේ පොලිසිය ඉතාලි පොලිසියට වඩා දක්ෂ ඇති.(නදී)
මේ නිකමට වගේ අහන්නේ. ලංකාවේ මාධ්‍ය නිදහසට එල්ල වෙලා තියෙන තර්ජන ගැන ඇයි මේ අය මොනවත්ම කියන්නේ නැත්තේ? ඉතාලියේ තර්ජන ගැන විතරද අමාරු? මට නිකම් පිස්සු වගේ ලංකාවේ දැන් වෙන දේවල් දැකලා. ආස්චර්යේට ලන් වෙනකොට එහෙම වෙන්න ඇති මගේ හිතේ.(නදී)
ලංකාවේ අයගෙන් යුරෝපෙටත් කරදරයි. (නි)
පොලිසියට කියන්න
මේ වගේ ඇමතියෝ සහ පාතාලකාරයෝ තමයි මේ ආණ්ඩුව සහ රට විනාශ කරන්නේ. අහුන්ගල්ලේ හිතවතුන් කියන කතාවේ සත්‍යයක් තිබෙනවා නැත්නම් කොහොමද මෙච්චර ර අපරාධ තොගයක් කරලා කිසිම දඩුවමක් නැතුව ජිවත් වෙන්නේ. මොහුට ලංකාවේ දේශපාලන බලයක් තිබෙන කෙනෙක් උදව් කරනවා. නපෝලි i නෙවෙයි කොහේ ගියත් මෙයාව ඉක්මනින් හොයා ගන්න පුළුවන්.(නදී)
පළමුව ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකියන් එකමුතු විය යුතුයි. ඒක නැහැ. මිලානෝ පන්සල කාගේද ඒක හැදුවේ මිනිස්සු එකතු වෙලා සල්ලි එකතු කරලා. ඒක රැක ගන්න බැහැ. එක නගරයට පන්සල් 2 ක් මොකටද? එකතුවෙලා එකක් හරියට තියාගන්න බලන්න. එන සාදුලත් බිස්නස් කරන්න හදන්නේ ඒකට එකතු වෙන වල් ගෑනු ටිකකුත් ඉන්නව සේවයක් නැහැ සමිති සමාගම් තියනවා නමට විතරයි. බොරුවට නිල ගණන් විතරයි. ඇමතියෙක් ආවම ළග ඉදලා පොටෝ ගන්න පොරකනවා එපමණයි. මේ අපි සිංහලයෝ මෝඩ අවශ්තාවාදී ජාතියක් හොද සිංහලයෝ ඉන්නවා හැබයි ටිකයි. ඒ අය එලියට එන්නෙ නැහැ බයට හෝ කල කිරිලා. ඒ හන්දා තමයි මේ පාතාල කියල කට්ටියක් බිහි වෙලා තීයෙන්නේ.(නදී)
ඔබ පාතාලයේ සාමජියෙකු හා සම්බන්ද නම් ඔබේ ජීවිතයේ අනතුරේ බව සිතන්න. ඉතාලි පොලිසිය ඔවුන් පස පස පන්නනවා දුර කතන සංවාද පටි ගත කරනවා.(නදී)
ලෝකය පුරා විසිරී ඉන්න ශ්‍රී ලාංකිකයින් පාතාලය මඩින්න එක් වෙමු. එක නගරයක මේ අය ඉන්නේ දෙන්නෙක් තුන් දෙනෙක් පමණයි. ඒ නිසා බිය නොවී ඉස්සරහට එන්න. මේ පාතාලයේ බල්ලෝ ටිකට එරෙහිව ඔබේ විරෝදතාවය දක් වන්න.(නදී)
මොහුගේ මුහුණු පොතේ ඇති නම මොකක්ද.?(නදී)
මෙපමණ විස්තර තියෙද්දිත් ලංකාවේ ආරක්ෂක අමාතයංශය කුමක්ද කරන්නේ?(නදී)
මෙයාව අත්අඩංගුවට ගත්තනේ. දැන් නිදහස් කරලද? කට උත්තර වලින් පස්සේ සුදු වෑන් වලින් උස්සපු, පොලිසියෙන් ඉස්සුවේ නැහැමයි කියපු බලපිටියේ හින්නියි , සුජිතුයි, සුජීයි, ආසුලයි නං තාමත් ගාල්ලේ බන්ධනාගාරයේ. මෙයාලා තරන් මිනිමරලා නෑ ගාල්ලේ කව්රුවත්. උන්ව සුද්ධ කරන්න හදන්න එපා.(නදී)
නිකන් බොරු ප්‍රසිද්දියක් ගන්න නැති පාතාලයක් ගැන ලොකුවට දොඩවන්න ඕනේ නැහැ. (නදී)
නපොලියේ ඉන්නේ යූරෝ 500 ටත් මිනි මරණ ඉතාලි කමොරා උන් මෙහෙ ආවොත් ලංකාවේ ඉන්න කට්ටිය ගේම දෙනවා ෂුවර්. නැපෝලිය ගැන නොදන්නා කෙනෙක් මෙහෙ ඇවිත් හැම දේම දැනගෙන යන්ඩ පුළුවන්. නැත්නම් අන්තිම බෝජන සංග්‍රහය තමයි.(නදී)
චමින්ද මඞවල තනිවෙලා නෑ. අපි ඉන්නවා ඔහු සමග.(නදී)
මෙ පාතාලයා කඩයට, පන්සලකට සහ මහාමෙවුනා අසපුවට මුවා වෙලා කප්පම් වැඩේ ජයටම කරන්න පටන් ගන්නකොට ලංකාදීප පත්තරේ 'කෑවා වැඩේ'. (නදී)
මුන්ටම ගිය ඉතාලිය.(නදී)
ලංකාදීප මාධ්‍යවේදී චමින්ද මඩවල මහතාට කරන ලද 'පාතාල තර්ජන' වලට අපගේ දැඩි විරෝධය.(නදී)
ලංකාවේ පාතාලයන්ට බය පොලිසියක්ද ඉතාලියේ තියෙන්නේ? ඉතාලි මාෆියාවට බය නැති ඉතාලි පොලිසිය ලංකාවේ පාතාලයන්ට බයයි වගේ.(නදී)
මේ මම හන්දිය පැත්තේ යනවා. කඩෙන් බඩු මොනව හරි එහෙම ගේන්න තියනවනම් කියන්න, මම ගෙනත් දෙන්නම්.(නදී)
මැදිරිපිටියේ විමලරතන හිමියන් පේරාදෙණියෙ ඉගෙනගන්න කාලෙ නම් අසාධාරණේට නයෙක් වගේ. දැනුත් එහෙමම වෙන්න ඇති ඉතාලියේ ගෞරවණීය නායක හිමිනමක් විදියට. මේ ලියන්නෙ විපරමා. මම අල්ලපු රටේ විපරමින් ඉන්නෙ.(නදී)
ලංකාවෙන් යන ඇමති ගොල්ලන්ට නවාතැන් කෑම බීම වගේම සුරලොවක තියන්නෙත් මේ ඉතාලි වල ඉන්න ලක් පාතාලයොයි. මේ අයට විරුද්ධව ලංකා රජයෙන් කිසියම් ක්‍රියා මාර්ගයක් ගන්නේ නැත්තේ ඇයි.(නදී)
හැමදාම මාධ්‍ය වේදීන්ට කරන කෙනහිලිකම් හෙලා දකිනවා. තොරතුරු හෙළි කිරීම මාධ්‍ය වේදීන්ගේ වගකීමක්. සමහර අයට තොරතුරු දීම නිසා පොලිසියෙන්ද විමසනවා. මාධයට තොරතුරු දීමට පොලිසියෙන් අවසර ගත යුතුද? අනේ මට මේ ගැන දන්වන්න.(නදී)
මෙයා මිලානෝ කඩයක් දාගෙන පාඩුවේ ඉන්න එකට මෙහේ ඉන්න අයට තිබෙන ඉරිසියාව තරම. අපි මොහු වෙනුවෙන් ඉතාලිය පුරාම පෙළපාලි යනවා. එයා ට මුකුත් කරන්න තියා ලං වන්නවත් කාටත් බැ.(නදී)
වෙන්නප්පුවෙ මිලාන්ට, මල්ලි ඔයා මෝඩ වෙන්න එපා. අපරාධකරුවන්ට අත් වූ ඉරණම ගැන පත්තර පොත් කියවලා දැනුම ගන්න.හැම අපරාධකරුවෙක්ම ජීවත් වෙන්නෙ වසර 50 ට අඩුවෙන්.හේතුව තමන් කළ පවු පස්සෙන් එනවා.ලෝක ධර්මතාවය එයම තමයි. ඒ හින්දා හොදින් හිතලා බලන්න. බොරුවට තමන් අනුන් වෙනුවෙන් ජීවිතය අදුරු කරගන්න එපා. (නි)
අත පය හය්ය තියෙන වෙන සිංහලුන් නැද්ද ඉතාලි වල? අද පත්තරේ දැක්කා සිංහලයෝ දෙන්නෙක් තව කාවද මරලා. එයාලව ඔහෙන් අරින්න ජර්මනි හෝ ෆ්‍රාන්ස් වලට. එහෙ ඔය සෙල්ලම් බැහැ. ඕවා වෙන්නේ ඉතාලි වල තමා (නි)
මිනීමරුවන්ට දඩුවම් නොවිද සැපෙන් ඉන්න පුළුවන් ලංකාවේ. යුරෝපෙයේ එහෙම ඉන්න තිබෙන අවස්ථාව අඩුයි (නි)
'ලංකාදීපයට' අත නොතබනු!(නදී)
මෙම මේ පාතාලයා පාතාලයා ගැන තියෙන සියලුම තොරතුරු, පත්තර වාර්තා, මෙම ලංකාදීප පුවත් කීපය,ඉන්ටෙර්නෙට් ගූගල් එකෙන් ගෙන මෙහෙ පත්තර කන්තෝරු වලට යවා මෙම මිනී තිහකට වඩා මරපු ලංකා පොලිසියට අවශ්‍ය මැරයෙකු ඉතාලියේ සෙවන ලබන හැටි ගැන වාර්තාවක් ලියන්න ඉල්ලීමක් කරන්න. මොහුගේ සියලු ලිපින සහ තොරතුරු දන්වන්න. යම්කිසි පන්සලක ආවරණය මොහුට ලැබෙනවාද යන්නත් සොයා බලන්න කියන්න. තුවක්කුවට වඩා පැන බලවත් බව මෙම පුවත්වලින් පෙනෙනවා නේද? (නදී)
මිනී තිහකට වඩා මරපු, ස්ත්‍රීන් දුෂණය කරපු මිනිහෙක් පොලිසියට අල්ලලා දෙන්න මෙච්චර අමාරුද?(නදී)
ලංකාවට දන්වන්න කියලා කියන්නේ මිනිහව බේරගන්න වෙන්න ඇති. තොරතුරු දෙන අය ගැන විස්තර අපේ අය මිනිහට දෙයි. අපි ලංකාදීපය සමග.(නදී)
මේ පාතලයාගේ 'ෆේස්බූක්' නම ධර්මයට බරයි. ඔක්කොම පොටෝ තියෙන්නේ මහමෙව්නාවේ සහ තවත් මිලානෝ පන්සලක. එතරම් 'තෙරුවන් සරණ' ගිය පුද්ගලයෙක් මොහු. මේකාගේ කඩේ විවෘර්ත කල දවසේ බලෙන් ආරාධනා කරලා ගෙන්න ගත් මිලානෝ වල මිනිස්සු සහ තවත් කොන්ද පන නැති සල්ලි වලට කෑදර ව්‍යාපාරිකයෝ කීප දෙනෙකුත් ඉන්නව.(නදී)
මිනිහත් පාතාලේ එකෙක්, ඕවා ඉල්ලන් කන ඒවා. සම්පුර්ණ අවස්තාවාදියෙක්. ඔහොම වෙලා මදි.(නදී)
ඉතාලියේ පතාල මර්ධන වැඩ පිලිවෙල දියත් කරන්නේ ශ්‍රී ලංකා පොලීසියද, ඉතාලි පොලීසියද? මට තේරෙන්නේ නැහැ ඒ හින්දා මම ඕස්ට්‍රේලියාවේ පොලීසියට මේ ගැන පැමිණිලි කරන්න අදහස් කරනවා.(නදී)
කව්ද චමින්දව මඩවන්නේ. කැළණියේ කව්රු හරිද? (නදී)
චමින්ද මඩවල මහතාණනි ඔබගේ ආරක්ෂාවට අපි ඉන්නවා ඔබට ඔවුන් තර්ජනය කරනවානම් ඔබ වහාම ඉතාලි පොලිසියේ ඔබගේ ආරක්ෂාවට පැමිණිල්ලක් දමන්න. ඉන් අනුතුරුව ඔවුන්ට කලයුතු දේ අපි දන්නවා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශය මේ පිලිබදව අපිව දැනුවත් කර ඇත. ශ්‍රී ලංකා බුද්දි අංශය හා තානාපති කාර්යාලය එක්ව ඔවුන්ව අත්අඩංගුවට ගන්න සියල්ල සිදුවෙමින් පවතින බව ඔබද දන්නවා ඇති. ඔවුන් සම්කමිව ඉන්නවනම් හොදයි. ඔවුන් ලාංකිකයන්ගෙන් කප්පම් ගන්නවා නම් එයට අපි එක හෙළා විරුද්ද වෙමු.(නදී)
මඩවල මහතානෙනි බිය නොවන්න. ඔබ වෙනුවෙන් මනුස්සකම අගයන මිනී මරුවන්ට, දූෂකයන්ට කප්පම් කරුවන්ට එරෙහිව ඔබ වෙනුවෙන් අපිත් නැගී සිටිනවා. තමන් වරදක් කරලා සිටියදී පන බේරගෙන ආවා නම් මෙහෙට වෙලා රැකියාවක් කරගෙන කොච්චර හොදින් ඉන්න පුලුවන්ද?. එහෙම ඉන්නෙ නැතිව මෙහේ ඉදගෙන කලේ රැකියා නැති තරුණයන්ව එකතු කරගෙන මම තමයි අහවලා කියලා අසරණ මිනිස්සුන්ට කියලා ඒ අයගෙ සැලකිල්ල උපකාර ගත්ත එකයි. මේයා ලංකාවෙ කරපු ඒවා ගැන දන්න මිනිස්සු බයට මෙයාට සැලකුවා. ඒ විතරක් නෙවේ මෙයා මෙහේ ඉදල මිනිස්සුන්ගෙ ගනදෙනු බේරුවා. නඩු ඇහුවා. මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසදුවා. පොලීසියේ හිටියදි මංකොල්ල කාලා, මිනීමරලා මිනිස්සුන්ගෙ නඩු අහන්න මෙයා කවුද? මෙයා කප්පම් ඉල්ලපු, ගත්තු අයගෙ නම් පොලීසිවල ලියවෙලා තියෙනවා. මිලාන් වල ඉන්න පරණ ලාංකිකයො ඔක්කොම ලැජ්ජා විය යුතුයි. සමීති සමාගම් වල ඉන්න ඔක්කොම අය මේ පාතාලයගෙ කඩේ විවෘත කරන එකට ගියා විතරක් නෙවේ ගොඩක් තෑගිත් දුන්නා. ඔනේ නම් එයාලගෙ විස්තරත් කියන්න පුලුවන්. අහිංසක මිනිහෙකුගෙ දෙයකට මේ අය මෙතරම් උපකාර කරන්නෙ නැහැ. මඩවල මහත්තයෝ සටන් කරන්න. ඔබේත් අපේත් වගකීම මේ නරුම මිනිසුන්ව නීතිය හමුවට ඉදිරිපත් කරන එකයි. මෙයාල බියගුලු මිනිස්සු. හොදින් ඉන්න ඕනේ නම් තම රටට ගිහින් නීතිය හමුවට ගිහින් නිවැරදි කරුවෙකු වෙන්න ඕනා. වැරදි වැඩ කරල හොදින් ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. ගම්පහ ඔස්මන්ඩ් කියන මහත්මයට මේ පාතාල ලේබලය වැදිල තිබුනා. අද ඒ මහත්තයා සියල්ල නිවැරදි කරගෙන කොච්චර හොදින් ඉන්නවද?. මෙයාට පොලීසිය දන්න විදියට ගොඩාක් අවස්තාව දුන්නා. ඒත් හොදින් හිටියෙ නැහැ. මෙයා අතින් මිය ගිය පොලිස් නිලදාරින්ගෙ ගෙවල් වල දරුවන්ගෙ දුක් මුසු කතාව ඒ අයගෙ ජීවිත ගැනත් කතා කල යුතුයි. මොහු හින්දා අද මිලාන් වල ඉන්න මිනිස්සුන්ට ලොකු විනාශයක් වෙලා. මෙයාගෙ වටේ ඉන්නවා ඇග පුම්බගෙන තව 10 ක් විතර. තව චන්ඩි උන තියෙන සල්ලිකාරයෙක් ඉන්නවා. එයා තමයි මෙයාට රැකවරනය දෙන්නෙත්. මොන්සා පැත්තෙ මෙයාලා කැර කෙනවා නිතරම. මේ තොරතුරු කියන්නෙ දැන්වත් හැදෙන්නයි. මීට වඩා තොරතුරු පොලීසියට අපි දන්නවනවා. මඩවල මහත්මයා වෙනුවෙන් අපිත් හඩ නගනවා. අපේ පැතුම සාදාරන බෙදීම් නැති, චන්ඩි නැති ශ්‍රී ලාංකික සමාජයක්.(නදී)
අපි ලංකාදීප සමගයි...ලංකාදීප අපි සමගයි
ලංකාවේ වෙන දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. පාදඩ දේශපාලනය තමයි මේ ඔක්කොම විනාසෙට ගෙනියන්නේ. ඒත් රජයට උවමනාවක් තියෙනවා නම් නිතිය ක්‍රියාත්මක කරන එක මහා ලොකු දෙයක් නෙවේ. වැඩේ තියෙන්නේ රජය මේ වගකීම පැහැර හරින එකයි.(නදී)
ලංකාවේ සී.අයි.ඩී එකට හොයාගන්න බැරි උන දේවල් ලංකාදීපේ මගින් එළිවෙලා තිබෙනවා. මතකද අර තිස්සමහාරාමයේ අනාත නිවසේ ළමයන්ට කියල ඌරෝ මරවපු සිද්ධිය. ලංකාදීපේ මැදිහත් උනේ නැත්නම් අර දරුවෝ තවත් ඒක ඇතුලේ මේක විශාල සමාජ සේවයක් , ලංකාදීපයට ජය වේවා!(නදී)
පත්තර කාරය ඔහුගේ වැඩේ කලා, දැන් ඉතින් වගකිවයුත්තෝ ඔවුන්ගේ රාජකාරි කරයි කියල සාමකාමී ජනයා බලාගෙනයි ඉන්නේ.(නදී)