‘මැතිවරණ කොමසාරිස් දැන් අලුත්ම සිංදුවක් ගහනවා. මන්ත්‍රී ධුර හොරා කෑ කොමසාරිස් දැන් ඡන්දය කල් දාන්න මාන බලනවා. ඔය රැවුල තිබ්බට වැඩක් නෑ. අනවශ්‍ය දෙයක් කළොත් බදුල්ලෙදි උපවාස කරනවා. ‘යැයි එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා වියලුව කන්ද කැටිය ප්‍රදේශයේ රැස්වීමක දී පැවසීය.
‘මේ වගේ වැඩ කරන්න දෙන්න බෑ, ජනතාව මාත් එක්ක ඉන්නවා. ලංකාවම බලාගෙන ඉන්නවා ඌවේ ප්‍රතිඵලය ගැන. ඒ වෙනුවෙන් මුළු ලංකාවම වුණත් නැගිටින්න සූදානම් කියා මම කියනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි හරීන්ට දයාසිරි වගේ වෙන්න තව කල්යයි වගේ. විවාදයකදී කටින් නැතුව අතින් පයින් ගහගත්තා. දැන් තවත් එකක්...? (නි)
මම කැමති මහත්මයෙක් (නි)
ප්‍රනාන්දු මහත්තයෝ, මේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා නෙමෙයි. බහුතරය පැහැදිලිව තාමත් සන්ධානයට කැමතියි. කට්ටිය පිටරටවලට වෙලා හැමදාම හීන දැක දැක නින්දෙන් අහසේ පාවෙනවා. මේ රටේ මිනිස්සු හොඳට ඇහැරිලා පොළොවේ පයගහලා සිදුවෙන දේවල් ගැන අවබෝධයෙන් ඉන්නවා.එකම වෙනස ඒකයි. (නි)
ඔබේ ජය අනිවාර්යයි. සොබා දහම ඔබටත් එජාපෙටත් ආශීර්වාද කරාවී. බිහිවෙන නව රජයෙන් අපේ රට සංවර්දනය කරන්න. අපරාද කාරයන්ට බුදු දහමින් විපාක දෙනවා. ඔබටත් ඔබේ කණ්ඩායමටත් බුදුසරණයි (නදී)
හරින් ඔබ කොහොම ආවත් දිනුම් , මොකද වෙනසේ ආරම්භයට ලබාදුන් කැපවීම (නදී)
රට ගැන හිතන් නැති, හිතල වැඩ කරන් නැති අය ඡන්දදායකයෝ. ආණ්ඩුවක කාරයභාරය පිළිබදව බුද්ධිමත්ව හිතන්න. කියන, කරන දේ ගැන හිතල මතය ප්‍රකාශ කරන්න. පක්ෂය, පාට නැතුව හරි දේ කියන්න. (නදී)
හරින් සර්, දොස්තර කීවද අධික රුදිර පීඩනය කියලා. දවසක් දෙකක් කෑමෙන් වලකින්න. ප්‍රනාන්දු මහත්තොයෝ, ඔයා කියන රටක් දැනට කොහෙද තියෙන්නේ?. (නදී)
මගෙන් අහන්නේ නැතුව කොහොමද කල් දන්නේ. බයවෙන්න එපා හරින්. එ්ත් ඒක කල් දාන්නේ නැහැ (නදී)
ප්‍රනාන්දු මහත්තයෝ අවංකව කිව්වොත් එදා ඉදල මේ තීරුවේ කට්ටිය කියන විදියට මිනිස්සු ඡන්දෙ දැම්ම නම් අද සන්ධානයක් වත් මහින්ද රාජපක්ෂ ජනාධිපති කෙනෙක්වත් ඉන්න විදියක් නැහැ. එ්ත් එහෙම වුනෙත් නැහැ. වෙන්නෙත් නැහැ. ඒ මේ ප්‍රචණ්ඩ ක්‍රියා හින්ද නෙමෙයි. බහුතරය පැහැදිලිව තාමත් සන්ධානයට තියෙන නිසා. කට්ටිය පිටරටවල් වලට වෙලා හැමදාම හීන දැක දැක නින්දෙන් අහසේ පාවෙනවා. මේ රටේ මිනිස්සු හොදට ඇහැරිලා පොළොවේ පය ගහල සිදු වෙන දේවල් ගැන අවබෝධයෙන් ඉන්නවා. එකම වෙනස එකයි..21 වෙනිදට අභියෝගයක් නැතිව බහුතර බලයක් ඇතුව සන්ධානේ දිනනවා. හරින් විපක්ෂ නායක වෙනවා. තව මාස දෙක තුනකින් හරිනුත් සන්ධානෙට එනවා. ඕක තමයි මගේ අනාවැකිය. බලන්නකෝ 21 වෙනිදට. මොන්ටිසෝරි යන පොඩි එකෙකුට උනත් ඔය අනාවැකිය කියන්න පුළුවන්. ඡන්දෙකට පස්සේ තමන්ගේ බැරිකම් නොහැකියාවන් හා පරාජයේ හෙළුව වහ ගන්න විපක්ෂය සුපුරුදු ලෙස ගයන තැටිය එදා ඉදල අපි අහන විපක්ෂයේ අදෝනාව මෙදාත් ඒ විදියටම අපි අහනවා 21 වෙනිදට. කිට්ටු වෙන්නවත් බැරි බහුතරයකින් දිනුවත් එදාට දිනපු සන්ධානේ පරාදයි. විපක්ෂය තමයි දිනලා තියෙන්නේ. (නදී)
ආණ්ඩුවට එරෙහිව සටන් කිරීම සදහා තම පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය පමණක් නොව විශ්‍රාම වැටුපද අත්හැර දැමු විරයා සමග අපිත් සිටිනවා (නදී)
බන්දුල පෙරේරා මෝඩ කතා කියන්න එපා. වයඹ තරම් ඡන්ද දායකයෝ උෟව දිස්ත්‍රික්කයේ නැහැ (නදී)
ලංකාවේ වාසනාවන්තයෝ ඉන්නවා නම් හරීන් දිනයි (නි)
ශ්‍රී ලංකාව යනු කුමන හෝ දේශපාලන පක්ෂයක හෝ පවුලක බුදලයක් නොවේ. අද ශ්‍රී ලංකාවට අවශ්‍ය වැරදි වැඩ වලදී ප්‍රබල විරෝධතාවයක් ඉදිරිපත් කළහැකි විපක්ෂයක් සහ නායකත්වයක්. (නි)
ඡන්දෙ කල් ගියොත් මේයා සන්දානෙට පනින එක කල් යනවනේ. ඒකයි මේ කලබල වෙලා තියෙන්නේ. ඡන්ද නීති කඩන විදිහට කල් දැමිය යුතුමයි (නදී)
මොනතරම් නම් සාධාරන මැතිවරණයක් පවත්වන්න පුලුවන්කම තියෙනවද? (නි)
අනුපම මම ටික දවසක් බදුල්ලේ හිටියේ ගිය සතියේ. 2010 යුද්දේ ඉවර කරපු කාලේ රජයට ලොකු බලයක් තිබුනා. දැන් හරීන්ට ලොකු බලයක් හැදිලා තියනවා. මෙයා මහ ඇමති නම් වෙයි. හැබැයි රටට සෙතක් වෙයිද කියල නම් හිතන්න අමාරුයි. (නදී)
මම නම් ඡන්දෙ දෙන්නේ දුසණයට,හොරකමට,කැසිනෝ වලට,කුඩුවලට, බාර් කාරයින්ට සහ බදු මිලට විරුද්දව. හැබැයි කට්ටිය දෙන්නෙකුට බයයි. 1 ජනතා විමුක්ති පෙරමුණ,2 හරින් ප්‍රනාන්දු. අපි බලමු.3 මුස්ලිම් දෙමල චන්ද කොහේ යයිද. බන්දුල මහත්තයට අවංක අදහස් ලියන්ඩ පුළුවන්. (නදී)
හරීන් වෙනසක් කරයි වගේ බදුල්ලෙන් (නදී)
ඉල ඇදෙනවා ටෝක් එකට. ෂොට් එකක් දා ගත්ත මීයෙක් තඩි කළු බලලෙකුට කිව්වලු කකුල් දෙකෙන් අල්ලලා ගහනවා පොළොවේ කියලා. බොරු භීෂණ වැපුරුවට වැඩක් නැහැ මැකෝ ඡන්ද කල් දාන්නේ නැහැ.(නදී)
ඔය කියන තරම් ජන බලයක් තිබෙනවා නම් සලාක ක්‍රමයට පළාත් සභා මැතිවරණ තිය තියා ඉන්නේ නැතුව ඔක්කොම එක දවසේ තියල පෙන්වන්න. එතකොට ඔය ප්‍රචණ්ඩ ක්‍රියාත් අඩු වේවි. ජනතාවගේ සල්ලිත් ඉතුරුවේවි. (නදී)
අන්තිමට බදුල්ලෙ තියපු ඡන්දෙ තමයි 2010 මහ මැතිවරණය. ඒකෙ උත්තරේ ආණ්ඩුවට ආසන 6යි විපක්ෂෙට 2යි. ඒකෙනුත් ලක්ෂ්මන් සෙනෙවිරත්න දැන් ආණ්ඩුවේ. පව් හරින් තමන්ගෙ වලිගෙයි අලියගෙ වලිගෙයි දෙකම විකාගෙන දඟලනවා. මේවට හුරේ තියන නොදරුවෝ දන්න දේශපාලනය ගැන හිතා ගන්න පුලුවන්. (නදී)
මේකත් හරියට රනිල් මහත්තය එස් එම් එස් ජනාධිපති උනා වගේ. කට්ටිය හරින් වටේ බලයක් ගොඩ නංවාල ඌව දිනවල හරින් උෟවේ මහා ඇමැතිත් කරලා. එසැන පුවත් වලට ලියන ලේලන්ඩ් බස් එකකටවත් පුරවා ගන්න බැරි මේ පිට රට ඉදන් හීන දකින කළු සුදු පරාන ටිකගේ ඡන්ද ටිකෙන් විතරක් උෟවේ ඡන්දෙ තියනවා නම් එහෙම වේවි. නැත්නම් 21 වෙනිදට ලංවිය නොහැකි බහුතරයක් සමග ශෂින්ද්‍ර රාජපක්ෂ දෙවන වතාවටත් උෟවේ මහා ඇමති වේවි (නදී)
මැතිවරණය කල් දැම්මොත් ආණ්ඩුව ඉලා අස්විය යුතුයි. මොනරාගල වයඹට හපන් වයඹ කරපු හැටි අපි දන්නවා. එ්ක කරනකොට අපිත් බුලත් කොලේට වැඩ කලේ (නදී)
බන්දුල මහත්තයෝ, රටේ වෙලා තියෙන අසාදාරනය බලන්ඩ. අද මුළු උසස් අධ්‍යාපනයම සල්ලි වලට විකුනනවා. ඔබ තුමාට ඇස් කන් නැති ද? කොළඹ තියෙන කරෝකේ ශාලා ඇතුලේ වෙන්නේ මොනවාද? රුපියල් ලක්ෂ 5 ක්වත් නොතිබූ මැති ඇමැතින්ගේ දැන් දනය කෙතරම්ද, රටේ 60%ක මින්නිස්සු එදිනෙදා කෑම වේල කන්ඩ බැරුව තියෙද්දී රටේ දියුනුවක් තියෙයිද? චීනයට පමණක් ඇති සත්‍ය නය ප්‍රමාණය කොපමණද?නොරෝච්චෝලේ වැනි ආයතන පිහිටවීමේදී ගසා කෑම් කොපමණද ? එදිනෙදා රටේ සිදුවන අපරාද ගැන හිතන්න. ඔතරම් බලය ඇති විදායකයක් අතේ තියා ගෙන අැයි මෙතරම් දුෂණයකට ඉඩ දෙන්නේ. (නදී)
රූපා පහුගිය පාරවල සන්දානය දිනනවා කියල හැමෝම දැනගෙන හිටිය. මේ පාර දිනන්නේ කව්ද කියලත් දැන් මිනිස්සුන්ට ටික ටික තේරෙනවා. එජාපය 3 ට නෙමෙයි 10 ට බෙදිලා තිබුනත් ඒ ගොල්ලෝ මේ පාර දිනන්නේ මිනිස්සුන්ට වෙන විකල්පයක් නැති නිසා. (අ)
21 වැනිදයෙන් පස්සේ බන්දුලව හොයන්ඩ හම්බෙන එකක් නැහැ. කොච්චර භිෂණය පැතීරුවත් මෙවර එය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. (අ)
හරීන් එයාගේ ජනප්‍රියත්වය නිසා ඌව පළාත දිනාවි. හැබැයි ජනාධිපතිවරණය දිනන්නේ ජනාධිපතිතුමා. (නි)
පළාත් සබාවේ බලය ගන්න ලොකු සටනක් තිබේ. මේ අවංකවම ප්‍රදේශයට සේවය කරන්නද ? අද දේශපාලනය ආත්මාර්තය සඳහා පමණි. බලයට එන පිරිස තත්වය , සැප වාහන සහ සියලු පහසුකම් ලබන්නේ ජනතාවට සේවය කරන්නමද ?හරිම කනගාටුයි. අතීතයෙන් ඉගෙන ගන්න. (නදී)
බර්ලින්වල සිල්වා ඔයාගෙන් අහන්නේ. එතකොට පාර්ලිමේන්තු මැතිවරණය, ජනාධිපතිවරණය එහෙම තිබ්බේ ඔය කියන සලාක ක්‍රමයටද? (නදී)
විදායක ජනපති ක්‍රමය ගැන නම් මගේ අදහස බන්දුලට වඩා වෙනස් උනත්, මෙහිදී බන්දුල කියන්නේ ඇත්ත. සමහරෙකුට තිත්ත උනත් ඇත්ත එ්කයි. විපක්ෂය හරියට තුන් පොළකට අදින තුන් කට්ටුවක් වෙලා ඉතින් දිනන්න පුලුවන්ද. බන්දුල කඩේ යනවා නොවෙයි. එතකොට අනිත් අය යන්නේ මඩේ වෙන්න ඇති. (නදී)
බන්දුල යනු කඩේ යන්නෙකි (නදී)
තිලක් ඩුබායි, ඉන්න කට්ටිය චුත කලහම , ඔබ පතන කට්ටිය ඔබ කියන දුෂන නොකරන සත් ගුණවත් කට්ටිය නම් , මිට කලින් තිබුනා ඔබලාගේ සත්ගුණවත් රජය පැරදුනේ මන්ද? එ් මිහිරි අතීතය ඔබට දැන් අමතකද? ඔහොමයන් (නදී)
සෙනරත් මහත්තයෝ, සරත් මහත්තයෝ ..මේක ඔයාලගේ දේශපාලන නොදැනුවත් කමද නැත්නම් කපටි කමද කියන්න මම දන්නේ නැහැ..කොහොම හරි ඒ දෙකීන් එකක්. තව වැඩි දවසක් නැහැනේ.21 වෙනිදට අපි බලමුකෝ ඔය හරින් වටේ ගොඩ නැගෙන බලය කොහොමද කියලා. එදාට කියන්න එපා භිෂණය නිසා පරාද වුනේ කියලා. අපිත් මහත්තයෝ කාලාන්තරයක් තිස්සේ මැතිවරණ අත් දැකීම විදලා තියෙනවා. පොඩි අත දරුවෝ නෙමෙයි මේ රටේ බහුතරය කොහෙද තියෙන්නේ කියල තේරුම් ගන්න බැරි..ඔබ තුමාල ගැන දුකයි..21 වෙනිදට අපි හමු වෙමුකෝ...(නදී)
බන්දුල ඔයා මෙතන එක එක ඒවා ලිව්වට වැඩක් නැහැ. ඔය වගේ බයිලාවලට මිනිස්සුන්ගේ බඩ පිරෙන්නේ නැහැ. පසුගිය පාරවල් වල සන්දානෙට හැමෝම දුන්න තමයි. ඒත් ඒ අවස්ථාව සන්දානය පැහැර හරියෙ. දිගින් දිගටම අනුකම්පාවක් නැතුව බඩේ පාර ගැහුවා. මේ පාර දිනන්නේ කව්ද කියල රටම දන්නවා. හරීන් මහඇමති පුටුවේ වාඩි වෙනෙක ඔය දෙතුන් දෙනා මේ පාඨක තීරුවේ දෙන සටනින් නවත්තන්න බැහැ. (නදී)
රජයේ විශාල පිරිසක් එජාපය සමග එකතු වීමට යන බවට කට කතා තියෙනවා. මෙයිනුත් පෙනෙන්නේ එජාපයට රැල්ල හැරීගෙන එන බවයි. (නදී)
බන්දුල වෙනදට වඩා මේ පාර තත්ත්වේ ගොඩක් වෙනස්. යුද ජයේ උණුසුම සමග සන්දානෙට කලින් වැඩි බලයක් ලැබුණු බව ඇත්ත. නමුත් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවලුනේ. අනික මහා නාහිමිවරුන්ගේ ප්‍රකාශනය, සෝබිත හිමිගේ ප්‍රකාශය නිසා බොදු බහුතර ජනතාව මේ පාර එජාපයත් සමග අත්වැල් බද ගෙන ඉන්නේ. අනික දෙපාර්ශවයේ අපේක්ෂකයන් අතිරින් හරීන්ගේ කථිකත්වය අනෙක් කෙනාට වඩා දහ ගුණයක් හොදයි. බදුල්ලෙත් මොනරාගලත් කවදාවත් නොතිබූනු ජන බලයක් මෙවර ගොඩනැගී තිබෙනවා. බන්දුල 72 දී එක ආසනයට වැටුණු එජාපය 77 දී 2/3 ක බලයක් ගත්තා. අදත් රට තුල මෙවැනි වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතිනවා. රජය මැතිවණය කොටස් කොට පැවැත්වීමට හේතුව එයයි. එක එක දිස්ත්‍රික්කය වශයෙන් ගෙන සියලු බලය එතනට යොදවනවා. රජයටත් මැතිවරණය පිළිබද විශ්වාසය නැති වෙලයි තියෙන්නේ. බදුල්ල මොනරාගලට යන ඕන කෙනෙකුට හරීන් වටා ගොඩනැගී ඇති බලය තේරෙනවා (නදී)
හරින් මහත්තයා වෙනසක් කරයි කියලා හිතනවා. ඔබට ජය! (නි)
අනේ මේ බන්දුල, කට වහගන්න. (නි)
හරීන් බොහොම අධිෂ්ඨානශීලී කෙනෙක් (නි)
බලධාරියාගේ තීරණයට අකුල් හෙළන්න එපා (නි)
ඡන්දෙන් පස්සේ මැකෝ ගැන වාර්ථාව බලලා පෙට්ටියට ඇන ගහාවි (නදී)
අවශ්‍ය නම් කොමසාරිස්තුමා එක්ක මේ පිළිබඳව රුපවාහිනී විවාදයකටත් යන්න. හැබැයි එදා වගේ වෙයිද දන්නේ නැහැ. (නදී)
හරින් මහත්තයෝ මැතිවරණ කොමසාරිස් දකුණේ මිනිහෙක්. දකුණේ නීතියට ඉඩ දී ඔබ නිහඬ වන්න. ඒ මනුස්සයත් කවදා හරි තානාපති කෙනෙක් වෙන්න ඕනේ නේ ? හැමදාම රැවුල වවාගෙන ඉන්න බැහැනේ ? (නදී)
අද මුළු රටේම අවශ්‍යතාවය වෙලා තියෙන විදායක ක්‍රමය අහෝසි කිරීමේ සටනේ, පළමු ජය හරීන්ගේ ජයත් සමගින් අරබමු. (නදී)
ඡන්දය කල් දාන්න හිතන්නේ එතුමාට ආතතිය හැදීගෙන එන නිසා වෙන්න ඇති නේද ? (නදී)
හොඳටම බයවෙලා ඉන්නේ උෟව ගැන. (නදී)
"ලංකාදීප..මොකද මෙයාට ඉස්සරලා හිටිය මැ.කො ට උනේ. කොහෙද ඉන්නේ, මොකද දැන් කරන්නේ..හොයලා බලලා ලියනවද එයාගේ විස්තර ටිකක්. (නදී)
ඡන්දෙ ඉවර උන ගමන්ම සංදානෙට එකතුවෙන්න ඉන්න නිසා නේද මෙච්චර හදිස්සි. නැත්නම් අනිත් පක්ෂ වලට සංදානෙන් කරදර නිසානේ මෙහෙම ප්‍රස්නයක් පැන නැගුනේ. මොයට ඒවා වැඩක් නැහැ (නදී)
ඉක්මනින් ඉල්ලගෙන කනවා දැක්කමයි මම.(නදී)
මැකෝ හිටපු ගමන් පිස්සු කෙලින්ඩ බලනවා. වහාම අපරාදකරුවන් අල්ලන්ඩ ක්‍රමයක් යොදවන්නේ නැතුව මැතිවරණය කල් දාන එක වැරදියි. හමුදාව යොදවා පාලනය කරන්ඩ ඕනා.(නදී)
මෙයාට මහ ඇමති පුටුව නම් ලැබෙයි. හැබැයි දයාසිරිගේ වාර්තාව කඩනවා බොරු. (නදී)
ඡන්ද පනත් ගෙනාවේ එජාප ආණ්ඩුවෙන්. ඒකට අනුව මන්ත්‍රී ධූර වෙනස් කරපු එක අධිකරණයෙනුත් අනුමත කලා. අධිකරණයටත් අපහාස කරනවා ඔබතුමා. (නදී)
කිසි දේකට බයවෙන්න එපා ඔබේ ගමන දිගටම යන්න ජය වේවා (නදී)
එදා එ.ජා.පය මැතිවරණ සිතියම අකුලපු හැටි මතක් වෙනවා. (නදී)
ඔබ තුමාට උපවාස කරන්න වෙන්නේ නෑ. මැතිවරණය වෙලාවට තියයි. (නදී)
හරින් මහත්තයෝ ඒ මනුස්සයාත් මොකක් හරි තානාපති කමක් අරගෙන දෙයියනේ කියක්ලා ජීවත් වෙන්න ඕන නේද? (නදී)
ඇත්ත කතාව. (නදී)
මැ.කො ගේ බොරු බයිලා. කරපු හා කරන වියදම් මේවා කෝටි ගණන් මහජන මුදල් නාස්ති කිරීම හා චන්දය කල්දැමීම බලවත් වරදක්. අද අපේක්ෂකයින්ට වඩා ජනප්‍රිය වෙලා තියෙන්නේ මැ.කො ගේ බණ කතා (නදී)
මැකෝ සින්දු කියනවා. විපක්ෂෙ බයිලා ගහනවා.. පක්ෂේ විරිදු (ස්තෝත්‍ර) ගයනවා.. ජනයා බලන් ඉන්නවා. (නදී)
හරේන් ඔබ විතරක් නොවේ අපිත් එනවා ඔබත් එක්ක උපවාස කරන්න. (නදී)
එල එල. ඔව් එයා හිතා ඉන්නේ හෙන ස්මාර්ට් කොමසාරිස් කියලා. (නදී)
ප්‍රභාත්, ඔබ හරි. ඌවේ ප්‍රතිඵලය ගැන අන්තර්ජාලයේ විස්තර සහිතව ලිපියක් පල වුණා. ඒ නිසා තමයි උපරිම භීෂණය ,දුෂසනය, චංචාව, කපටිකම, දන්සැල්, එකී නොකී හැම දෙයක්ම මුදා හැරලා කෙසේ හෝ දිනන්න බලන්නේ. බුද්දිමත් ජනතාවට දෙන්න තියෙන්නේ රටේ මහජන මුදල් ගසා කන දුෂිතයෝ "චුත" වෙලාම යන්න කියලා. (නදී)
බදුල්ලෙන් මෙයා දින්නත් ජනාදිපතිවරන්නෙන් දිනන්නේ ඉන්න අයම තමා (නදී)
හරින් මහත්තයෝ ඔබට කෝට්ටේට වෙලා උපවාස කරන්න වේවිද? අල්ලපු වත්තත් නැත, පය ගහපු වත්තත් නැත කියලා. පරිස්සමින්, ඔහොම යන් (නදී)
මැකෝ, මොකද ඡන්දය කල්දමන්නේ,? මහා මැතිවරණයක් තියන්න උනොත් පිස්සු හැදේවිනේ එතකොට. පොලිසියට හමුදාවට බැරිද ඔය පළාතට ආරක්ෂාව දෙන්න (නදී)
චන්දය කල් දැමීමට බලයක් නොමැති බව මැ.කෝ.පුන පුනා කියද්දීත් හරීන් මොනවද මේ කරන විහිලු. ජය හෝ පරාජය 22 වනවිට බලාගන්න පුළුවනි. පරාජයට දැන් මම හේතු නොකියා නිලධාරීන් සමග බොරුවට එල්ලිලා ලකුණු හොයන්නේ නැතුව ඡන්දෙ කරන්න. (නදී)
හරින් මහත්තයා දැන්ම දිනල වගේ අවසාන ප්‍රතිඑලය දැක්කහම දුක හිතෙයි (නදී)
මෙතුමාගේ සීනිබෝල කතාවලට බුද්ධිමත් ජනතාව රැවටෙන්නේ නැහැ. ඔබතුමා ශෂී මහත්තයගෙන් මනුස්සකම ගැන ඉගෙනගන්න. (නදී)
ඡන්ද ප්‍රතිඵල ගැන වේලාසන ප්‍රකාශ නිකුත් කිරීම ඇඟට ගුණ නැහැ. (නි)
ඔයාටත් හිතන්න බුද්ධියක් නැද්ද නිමල් රාජපක්ෂ මහත්තයෝ ? ඔයාලටත් කඩේ යන නිසා ඕවා පෙනෙන්නේ නැහැ. (නි)
එකයි පරදින්න ඕනේ. ඉන් පස්සේ වැල වගේ දිගටම පරදිනවා. (නදී)
කොහොමත් ඔයා පරාදයි. දගලන්න එපා. තව අවුරුදු 12 කට පස්සේ චාන්ස් එකක් එයි (නදී)
බලමුකෝ මෙදා සැරේ යූ.එන්.පීය දිනයිද කියලා. (නදී)
මේ පාර කට්ටිය හොදටම බය වෙලා. එ්ක තමයි මේ වගේ දේවල් කරන්න හදන්නේ ඔබට ජය වේවා. (නදී)
2005 ජනාධිපතිවරණයත් නඩුත් ගිහිල්ලා ඉක්මන් කරගෙන ඉල්ලගෙන කෑවා නේද? මේ පාරත් ඉතිං 21වෙනිදට සියළු පරාජයන් මැ.කො. පිට තියලා ජිල්මාට් කියයි වගේ. (නදී)
මේ තනතුරට නියම කෙනක් අපේ සභාවේම ඉන්නවා. අර හිල් වෙච්ච මල්ලක් අරගෙන කෑගගහ කඩේ යන කෙනා. (නදී)
හිතවත් හරින්, නිකන් බොලඳ කතා නොකියා ඉන්න. මොකද ඔයා කොහොමත් දිනලා ඉන්නේ. නමුත් අර පනින දවස කාටවත් කියන්න එපාද ? පළාත් සබා ඇමති කමද , පාර්ලිමේන්තු අැමති කමද ? තව විස්තර තියනවා දැනට ඇති. (නදී)
ඔබට ජය නියතයි. (නදී)
අපිත් හරීන් එක්ක. මෙහෙම එක දිස්ත්‍රික්කෙක ඡන්දයක් තියා ගන්න බැරුව කොහොමද ඉස්සරහට මහා මැතිවරණයකට යන්නේ? (නදී)
එල එල. ඔව් එයා හිතා ඉන්නේ හෙන ස්මාර්ට් කොමසාරිස් කියලා (නදී)
පොඩ්ඩක් බදුල්ලේ, මොණරාගල ගිහිල්ලා බැලුවා නම් තේරේවි තත්වේ. මේ සැරේ යු.ඇන්.පී එකෙන් පොල් පිත්තක් දැම්මත් දිනනවා. (නදී)