(සුජිත් හේවාජුලිගේ)
රට පුරා සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාවට පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමට තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 21 සහ ඊට පසු දින මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා ඒ අවට කලාපය අධි ආරක්ෂක කලාපයක් කිරීමටද තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
ඡන්දය විමසීමට පසු දින සියලුම අපේක්ෂකයන් මැතිවරණ මහලේකම් කාර්යාලයට කැඳවෙන හෙයින් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි පවසයි.
ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන්ද යෙදවෙන අතර අවශ්‍ය වුවහොත් ත්‍රිවිධ හමුදා නිලධාරින්ද කැඳවීමට පියවර ගන්නා බව මැතිවරණ කටයුතු භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා ප්‍රකාශ කළේය.
මේ අතර ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙතැයි හඳුනාගත් ප්‍රදේශ ගණනාවකට විශේෂ ආරක්ෂාව ලබාදීමටද පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.
ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සඳහාද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය
මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ පොලිස් ප්‍රධානින් අතර විශේෂ සාකච්ඡාවක් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඊයේ (11) පැවැත්විණ. මැතිවරණයේ ආරක්ෂක වැඩ පිළිවෙළ පිළිබඳව එහිදී දීර්ඝව සාකච්ඡා කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
මැතිවරණයේ ආරක්ෂාව සඳහා උපදෙස් ගණනාවක්ම ලබා දුන් බවද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 54,000ක පමණ පිරිසක් යෙදවීමට අපේක්ෂිතය.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඡන්ද ගණින තැන්වලට එස්.ටී.එෆ් ආරක්ෂාව
Wije Thursday, 12 September 2024 01:02 PM
පොලිස් නිලධාරිනි ,රාජ්‍ය නිලධාරිනි නරුම දේශපාලකයන්ගේ අමන වැඩ වලින් රට අරාජික වීමට ඉඩ නොදී නීතියෙන් රට රකිමු