IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඡන්ද නීති එළිපිට කඩයි

ඌවේ ඡන්ද ප්‍රචාරය අවසන් වන බදාදා (17) විට මොණරාගලින් පැමිණි 305ක් ද, බදුල්ලෙන් 100ක් ද ඇතුළුව පැමිණිලි 424ක් ලැබුණු බව කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි.

පොදු දේපොළ අයථා පරිහරණය, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය, ලංගම බස් ප්‍රචාරයට යොදා ගැනීම, භාණ්ඩ බෙදීම, ව්‍යාජ අංක තහඩු සවි කළ වාහන ධාවනය බෙහෙවින් සිදුවූ බව එම සංවිධානය පවසයි.

බණ්ඩාරවෙල දී සෙන්දිල් තොන්ඩමන් මහතාත් තුවාල ලැබූ සිද්ධියේ රථ පෙළපාළියට ගරාජ් අංක තහඩු සහිත වාහනයක් තිබූ බවත්, මොණරාගල දඹගල්ලේ ප්‍රාදේශීය සභා පුස්තකාලයක් වසා එහි ඡන්ද රැස්වීමක් පැවැත්වූ බවත් එම සංවිධානය කියයි.

මේ අතර බදුල්ලේ බදුලු පිටියේ දී සංගීත සංදර්ශනයකින් පසු පිරිසක් පාසලකට, ලෑලි කඩ කිහිපයකට හා තවත් ස්ථානයකට අලාභ හානි කළැයි පොලිසියට පැමිණිලි කර ඇත. සැකකරුවකු පොලිසියට ගෙන ආ බව පොලිස් ආරංචි කියයි.

සන්ධානයේ පොස්ටරයක් පාසල් බසයක ඇලවීමට එරෙහි වූ අයකුට පිහියෙන් ඇන ඇතැයි ද, සරත් ෆොන්සේකාගේ පක්ෂයේ රැළියකට සහභාගී වූ පිරිසකට දියතලාවේ දී තර්ජනය කර ඇතැයි ද මැතිවරණ නිරීක්ෂකයෝ කියති.

ලංගම බස් හැටකට වැඩි ප්‍රමාණයක් මොණරාගල ඡන්ද කටයුතු සඳහා යොදා ගෙන ඇතැයි ද, මොණරාගල හා බිබිලේ එක්තරා පදනමක් සෙත්පැතීමේ බෝධි පූජා සංවිධානය කර ඇතැයි ද, හම්බෙගමුව පංසලක බෝධිපූජාවක් පැවැත්වූ හිමි නමක් සංධාන අපේක්ෂකයකුගේ නම හා මනාප අංකය කියා ඡන්දය දෙන ලෙස කියා ඇතැයි ද මැතිරණ නිරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර කියයි.

ඔහු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිලි කරමින් කියනුයේ ඡන්ද ප්‍රචාරක කටයුතු බදාදා (17) මැදියම් රැයෙන් අවසන් වුවත් බිබිලේ මැදගම සේනාපතියේ හා නන්නපුරාවේ ඡන්ද රැස්වීම් පැවැත්වීමට සූදානම් කර තිබු බවයි.

BUS-1



අදහස් (0)

ඡන්ද නීති එළිපිට කඩයි

සෆෙර්දීන් Friday, 19 September 2014 03:47 AM

මේ මැතිවරණය තියනවට වඩා කලින් සැලසුම් කරපු ප්‍රතිපල නිකුත් කලොත් මම හිතන්නේ ? (නදී)

:       0       0

පියුම් Friday, 19 September 2014 03:52 AM

ඌවෙ ජනතාව තමන් කවුදැයි හෙට දිනයේදී ලොවට හඬ නගා කියනු ඇත. (නදී)

:       0       0

රොකී Friday, 19 September 2014 11:13 AM

මේ පිළිවෙලට ඡන්ද පවත්වන එක අනිවාරතේ කෙරෙන වියදමක්. ඡන්ද පෙට්ටි ටික හොඳ ආරක්ෂා සහිත ස්තානෙක තියාගන තම තමන්ගේ මනාපේ හැටියට ඒවා පුරවා ගත්තා නම් වැඩේ ඉවරයිනේ. රහස් ඡන්දයක් හින්දා ඡන්ද දායකයාටත් නොදැනෙන්න නියමෙට වැඩේ දෙන්න ඒ විදිහට පුළුවනි. කොමසාරිස් උන්නැහේ කෙනෙක් නැතුවම වුනත් ඒ විදිහේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා නම් මේ කචල් මොකුත් නැහැනේ (නදී)

:       0       0

හේමාස් Thursday, 18 September 2014 01:17 PM

ජාතික මැතිවරණයකින් පසුව මී රටේ මිනිසුන්ට කන්දත් නැතිවෙයි.(අ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 19 September 2014 04:53 AM

යකඩෝ.. බෝධි පුජාවාක් තියන්නත් දැන් මේ එන් ජි ඕ පප්පලගෙන් අවසර ගන්න ඕනද? ප්‍රචණ්ඩ ක්‍රියා නැති මැතිවරණ, බලය ඇති එකා බලය තම ප්‍රචාරනය සදහා නොයෙදූ මැති වරණ කවුරුවත් ඉතිහාසයේ අහල තියෙනවද? කිසිම ජිවිත හානියක් සිදු නොවූ මැතිවරණ ව්‍යාපාරය අනෙකුත් මැතිවරණ වලට සාපෙක්ෂව සැලකුවම සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක්. (නදී)

:       0       0

සමන්ති Thursday, 18 September 2014 02:01 PM

1970 මැතිවරණයට පසුව ආ පශ්චාත් ප්‍රචණ්ඩත්වය 1973 දී දැදිගම අතුරු මැතිවරණ ප්‍රචණ්ඩත්වයෙන් වර්ධනය වී 1977 සිට මේ දක්වා විශාල ලෙස වර්ධනය වෙමින් නීතිය නොතකන තත්වයට පත්ව ඇත. හැබැයි අපි අවිහිංසාවාදීයයි ලෝකයට පෙන්වමු. (නි)

:       0       0

රජින්ද Thursday, 18 September 2014 02:05 PM

බොහොම කරුණාවෙන් ඉල්ලනවා, කිසිදු අපේක්ෂකයෙකුට හෝ පක්ෂෙකට හෝ මෙවරත් ජන්ද නොදී ඉන්න. බස්නාහිරින් මේ රටේ පක්ෂ විපක්ෂ වලට දැනුන විදිහටම ඌවේත් වේවායි ප්‍රාර්ථනා කර සිටිමු.! (නි)

:       0       0

හමීඩ් Friday, 19 September 2014 05:16 AM

ඔිකෙන්ම පේනවා කීදාහක් රස්සාව නැතුව ඉන්නවද කියල(අ)

:       0       0

රෝහණ‍ Thursday, 18 September 2014 02:32 PM

ලංකාවේ ඉන්නේ බත් කන අය නෙමෙයි. (නි)

:       0       0

රසිකා Friday, 19 September 2014 05:33 AM

මොනවා කරන්නද? පොලිසියත් එයාලගේ මැතිවරණ කොමසාරිස්තුමාත් එයාලගේ නීතියත් එයාලගේ ඡන්දෙ විතරක් පොඩි මිනිහගේ. (අ)

:       0       0

පියුමි Thursday, 18 September 2014 02:54 PM

මට නම්, පොලිසියෙන් 12,000 නොවෙයි, 120,000,000,000 දැම්මත් වැඩක් වෙයිද කියලා සැකයි (නි)

:       0       0

රුමේෂ් Thursday, 18 September 2014 07:54 PM

එළිපිට ඡන්ද නීති කඩනවා. කව්රුත් කතා කරන්නේ නැහැ. අඩුම ගානේ ජනතාවවත් බුද්ධිමත්ව කටයුතු කරාවි කියලා හිතනවා. ඡන්දයක් තියන්න පෙර රටේ නීති හදලා ඒවා හරියට ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් හදන්න ඕනෑ (නි)

:       0       0

උදය Friday, 19 September 2014 01:18 AM

බලධාරීන් මේවා නොදැන ඉන්නවා වෙන්න බැහැ (නි)

:       0       0

රොකී Friday, 19 September 2014 01:36 AM

බෝධි පූජා වලින් දැන් ඡන්ද දිනන්නත් පුලුවන්ද? (නි)

:       0       0

සෙන්සාන් Friday, 19 September 2014 09:08 AM

අප රටේ යහපත් දේශපාලනයක් දැන් නැහැ.හදවතින්ම රටට ආදරය කරන පාලකයින් බිහිවෙන්න තව බොහෝ කාලයක් ගතවේවි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 651 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 911 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2001 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4282 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2236 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 838 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site