මිත්‍යා මත වල එල්ලි මැතිවරණ ප‍්‍රතිපල ගැන සැක පහළ කර ගැනිම සාධාරණ මැතිවරණයටකට ලොකු බාධාවකියි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රීය මහතා අද (19) බදුල්ල මැතිවරණ කාර්යාලයේදී මාධ්‍යෙව්දීන් සමඟ පැවසීය.
‘ප‍්‍රතිපල ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට නිකුත්කරනවා. ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනදා ෆැක්ස් මගින් මාධ්‍ය ආයතන වලට යැව්වා.ඒ ආයතනවල ඉල්ලීම පරිදි ඒගොල්ලා නව තාක්ෂණය ඔස්සේ ඒ ප්‍රතිපල ලබාදෙනවා .
ඒ සමගම ෆැක්ස් මගිනුත් යවනවා ඊටත් අමතරව වෙබ් අඩවිය ඔස්සේත් ඒ තොරතුරු ලබාදෙනවා ඒක තමයි ක්‍රමය.
ඒක හරියට ලියුමකින් තොරතුරු දන්වා ඊට අමතරව දුරකථනයෙනුත් තොරතුරු දන්වනවා වගෙයි .
කවදාවත් මැතිවරණ කොමසාරිස් ජන්ද ප‍්‍රතිපල හඩනගා කියවලත් නැහැ .අතුරු මැතිවරණයකදි ප‍්‍රථිපල ප‍්‍රවෘත්ති ආයාතනවලට දීලත් නැහැ ඒක අඅපේ වෙබ් අඩවියෙත් අපි දානවා
අපි මුලින්ම කරන්නේ මෙහෙමයි ප‍්‍රතිපල ගණනය කරාට පස්සේ තේරිම්භාර නිලධාරීවරයාට (දිසාපතිවරයාට) ෆැක්ස් කරනවා දිසාපතිවරයාට ෆැක්ස් කර මිනිත්තු තුනකින් අපි ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට දෙනවා ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට දිලා මිනිත්තු පහකින් මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට දානවා කාගේ හරි සිතේ සැකයක් තියෙනවානම් ඒක සම්පූර්ණ මිත්‍යාවක් .එය වෙනස් කරයි කියා, කාටවත් හිතෙනවා නම් ගණන් කිරිමේ නියෝජිතයන් ලබාගන්නා ප‍්‍රතිපල එක්ක එකතු කර ඒක නිවැරැදිද නැද්දැයි බලාගන්න පුළුවන් ‘ මහින්ද දේශප‍්‍රිය මහතා සදහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නිකුත් කරන ක්‍රමය නොවෙයි ජනතාවට සැක. ප්‍රකාශ කරන ප්‍රතිඵල ලේඛනයයි සැක. දන්නවා ඇතිනේ බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී මනාප නැතුව පැරදෙන දුකෙන් හිටි සමහර අපේක්ෂකයින් එළිවෙනකොට දිනලා තිබුන ප්‍රකට කතාව. (නි)
මමත් ඡන්ද ගණන් කිරීමේ කටයුතුවලට සහබාගි වෙලා තියෙනවා. අවසන් ප්‍රතිපල විනාඩියෙන් දෙන්න පුළුවන්. නමුත් පරදින වෙලාවට බහිරවයෝ එනවා. ඒවා නිවැරදි කරන්න. ගිය වාරේ නුවර උනෙත් එ් ටික. (නදී)
රුමේෂ් මහත්තය, අපි රටේ ඉද ගෙන පොළොවේ පය ගහල ඉන්න හින්දා ඔය කියන හැමදේකම තාර බර දන්නවා. රටේ වෙන දේ හොදට දන්නවා. අපිට පේනවා පිට රට ඉදන් තප්පුලන්නේ නැතුව මෙහෙට ගොඩ බැහැල බලන්න. ඔය කියන විදියේ කෙරුවාවල් භීෂණ මගඩි මෙහෙ ඡන්ද වල තියෙනවද වෙනවද කියලා. බැරි එකා තම නොහැකියාව හැමදාමත් වහ ගන්න මතුරන මන්තරේ තමයි ඔය ඔබ තුමත් තියාගෙන මතුරන්නේ. (නදී)
මැකෝ මහත්තය කියන දේ හරි..ඡන්දෙ ප්‍රතිපල දෙන්න මිනිත්තු දෙකකට කලින් උනත් ප්‍රතිපල සැහෙන්න වෙනස් වෙන්න පුළුවන්. (නදී)
බන්දුල පෙරේරා මහන්ත්තයෝ ඇස් ඇරලා බලන්න රටේ මොකද්ද වෙන්නේ කියලා. තමන්ගේ රට වෙනුවෙන් කතා කරන්න. දේශපාලකයන්ට කඩේ යන්නේ නැතුව. (නදී)
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවට යවලා ප‍්‍රතිඵල දෙනකොට බඩු හරි (නදී)
ඡන්ද හරියට ගණන් කරන්නෙ නැතුව - අතේ තියන ප‍්‍රතිඵල ලේඛණ වලින් ඉතාමත් පහසුවෙන් එහෙම කරන්න පුළුවන් (නදී)
තිස්ස මහත්තයලට හැමදාමත් හුල්ල හුල්ල ඉන්න වෙන්නේ මහ පොළොවේ යථාර්තය තේරුම් නොගත් නිසා හෝ තේරුණත් ඒ අනුව තමන් වෙනස් වෙන්න සුදානම් නැති නිසා..හොර ඡන්ද දාල පළාතක තියා ආසනයක තියා ප්‍රාදේශීය සභාවකවත් ඡන්ද ප්‍රතිපල වෙනස් කරන්න බැහැ මහත්තයෝ.. එහෙනම් ඉතින් තොගේට හොර ඡන්ද දාන්න වෙනවා..පෙට්ටි ඔක්කොම මාරු කරන්න වෙනවා.. ඒවා කරන කම් අනෙක් කට්ටිය නිදන් ඉන්නේ නැහැනේ.මේවා බොරු බයිලා..තමන්ගේ නොහැකියාව සහ බහුතරය තාමත් මේ රජයටයි කියන එක අකමැත්තෙන් වුණත් පිලි ගන්න..ඔය මහා තියරිය හදපු මිනිහත් එක්කම දැන් බලු වෙලා ගිහින් තියෙන්නේ..ඕව දැන් වලංගු නැහැ.හෙට ප්‍රතිපලය ගැන හිත හදාගෙන ඊළඟ මැතිවරණයට උත්සහ කරන්න. (අ)
මට පෙන්නේ මහින්ද දේශප‍්‍රිය මහතා මොහොකට හරි බයවෙලා වගේ. මම මුල ඉදන්ම මහතාගේ කතා ටික ඇහුව. මිනිස්සුන්ට තියරි දාල වැඩක් නෑ. කරලා පෙන්නන්න. අපේ සිතේ සැකයක් නෑ මහින්ද දේශප‍්‍රිය මහතා ගැන. (අ)
2010 චන්ද ප්‍රතිපලත් විනාඩි 8න් දුන්නානම්? මෙයා ඒදවස්වල " ශැඩෝ බොක්සර්" හැටියටයි රඟ පෑවෙ . (අ)
ප්රතිඵල දෙන ක්‍රමය නෙමෙයි, පත්වෙන උදවිය ඉස්සහට වැඩ කරන ක්‍රමය ගැනයි අපිට වැදගත් වෙන්නේ. (නි)
බන්දුලගේ කට හින්දා හොරාට කලින් කෙහෙල්කැන වැට පනින හැටි හොඳට තේරෙනවා. (නි)
අන්න සඳුනිගේ බළලත් මල්ලෙන් එළියට පැන්නා. ක්‍රමවේදය කෙසේවෙතත්, වෙන්නේ වෙන දෙයක්. (නි)
මොකද ඔච්චර හදිස්සි? ජනතාවට හරි ආදරෙයි නේද? (නි)
ඇයි දනෙන් නැහැ මෙතුමා ඒ වගේ කතාවක් කිව්වේ. (නි)
ආ...එතකොට ඒකයි මේ ප්‍රශ්නය. නීති කඩකිරීම නොවෙයි. (නි)
මැජික් වගේ වැඩක්ද මේ? (නි)
වෙනදා වගේ තේරිම්භාර නිලධාරීවරයාට (දිසාපතිවරයාට) ප්‍රතිඵලය කෙළින්ම දෙන්න බැරි ඇයි? (නි)
ඡන්දයක් ප්‍රකාශ කරලා ප්‍රචාරණය පටන්ගත් දවසේ සිටම කට්ටිය එක තියරියක් දානවා.ඒක අනුව බැලුවම ඡන්දෙ තියන්න ඕනෑත් නැහැ.ජනමතය තමන්ට. බලයේ ඉන්න අයට ඇපත් නැහැ. ඡන්දෙන් පස්සේ ප්‍රතිඵල ආවම තව තියරියක් දානවා.ඒ අනුව තමන් පැරදුනේ ඡන්ද වංචා නිසා, කොම්පියුටර් ජිල්මාට් නිසා.නැත්නම් තමන් තමයි ජයග්‍රාහකයා.එදා ඉඳලා අපි දකින මේ තියරි දෙක ඉතින් මේ ඡන්දෙටත් එහෙමම තමයි නේද? (නි)
ඡන්දයට පෙර සිදුවීම් අනුමත නොකළත් ඡන්ද ප්‍රතිඵල ගැන අපගේ විශ්වාසයක් ඇත. එය එලෙසම සුරකින්න (නි)
ක්‍රම වේදය පැහැදිලි කලාම එ්ක කොහොද කඩේ යෑමක් වෙන්නේ. රංජිත් විස්තරේ අායෙත් කියවන්න හරියට (නදී)
අපේ රටේ හරියට විභාගයක ප්‍රශ්න පත්තරයක් හදාගන්න බැරි කට්ටිය කොහොමද විනාඩි අටෙන් ප්‍රතිපල කියන්නේ. කලින් සැලසුම් කරපු එකක් නම් එහෙම කියන්න පුළුවන්. මම බබා ඔයාල බේබිලා (නදී)
කාටවත් කඩේ යනවා නෙමෙයි රන්ජිත් ...මෙතුමා කියල තියෙන්නේ ක්‍රමවේදය. (ස)
මෙයා කාටද මේ කඩේ යන්නේ...? (ස)
මිනිත්තු අටෙන් ප්‍රතිඵල කෙසේ වෙතත් මිනිත්තු අටෙන් අටට ගුටි කෙලි නම් ආරංචි නොවේවා. ! (ස)
පොඩ්ඩක් බදුල්ලේ, මොණරාගල ගිහිල්ල බැලුවනම් තේරේවි තත්වේ. (ස)