ඌව පළාත් සභා මැතිවරණය අවසන් වූයේය. මේ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පැහැදිලි බහුතරයක් ලබා ඇතත් ඔවුන්ගේ ඡන්ද පදනම දෙදරාගොස් ඇති බව පැහැදිලිව දක්නට ලැබේ.
1994 දී බලයට පත්වූ පොදු ජන එක්සත් පෙරමුණ 2001 සිට 2004 දක්වා කාලයේ දී පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වුව ද විධායක ජනාධිපතිවරුන් දෙදනකු 1994 සිට වසර 20ක අඛණ්ඩ කාලයක් රට පාලනය කළහ. තවමත් පැවතෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයයි.
තිස් වසරක් මෙරට ජනතාවට මහත් ව්‍යසනයක් වූ යුද්ධය මේ පාලන කාලයේ දී නිමා වූයේය. නව ජාත්‍යන්ත ගුවන්තොටුපොළ, නව ජාත්‍යන්තර වරාය, අධිවේගී මාර්ග වරාය ආශි්‍රත දැවැන්ත නව නගර බිහිකරමින් ද උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීම ඇතුළු දැවැන්ත සංවර්ධන යෝජනාක්‍රම රාශියක් සමග මැතිවරණයට ඉදිරිපත් වූ රට පාලනය කරන එක්සත් ජනතා සන්ධානය ඌවේ බලය ඇල්ලීමට සමත්වුව ද ඡන්ද පදනම වෙනස් වූ ආකාරය ගැන පසුවිපරමක් කිරිම ඉතා අගනේය.
ඌවේ අවසන් වරට පළාත් සභා මැතිවරණයක් පවත්වා තිබුණේ 2009 වර්ෂයේ දී ය. එහිදී ඡන්ද 418,906ක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය බෝනස් ආසන දෙක ද ඇතුළත්ව ඌවේ ආසන 25ක් දිනාගත්තේය. එහෙත් මෙවර ඔවුන්ට ලැබී ඇත්තේ සමස්ථ පළාතේ ඡන්ද 349,906 කි. ලැබී ඇති ආසන සංඛ්‍යාව බෝනස් ආසන දෙක ද ඇතුලත්ව 19කි. ඒ අනුව ඡන්ද 69,000ක් අඩුකරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පළාතේ ආසන හයක් අහිමිකරගෙන ඇත.
2009 මැතිවරණයෙන් මොණරාගලින් ඡන්ද 159,837 ක් ලබා සියයට 81.32 ක අති බහුතර ඡන්ද සංඛ්‍යාවක් දිනා ගනිමින් ආසන නමයක්් හිමිකරගෙන සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මොණරාගල දිස්ති්‍රක්කයෙන් ලැබී ඇත්තේ ඡන්ද 140,850කි. එහි ප්‍රතිශතය සියයට 58.34කි. ඡන්ද 18,987 ක් අහිමිකරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය මොණරාගල දිස්ති්‍රක්කයේ දී සිය ඡන්ද පදනම සියයට 22.98කින් අඩුකරගෙන ඇත. ඔවුන්ට හිමිව ඇති ආසන සංඛ්‍යාව අටකි. මොණරාගල දිස්ති්‍රක්කයේ සමස්ථ මන්තී්‍රධූර සංඛයව 11 ක සිට 14 දක්වා ආසන තුනකින් වැඩි වෙද්දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසනයක් අහිමි වී ඇත.
එක්සත් ජාතික පක්ෂය 2009 වර්ෂයේ දී මොණරාගල දිස්ත්‍රික්කයෙන් ඇති ඡන්ද සංඛ්‍යාව 30,509 කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 15.81කි. ඒ ඡන්ද ප්‍රමාණයට ඔවුන්ට හිමිවූ ආසන සංඛයාව දෙකකි.
මෙවර පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය මොණරාගල දිස්ත්‍රික්කයෙන් තම ඡන්ද සංඛ්‍යාව 46,556 කින් ඉහළ දමාගනිමින් ඡන්ද 77,065ක් හිමිකරගෙන ඇත. ඒ අනුව මෙවර මොණරාගල දිස්ත්‍රික්කයෙන් ආසන පහක් හිමිකරගත් එක්සත් ජාතික පක්ෂය සියයට 31.92ක් දක්වා වර්ධනයක් හිමිකැරගෙන ඇත්තේ තම ඡන්ද සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩිකැර ගනිමිනි.
2009 මැතිවරණයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද 5,632 ක් ලබා ගනිමින් සියයට 2.87 ක ප්‍රතිශතයක් ලබා ආසනයක් දිනා ගැනීමට අපොහෙසත් වූ ජනතා විමුක්ති පෙරමුණ මෙවර සිය ඡන්ද සංඛ්‍යාව 15,955 ක් දක්වා වැඩිදියුණු කරගෙන ඇත්තේ සියයට 6.61ක ප්‍රතිශතයක් හිමිකැර ගනිමිනි. ඔවුන් මෙවර මොණරාගල දිස්ත්‍රික්කයෙන් එක් මන්තීත්‍රී ආසනයක් ද දිනා ඇත.
බදුල්ල දිස්ත්‍රික්කය එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද සංඛ්‍යාවක් දිනාගනිමින් ජයග්‍රහණය කළ ද එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද සංඛයාව එක්ව සළකා බැලූවහොත් බදුල්ලේ වැඩි පිරිසක් රජයට විරුද්ධව ඡන්දය භාවිතා කැර ඇතැයි පැහැදිලි වේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් හිමිවූ සමස්ථ ඡන්ද සංඛයාව 209,056ක් වෙද්දී එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද 197,708 හා ජනතා විමුක්ති පෙරමුණ 20,625ත් එක් කළ විට විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක බදුල්ලෙන් ලැබූ ඡන්ද සංඛ්‍යාවේ එකතුව 218,333 ට වඩා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 9,277 ක් පසුපසින් සිටියි.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසන නමයම 2009 දී ජයගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර බදුල්ල, හාලිඇල හා වැලිමඩ ආසන පරාජයට පත්වූයේය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඌව පරණගම ආසනය ජයගත්තේ එකස්ත ජාතික පක්ෂයට වඩා වැඩි ඡන්ද 197 කිනි. බණ්ඩාරවෙල ආසනය ජයගත්තේ එක්සත් ජාතික පක්ෂයට වඩා වැඩි ඡන්ද 280 කිනි. ඌව පරණගම ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 1,525ක් හා බණ්ඩාරවෙල ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 1759ක් ලබාගෙන තිබේ. ඒ අනුව ඒ ආසන දෙකෙන් රජය ජයගත්ත ද විපක්ෂයේ සමස්ථ ඡන්ද සංඛ්‍යාව අනුව බැලු විට රජය පරාජයට පත්ව ඇත.
2009 වර්ෂයේ දී බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන සංඛ්‍යාව 21කි. මෙවර බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසන තුනක් ඉවත්කිරිම හේතුවෙන් එහි ආසන සංඛ්‍යාව 18 දක්වා පහළ බැස ඇත.
2009 වර්ෂයේ දී බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 259,069ක් ලබා සියයට 67.79 ක ප්‍රතිශතයක් හිමිකැර ගිනිමින් ආසන 14ක් දිනාගැනිමට සමත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර බදුල්ල දිස්තිත්‍රික්කයෙන් ආසන නමයක් දිනා ගත්තේ ඡන්ද 50,013 ක් අහිමිකැර ගනිමිනි. ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය මෙවර බදුල්ල දිස්ත්‍රික්කයෙන් සියයට 47.37ක් දක්වා පහත වැටී ඇත්තේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක වූ එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද එකතුවට වඩා පසුබසිමිනි.
එක්සත් ජාතික පක්ෂය 2009 දී ඡන්ද 98,635ක් හෙවත් සියයට 25.81 ක ප්‍රතිශතයක් හිමිකැර ගනිමින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසන පහක් දිනා සිටි අතර මෙවර සිය ඡන්ද සංඛ්‍යාව දෙගුණයකට ආසන්නය දක්වා ඉහළ දමාගනිමින් ඡන්ද 197,708 ක් හෙවත් සියයට 44.79ක් ලබාගෙන ඇත. ඔවුන්ට හිමිවූ ආසන සංඛයාව අටකි.
ඡන්ද 9007ක් හෙවත් සියයට 2.36ක් ලබාගනිිමින් 2009 දී ආසන එකකට හිමිකම් කියූ ජනතා විමුක්ති පෙරමුණට මෙවර ලැබී ඇත්තේ ද එක් ආසනයක් වුව ද ඔවුන් සිය ඡන්ද සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩිකැර ගනිමින් ඡන්ද 20,625ක් ලබා ඇත්තේ සියයට 4.67ක් ලබාගනිිමිනි.
අවසන් වරට පැවති දකුණු පළාත් සභා මැතිවරණයේ දී ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක දෙකෙන් විශාල වර්ධනයක් පෙන්නුම් කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ඌව පළාත් සභාවේ හිමිව ඇත්තේ සමස්ථ ඡන්ද සංඛ්‍යාව මොණරාගලින් 2482ක් හා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 3202 ක් වශයෙන් සමස්ථ ඡන්ද 7684 කි. ඔවුන්ට කිසිදු ආසනයක් හිමිව නැත.
තම ඡන්ද ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී ගිය ද ඌව පළාතේ බලය රැකගැනීමට හැකිවීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය මහත් ප්‍රමෝදයෙන් පසුවනු නියතය. ඌවේ දී එක්සත් ජාතික පක්ෂය දකුණේ දී ලැබූ වර්ධනයටත් වඩා වැඩි වර්ධනයක් අත්පත් කැර ගැනීමත් ආසන තුනක් ජයගැනීමට හැකිවීම යන කරුණු හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය ද මේ ඡන්ද ප්‍රතිඵලය වඩාත් සුබවාදී ව බාරගනු ඇත. ජනතා විමුක්ති පෙරමුණ ද නව නායකයා යටතේ ලබාගත් පැහැදිලි වර්ධනය හේතුවෙන් මැතිණයේ දී තමන් ලබාගත් ආසන සම්න්ධයෙන් සතුටට පත්වනු ඇත.
එලෙස බැලු විට මේ මැතිවරණය ද රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුනම සතුටට පත්වන තවත් එක් මැතිවරණයක් ලෙස හැඳින්විමට පුළුවන .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඡන්දෙදි පටන් ගැනීමක් විතරයි. එළිවෙනකෙට හොඳ හොඳ සෙල්ලම් කියනවනේ. ඉස්සරහට බලන් ඉන්නකෝ මොකද වෙන්නේ කියා (නදී)
උෟවේ ජනතාවට ස්තුතියි. මේ අපේ රටේ දුප්පත්ම ජනතාව මේ රජයට ඡන්දය දුන්නේ ලොකු බලාපොරොත්තුවකින්. නමුත් කිසිදු සහනයක් ලැබුනේ නැහැ. ඇමතිවරු හිටියට කිසිදු වැඩක් නැහැ. හමුවෙන්න බැහැ. උෟවේ ජනතාව අමාරුවෙන් පිළිතුරු දීල තියෙනවා. රටේ අනෙත් අයත් බලාන ඉන්නවා උත්තර දෙන්න. අපිත් සුදානම් වෙමු. (නදී)
ඌවේ ජනතාවට ස්තුතියි. මේ අපි, රටේ දුප්පත්ම ජනතාව මේ රජයට ඡන්දය දුන්නේ ලොකු බලාපොරොත්තුවකින්. නමුත් කිසිදු සහනයක් ලැබුනේ නැහැ. ඇමතිවරු හිටියට කිසිම වැඩක් නැහැ.හමුවෙන්න බැහැ. ඌවේ ජනතාව අමාරුවෙන් පිළිතුරු දීලා තියෙනවා. රටේ අනෙක් අයත් බලාගෙන ඉන්නවා උත්තර දෙන්න. අපිත් සුදානම් වෙමු . (නි)
උවේ ජනතාවට ස්තුතියි .මේ අපි ,රටේ දුප්පත්ම ජනතාව මේ රජයට චන්දය දුන්නේ ලොකු බලාපොරොත්තුවකින් නමුත් කිසිදු සහනයක් ලැබුනේ නැ.ඇමතිවරු හිටියට කිසිදු වැඩක් නැ .හමුවෙන්න බැ.උවේ ජනතාව අමාරුවෙන් පිළිතුරු දීල තියෙනවා.රටේ අනෙත් අයත් බලාන ඉන්නවා උත්තර දෙන්න. අපිත් සුදානම් වෙමු . (දී)
මේක නියම රතු එලියක්. යු.ඇන් පියට ජයෙන් ජය (නදී)
බන්දුල පෙරේරාට සහ නිශාන්තට ලියමි. විරුද්ධ පක්ෂයට ලැබී ඇති කොළ එලිය බලාපොරොත්තු උන කොළ එලියට වඩා දීප්තියෙන් අඩුබව සැබෑය. කෙසේ නමුදු පවත්නා රජය තමන් සතු සියලූම බලය යොදාගත්තද ජනතාවගේ රතු එලිය නිවාදමීමට එය ප්‍රමාණවත් නොවුනි. ඡන්ද ප්‍රතිශත වලින් සිදුවු දේ වසාදීමට කොන්ත්‍රාත් එක ලබාගත් වන්දි භට්ටයින් හට ඒ කාර්යද කිරීමට නොහැකිවන තරමට ප්‍රතිශත ද අවුල්වී ඇත. මේ සියල්ලටම හේතුව ලෙස සාමාන්‍ය ජනතාව දකින පැත්තක් ඇත. ජනතාව ඇන්දවීමට කොන්ත්‍රාත්තුව ලබාගත් පිරිසට ජනතාව ඇන්දවීමට නොහැකි උවද ආණ්ඩුව නම් ඇඳගත් බවයි . මෙපමණකින් උවද ආණ්ඩුවේ ජාමය බේරූ චරිත දෙක නම් රටේ ප්‍රධාන පුරවැසියා සහ නගර නිර්මාණයේ ප්‍රධානියයි. (නදී)
විදුලිබිල 25% අඩු වීමේ සිට ඊලඟ ජාතික මැතිවරණයෙන් ජනතා තීන්දුවක් දෙන තෙක් යම් ප්‍රතිලාභයක් ජනතාවට හිමි වේ නම් ඒ ලැබෙන්නේ ඌවේ බුද්ධිමත් ජනතාව පවතින රජයට කියා දී ඇති මෙම පාඩම හරහාය. ජනතා පරමාධිපත්‍යය විසින් ලබා දී ඇති මෙම ජයග්‍රහණයට රටේ අනිකුත් ජනතාවගේ විශේෂ ස්තුතිය ඌවේ බුද්ධිමත් ජනතාවට හිමිකර දිය යුතුය. එසේ නොවන්නට අතිවිශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ආණ්ඩුව සූදානම් වූයේ 9 වෙනිියට ඌවෙන් ජයපැන් පානය කොට සව්දිය පුරන්නටය. (නදී)
රටේ බලය සන්දානයෙන් ගිලිහී ගියොත් නියම රතු එලිය වැටේවි සිංහලයාට. ඔබලා දන්නවද මේ පිටුපස තිබෙන බලවේග මොනවද කියලා. ඇමෙරිකාව ප්‍රමුක බටහිරයන් සහ ඔවුන්ගේ එන් ජී ඕ නඩය එයට පිටුපසින් ටැමිල් ඩයස්පෝරාව හෙවත් එල්.ටී.ටී. එක සහ ටී.එන්.ඒ. සිංහලයනි මෝඩ වෙන්න එපා. බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා. (නදී)
ආණ්ඩුවට වැඩි බලයක් දීල හැමදාම මිනිස්සු රැවටුනා. විපක්ෂය ශක්තිමත් වෙන එක හොඳයි හරීන් කියන්නේ දක්ෂ තරුණ නායකයෙක්.. එයාගේ ජනපප්‍රිය කම මිනිස්සු අගය කරනවා ජේ.වී.පී. එකේ වර්ධනයත් හොඳයි. (ස)
මේ ඡන්දයෙන් ඌවේ වීරෝධාර ජනතාව සෑම පක්ෂයකටම වෙනම වෙනම දේශපාලන පාඩම් උගන්වා ඇත.මෙම පාඩම මීට පෙර පැවැති පාළාත් අටට ඒ ඒ අයට ඉගැන්වීමට නොහැකි වූ පාඩම්ය.ඒ ඒ පක්ෂ විසින් එම පාඩම් මැනවින් අධ්‍යයනය කොට මී ලඟ මැතිවරණයට සූදානම්විමට ඌවේ ජනතාව අවවාද කිරීම පිළිබඳව අපගේ උත්තමාචාරය !මෙයින් හිමිවේ. (ස)
අප රටෙි ජනතාව කොයි තරමි අසරණ වෙලාද කියන එක පේනවා නේද? කාට ඡන්දෙ දෙන්නද කියන එකත් එයාලට ප්‍රශ්නයක්.යක්කුන්ගෙන් ටිකක් හොද යකාට ඡන්දෙ දෙන එක තමයි කරන්නේ.(ස)
සංජය, අර එළුවෙකුගේ පස්සෙන් නරියෙක් ගියාලු මොකක්දෝ කියමින්. අපේ විපක්ෂයත් ඡන්දයක් වෙලාවට එම නරිය වගේ බව ජනතාව දන්නවා. දැන් ආපසු හැරිලා බැලුවොත් එයාලටම ලජ්ජා හිතේවි පහුගිය දිනවල කියපු කරපු දේ වලට, නේද? (නදී)
ජනතාවගේ මුදල් කෝටි ගණනක් අපරාදේ වියදම් වුනා. අන්තිමට මහජනයා පරාදයි (නදී)
කිසිම අවුලක් නැහැ. ජවිපේ අය යකා නටයි ඌව පළාත් සභාවේදී (නදී)
ඔය කවුරු මොනවා කළත් අන්තිමේදී තැලෙන්නේ අහිංසක ජනතාව තමයි (නි)
බන්දුල පෙරේරා, ඔබගේ තර්කයේ කිසිම පදනමක් නැහැ.බොරුවට වචන නාස්තිකරන්න එපා. (නදී)
එතකොට සැබවින්ම මහජනතාව දිනලද? නිදහසින් පස්සේ පැවතුන හැම මැතිවරණයකම තත්වය ඕකයි. මිනිස්සු හැමදාම දුකේ. මේක ඉක්මනින්ම වෙනස් කරන්න මහජනතාවට නැණස පෑදේවා! (නි)
දැන් ඉතින් කරන්න තියෙන්නේ අර බ්‍රෙෂ්ට් කිව්වා වගේ "වෙනින් ජනතාවක් තෝරා පත් කර ගන්න එකයි " වෙන කරන්න දෙයක් නැහැ (නදී)
අවුරුදු දහයක් රට පාලනය කරලත් තාමත් ආණ්ඩුවට පුළුවන් තනි බලයක් පිහිටුවන්න ලෝකේ කොහෙවත් නැහැ හැමදාම එකම ප්‍රතිශතයකින් දිනන්න පුළුවන් පක්ෂයක්. ගිය පාරත් විපක්ෂේ කට්ටිය කිව්වේ මෙන්න දැන් අපි දිනන මාවතට ආවා ඊළඟ මැතිවරණය දිනනවා කියලා. කෝ දින්නද ? (නදී)
බන්දුලගෙ කතාව තරමක් හරි. ඒත් තරමක් වැරදියි. මොකද ආන්ඩුවේ යම් කඩා වැටීමක් පැහැදිලිවම පේන්න තියනවා (නදී)
මෙම එලිය ගැන නායකයා ඇතුළු ගෝල බාලයෝ කව්රුත් අවධානය යොමුකර අඩුපාඩු මොනවද ? වැරදි මොනවද ? කියා බලා වෙනස් විය යුතුය. ඉදිරියට ඇත්තේ මහා මැතිවරණයයි. අන්දරේ ගේ ඉතා ප්‍රසිද්ද කියමනක් වන ‘‘උබේ කටෙත් පස්, මගේ කටෙත් පස්‘‘ ඇති බව ගුරු ගෝල බාල කව්රුත් දැනගැනීම වැදගත්ය. (නදී)
මේ ඡන්දය සසදන්න ඕන 2004 මැතිවරණයත් සමග මිස 2009 මැතිවරණය සමග නෙමෙයි. යුද ජයග්‍රහණයත් සමග ලද ජයග්‍රහණ ඒවා මිනිස්සුන්ට අමතක වෙනකොට ලබන්න බැහැ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර බලය. සන්ධානයට වෙනත් පක්ෂ වල සහයක් නැතිව පාලනය ගෙනියන්න බලයක් ලැබිල තියෙනවා නම් එ්ක තමයි ජයග්‍රහණය කියන්නේ. මේ මේ ප්‍රතිශත වලින් ජය ගන්න ඕන කියල නියමයක් නැහැ. (නදී)
මේ ඡන්දය සසදන්න ඕනා 2004 මැතිවරණයත් සමග මිස 2009 මැතිවරණය සමග නෙමෙයි. යුද ජයග්‍රහණය සමග ලද ජයග්‍රහණ , ඒවා මිනිස්සුන්ට අමතක වෙනකොට ලබන්න බැහැ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර බලය. සන්ධානයට වෙනත් පක්ෂ වල සහයක් නැතිව පාලනය ගෙනියන්න බලයක් ලැබිල තියෙනවා නම් එ්ක තමයි ජයග්‍රහණය කියන්නේ. මේ ප්‍රතිශත වලින් ජය ගන්න ඕන කියල නියමයක් නැහැ. (නදී)
ආණ්ඩුව ඉදිරියේදී පරාජය වනු නිසැකය. (නදී)
මෙලෝ රහක් නෑ මේ ඡන්දෙත් ඉවර උනා (නදී)
විපක්ෂය බලාපෙරොත්තු වුන කොල එලියද පත්තුවි නැත. ආසන 12න් 03ක් පමණක් දිනා ඇත. ජනාධිපතිවරණයකදි 03නද නැතිව යනු ඇත. (නදී)
මෙය හොද ජයක්. කිසිසේත් රතු එලියක් නොව, සන්දානේ අය ඡන්දේ දැම්මෙ අඩුවෙන්. මොකද ජාතික මැතිවරනයකදි මිට වඩා ඡන්දෙ ලැබෙනවා. සශි සහොදරයටත්, ජනාධිපති තුමාටත් සුබ පැතුම් (නදී)
මොන පිස්සුද අනේ. දකුණු පළාත් සභා චන්දෙදිත් කවුරුත් කිවුවේ ඔහොම තමයි. ගණන් ගත්තාද ආණ්ඩුව. සත පහකට ගණන් ගත්තේ නැහැ. මේකත් එහෙමම තමයි. (නදී)
ආසන 3 බදුල්ලටම තිබුනා නම් ප්‍රතිපලය කොහොම වෙයිද? (නදී)
කොහොමද ඌවේ සංවර්ධනය (නදී)
සැබවින්ම රජයට හිතන්න දෙයක් තියෙනවා (නදී)