IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ජේ.ආර් 116 වන ජන්ම සමරුව හෙට

 

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් ඇමැතිවරයා මෙන්ම  රාජ්‍ය ඇමැතිවරයා ද වූ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 116 වන ජන්ම සමරුම හෙට (17) දිනට යෙදී ඇත.

වර්ෂ 1906 සැප්තැම්බර් මස 17 වෙනි දින කොළඹ සේදවත්ත වලව්වේදි උපත ලද ජයවර්ධන මහතා හිටපු විනිසුරුවකු වූ රාජ නීතිඥ ඊ. ඩබ්ලිව් ජයවර්ධන මහතාගේ සහ හෙලේනා ඇග්නස් විජයවර්ධන යුවළගේ දරුවන් එකොළොස් දෙනා අතර වැඩිමහල් දරුවා ලෙස උපත ලබා ලැබීය. නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හදාරා නීතිඥයකු වශයෙන් වෘත්තීය ජීවිතයට පිවිස ඇත.

1943 දී පැවති කැලණිය අතුරු මැතිවරණයට ඉදිරිපත්ව ජය ලබා රාජ්‍ය මන්ත්‍රීවරයකු බවට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරන සමයේ පක්ෂයේ සම භාණ්ඩාගාරික ධූරයට පත්ව ඇත. 1947 මහ මැතිවරණයේදී කැලණිය මහජන මන්ත්‍රීවරයා වශයෙන් පත්ව එම වසරේ පිහිටුවූ නව රජයේ ප්‍රථම මුදල් ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන් අතර, 1947 සිට 1954 දක්වා වසර 07ක් ලංකාවේ මුදල් ඇමැති පදවිය හෙබවීය.

1970 මහ මැතිවරණයෙන් දිනා දකුණු කොළඹ මන්ත්‍රීවරයා වශයෙන් පත්වූ ජයවර්ධන මහතා 1970 සිට 1977 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේත්, ජාතික රාජ්‍ය සභාවේත් විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කළේය. 1973 වසරේ එජාප නායක හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් වූයේ ද ජේ. ආර්. ජයවර්ධන මහතාය.

1977 මහ මැතිවරණය ජයගෙන ලංකාවේ 7 වෙනි අගමැතිවරයා වශයෙන් පත්වූ ජයවර්ධන මහතා  1978 වසරේ සම්මත වූ නව ආණ්ඩුක්‍රමය යටතේ ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා බවට පත් විය. ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා පදනම් ආයතනය, කොළඹ ක්‍රමය, නිදහස් වෙළෙද කලාපය, කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය, සංස්කෘතික ත්‍රිකෝණය, රැකියා බැංකු ක්‍රමය, වගා නිලධාරීන් පත් කිරීම, දිළිදු සහන වැඩපිළිවෙළ, ශ්‍රී ජයවර්ධනපුරය ලංකාවේ පාලන අගනගරය කිරීම, නව පාර්ලිමේන්තු මන්දිරය පිහිටුවීම, ජාතික පුෂ්පය, ජාතික වෘක්ෂය, ජාතික පක්ෂියා ආදී සලකුණු රටට හඳුන්වාදීම මෙතුමාගේ  පාලන කාලයේ ක්‍රියාත්මක වූ ජයවර්ධන චින්තන‍යේ ප්‍රතිඵලය ලෙස සටහන් වෙි.

1988 වසරේදී දේශපාලනයෙන් සමුගත් ජයවර්ධන මහතා  මීට වසර 26 කට පෙර 1996 නොවැම්බර් පළමු දින දිවංගත විය.



අදහස් (2)

ජේ.ආර් 116 වන ජන්ම සමරුව හෙට

Jagath Friday, 16 September 2022 06:58 PM

රට කාලා විනාශ කරන්න අඩිතාලම දාපු කෙනා. මෙයාගේ ව්‍යවස්ථාව නිසා රටේ මිනිස්සු අදටත් දුක් විඳිනවා...

:       8       23

chandima Friday, 16 September 2022 10:07 PM

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ, පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ උපන්දින කාටවත් මතක නැහැ. ඒත් මේ වැව් අමුණුවලින් ලැබෙන ජලයෙන් තමයි තවමත් දන ධාන්‍ය ලබාගන්නේ..

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත් ජාවාරමට සම්බන්ධ කොස්තාපල්වරයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 238 1

ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප


කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා
2024 නොවැම්බර් මස 17 286 0

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද


‘මිනී පෙට්ටි අවන්හලක්‘
2024 නොවැම්බර් මස 17 676 0

ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම


නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 326 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 840 3

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 1502 2

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 338 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1781 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site