ශ්රී ලංකා චෙස් සම්මේලනය මෙහෙයවන ජාතික ‘අධිවේගී’ චෙස් ශුරතාවලිය අනිද්දා (26) පෙරවරු 9.00 සිට කොළඹ රාජකීය විදුහලේදී පැවැත්වේ. තරගාවලියේ විශේෂත්වය වන්නේ තරගයක් විනාඩි 10 කට පමණක් සීමාවීමයි. තරගාවලිය පිරිමි හා කාන්තා විවෘත ඉසව් දෙකට අමතරව වයස 15 න් පහළ සහ 11 න් පහළ (බාලක/බාලිකා) ඉසව්වලින් ද සමන්විතය. ජාතික සංචිතයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළු 300 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයක් මෙවර තරගාවලිය සඳහා අපේක්‍ෂා කරන බව චෙස් සම්මේලනයේ උප සභාපති ලක්‍ෂමන් විජේසුරිය මහතා පවසයි. පසුගිය වසරේ ශුරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහලේ ඕෂදී කොට්ටහච්චි සමත්විය. තරගාවලියට සහභාගිවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ලියාපදිංචි කිරීම අනිද්දා පෙරවරු 7.30 සිට 9.00 දක්වා රාජකීය විදුහලේදී සිදු කෙරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd