IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ජාතික ආණ්ඩු අදහසට විරුද්ධ බව ජනපති කියයි

යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් තරයේ විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා  අද(04) ප්‍රකාශ කළේය.

71 වැනි ජාතික නිදහස් දින උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය

."ආර්ථික සංවර්ධනය ඇති කිරිමට දේශපාලන නායකයින් ලෙස අපට නොහැකි වුණා. තවදුරටත් මන්දගාමී ආර්ථික වර්ධනයකට ජනතාව සූදානම් නෑ. ආර්ථික වර්ධනය සඳහ අධ්‍යාපනය 21 වැනි සියවසට ගැලපෙන ලෙස ස්ථාපිත කළ යුතුයි. නව ආර්ථික සංකල්ප ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි.

ආර්ථික වර්ධනය අතින් 21 වැනි සියවසේදි ආසියාව ඉදිරියෙන් තිබෙන හෙයින් එහි වාසිය ඇති කර ගත යුතුයි. 

ජාතික ආණ්ඩුවෙන් බොහෝ දේ ලබාගත්තා. නොකළ යුතු දේ කළා. බලයට පත්වූ ආණ්ඩුව ජනතා අපේක්ෂාවෙන් ඉටු කළේ නෑ.
ණය බර විරැකියාව වැඩිවෙලා. ප්‍රශ්ණ මුහුකුරා ගොස් තිබෙනවා. අපේ රටේ භාෂා තුනක් කථා කරනව. ඒ සියලු දෙනාම එකම මනුස්සයින්.

යුද්ධයෙන් පසුව වඩා නිදහස්ව ජනතාව කටයුතු කළේ පසුගිය  සිව් වසරේදීයි. අපි සිටින්නේ අලු වලින් වැසුණු ගිනි ගොඩකයි.

එක් මන්ත්‍රීවරයෙක් සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කොතරම් සදාචාරද ? . යෝජිත ජාතික ආණ්ඩුවට මා තරයේ විරුද්ධයි. ඇමති මණ්ඩලය 25 දක්වා සීමා වීම ජනතාවගේ ප්‍රාර්ථනාවයි. ජාතික ආණ්ඩුවකට යන්නේ ඇමති මණ්ඩලය වැඩිකිරීමටයි.‘

 

(36698)



අදහස් (46)

ජාතික ආණ්ඩු අදහසට විරුද්ධ බව ජනපති කියයි

shan saudi Monday, 04 February 2019 04:39 AM

ඒ වෙන මොකවත් නිසා නෙවේ. තමන්ට යලි රජවෙන්න බැරිවන නිසා නැතුව ජනතාවට රටට ආදරය නිසා නෙවේ..

:       610       1065

Sapumal.Monday, 04 February 2019 04:54 PM

ශාන් මහතා, ඔබතුමා නිවැරදියි. මෙතුමා ජාතික ආණ්ඩු සංකල්පයට අකමැති උනාට නීතිවිරෝධී,ව්‍යවස්ථා විරෝධී හොර ආණ්ඩුවලට බොහොම කැමතියිනේ. ඒකනේ කවුරුත් දන්නා සත්‍යය. ඒකනේ ඔය වහෙන් ඔරෝ භාෂාවෙන් කියන්නේ.නිදහස් දවසේවත් මේරටේ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දුන්නේ නැහැ. මෙතුමාගෙන් රට නිදහස් උනාම ඊළඟ නිදහස් දිනයවත් නිදහසේ සමරන්න අපට ඉඩකඩ ලැබේවි.ඉක්මනින්ම ජනපතිවරණය පැවැත්වීමෙනුයි ඒ නිදහස රටට ලැබෙන්නේ.

:       56       110

kanthi Monday, 04 February 2019 07:00 PM

ජනාධිපතිතුමා හදිස්සියේම ගිය වසරේ ඔක්තෝම්බර් අගදී පාර්ලිමේන්තුව විසුරුවා හරියේ නැතිනම් නොවැම්බර් මුලදී එජාපය ලැහැස්තිවෙලා හිටියේ නව ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මතකරගන්න බව ඔබ දන්නේ නැතිව ඇති.එහෙම වුනානම් සෞදියේ ඉඳලා ඔබට එන්න වෙන්නේ ඉලන්කෙයි ෆෙඩරල් ජන රජයටයි. එය වැලක්වුයේ ආණ්ඩුව විසුරුවා හැරීමෙනුයි.

:       67       62

NishanWednesday, 06 February 2019 03:24 AM

මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා? කාන්ති ඔයා කියන විදියට එහෙම ආවට ගියාට ව්‍යවස්ථා ගේන්න බෑ ළමයෝ. පාර්ලිමේන්තුවේ 2/3 ක් සම්මත කරන්න ඕනා. ශ්‍රේෂ්ටාධිකරනෙන් සම්මත වෙන්නත් ඕනා. ව්‍යවස්ථාවක් ගෙන හැටි වත්මන් ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුව පමණයි ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන්. එහෙම හොරෙන් ව්‍යවස්ථා කියන දේ ගේන්න බෑ දරුවෝ.

:       0       65

Amila Monday, 04 February 2019 04:42 AM

මෙතුමාට කතාව ලියලා දුන්නු කෙනා මෙයාව විහිළුවක් කරා ඒ මුලු කතාවෙන්ම. කියන්න ඕනෑ මොනවද? නොකියන්න ඕනෑ මොනවද? (මෙතන පිටරටවල් වල නියෝජිතයෝත් ඉන්නවා).. කොහෙද කතාව කරන්නේ කියලා, කිසිම අවබෝධයක් නොමැතිව කරලා තියෙන්නේ...

:       118       1071

NishanMonday, 04 February 2019 08:30 AM

අපේ ජනාධිපති විහිලු කාරයෙක් බව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඔහු විසින්ම ඔප්පු කොට තිබියදී නැවත නැවතත් එයම කියන්නේ ඇයි? ඔහුව විහිළුවක් උනේ අපිට විතරක් නෙවෙයි මුළු ජාත්‍යන්තරයටමයි. එවන් විහිළුකාරයෙක් කරන කියන දේ ගැන ඔය තරම් ගැඹුරට හිතන්න අවශ්‍ය නෑ.

:       78       524

janatha anura Monday, 04 February 2019 11:42 AM

එජාප සාමාජිකයෝ නම් ඇමති මණ්ඩලය පනහක් කලත් කැමති කැපුවත් කොළ පරම්පරාවෙන් කොළ ජාතියක්.... කොළ ආගමත් කොළ අනේ මන්ද ඔන්න ඔකයි තත්ත්වේ

:       92       396

කසුන් Monday, 04 February 2019 12:50 PM

ඒකතමයි අනුර .... උන්ට කියන්නේ බත් කන හරක් කියල ...!!

:       0       0

lal Monday, 04 February 2019 04:55 AM

71 වෙනි නිදහස් උත්සවය වෙන්නේ කොහොමද? මෙය ගියසැරේ කිව්වේ 30 කියලනේ... එහෙනම් මේක 31 වෙන්න එපා... දන්නේ නැති හන්දයි අහන්නේ... හිටං මහත්තයෝ..

:       15       329

ලුම්බිණි Monday, 04 February 2019 05:22 AM

මෙතුමා මොනවා කියනවද? මෙවැනි අවස්තාවක් දේශපාලනය කතා කරන්න යොදා ගන්නේ ඇයි කියල තේරුමක් නැහැ වගේ.

:       15       574

seneviratne Monday, 04 February 2019 05:34 AM

අවස්ථාවට සුදුසු කතාවක් නෙවේ. මේක තරහ පිරිමහ ගැනීමක්. තමාගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය දුර්වල බව ලොවටම පෙන්වීමක්.

:       15       662

jim kuruMonday, 04 February 2019 10:53 AM

දේශපාලනයි නිදහස් සමරීමයි කියන දෙක තේරුම් ගන්න හැකියාවක් නැති ජනපති කෙනෙක් ......

:       1       184

[email protected] Monday, 04 February 2019 05:38 AM

හොඳ කතා කාරයා.. මෙයාට වෙන දෙය මෙයත් දන්නේ නැහැ. මිනිස්සු මෙයට හොඳ පාඩමක් උගන්නයි.

:       14       558

එම්.සිරිසේන Monday, 04 February 2019 07:37 PM

කාටද මටද...?මට පාඩම් උගන්නන්න ඇවිත් අහක යන ලෙඩ දාගන්න එපා මහත්තයෝ. මමත් මේවා බලනබව අමතක කරන්න එපා.

:       0       0

sandy123 Monday, 04 February 2019 05:51 AM

ඇත්තටම අපේ ජනාධිපතිගේ මොලය පරික්ෂා කළ යුතුයි යන මගේ හැගීමයි. ජාතික නිදහස් දිනයේදී පැවසිය යුතු අර්ථවත් කතාවක්වත් නොකර දේශපාලනය කිරීම කිසිම විටකත් අනුමත කල නොහැකියි. මෙම විරුද්ධතාවය ඔහුට වෙන තැනක කළ හැකියි. කුමක් කිනම් ස්ථානයක පැවසිය යුතුද වග නොදැන ඔහේ වාචාලකමට හැමතැනම කතා කරනවා වගේ මෝඩකම ප්‍රදර්ශනය කරනවා. ලෝකයා ඉදිරියේ අපේ රට නොසෑහෙන්න නෝන්ජල් වෙලා තියෙනවා. මෙයා තවත් එයට උල්පන්දම් දෙනවා. මම "පොර" වෙන්න ගිහිල්ලා රටම අගාධයේ දානවා.

:       210       1177

nirupa Monday, 04 February 2019 06:00 AM

මෙයා ඔය ඔක්කොම කියන්නේ අහගෙන ඉන්න අනිත් රටවල් වල අයට.. මොකද අපේ රට දුවන්නේ අපේ අයට ඕනෑ විදියට නොවේ .. හොඳක් ක‍රන්න හදන කොට ඉඩ දෙන්න. එය දන්නවා නැවත ඒමක් නැත.. නම ඉතිරි කරගන්න තියන කල හොඳක් කරන්න ඕනෑ..

:       2       197

ටි ඉන්දික Monday, 04 February 2019 06:03 AM

තැනකදී කතා කරන්න ඕනෑදේ දන්නේ නෑනේ... මේ මනුස්සයා.. ජනපති කරවීම ගැන දැන්නම් පුදුම කළකිරීමක් ඇත්තේ..

:       56       643

sudath Monday, 04 February 2019 06:07 AM

කියන දේ කරන්න

:       1       234

Arjuna Ranawana Monday, 04 February 2019 06:21 AM

කළුවරේ මහින්දට අගමැතිකම දීම සදාචාරවත්ද ජනාධිපතිතුමා? විදේශ තානාපතින් සහ නියෝජිතයන් සිටින වේදිකාවේ කතා කල යුත්තේ මොනවාද යන්න නොදන්නා ජනාධිපති..! රටට ගිය කලක්..?

:       84       614

lankaMonday, 04 February 2019 01:06 PM

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිදුවීමට ප්‍රධාන හේතුව නම්, රුපියල සීග්‍ර ලෙස කඩා වැටීමෙන් විදේශීය ණය ගෙවීමට තිබු අවදානම වැඩිවීම හේතුකොට ගෙන, ඉන් ගොඩ ඒම සඳහා එම කාර්ය කල හැකි යයි සිතු කෙනෙකුට රජය භාර දීමයි. සාමාන්‍ය මහජනයාට මෙය කළුවරේ සිදුවුණ දෙයක් සේ පෙනුනට, මුල සිටම එම ක්‍රියාවලිය රනිල්ගේ සහ මහින්දගේ අනුදැනුම නොමැතිව සිදුවුණා යයි සිතිය නොහැක. රටේ දරුණු ආර්ථික ප්‍රශ්නයක් ඇති වූ විට එයට විසදුමක් ලෙස මෙවැනි යථාර්තවාදී පියවර ගත යුතුයි.

:       0       1

අනුර Monday, 04 February 2019 06:49 AM

රාජ්‍ය නායකයා ලෙස තමා සෘජුවම මේවාට වගකිවයුතු බව තේරෙන්නේ නැද්ද?

:       1       257

ranjithMonday, 04 February 2019 07:24 AM

ඇත්ත... රාජ්‍ය නායකයා වගකියන්න එපෑයෑ මේවට..

:       2       176

ranjith Monday, 04 February 2019 07:23 AM

මේ කතාව ජනාධිපති ඡන්ද ව්‍යාපාරයට ගත්තා නම් නේද හොඳ? නිදහස් දිනේ ජනතාවගේ ඔලුවට මේ වගේ කුණුගොඩවල් දාන එක හොඳද?

:       17       245

Alfred Monday, 04 February 2019 07:24 AM

කිසිම රජයක ඇමැතිවරු 30කට වඩා නැහැ.

:       2       35

ranjith Monday, 04 February 2019 07:28 AM

විමල්ලගේ වාචාල කතන්දර ගානට වැටිලා විදේශිය කුමන්ත්‍රණ එහෙම කුමන්ත්‍රණ තියෙනවා නම ජනතාවට කව්ද කියලා කෙලින්ම කියන්නකෝ?

:       152       403

Buddika Monday, 04 February 2019 07:50 AM

රාජ්‍ය නියෝජිතයෝ ඉන්න රටේ නිදහස් උත්සවයකදී කළයුතු කතාවක්ද කළේ? මුල ඉඳලම තැන නොතැන දැනගෙන අවස්ථාවට උචිත ලෙසින් කතාකරන්න දන්නේ නැහැ. උදේ කියන දේ හවසට වෙනස් වෙනවා. කිව්ව දේ මතක නැහැ. රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළා. මේ සියල්ලෙන් කියන්නේ මොහු නායකත්වයට නුසුදුස්සෙක් බවයි. එජාප මන්ත්‍රීවරු සන්ධානයට ගියාම ඇමැතිකම් දීම හරි. සංධාන මන්ත්‍රීවරු එජාපයට ගියාම ඇමතිකම් දෙන්න බැහැ. හේතුව වෛරය, පළිගැනීම.. මෙවැනි මිනිස්සු ප්‍රාෙද්ශීය සභාවකටවත් සුදුසු නැහැ. ලබන වසරේ නිදහස් උත්සවයට නැහැ කියලා මතක් වෙද්දි දුක ඇති.

:       3       180

ranjith Monday, 04 February 2019 07:59 AM

තමන්ගේ ධුර කාලයේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකරන්න බැරිවුණා කියලා රාජ්‍ය නායකයා වෙනත් පාර්ෂවවලට දොස් කියලා පව් සෝදාගන්න පුළුවන්ද? එහෙම නායකයෙකුට ජනතාව නැවත ඡන්දෙ දේවිද?

:       1       212

Bhanuka Monday, 04 February 2019 08:12 AM

ව්‍යවස්ථාව උල්ලංඝනය කල වරදට මෙයා දැන් ඉන්න ඕනේ හිරේ

:       56       294

Ashan Monday, 04 February 2019 09:08 AM

ව්‍යවස්ථාව උල්ලංඝනය කල මොහු තවදුරටත් ජනාධිපති ධූරයේ තබාගෙන සිටින්නේ ඇයි.

:       1       245

smn Monday, 04 February 2019 09:28 AM

තැන නොතැන නොදැන අනන් මනන් දෙඩීමෙන් හිතේ පවතින කුහකකම ප්‍රදර්ශනය කරන තවත් අවස්ථාවක් මේක. මළ වදයක්...... ඊළඟ සැරේ අපි මේ හැම දෙනාවම ගෙදර යවනවා. පාර්ලිමේන්තුවටත් අලුත්ම මුහුණු 225ක් පත් කරල යවනවා. රටට වැඩක් වේවි. අපිට කන්කරච්චලයක් නැතිව අපේ වැඩක් බලා ගත හැකි වේවි.

:       0       129

Bamunuarachchi Monday, 04 February 2019 10:47 AM

සිරිසේන මහතා ඔබත් තනතුරේ ඉන්න බලාගෙන තමාගේ බලය අනිකාට පැවරුවේ ඉස්කෝලේ යන කාලේවත් "සුභ සහ යස" කියන කතාව අහලා නැතිනිසාද? මම එජාප විරෝධියෙක් විශේෂයෙන්ම රනිල් විරෝධියෙක් ශ්‍රී ලංකා පාක්ෂිකයෙක් නමුත් ඔබට පක්ෂව කිසිම දිනක චන්දය දෙන්නේ නැත. ඔබ මේ දක්වා රටට කළදෙයක් නැත. කල එකම හොඳදේ නම් රනිල් වැඩබැරි දේශපාලකයෙක් බව රටට කියාදීමයි. නමුත් ඔහු පලවා හැරීමට ගත් උත්සාහය නිෂ්පල වුණා. කොහොම වුනත් ඔබ අකාර්යක්ෂම පුද්ගලයෙක්...

:       0       266

lanka Monday, 04 February 2019 11:53 AM

අධිරාජ්‍යවාදී පාලනය අවසන්ව වසර 71 කට පසු රටේ වර්තමාන දේශපාලන දිශානතිය ගැන මෙතුමා අදහස් ප්‍රකාශ කිරීමේ වරදක් නැති බවයි මගේ හැගීම. අද ජාතික ආණ්ඩු සැදීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ රටේ ප්‍රගතිය නොව, ජනතා නියෝජිතයින් යයි කියා ගන්න අයට සැනසිලි තෑගි දීමටයි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිදුවීමට ප්‍රධාන හේතුව නම් රුපියල කඩා වැටීමෙන් විදේශීය ණය ගෙවීමට තිබු අවදානම වැඩිවීම හේතුකොට ගෙන, ඉන් ගොඩ ඒම සඳහා එම කාර්ය කල හැකි යයි සිතු කෙනෙකුට රජය භාර දීමයි. එම ක්‍රියාවලිය රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම නොමැතිව සිදුවුණා යයි සිතිය නොහැක.

:       416       222

chathuri Monday, 04 February 2019 12:34 PM

ඔබව නායකයෙක් කළ ජනතාව තමයි මෙතන වැරදිකරු... ඔබගේ වැරදි කියලා වැඩක් නැහැ පෙන්වා දෙන්න පුළුවන්. විමල් වගේ තේරුමක් නැති කතා කියනවා. හිතන් ඉන්නේ හරි උගතුන් විදියට... කටින් බතල හිටවලා නාමල් වගේ තමයි. වැඩ පොඩි ළමයි වගේ.... සුද්දන්ට ගහලා රට බේරා ගත්තා.. නමුත් ඔලුවක් නැති, උදරය පමණක් තියෙන 255 කවදා රට බේරාගනීද? එදාට තමයි නියම නිදහස භුක්ති විඳින්නේ 5 දෙනෙක්ට මොලේ තියෙන්නේ 250 වැඩකට නැහැ තව එළියේ ඉඳන් දඟලනවා. මිනීමෝරු ටිකක් බලයට එන්න මේ කාලකන්නින්ගෙන් රට බේරා ගනිමු සුද්දා සමග එකතුවෙලා...

:       16       184

රුවන් Monday, 04 February 2019 01:20 PM

තැනට ඔබින කතාවක් දෙන්න බැරි මිනිහෙක් රටේ නායකයා වෙලා... අපිට හරි හිරිකිතයි...

:       1       82

Chanak los angeles Monday, 04 February 2019 02:21 PM

රනිල් පලවා හැරීම නිෂ්ඵල වුණා... මහින්දව හොර අගමැති කමින් පලවා හැරීම සඵල වුණා.. එ්ක තමයි රටේ වුණු හොඳම දේ..

:       22       27

Chanak los angeles Monday, 04 February 2019 02:28 PM

රටට නිදහස ලැබී අවුරුදු 30 යි කියූ නායකයෙකුගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද ?

:       2       7

sudath Monday, 04 February 2019 02:52 PM

මහබැංකුව කොල්ලකෑමට සැලසුම් කළ හා 19 හරහා කපටි සංශෝධන ගෙනා අගමැති තනතුර ගැන අදහස මොකද්ද? එ්කත් ලියන්න.

:       2       31

විජිත් Monday, 04 February 2019 07:25 PM

සුදත්, අගනා අදහසක්.මගේ අදහස මෙහෙමයි.මම කොළ පාටවත්,නිල් පාටවත්,රතු පාටවත් ..දේශපාලනික මත දරන්නෙක් නොවෙයි.මම හැමදාම බැලුවේ පාර දෘශ්‍ය " ඇස් කන්නාඩි " දෙකකින්. එතකොට මට අවංකවම මම දකින දේ කියන්න පුළුවනි.1948 දී සුද්දා අපේ රට හැර යනවිට අපේ රට කාටවත් ණය නැති රටක් ලෙසයි ආපහු අපිට දිලාගියේ.එතැන් පටන් අපේ රට පාලනය කලේ " කළු "සුද්දෝ. දැන් අවුරුදු 70ක් වෙනවා අපිට නිදහස ලැබිලා. හදවතට එකඟව අපිට කියන්න පුලුවනිද අපි නිදහස් ජාතියක් කියලා. 48 සිට අද වෙනකම් මේ රට පාලනය කල සියලුම දේශපාලකයින්, දේශපාලන පක්ෂ අපේ රට නැත්තටම නැතිකළා.විනාෂකලා.රට ලෝකෙට නය කළා. රටේ වස්තුව - මහජනයාගේ දේපොළ කොල්ලකෑවා. අපි රටට දැන්වත් අවශ්‍ය උගතුන්,බුද්ධ්මතුන් ගෙන් සමන්විත රටට ආදරය කරන අවංක තරුණ නයකයිගෙන් සමන්විත නව දේශපාලන පක්ෂයක්.දැනට තියෙන කිසිම දේශපාලනික පක්ෂයකට සම්බන්ධ කිසිකෙනෙක් ඊට සම්බන්ධ කර ගතයුතු නැත. මහා බැංකු මංකොල්ලයේ සහ 19 සංශෝධනයේ මහා මොළ කාරයාව අගමැතිකමෙන් විතරක් නොවෙයි දේශපාලනයෙන්ම එලවාදැමිය යුතුයි.අපේ රටේ දේශපාලකයින් අද නිදහස් දිනය සමරන්නේ කෙසේදැයි මටනම් හිතාගන්න බැහැ. හිතන්න .අපි ඇත්තටම නිදහස් ජාතියක්ද..?

:       0       26

Sumith Monday, 04 February 2019 03:36 PM

225 ට විශ්‍රාම දෙන්න...

:       0       0

Muhan Monday, 04 February 2019 03:47 PM

අනේ අපි මේ කතා ගැන කතා නොකර ඉමුද?

:       0       0

wije Monday, 04 February 2019 04:55 PM

ඔයා ජනාධිපතිනේද ලැජ්ජා නැද්ද ඔහොම හැමදාම ආණ්ඩුවේ වැරදි කිය කියා ජනතාව ඉදිරියේ නාහෙන් අඩන්න. කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න බැරිද? මේ රටේ පත්වුණු ජනාධිපතිවරු අතරින් පිට කොන්දක් නැති දුර්වලම ජනාධිපතිවරයා විදියට ඔයාව ඉතිහාස ගතවේවි....

:       0       1

ranjith Monday, 04 February 2019 09:10 PM

රටේ ජනතාව අතර මේ අවස්ථාවාදී දේශපාලනය සම්බන්ධයෙන් ඇති උනන්දුව පහළ ගොස් ඇති අතර දැඩි කලකිරීමට පත්ව සිටිති.

:       0       1

Nuwan fernando Monday, 04 February 2019 09:36 PM

2020,ජනපති මෛත්‍රී..

:       1       0

vidya Monday, 04 February 2019 10:31 PM

මේ කතාවෙන් පෙන්නේ 1970 ඉඳල මොනවද කරලා තියෙන්නේ කියල .

:       0       0

සමන්ත Tuesday, 05 February 2019 02:05 AM

සමන්ත ඔව් ඉතින්, අරකට විරුද්ධයි, මේකට විරුද්ධයි කියා කියා ඉන්න පුළුවන්නේ ඉතිරි මස හය හතත්. කරපු දේකුත් නෑ ,දන්නා දේකුත් නෑ. ව්‍යවස්ථාව ගැනවත්, දේශපාලනය ගැනවත්, ආර්ථිකය ගැනවත්, ජාත්‍යන්තර ගනුදෙනු හෝ ලෝකය ගැනවත්, සාහිත්‍ය හෝ භාෂා ගැනවත් නොදන්නා මිනිහෙක් වෙන මොනවා කරන්නද? අඩුම ගානේ පාර්ලිමේන්තුව හෝ තමන් සතු කියලවත් නොදන්නා අයෙක්.

:       0       1

Nuwan Tuesday, 05 February 2019 04:36 AM

මෛත්‍රීපාල සිරිසේන නමැති ව්‍යවස්ථාව කැඩූ සහ තවදුරටත් කඩමින් සිටින ඒ ජනාධිපති අද සිය නිදහස් දින කතාව ලෙස පැවැත්වූ කතාවද කිසිසේත් නිදහස් දිනයක රටක පාලකයෙකු විසින් නොකළ යුතු කතාවකි. රටේ ගෞරවය ආරක්ෂා කරමින් විදේශයන් රටට හිස නමන ආකාරයේ කතාවක් රාජ්‍ය නායකයා නිදහස් දිනයේ දී කළ යුතු වුවද ජනාධිපති විසින් රටේ පාර්ලිමේන්තුව බාල්දු කරමින් ඔහු නියෝජනය කරන විධායකය හැර අන් සියළුම ආයතන හෙළා දකිමින් අද පැවැත්වූ කතාව රටේ සියළු පුරවැසියන් විසින් ප්‍රතික්ෂේප කළ යුතු වූවකි.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ක්‍රීඩා පුහුණුවට නොආවැයි ගුරුවරියගෙන් අපූරු දඬුවමක්
2025 අප්‍රේල් මස 23 175 0

අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව


දළදා වඳින්න හෙට සහ අනිද්දා එන්න එපා
2025 අප්‍රේල් මස 23 256 0

දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.


සිසුවා ඝාතනය සිසුන් 11 අධිකරණයට
2025 අප්‍රේල් මස 23 162 0

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස


ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන
2025 අප්‍රේල් මස 23 632 1

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම


මෙරට කෝටියක් ටින් අංක ලබාගෙන
2025 අප්‍රේල් මස 23 373 0

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ


මාතර බන්ධනාගාරයේ කලබලය සමනය කරයි
2025 අප්‍රේල් මස 23 202 0

මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 644 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 327 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 476 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site