ශ්‍රී ලංකා චෙස් සම්මේලනය තුන්වැනි වරටත් සංවිධානය කළ ජාතික ‘අධිවේගී’ චෙස් ශුරතාවලියේදී ජාතික චෙස් ශූරී සචිනි රණසිංහ විවෘත කාන්තා ඉසව්වේ ශූරතාව දිනා ගත්තාය. විවෘත පිරිමි ශූරතාව දිනා ගැනීමට මොරටුව විශ්ව විද්‍යාලයේ දමිත් කරුණාරත්න සමත්විය.
මියුසියස් විදුහලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සචිනි අන්තර්ජාතික චෙස් ප‍්‍රවීණතා සහතිකය (ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය) ලබා සිටින ශ්‍රී ලංකාවේ එකම ක‍්‍රීඩිකාව ද වන්නීය. පිරිමි හා කාන්තා විවෘත ඉසව් දෙකට අමතරව වයස 15 න් පහළ සහ 11 න් පහළ (බාලක/බාලිකා) ඉසව්වලින් ද සමන්විත මෙම තරගාවලිය කොළඹ රාජකීය විදුහලේදී ඊයේ (26) පැවැත්විණ.
ජාතික සංචිතයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළු 300 කට වැඩි පිරිසක් සහභාගි වු මෙම තරගාවලියේ විශේෂත්වය වුයේ තරගයක් විනාඩි 10 කට සීමාවීමයි. ස්විස් ක‍්‍රමයෙන් තරග වට හතකින් තරගාවලිය සමන්විත විය.
දමිත් තරග වට හත අවසානයේදී ලකුණු 7.0 ක් ලබා ශූරතාව හිමි කර ගත්තේය. සී.එම්. රාජපක්‍ෂ සහ එස්. එස්. පීරිස් පිළිවෙලින් ලකුණු 6.0 බැගින් ලබා අනුශූරතාව සහ තෙවැනි ස්ථානය ලැබුහ.
කාන්තා විවෘත ඉසව්වේදී සචිනි ලකුණු 5.0 ක් ලබාගත් අතර එම්.පී. මහේෂිකා ලකුණු 4.0 ක් ලබා අනුශූරතාව හිමිකර ගත්තාය. සමන්ති වෙත්තසිංහට (ලකුණු 3.5) තෙවැනි ස්ථානය හිමිවිය.
තරගාවලියේ විවෘත ඉසව්වල ජයග‍්‍රාහී ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට රුපියල් 30,000 ක මුදල් ත්‍යාගයක් ද, වයස් කාණ්ඩවල ජයග‍්‍රාහී කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමිණ.
ත්‍යාග ප‍්‍රදානය කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති හා ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති උපාලි ගුණසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණ.
අවසන් තරග ප‍්‍රතිඵල:
විවෘත පිරිමි
1. දමිත් කරුණාරත්න (මොරටුව විශ්ව විද්‍යාලය, 7.0), 2. සී. එම්. රාජපක්‍ෂ (පේරාදෙණිය විශ්ව විද්‍යාලය, 6.0*, 3. එස්. එස්. පීරිස් (ධර්මපාල, 6.0)
විවෘත කාන්තා
1.සචිනි රණසිංහ (මියුසියස්, 5.0), එම්.පී.මහේෂිකා (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, 4.0*, සමන්ති වෙත්තසිංහ (එයාර්ලංකා, 3.5)
15 න් පහළ (බාලක)
1.සුපුන් අසංත කුරුප්පු (ආනන්ද, 6.5), 2.මයික් ෆැන්සිස් (රාජකීය, 5.5), 3.සමත් තෙන්නකෝන් (5.0)
15 න් පහළ (බාලිකා)
1.නෙලූනිකා මෙත්මාණී (නුගේගොඩ අනුලා, 6.5), 2.ඞී.එම්.කොස්වත්ත (කෑගල්ල ශා.ජෝශප් බාලිකා, 5.5), 3.මනීෂා සචිනි (සිරිමාවෝ බාලිකා, 5.0)
11 න් පහළ (බාලක)
1.මිනුල් දොලූවීර (රාජකීය, 6.0), 2.එස්.අනෝජ්මන් (රාජකීය, 6.0), 3.මොවිදු අනුසර (රාහුල, 6.0)
11 න් පහළ (බාලිකා)
1.දසුනි මෙන්ඩිස් (විශාඛා, 7.0), 2.බිනිඳු සෙනරත් යාපා (විශාඛා, 6.0), 3.ඉසිනි දිල්හාරා වික‍්‍රමසිංහ (මියුසියස් 5.5)
ඡායාරූපය: සචිනි රණසිංහ
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජාතික ශූරී සචිනි ‘අධිවේගී’ චෙස් ශූරතාව දිනයි